“අද ඔයා ජීවත් වෙන අන්තිම දවස. ඉතින් ආයේ හිතන්නේ මොකටද, හොඳට විනෝද වෙන්න” ඉතින් ඔහු ගිහින් හොඳට නාගත්තා. ඕනෑවටත් වඩා ෂැම්පු ගෑවා. “ආයේ මේ ෂැම්පු එකෙන් කවුරු ගාන්නද?” නාලා, හොඳට ලක ලෑස්ති වෙලා පාරට බැස්සා. පත්තරකාරයට සල්ලි දුන්නා, හැබැයි පත්තරේ ගත්තේ නෑ. “ප්‍රවෘත්ති දැනගෙන වැඩක් තියේද දැන්?” ළඟ කඩේට…

“අද ඔයා ජීවත් වෙන අන්තිම දවස.
ඉතින් ආයේ හිතන්නේ මොකටද, හොඳට විනෝද වෙන්න”
ඉතින් ඔහු ගිහින් හොඳට නාගත්තා. ඕනෑවටත් වඩා ෂැම්පු ගෑවා.
“ආයේ මේ ෂැම්පු එකෙන් කවුරු ගාන්නද?”
නාලා, හොඳට ලක ලෑස්ති වෙලා පාරට බැස්සා.
පත්තරකාරයට සල්ලි දුන්නා, හැබැයි පත්තරේ ගත්තේ නෑ.
“ප්‍රවෘත්ති දැනගෙන වැඩක් තියේද දැන්?”
ළඟ කඩේට ගිහින් සිගරට් ණයත් පියෙව්වා.
අන්තිම පාරට කියලා එකක් අරන් බිව්වා.
ළඟ ළමා උද්‍යානෙට ගිහින් පොඩි එකෙක් වගේ සීසෝ පැද්දා.
මහ හයියෙන් තනියමම හිනාවුණා.
එනගමන් අයිස්ක්‍රීම් එකකුත් කෑවා.
කවුදෝ තමුන් පස්සෙන් එන බව ඔහුට දැනුනා.
“වෙලාව හරි”
ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන්, පාටල් ලොක් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් මේ අවුරුද්දේ පෙබරවාරියේ එළියට දාපු තවත් අපූරු මිනි සීරීස් එකක් තමා මේ අරන් එන්නේ. සුපිරිම බ්ලැක් කොමඩියක්. කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙනුත් පොඩි හෝ අඩුවක් කරන්නේ නැතුව එක හුස්මට බලන්න පුළුවන් කොටස් 8ක් මේ කතාවේ අඩංගු වෙලා තියෙනවා. ඇමසෝන් වැඩ ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සීරීස් එකක කොටසක් දෙකක් බලන්න ගත්තොත් සීරීස් එකම ඉවර කරලම තමා නැගිටින්න හිතෙන්නේ. අෆ්සෝස් සම්බන්ධයෙනුත් ඒක වෙනසක් නැහැ. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 7.6ක ලකුණු ප්‍රමාණයක් දිනාගන්න මේ සීරීස් එකට හැකිවෙලා තියෙනවා. ප්‍රධාන චරිත ගුල්ෂාන්දේවයියා, අංජලී පාටිල් එක්ක හීබා ෂාහ් රඟදක්වනවා.
කරන කියන කිසිම දෙයක් හරි නොයද්දී,
මොකටද ජීවත් වෙන්නේ කියලා හිතිලා නැද්ද?
කවදමහරි මැරෙන්න තරම් කාලකන්නිකමක් දැනිලා නැද්ද?
නෑ කිව්වොත් බොරුවක්!
නකුල් කියන්නෙත් ඔය මුස්පේන්තුකම දෝත දරාගෙන ආපු කොල්ලෙක්
ඔය කොල්ලගේ අමුතු කතාව එක්ක අද ඉඳන් සෙට් වෙමු එහෙනම්
අෆ්සෝස්!!
බලපු කරපු අයගේ අදහස් ටිකක් දැනගෙනම යමු.
මෙහෙම කතාවක් ලිව්වට සම්පුර්ණ ලකුණු දෙනවා. නළු නිලි පිරිසත් තිතට වැඩේ කරා.
එක කොටසක කාල සීමාවත් අවුලක් නෑ. සමස්ථයක් විදිහට සුපිරියක්.
(rohitdhingra-05485 : Rating 10/10)
සාමාන්‍ය කතාවකින් එහා ගිය දෙයක් හොයනවා නම් සහ
ඩාර්ක් කොමඩි වල රසිකයෙක් නම් මෙන්න භාණ්ඩේ. ගුල්ෂාන්ගේ සහ හීබාගේ රංගනය නියමයි.
අවසානය වෙනකම් ඇද බැඳ තියාගන්න කතාවක්
(arnab-53745 : Rating 10/10)
ගුණාත්මක වෙබ් සීරීස් අතින් ගත්තම ඇමසෝන් ගැන සැකයක් තියාගන්න දෙයක් නෑ.
ඇඟට පතට නොදැනී හාස්‍ය උපදවන හැටි මාරයි. මේ කතාවට යට යන්න දෙන්න එපා.
ඒ ගැන කතා කරන්න, වර්ණනා කරන්න, විවේචන කරත් කමක් නෑ.
ඒත් නොසලකා හරින්න එපා.
(djdevansh95 : Rating 10/10)
හැමෝටම හරියන්නේ නැති ජාතියේ මැණිකක්.
සාම්ප්‍රදායික බොලිවුඩ් රසිකයෝ මේකෙන් ඈත්වෙලා ඉන්න.
බ්ලැක් කොමඩි රසිකයන් අනිවාර්යෙන් බැලිය යුත්තක්,
(shihar : Rating 10/10)

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,055 downloadsDownload Afso-S01-E01-E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
10 comments
kavinu
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
tharidu16
okkoma awata passema balanawa
සියන්ත
මයුර තැන්ක්ස් යු බ්‍රො
Pasindu Madumal
සබට තුති මයුර අයියේ..!
Prabodha
Godak sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උඋපසිරසට.. බුදුසරණයි.. ජය වේවා..!
Sanjaya Bandara
me subtitle sinhala newei, english ne
tharidu16
thanks \
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ඩවුන්ලෝඩ් කලාට බලන්න හිතුනෙ නෑ. ටික දවසකට පස්සෙ තමා බැලුවෙ... පලවෙනි එපිය බැලුවට පස්සෙ එකදිගට එපි තුනක් හතරක් විතරම බැලුවා! ලොවෙත් සෙට් මට නං.. රෙකමන්ඩ් කරනවා කට්ටියටම ❤️