රවීනා තන්ඩන් රඟන අලුත්ම කතාමාලාව මේ දවස් වල නෙට්ෆ්ලික්ස් ඔස්සේ ප්‍රේක්ෂක විචාරක නොමද ප්‍රසාදය ලබාගනිමින් විකාශනය වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.3ක දැවැන්ත අගයක් ලබාගත්තු මේ කතාමාලාව සිංහලෙන් රසවිඳින ඔබෙත් අවධානය මේ වෙද්දි හොරාගෙන ඇති. කොටස් 4ක්ම බලලා ඉන්න මේ මොහොතේ මං සූදානම් 5වෙනි කොටස ඔබ හමු…

රවීනා තන්ඩන් රඟන අලුත්ම කතාමාලාව මේ දවස් වල නෙට්ෆ්ලික්ස් ඔස්සේ ප්‍රේක්ෂක විචාරක නොමද ප්‍රසාදය ලබාගනිමින් විකාශනය වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.3ක දැවැන්ත අගයක් ලබාගත්තු මේ කතාමාලාව සිංහලෙන් රසවිඳින ඔබෙත් අවධානය මේ වෙද්දි හොරාගෙන ඇති. කොටස් 4ක්ම බලලා ඉන්න මේ මොහොතේ මං සූදානම් 5වෙනි කොටස ඔබ හමුවට අරන් එන්න.

පසුගිය කොටසෙදි දැක්කනේ සීසීටීවී නෑ කිව්ව සිරෝනා කැෆේ එකෙන් අන්ගද් සීසීටීවී දර්ශන හොයාගත්ත හැටි. ඒකෙ එමීගේ දර්ශනත් තිබුණා. එමී බන්ටි එක්ක බයික් එකක යන කතන්දරයක් තමා පේන්න තිබුණේ නම්. මේ ඔස්සේ බන්ටිව හොයාගෙන යන පොලිස් දෙපලට ආරංචි වුණේ බන්ටිගේ ගෙදරින් ආරංචි වුණේ බන්ටි මීට මිනිත්තු දෙකකට කලින් අතුරුදහන් වෙච්ච විත්තිය. හරියටම මෙයාලා එන්න කලින් බන්ටි පැනගත්තේ කොහොමද? මේ එක්ක දෙන්නට සැකයක් ඇතිවෙනවා තමන් දැනගන්න දේවල් පොලිසිය ඇතුලේ කවුරුහරි පිටට දෙනවදෝ කියලත්. ඒ ඔස්සේ එයාලගේ සැකේ එල්ලවුණු කෙනත් මතක ඇතිනේ. ඒ වගේම බන්ටිව අන්තිමට හොයාගන්න පුළුවන් වුණාද, බලලම දැනගන්න.

ඔය අතරේ කස්තුරිගේ දුව, නූතන්ට ආපු ප්‍රශ්නෙත් මතක ඇතිනේ. බන්ටිට යවපු වීඩියෝ එක වයිරල් කරන තර්ජනයක් ආවා විතරයි නූතන්ට පේපර් එක ලියාගන්නත් බැරි වුණා. විභාගේ ඉවර වෙලා ගෙදර ආවේ වෙනදා ඉන්න නූතන් නෙමේ. කස්තුරි මේ ගැන මුකුත්ම දැනගෙන හිටියේ නෑ.

එහෙනම් එකතු වෙන්න මේ කොටසත් එක්කලා. මිත්‍යාව, අපරාධ, ත්‍රාසය, දේශපාලනය කැටිවුණු ආරන්‍යක්. මං ඔයාලගේ ආආදරණීය සිසියා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,447 downloadsDownload AK-S01-E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,447 downloadsDownload Subtitles18 KB

7 comments

  1. Kushan

    Sub akta thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    Thanks for sub

  5. Anonymous

    Thanks jayawewa...!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥