Watch Trailer

Iru Dhuruvam [S02: E01] Sinhala Subtitles | දාම ඝාතකයා සොයා ! [සිංහල උපසිරැසි]

ඔත්තු කරුවන්ගේ අභිරහස් ඝාතනය ! ආයුබෝවන් බයිස්කෝප්වාසි යාළුවනේ කාර්යය බහුල ජීවිතේ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් උපසිරැසියකට දායක වෙන්න අවස්ථාවක් හම්බවුණා. මෙහි පළමුව 2019 දී කොටස් 9කින් යුතුව නිකුත්ව තිබුණා. ඔයාලට අපේ සයිට් එකෙන්ම ඒකෙ උපසිරැසියත් ලබාගන්න පුලුවන්. මේ Iru Dhuruvam වෙබ් කතා මාලාව විකාශනය උනේ…

ඔත්තු කරුවන්ගේ අභිරහස් ඝාතනය !

ආයුබෝවන් බයිස්කෝප්වාසි යාළුවනේ කාර්යය බහුල ජීවිතේ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් උපසිරැසියකට දායක වෙන්න අවස්ථාවක් හම්බවුණා. මෙහි පළමුව 2019 දී කොටස් 9කින් යුතුව නිකුත්ව තිබුණා. ඔයාලට අපේ සයිට් එකෙන්ම ඒකෙ උපසිරැසියත් ලබාගන්න පුලුවන්. මේ Iru Dhuruvam වෙබ් කතා මාලාව විකාශනය උනේ SonyLIV හරහායි. Nandha Durairaj, Abdool, Prasanna Venkatesan, Abhirami Venkatachalam, Linga, Sai Priyanka Ruth යන අය රංගනයෙන් දයාක වෙනවා. ඒ වගේම මෙහි දෙවැනි කතා සමය මේ අවුරුද්දේ(2023) පෙබරවාරි 24 වන දින විකාශනය වූවා

ඉතින් ඔයාලට මතක නම් වික්ටර් කියන පොලිස් නිළධාරියගෙ බිරිදගේ අතුරුදහන් වීමත් සමග සිදුවන අභිරහස් ඝාතන රැල්ලක් තමයි පළමු පරිච්ඡේදයෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නෙ. වික්ටර්ගේ බිරිදව අතුරුදහන්වෙලා අවුරුදු කීපයක් ගියත් වික්ටර් තාම එයාව හොයන වැඩේ නතර කරල නෑ.

වික්ටර්ගේ දුවත් ලොකු මහත් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න අරන්, එයානම් අලුත් ඉස්කෝලෙට වැඩිය කැමැත්තක් නෑ. අම්මගෙ මතකයන් එයාට නිතරම වද දෙන්න අරන්. වික්ටර් තාමත් සේවයට බැදුණෙත් නෑ. කාලය ගෙවීගෙන යනකොට වික්ටර්ගේ බිරිඳ ගැන හෝඩුවාවක් ලැබෙනවා. ඒ අතුරුදහන් වුණ දවසේ ගත්ත ෆොටෝ එකක අහම්බයෙන් වික්ටර්ගේ බිරිදත් ඉන්න ෆොටෝ එකක් හම්බවීමත් එක්ක. ඒ හෝඩුවාව පස්සේ විමර්ශනය කරගෙන යනකොට හදිසියේම මංකොල්ලයක් ගැන පොලීසියට කෝල් එකක් එනව පාලක මැදිරියෙන් මංකොල්ලයක් සිද්දවෙලා තියෙනව වහාම ඒ ගැන බලන්න කියල. ඒ ගැන හොයන්න යන පොලිස් නිළධාරීන්ට කාර් එකක ඩිකියේ තිබිල ගෙළ කපා දැමූ මල සිරුරු දෙකක් හම්බවෙනව. ඒ වික්ටර් රාජකාරියේ ඉන්නකොට එයා වෙනුවෙන් ඔත්තු බලන්න යොදවල හිටිය පොලිස් නිළධාරීන් දෙදෙනා.

ආයෙත් මුණ ගැහෙමු. තෙරුවන් සරණයි !

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,188 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP01.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,188 downloadsDownload Subtitles21 KB

8 comments

  1. Ravindra

    Thanks sub ekata

  2. Anonymous

    මේ සීසන් එකෙන් මේක ඉවරයිද

    1. Naveen Mbr

      මේ දෙවෙනි සීසන් එකේ පලවෙනි කොටස.

  3. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  4. Anonymous

    thanks

  5. මයුර

    සබට තුති අයියේ

  6. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.