SI කිෂෝර්ගේ මළ සිරුර රථ අංගනයේ තිබිලා හොයාගන්නවා. මාධ්‍ය වලින් මේ පරීක්ෂණය හාරා අවුස්සවමින් හිටියා. සහකාර කොමසාරිස් වගේම තිලක්, වික්ටර්ට දොස් නගනවා. මේ වෙද්දි ඉහලින් දැඩි පීඩනයක් එල්ල වෙලා තිබුණා. වික්ටර් තවමත් පරීක්ෂණ විසඳන්න අසමත් වීන නිසා කොමසාරිස් එයාව පරීක්ෂණයෙන් මුදාහරිනවා. ආයෙත් තිලක්ට මේ පර…

SI කිෂෝර්ගේ මළ සිරුර රථ අංගනයේ තිබිලා හොයාගන්නවා. මාධ්‍ය වලින් මේ පරීක්ෂණය හාරා අවුස්සවමින් හිටියා. සහකාර කොමසාරිස් වගේම තිලක්, වික්ටර්ට දොස් නගනවා. මේ වෙද්දි ඉහලින් දැඩි පීඩනයක් එල්ල වෙලා තිබුණා. වික්ටර් තවමත් පරීක්ෂණ විසඳන්න අසමත් වීන නිසා කොමසාරිස් එයාව පරීක්ෂණයෙන් මුදාහරිනවා. ආයෙත් තිලක්ට මේ පරීක්ෂණය බාර දෙනවා. තවදුරටත් වික්ටර්ගේ සැකය දැඩි ලෙසම ලංකේෂ්වරන්ට විරුද්ධව තිබුණා. වික්ටර් ලඟ යම් හෝඩුවාවන් කිහිපයක් තිබුණත් තිලක් ඒවා ගැන සලකා බලන එකක් නැහැ කියලා හොඳටම දන්න නිසා මේ හෝඩුවාවන් ගැන කොමසාරිස්ට කියන්න උත්සාහ කරනවා. කොමසාරිස් ඒ ගැන නොවිමසා වික්ටර්ට මේ පරීක්ෂණයෙන් ඉවත්වෙලා ඉන්න කියලා උපදෙස් දෙනවා.
වික්ටර් ගයත්‍රිට ලංකේෂ්වරන්ගේ පොටෝ එකක් පෙන්වලා එදා සිද්දිය වෙලාවෙදි ලංකේෂ්වරන් එතැන හිටියද කියලා හොයාගන්න උත්සාහ කරනවා. කොහොම වුණත් ඒක ප්‍රීති නිසා වැලැක්වෙනවා. වික්ටර් තවදුරටත් පරීක්ෂණයේ නැති නිසා මේ ඔක්කොම අතහැරලා දාන්න තීරණය කරන්න හැදුවත්, ප්‍රීති රහසේම විමර්ශනය කරන්න පොළඹවනවා. ඉතින් ප්‍රීති, වික්ටර් දෙන්නා එකතුවෙලා වෙනම විමර්ශනයක් පටන් ගන්නවා. මේ අතරෙදි තිලක් ලංකේෂ්වරන්ව හමුවෙන්න එයාගේ ගෙදරට යනවා. කලින් සිද්ද වුණ දාම ඝාතනවල ඝාතකයා තවම මැරුණෙ නැහැ කියලා සමාජ මාධ්‍යවල කතාවෙන එක ගැන ලංකේෂ්වරන් තිලක්ගෙන් අහනවා.
තිලක් නම් මේක එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. ඒ වුණත් ලංකේෂ්වරන් මේ ඝාතන වලට පිටුපසින් යම් හේතුවක් තිබෙන බවට තිලක්ට අඟවන්න උත්සාහ කරනවා. ගීතාගේ අතුරුදහන් වීම ගැනත් තිලක්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ වගේම තිලක් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නයක් ගැන ලංකේෂ්වරන්ට කියන්න ගන්නවා. මේ ප්‍රශ්නය එයාගේ රාජකාරි වැඩ වලටත් පීඩනයක් ඇති කරලා තිබුණා. මේ මානසික පීඩනයෙන් නිදහස් වෙන්න ලංකේෂ්වරන්ගේ සහය පතනවා.
ලංකේෂ්වරන් ගැන විමර්ශනය කරමින් යන වික්ටර් හා ප්‍රීතිට ලංකේෂ්වරන්ගේ අඳුරු පැත්ත ගැන වැදගත් තොරතුරු රාශියක් හොයාගන්න ලැබෙනවා. මනෝවිද්‍යාඥ සම්මේලනයෙන් ලංකේෂ්වරන් ගැන විස්තර ලබා ගන්නවා. ඒ අතරෙදි ලංකේෂ්වරන්ට විරුද්ධව ලැබුණ පැමිණිල්ලක් ගැනත් දැනගම්න ලැබෙනවා. මේ පැමිණිල්ල ඔස්සේ යන්න උත්සාහ කරත් මාර්ග සියල්ලම වැහිලා තිබුණා. තිලක් සෙඩන් කාර් ගැන විමර්ශනය කරගෙන යද්දි කාර් හතරම එකම සේවා මධ්‍යස්ථානයකින් බෙදාහැරීම කරද්දි අතුරුදහන් වුණ බව දැනගන්න ලැබෙනවා. මේ කාර් හතරම බෙදාහරිමින් තිබෙද්දී අසාමාන්‍ය විදියට බිඳවැටීමක් සිද්ද වෙලා තියෙනවා. තව දුරටත් සොයා බලද්දී, කවුරුහරි උවමනවෙන්ම මේ කාර් වල ඇක්සලේටර් කේබල් කපා මඟදිම නතර වෙන්න සලස්වලා තියෙනවා කියලා හොයාගනන්වා.
ලංකේෂ්වරන් තවත් සම්මන්ත්‍රණයක් පවත්වලා මොළ සේදීම කරනවා. ඉන්ස්පැක්ටර් තිලක් ලංකේෂ්වරන්ට එයාගේ ප්‍රශ්නය කියනවා. තිලක්ගේ බිරිඳ සියදිවි නසාගන්න උත්සාහ කරනවා. කොහොමහරි තිලක්ට එයාව මැරෙන්න කලින් බේරගන්න පුළුවන් වෙනවා. ලංකේෂ්වරන් තිලක්ව මෝහනය කරනවා. තිලක් තමන්ගේ වැරදි පාපෝච්චාරණය කරන්න ගන්නවා. වික්ටර් යූටියුබ් චැනල් කරන කීප දෙනෙක්ව ගෙන්වා ගන්නවා. එයාලට ලංකේෂ්වරන්ගේ වීඩියෝ නිරීක්ෂණය කරන්න දෙනවා. ලංකේෂ්වරන්ගේ චැනල් එකේ වීඩියෝ 24ක කමෙන්ට් ඕෆ් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම සැක සහිත දෙයක් තියෙන්න පුළුවන් නිසා මේක ඔස්සේ ගිහින් ලංකේෂ්වරන්ගේ චැනල් එක හැක් කරන්න උත්සාහ කරනවා. ලංකේෂ්වරන්ගේ ෆෝන් එකට ලින්ක් එකක් යවලා බැලුවත් ලංකේෂ්වරන් ලින්ක් එක ක්ලික් කරන්නෙ නැහැ.
අපේ ඔෂධ ධනංජය සහෝදරයා තනිවම සිංහල උපසිරැසි ලබා දුන්න මේ Iru Dhuruvam කතා මාලාවේ පලවෙනි සීසන් එක ගොඩක් අය බලන්න ඇති. බලලා නැත්නම් ඒකත් නොවරදවා බලන්න. මේ කතා මාලාවට ඔෂධ ධනංජය සහෝදරයා, රවිඳු හේෂාන් සහෝදරයා මගෙත් එක්ක එකතු වෙනවා. පලවෙනි සීසන් එකට වගේම මේ සීසන් එකටත් හොඳ අගය කිරීම්, ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,784 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP07.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
3 comments
Ravindra
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Iru Dhuruvam [S02: E07] Sinhala Subtitles | ලංකේෂ්වරන්ට වැරදුණ තැන. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Iru-Dhuruvam-s02-2.jpg)


Thanks