කොමසාරිස්ගේ නියෝගයෙන් නැවතත් ලංකේෂ්වරන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීමකට ගෙනෙනවා. වික්‍ටර්ගේ ප්‍රශ්න කිරීමේදී ලංකේෂ්වරන් කිසිම සහයෝගයක් දෙන්නෙ නැහැ. වික්ටර් ලංකේෂ්වරන් ගැන හොයාගත්ත පෞද්ගලික තොරතුරු කිහිපයක් ලංකේෂ්වරන්ට කියනවා. ලංකේෂ්වරන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. හදිසියෙම ලංකේෂ්වරන්ව ප්‍ර…

කොමසාරිස්ගේ නියෝගයෙන් නැවතත් ලංකේෂ්වරන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීමකට ගෙනෙනවා. වික්‍ටර්ගේ ප්‍රශ්න කිරීමේදී ලංකේෂ්වරන් කිසිම සහයෝගයක් දෙන්නෙ නැහැ. වික්ටර් ලංකේෂ්වරන් ගැන හොයාගත්ත පෞද්ගලික තොරතුරු කිහිපයක් ලංකේෂ්වරන්ට කියනවා. ලංකේෂ්වරන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. හදිසියෙම ලංකේෂ්වරන්ව ප්‍රශ්න කිරීමට ගෙනාව නිසා තිලක් කලබල වෙනවා. තිලක් එයාගේ පරීක්ෂණයේ සාක්ෂියක් වුණ අතුරුදන් යාන්තම් ශිල්පියාව හොයාගෙන යනවා.
ලංකේෂ්වරන් වික්ටර් එක්ක මනෝ සෙල්ලම් ගහන්න බලනවා. කොහොම වුණත් සෝෆියාගේ මරණය ගැන ලංකේෂ්වරන්ගේ කටින් අල්ල ගන්නවා. මේ ප්‍රශ්න කිරීම අතරෙදි වික්ටර්ට මැසේජ් එකකින් ගීතාගේ වීඩියෝ එකක් ලැබෙනවා. ඒ වගේම ලංකේෂ්වරන් වික්ටර්ට දීමනාවක් කරනවා. විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යද්දි වික්ටර්ගේ ෆෝන් එකත් හැක් කරලා කියලා දැනගන්න ලැබෙනවා. ලංකේෂ්වරන් වික්ටර්ගෙ ලඟ තියෙන ඔර්ජිනල් හාර්ඩ් ඩිස්ක් එක තර්ජනය කරලා ඉල්ලනවා. ගීතාව බේරගන්න වික්ටර් හාර්ඩ් ඩිස්ක් එක අරගෙන ලංකේෂ්වරන් කිව්ව තැනට යනවා. වික්ටර්ගෙන් හාර්ඩ් ඩිස්ක් එක ගන්න පුද්ගලයා හාර්ඩ් ඩිස්ක් එක ගිනි තබා විනාශ කර, වෙඩි තබාගෙන මැරෙනවා. ඒ වෙලාවෙදිම එතනට තිලක් එනවා.
තිලක් හොයාගෙන ආව යාන්ත්‍රික ශිල්පියා තමයි වෙඩි තියාගෙන මැරිලා තියෙන්නෙ. වෙඩි තබාගත්ත යාන්ත්‍රික ශිල්පියා දාම ඝාතකයා විදියට තිලක් පරීක්ෂණය අවසන් කරනවා. ලංකේෂ්වරන්ව නිදහස් කරන්න තීරණය කරනවා. තිලක්ව මෝහනය කරන තිලක්, වික්ටර්ව දාම ඝාතන සිද්දි වලට අහුකරන්න කාරණා කිහිපයක් ලබා දෙනවා. තිලක් මේ කාරණා ගැන සහකාර කොමසාරිස් එක්ක කතා කරනවා. දෙදෙනාම ගිහින් කොමසාරිස්ව මේ පිළිබඳව දැනුවත් කරනවා. කොමසාරිස් මෙයාලා වික්ටර් ගැන වැරදියට කියන දේවල් විශ්වාස කලේ නැහැ. කොහොම වුණත් වික්ටර්ගෙන් අපරාධ ස්ථානයට ගිය හේතුව අහන්න වික්ටර්ට කෝල් එකක් ගත්තත් ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. මේ අතරෙදි වික්ටර් ලංකේෂ්වරන්ගෙ ගෙදරට හොරෙන් ඇතුලු වෙනවා.
අපේ ඔෂධ ධනංජය සහෝදරයා තනිවම සිංහල උපසිරැසි ලබා දුන්න මේ Iru Dhuruvam කතා මාලාවේ පලවෙනි සීසන් එක ගොඩක් අය බලන්න ඇති. බලලා නැත්නම් ඒකත් නොවරදවා බලන්න. මේ කතා මාලාවට ඔෂධ ධනංජය සහෝදරයා, රවිඳු හේෂාන් සහෝදරයා මගෙත් එක්ක එකතු වෙනවා. පලවෙනි සීසන් එකට වගේම මේ සීසන් එකටත් හොඳ අගය කිරීම්, ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,668 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP09.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
2 comments
Buddhika laKMal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Iru Dhuruvam [S02: E09] Sinhala Subtitles | හැඟීම්බර මෝඩයා. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Iru-Dhuruvam-s02-2.jpg)


තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥w