Watch Trailer

The Great Indian Murder [S01: E02] Sinhala Subtitles | මිනීමරුවෝ දෙන්නෙක්??? [සිංහල උපසිරැසි]

අපෙන් ගොඩක් දෙනා ඉල්ලලා තිබ්බ ඉන්දියන් කතාමාලාවකට තමා පහුගිය දා ඉඳන් උපසිරැසි දෙන්න ගත්තේ. ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මේ අවුරුද්දේ පෙබරවාරි මුල් හරියෙදීම නිකුත් වෙච්ච මේ කතාමාලාව තමයි The Great Indian Murder කියන්නේ. කොටස් 9කින් සමන්විත මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නේ Tigmanshu Dhulia විසින්. මතක ඇතිනේ…

අපෙන් ගොඩක් දෙනා ඉල්ලලා තිබ්බ ඉන්දියන් කතාමාලාවකට තමා පහුගිය දා ඉඳන් උපසිරැසි දෙන්න ගත්තේ. ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මේ අවුරුද්දේ පෙබරවාරි මුල් හරියෙදීම නිකුත් වෙච්ච මේ කතාමාලාව තමයි The Great Indian Murder කියන්නේ. කොටස් 9කින් සමන්විත මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නේ Tigmanshu Dhulia විසින්. මතක ඇතිනේ එයාම විසින් අධ්‍යක්ෂණය කරලා අපිට බලන්න හම්බවුණු Criminal Justice කතාමාලාව. ඉතින් මේ කතාමාලාවත් කිසි සැකයක් නැතුව බලන්න ගත්තහැකි. Six Suspects  කියන ජනප්‍රිය නවකතාව තමයි මේකට පාදක වෙලා තියෙන්නේ. ඉතින් Crime|Thriller ගණයට වැටෙන මේක හොඳ කුතුහලයකින් බලාගෙන යන්න පුළුවන් එකක් කියලා කියන්නම ඕන. මේ වෙද්දි පළවෙනි කොටස බලලා ඇතිනේ. අද මං මේ අරන් එන්නේ දෙවැනි කොටස. මතක් කරන්නම් පහුගිය කොටසේ වෙච්ච විශේෂ දේවල්. පහුගිය කොටස වෙන්වුණේ විකී රායි කියන තැනැත්තා වෙනුවෙන්. කවුද මේ විකී රායි කියන්නේ? කොහොමද කෙනෙක්ද? බලපු අය නම් දන්නවා විකී කියන්නේ එච්චර හොඳ චරිතයක් නම් නෙමේ කියලා. ඔව්, කළු චරිතයක්. විකී තමන්ගේ නයිජීරියානු ව්‍යාපාර හවුල්කාරයාව තෘප්තිමත් කරන්න හිතාගෙන ඔහුට හිතවත් ශබ්නම් කියන ජනප්‍රිය බොලිවුඩ් නිළියව යොදාගන්න ලෑස්ති වුණත් වැඩේ කණපිට හැරුණේ විකී කෙරෙහි ශබ්නම්ගේ හිතෙත් ලොකු වෛරයක් ඇති කරලා. කොහොමහරි රැය පහන් වුණේ විකී ලව්වා නයිජීරියානු හිතවතාගේ මනදොල වෙන කෙල්ලන් දෙන්නෙක් අතින් ඉෂ්ට කරගෙන. උදේ කවුදෝ විකීව ඇහැරවද්දියි වෙලා තියෙන දේ දැකලා විකීගේ දෙලෝ රත් වුණේ. ඊට පස්සේ වෙච්ච දේවල් ගැන කිව්වොත් නොබලපු අයට අසාධාරණයක්. පොලිසියෙන් කරපු පරික්ෂා කිරීම, විකීගේ විකීගේ ගැලවීම, විකී තියන සාදය සහ මල්වෙඩි සද්දේ ඇතුලෙන් ඇහුනු වෙඩි සද්දෙත් එක්ක පහුගිය කොටස ඉවර වෙන්නේ දෙවැනි කොටසට ලොකු කුතුහලයක් වෙන් කරගෙනමයි. එහෙනම් තවත් ඉවසීම පරික්ෂා නොකර බලන්න කියලා ආරාධනා කරනවා. තුන්වෙනි කොටස තවත් අපේ සුභාෂිනී සහෝදරිය අරගෙන ඒවි. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,257 downloadsDownload TGIM-S01E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,257 downloadsDownload Subtitles24 KB

9 comments

  1. Anonymous

    Patta

  2. මිනුල

    බයිස්කෝප් සබ් දුන්නු සුපිරි හින්දි සීරීස් දෙක තුනක අලුත් සීසන් ඉදිරියේ රීලීස් වෙන්න තියනවා, ඒවටත් පුලුවන් විදියට සබ් දෙමු බයිස්කෝප්
    මේ සීරීස් එකටත් සබ් දෙන සියලුම දෙනාට ස්තුතියි !

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Kushan

    Sub akta thanks

  6. මයුර

    සබට බොහොම තුති අයියේ

  7. විමා

    සබ් එකට බොහොම ස්තුතියි.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. nilanka1212

    thanks….