ඉතින් ඔන්න සතියකට පස්සේ අද මේ අරන් එන්නේ Ms. Marvel කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Seeing Red” කියලා. පසුගිය කොටසින් ඉතින් කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ මේ කතා මාලාවේ හතුරන් කියලා හිතන්න පුළුවන් නජ්මා ප්‍රධාන ක්ලැන්ඩෙස්ටයින්ස්ලා කියලා වෙනත් මානයකින් ආ…

ඉතින් ඔන්න සතියකට පස්සේ අද මේ අරන් එන්නේ Ms. Marvel කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Seeing Red” කියලා.
පසුගිය කොටසින්
ඉතින් කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ මේ කතා මාලාවේ හතුරන් කියලා හිතන්න පුළුවන් නජ්මා ප්‍රධාන ක්ලැන්ඩෙස්ටයින්ස්ලා කියලා වෙනත් මානයකින් ආව ජීවින් පිරිසකට අපිව හඳුන්වා දෙනවා. බලාගෙන ගියාම කම්රානුත් එයින් එක්කෙනෙක්. කොහොම වුණත් එයා හොඳ ක්ලැන්ඩෙස්ටයින් කෙනෙක් කියලා තමයි හිතෙන්නේ. ඒ විතරක් නෙමෙයි, කමාලාත් ක්ලැන්ඩෙස්ටයින්ස් හෙවත් ඩ්ජින් කෙනෙක්! මේ ක්ලැන්ඩෙස්ටයින්ස්ලා කියන්නේ මාවල් කොමික් චරිත අතර හුඟ දෙනෙක් නොදන්න චරිත වගයක්. කොමික්වල නම් මෙයාලා ඇඩම් ඩෙස්ටයින් කියලා නායකයෙක් විසින් මෙහෙයවනු ලබන සුපිරි බල සහිත කණ්ඩායමක්. එච්චරයි. ඒත් Ms. Marvel show එකේ අධ්‍යක්ෂකවරු මෙයාලව අරගෙන සෑහෙන්න වැඩක් කරන්න යන බවක් තමා පෙන්නේ.
ඒවගේම කලින් එපිසෝඩ් එක ඉවර වුණු විදිය මතක ඇතිනේ; කමාලා සහ ක්ලැන්ඩෙස්ටයින්ස්ලා අතර සටනකින්! කොහොමෙන් කොහොමෙන් හරි ඒකෙන් අමීර්ගේ (කමාලාගේ අයියගේ) වෙඩින් එකත් කඩාකප්පල් වුණා. ඒ විතරක් නෙමෙයි, කමාලාගේ රහස්‍ය අනන්‍යතාවය එයාගේ යාළුවා, නකියාත් දැනගත්තනේ. ඒවගේම මතක ඇතිනේ සටන අතරතුරදී කමාලාගේ බෑන්ගල් එකෙන් ‘කරාචි’ කියලා නම ගහපු කෝච්චියක් දකින විදියත්, ඒක ලෝකේ එහා කොනේ ඉඳන් දැකපු කමාලාගේ නානි එයාට කතා කරලා එහේ එන්න කියන විදියත්. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්නේ මෙන්න මෙතනින්.
The Ten Rings
මේ එපිසෝඩ් එක කරපු තවත් දෙයක් තමයි ෂන්ග්-චී සහ මිස් මාවල් එක අතර සම්බන්ධයක් ගොඩ නගපු එක. ඔයාලට පටන් ගන්න scene එක මතක ඇතිනේ. අර කමාලාගේ මී ආච්චි, අයීෂා ඇවිල්ලා බෑන්ගල් එක හොයාගන්නේ. ඒ වෙලාවේ පොළොවේ කොටලා තිබුණු ලාංඡනය දැක්කද?
ඉතින් මේ තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. Shang-Chi and the Legend of the Ten Rings එකේ අපි දැකපු Ten Rings ලාංඡනය. ඉතින් මේකෙන් කියන්නේ මොකක්ද? මෙතනදි ද වෙන්-වූ මුදු දහය හොයා ගත්තේ? මොකද ෆිල්ම් එකේ තිබුණේ ඒක එයා හොයා ගත්තේ සොහොනක තිබිලා කියලයි. මෙතනත් සොහොනක් වගේ තමයි. ඒත් ඉතින් මේ ඉන්දියාවනේ. ඒක නිසා ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. හරියටම කියන්න පුළුවන් එකම දේ තමයි, මාවල් එක ඒ ලාංඡනය මෙතනට දැම්මේ නිකම්ම නිකන් නෙමෙයි කියන එකයි.
Ms. Marvel Episode Three: ‘Destined’
ඉතින් සුපුරුදු පරිදිම කලින් එපිසෝඩ් එකෙත් මිස් මාවල් කොමික් එකකට යන QR කෝඩ් එකක් සඟවලා තිබුණා. ඒක මතු වෙන්නේ කමාලා, කම්රාන් එක්ක චැට් කර කර ඉන්න අතරතුරේදියි.
ඉතින් මේ QR කෝඩ් එක ස්කෑන් කළාම අපිව යොමුවෙන්නේ 2019 වසරේ නිකුත් වුණු The Magnificent Ms. Marvel #1 කියන කොමික් එකට. ඒකේ තියෙන්නේ තාත්තා කෙනෙක් The Destined One කියලා කෙනෙක් ගැන තමන්ගේ දරුවට නින්ද යන්න කියන කතාවක්. ඉතින් මේ Destined One කියලා කියන්නෙ මිස් මාවල්ටම තමයි. තුන්වෙනි එපිසෝඩ් එකේ නමත් ‘Destined’ නේ. කැමති නම් ගිහිල්ලා මේ කොමික් එකත් කියවලා බලන්නකෝ.
එහෙනම් අද එපිසෝඩ් එක බලන්නකෝ. ඊළඟට අපි හම්බවෙන්නේ මේ කතා මාලාවේ පළවෙනි කතා සමයේ අවසාන එපිසෝඩ් එකට කලින් එපිසෝඩ් එකෙන්. ඒ කියන්නේ පස්වෙනි එපිසෝඩ් එකෙන්. එහෙනම් ලබන බදාදා / බ්‍රහස්පතින්දා (ඉවර කරගන්න දවස හරියට කියන්න බෑ ඉතින් 😁) ඊළඟ උපසිරසිය සමඟින් හමුවෙමු. පීස් ✌️.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
6,865 downloadsDownload Ms.Marvel.S01E04.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #Alysia Reiner
- #Anjali Bhimani
- #Iman Vellani
- #Laurel Marsden
- #Marvel
- #Marvel Cinematic Universe
- #Matt Lintz
- #MCU
- #Rish Shah
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Yasmeen Fletcher
- #Zenobia Shroff
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
20 comments
Sandaru Nimsara
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!No name
Thanks sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sandeep
Thanx sub ekata saho
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
chinthaka.max4
thankx machan
Janaka
Thanks bro
Anonymous
බොහොම ස්තුතියි නියම වැඩක් .
Binul
Niyami... Godk thnks
sahangayantha
thanks a lot saho sub ekata
Shevon
Thank you Brother
lakshan
thanks ...................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
THISANGA
supiriyt thibb
thank youRavindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ms. Marvel [S01 : E04] Sinhala Subtitles | රෙඩ් ඩැගර්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/06/Ms.-Marvel-2022.jpg)



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️