අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Valimai (2022) Sinhala Subtitles | ශක්තිය! [සිංහල උපසිරසි]

Rating: 6.2/10. From 85 votes.
Please wait...

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටින සියලුම රසික රසිකාවියන් ආයුබෝවන් කියා සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවිය වෙත පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් දිර්ඝ කාලයක් පුරා මඟ බලා සිටි සුපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. චිත්‍රපටය ගැන ලියන්නට පෙරාතුව බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ඉඩ වෙන් කර දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයෙකු වන චාමර සම්පත් සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමනවා.

Nerkonda Paarvai 2019 සිනමාපටයෙන් පසු සුපිරි නළු අජිත් කුමාර් තම රසිකයින් හමුවට සිනමාපටයකින් පැමිණෙන්නේ වසර දෙකකට ආසන්න කාලයකින්, මෙහිදි විශේෂයෙන්ම කැපී පෙනෙන කාරණය නම් Nerkonda Paarvai 2019 සිනමාපටයෙහි නිෂ්පාදකවරයා සහ අධ්‍යක්‍ෂවරයාත් මෙම චිත්‍රපටයේද නිර්මාණ කටයුතු වලට සම්බන්ධව සිටිමයි. Action Packed (ක්‍රියාදාමයන්ගෙන් පිරි) වර්ගීකරණයට අයත්වන මෙම චිත්‍රපටය තුල යතුරු පැදි වලින් හඹායාමේ ක්‍රියාදාම සපිරි දර්ශන බහුලව අඩංගු වෙනවා.එම ක්‍රියාදාම දර්ශනයක් රූගත කරන අවස්ථාවේදි යතුරු පැදියෙන් ඇද වැටිම නිසා සුපිරි නළු අජිත් කුමාර්ගේ අස්ථියක් පවා බිඳී ඇති අතර ඒ සඳහා ඔහු මාස තුනක කාලයක් වෛද්‍ය ප්‍රතිකාරද ලබාගෙන තිබෙන බව සඳහන් වෙනවා. තල අජිත් ඇතුලු සමස්ථ නිෂ්පාදන කණ්ඩායමේ මහන්සිය සහ කැපවීම මල්ඵල ගන්වමින් චිත්‍රපටය තිරගත කල මුල්ම දිනයෙ දි තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් ඉන්දියානු රුපියල් කෝටි 36 ඉක්මවූ මුදලක් උපයාගෙන මෙතෙක් කිසිදු දමිළ සිනමාපටයක් නොතැබු ආදායම් වාර්ථාවක් තැබීමට Valimai 2022 සිනමාපටය සමත් වූවා. එමෙන්ම තිරගත කොට දින තුනකට පසු සමස්ථ ආදායම ඉන්දීය රුපියල් කෝටි 100 ක් සහ චිත්‍රපටය තිරගත කර සත්වන දින වන විට ලොවපුරාම ආදායම ඉන්දීයානු රුපියල් කෝටි 200 ක මුදලක් උපයා ගනිමින් ඉතිහාස ගතවන්නට පවා Valimai සිනමාපටයට හැකි වුණා. කොරෝනා දෙවැනි රැල්ල පවතින මේ කාලයේදි තල අජිත්ගේ ප්‍රථම PAN INDIA චිත්‍රපටය වන Valimai 2022 මෙලෙස වාර්තා පිට වාර්තා තැබීම විශේෂයෙන් කැපි පෙනෙන අතර එමගින්ද ඔහුගේ හා අනෙකුත් නිෂ්පාදන කණ්ඩායමේ මහන්සිය කොතෙක්ද යන්න පෙනී යනවා. එමෙන්ම චිත්‍රපටය තිරගත කර දින තුනක් ගතවූ පසුව ලැබුණු මිශ්‍ර විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාවෙන් චිත්‍රපටයේ ධාවන කාලයෙන් විනාඩි 14 ක් පමණ ඉවත්කොට තිරගත කරන්නට නිෂ්පාදක කණ්ඩායම විසින් කටයුතු කරනු ලැබුවා. චිත්‍රපටයේ දුෂ්ට චරිතය තෙලඟු සිනමාවේ නැගී එන නළුවකු වන Kartikeya Gummakonda විසින් රඟදක්වන අතර ඔහුද තම රංගන ප්‍රතිභාව මැනැවින් ප්‍රදර්ශණය කර තිබෙනවා.මෙම චිත්‍රපටය ඔහුගේ රංගන දිවියේදි ඔහු රඟපෑ කුළුදුල් දමිළ චිත්‍රපටයද වනවා.

චිත්‍රපටය සඳහා සෑම ප්‍රදේශයකින්ම ලැබුණ ප්‍රතිචාරයන් කිහිපයක්…
චිත්‍රපටය තිරගත තර සත්දිනක් තුල ඉන්දියානු රුපියල් කෝටි 200 ආදායමද ඉක්මවා ගියා…

 

ඒ කෙසේ නමුත් අජිත් කුමාර්ගේ සැබෑ රසිකයින්ට මෙම විචාරයන් අදාල නොවුනු අතර ඔවුන් පුන පුනා බලාසිටි තම වීරයාගේ Valimai 2022 සිනමාපටය ඔවුන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.ගෝලීය වශයෙන් මුළු ලෝකයම මුහුණ පා සිටින දැඩි අර්බුධයක් වන මත් කුඩු ජාවාරම සහ මත් කුඩු මාරයාට බිලිවන තරුණ පිරිස් පිළිබඳව කතිකා කොට නිමැවුනු මේ සිනමාපටය සමාජයටත් යහපත් පණිවිඩයක් ලබාදෙනවා. එසේ නම් වෙනදා මෙන්ම චිත්‍රපටයේ අඩංගු කතාව අදත් කීමට බලාපොරොත්තු වන්නේ නෑ, දමිළ සිනමා රසිකයින් ලෙස හා තලගේ රසිකයින් ලෙස ඔබ බලාපොරොත්තු වූ පරිදි ඔබගේ බලාපොරොත්තු සඵල කරමින් චිත්‍රපටය නිර්මාණය වී ඇති බව සඳහන් කරමින් තවත් සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි

HC-ESub සහ Tamil Proper HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

70 thoughts on “Valimai (2022) Sinhala Subtitles | ශක්තිය! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • saho…WEBRIP ekat update karankooo..

    Reply
  • Yts eke copy ekta denn puluwnd brother.

    Reply
  • Proper HDRip පිටපතට අප්ඩේට් එකක් දෙන්නකෝ.

    Reply
  • Tnx..HDrip update නැද්ද sub ??

    Reply
  • HD update eka denne kawadda machan??

    Reply
  • rrr danne kawadda bn iknmata ona

    Reply
    • Hd ekata update karahanko mchan

      Reply
    • Sry bn waradila ubta reply wela

      Reply
  • original copyata update krnnakow

    Reply
  • niyamai.උපසිරසට ස්තූතියි.

    Reply
  • අද original hd කොපිය රිලීස් වුනා..update එකක් දෙන්න පුලුවන්ද මචං

    Reply
  • godak thankz. puluwannan kandukondain kandukondain movie eke sub ekath dennako.

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි❤️

    Reply
  • තැන්ක්ස් broo… super

    Reply
  • බොහෝමත්ම ස්තුතියි

    Reply
  • Original copy thama ndda hc nathuwa

    Reply
  • Great movie ..great subtitles ..keep going

    Reply
  • පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ් පිං

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • තලාගේ සුපිරියක් තමයි ඉතින්
    සබට තෑන්ක්ස් ලොක්කා

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • පට්ට පදිරි ෆිලුම

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • බොහෝමත්ම ස්තුතියි සහෝ

    Reply
  • Thanks brother

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • Thanks brother

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • තැන්කු වේවා

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • එල එල බ්‍රෝ

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • දෙමල සිනමා වසන්තයක් මේ සතිඅන්තේ ආයුබෝවන්ඩ
    ඉතුරුවත් ඉක්මන්ට ඕන හාද ❤

    Reply
  • ස්තුතියි !

    Reply
  • Thanks for the sub

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • kohomade film 1 ganne baiscopedownloads web site 1 wadakaranne na

    Reply
  • onna kolla karaliyata bessa.. thanks sahoo

    Reply
  • Thanks for sub
    Khiladi (2022)
    Maaran (2022) sub plz

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Walking dead සබ් දෙන්න please

    Reply
  • Film එකත් ,තරිදු රුක්ශාන් සහෝ ගේ උපසිරැසි එකත් පට්ට clear ❤️‍❤️‍

    Reply
    • Kohomada film එක හොයා ගන්නෙ

      Reply
    • Tamilmv eken puluwn

      Reply
  • අඩේහ් වැඩ්ඩෙක්නෙ බන්

    Reply
  • කාලෙකින් හමුවුන සුපිරි චිත්‍රපටියක්. තරිදු රුක්ෂාන්ගෙ උපරැසි ගැන්වීමත් හොදම මට්ටෙම් තියෙනවා.

    Reply
  • Baiscope dwnload site eke online enne kawadda ?

    Reply
  • සුපිරියි! ගූගල් ට්‍රාන්ස්ලේට් එකටත් කලින්ම.

    Reply
  • Thanks sub ekata kaatath kalin deela jayawewa…………..

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *