හරියටම සතියකට පස්සේ හා හා පුරා කියලා House Of The Dragon අලුත්ම කොටසයි උණු උණුවේ මේ අරගෙන එන්නේ. දැනටමත් කට්ටිය මේ කොටස බලන්න ගොඩක් හදිස්සියෙනේ ඇත්තේ. ඉතිං තවත් වැඩි වෙලා ගන්නැතුව අද ලිපියට ඉක්මණින්ම යමු එහෙනම්. නෙරංජි සහෝදරියගේ ලිපිය හැමෝම HOTD සීසන් 01 තුන්වන එපිය බලන්න දැන් සූදානමින් ඇති කියලා අ…

හරියටම සතියකට පස්සේ හා හා පුරා කියලා House Of The Dragon අලුත්ම කොටසයි උණු උණුවේ මේ අරගෙන එන්නේ. දැනටමත් කට්ටිය මේ කොටස බලන්න ගොඩක් හදිස්සියෙනේ ඇත්තේ. ඉතිං තවත් වැඩි වෙලා ගන්නැතුව අද ලිපියට ඉක්මණින්ම යමු එහෙනම්.
නෙරංජි සහෝදරියගේ ලිපිය
හැමෝම HOTD සීසන් 01 තුන්වන එපිය බලන්න දැන් සූදානමින් ඇති කියලා අපි දන්නවා. පසුගිය episode එක වෙස්ටරොස් විශ්වයේ අපි බලාපොරොත්තු නොවන මට්ටමේ කතාංගයක් කිව්වොත් නිවැරදී. මඟුලක් වත් මරණයක් වත් නැතිව අවුල් වගේ නේ..
ඒත් බයවෙන්න එපා. ඉස්සරහට එක හැල්මේ සිදු වෙන්න නියමිත, විවාහ සහ මරණ ගොඩකට පාර කැපුව සහ කපන එපියක් විදිහට මේ දෙවැනි එපිය පත් වූ බව හඳුන්වන්න පුළුවන්. පළවෙනි එපියේ දේවල් සිදුවුන කාල පරාසයෙන් හය මාසෙකට වගේ පස්සේ තමා දෙවෙනි එපියේ කාල සීමාව ආරම්භ වෙන්නේ. මේ කාලය වෙනකොට ඩේමන් ටාගේරියන් (විසේරිස් රජුගෙ බාල සහෝදරයා) ඩ්‍රැගන්ස්ටෝන් වල බලය අල්ලගෙන ඉවරයි. ඒ වගේම තරුණ ඇලිසන් හයිටවර් නිතරම රජතුමාගේ කුටියේ බඩු බිඳින්න සහ බඩු හදන්න පටන් අරන් කියලත් පෙනෙන්න තියෙනවා.
මේ අතරේ අපට රෙනේයිරා ඩේමන් මාමා දුන්නු මාලෙ දාගෙන ස්මෝල් කවුන්සිල් එකේ වයින් බෙදනවා පෙනෙනවා. ඈට ලොකු හඬක් තවම නෑ. රජුගෙ උරුමක්කාරයා ලෙස නම් දරා සිටියත්. ඇලිසන්ට් තමන්ටම තුවාල කරගන්නේ, බලය ගැන තියන පීඩනයට කියලා අපට පෙනෙන්න තියෙනවා.ඇය ඇයටම වේදනා දීම සම්බන්ධයෙන් ඇගේ පියා ඔට්ටෝ අනතුරු පවා අඟවනවා. ඔය අතරේ ඩේමන් ඔට්ටෝව සත පහකට මායිම් නොකළාට, රෙනෙයිරාට මකර බිත්තරේ දීලා එවන්න අමතක කරන්නෙත් නැහැ. ඔහොම තමා ඉතින්.. මාමලා ආදරේ වෙද්දි..
කොහොම කළත්, ඔට්ටෝ ගෙ සෙල්ලම් නම් නවතින්නෙ නැතුව ඉස්සරහටම යනවා කියලා, අපට දෙවෙනි එපියේ පෙනෙන්න තිබුණා. ඒත් රෙනෙයිරා තව උරුමකාරයෝ එනවට කැමති වෙයිද? දැනටනම් එයා ඒ දේවල් ඉතාම හොඳින් භාරගන්නෙ නැහැ කියලා අපිට පෙනෙන්න තියෙනවා. ඒ නිසා තමයි , එයා රජුගේ විවාහය ගැන නිවේදනය කලහම කවුන්සිලයෙන් පිටව යන්නේ. යාළුවට අම්මා කියන්න ලැජ්ජා හිතිලද දන්නෙත් නෑ හැබැයි… මෙතනදි රෙනී සහ රෙනෙයිරා කතාවත් මතක් කරන්නම ඕනෙ.. මම රැජිණ වුණාම අලුත් order එකක් හදනවා කියලා ඇය කියනවා. නියතවම ඈට රැජිණ වෙන්න ලොකු ආසාවක් තියෙනවා.
ඒ වගේම ඩේමන් සහ කෝර්ලිස් අතර සිදුවන කපටි සාකච්ඡාව ගැනත් අපිට අමතක අපට අමතක කරන්න බැහැ. ඒ සියල්ල දිගු අනාගතයකට පාර කපනවා. එහෙම නම් මේ දේවල් හැම එකක්ම මතකයේ තියාගෙන තුන්වෙනි එපිය බලන්න කියලා ඔයාට ආරාධනා කරනවා. රෙනෙයිරාගේ උරුමයට බලපෑම් වෙයිද? ඇලිසන්ට් තව දුරටත් රෙනෙයිරාගෙ හොඳම යාළුවාද? පිටත ලෝකය වෙස්ටරෝසයට කරන බලපෑම කොහොමද ? කවුරු මැරෙයිද ? කවුරු ඉපදෙයි ද ? කවුරු ජීවත් වෙයිද? අපි බලමු…
අද නම් අපිට නරඹන්න ලැබෙන්නේ සුපිරිම කොටසක්. කට්ටිය නරඹන්න මග බලාගෙන උන්නු සුපිරිම බැට්ල් එකක් අද එපිසෝඩ් එකේ අඩංගු වෙනවා. මේ වෙද්දි චන්ද 9,000 කින් 9.3 ක ඉතාම ඉහළ අගයක් මේ කොටස ලැබිල තියෙනවා. එහෙනම් ආයෙත් ලබන සතියෙන් House Of The Dragon හතර වෙනි කොටසින් මුනගැහෙමු.
S01E03: “The Second Of His Name”
Director: Greg Yaitanes
Writer: Ryan J. Condal, Gabe Fonseca
Runtime: 63 minutes
Released Date: September 5, 2022
IMDB Rating: 9.3
Age Rating: TV-MA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
33,047 downloadsDownload House.of_.the_.Dragon.S01E03.zip98 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #MaxxA
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
64 comments
Anonymous
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kavindu Nimsara
Thank you very much brother❤️
Akalanka
දවසම ඉවසිල්ලක් නැතුව බලන් උන්නෙ එපිය දානකල්
Thanks baiscope❤️❤️❤️Navee
මෙච්චර ඉක්මනට sub එක දාන එක නියමයි.keep it up
Akalanka
දවසම ඉවසිල්ලක් නැතුව බලන් උන්නෙ එපිය දානකල්
Thanks baiscope❤️❤️❤️Janaka Hettiarachchi
Sub ekata bohoma sthuthi....
Quality video cooy ekak download karaganna site ekak kiyannako yaluwo.......සචින්ත බෙනට්
baiscopedownload සයිට් එකේ බලන්න මචං
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
කවිදු රසින්ත
අනේ මචං She Hulk එකටත් සබ් දෙන්නකො, ලොකු දෙයක්
Fate
Ai bn meca download karaganna bari? Maramagulakne wena site ekakata watenne
nisa
sub akta thnkz kollo...
Anonymous
Thank you bro sub ekata.. pattama quality sub eknm.. digtm genna Jaya wewa
lannister
**********/house-of-the-dragon-s01-e02-sinhala-subtitles/ ai bn me web site eken giyama sub eka download karanna bari? Ubalage web site 2k thiyeda☹️
Harvey O'brien
අපි baiscopelk.com විතරයි. වෙන සයිට් වලට ගියාට අපිට වගකියන්න බැහැ.
lannister
Oya site ekath thiyenne baiscope kiyalama thamai,me site eka wagemai poddac oya site eka gana hoyala blpko
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ ❤
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Pradeep MADHUSANKA
Thanks bro
Harvey Obrien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Sandeep Madushan
Supiri ️
Isuru Kahawewithana
බොහොම ස්තුතියි ඔබේ මහන්සියට, ජයෙන් ජයම වේවා!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
DMT SANJEEWA
Thanks machan sub akkata
Sahan Gayantha
thanks a lot saho sub ekata
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Anonymous
නියමයි මල්ලී
Imesh Perera
බොහෝම ස්තුතියි ඉක්මනටම එපිය දෙනවට.. ජයෙන් ජය සහෝදරයා
dunnatSunna
Adarei adarei ikmntm dunnat
Anonymous
thank youuuuuu ,,, digatama oneeeeeeeeee
Spider
Ado patta sub ekata thanks
Kushan
Sub akta thanks
Dinesh
download link ekak nadda
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Anonymous
thank you bro ikmanin sub 1 denna try karana ekata
Anonymous
Metharam ikmanin sub denawata godaak thankz.
sachintha chandimal
thankz brother
Anonymous
Thanks
Himesh madushanka
බොහොම ස්තූතියි සහෝ
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks jayawewa.....!
Dewadithya
Thanks for Sub!
Madushan gdk
Thanks for sub
Anuja Lakshitha
thanks kollo sub ekt
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Anonymous
thanks machan ube time aka aran haduwata.
Anonymous
Thanks
JonDoe297
සබ් එකට තැන්ක්ස්...
පුලුවන්නම් see එකේ අලුත් සීසන් එකටත් සබ් අරන් එන්නShednas96
සිංහල උපසිරස එකට ගොඩක් ස්තූතියි සහෝ
පුළුවන් නම් ELVIS 2022 movie එකට සිංහල උපසිරස දෙන්නකොAnonymous
Thank you ummmaaaaa.
damhiru
thank u saho
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Roshan
Tnx bro...Great job...
lakshan
thanks ..........................
Adeesha
4 t oniiiiiiii
Pavith Wijesooriya
සබට සහ ලිපියට තුති වේවා...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![House of the Dragon [S01 : E03] Sinhala Subtitles | ස්ටෙප්ස්ටෝන් සටන [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/House-of-the-Dragon-1.0.jpg)



supiri mcn elam