Watch Trailer

House of the Dragon [S01 : E04] Sinhala Subtitles | පටු මුහුදේ රජු! [සිංහල උපසිරසි] 18+

සුපිරිම තුන්වෙනි කොටස නැරඹුවාට පස්සේ ඔයාලා ගොඩක් ආසාවෙන්නේ ඇත්තේ එතනින් පස්සේ මොනවද වුනේ කියල දැනගන්න. කොහොම වුනත් HBO ලා ඔයාලට සතියක් නොඉවසිල්ලෙන් ඉන්න පත් කරලයි මේ කතාමාලාව විකාශය කරන්නේ. තුන්වෙනි කොටස තනිකරම ආවේගශිලී එකක් වුණා. මේ කොටසෙදි ක්‍රැබ්ෆීඩර් සහ ඩේමන්/ කෝලිස් අතර යුද්ධය ප්‍රධාන තැනක් ගත…

සුපිරිම තුන්වෙනි කොටස නැරඹුවාට පස්සේ ඔයාලා ගොඩක් ආසාවෙන්නේ ඇත්තේ එතනින් පස්සේ මොනවද වුනේ කියල දැනගන්න. කොහොම වුනත් HBO ලා ඔයාලට සතියක් නොඉවසිල්ලෙන් ඉන්න පත් කරලයි මේ කතාමාලාව විකාශය කරන්නේ. තුන්වෙනි කොටස තනිකරම ආවේගශිලී එකක් වුණා. මේ කොටසෙදි ක්‍රැබ්ෆීඩර් සහ ඩේමන්/ කෝලිස් අතර යුද්ධය ප්‍රධාන තැනක් ගත්තා.

ඉතිං කවුද මේ ක්‍රැබ්ෆීඩර් කියන්නේ?
Free Cities වල වෙළඳාම වෙනුවෙන් නිතරම වගේ යුද්ධ පැවතිලා තියෙනවා. මේවගෙන් HotD කාල වකවානුවේ වුනු ප්‍රධාන සටන තමා බෝඩර්ලෑන්ඩ් සටනින් පටන් ගත්තු ස්ටෙප්ස්ටෝන් සටන. නගර නවයකින් සමන්විත වුනු ෆ්‍රි සිටීස් අතරින් බලවත්ම එක වුණේ වොලන්ටිස්. ඉතිං මේ නගරය අනිත් නගරවලට වඩා පැරණි වුනු නිසත්, නගරයේ ධනවත් බව නිසත් වොලන්ටිස් යටත් කරගැනීම ලේසි පහසු දෙයක් වුණේ නෑ. ඒත් පස්සෙ කාලෙක වොලන්ටිස් යටත් කරගන්න අවශ්‍යය නිසාම වෙනත් නිදහස් නගර තුනක් එකතු වෙලා, තමන්ගෙ පරණ තරහා පැත්තකින් තියලා මිත්‍රත්වයක් හදාගන්නවා. ඒ නගර තුන තමා

• Lys
• Myr
• Tyrosh

ඉතිං නගර තුනක බලයට එරෙහිව නැගී සිටින්න බැරි වීමෙන් වොලන්ටිස් ඔවුන්ගෙ අණසකට පත් වෙනවා. ඊට පස්සේ උඩ කිව්ව නගර තුන් එක් වෙලා පටන් ගත්තු අලුත්ම සංවිධානය තමා Kingdom of Three Daughters/ Kingdom of Three Whores හෙවත් Triarchy නමින් හැඳින්වෙන්නේ. ට්‍රයාකිවල ඉහළ නිලධාරීන් තමන්ගේ යුධ කටයුතුවලට අද්මිරාල් කෙනෙක් පත් කරනවා. ඔවුන් ඒ තනතුරට තෝරාගන්නේ මයර්වල කුමාරයෙක් වුණු Craghas Drahar වයි. ඔහුගේ සැබෑ නම ක්‍රගස් වුනත් මිනිහා ප්‍රසිද්ධ Crabfeeder කිව්වමයි. තමන්ගෙ සතුරන්ව වෙරළේ ඇන ගහලා, ඔවුන්ට බරපතල තුවාල කරලා කකුළුවන්ට කන්න දාපු නිසයි ක්‍රගස්ව “ක්‍රැබ්ෆීඩර්” විදිහට ප්‍රසිද්ධ වුණේ.

ම්ලේච්ඡ සහ කෑදර චරිතයක් වුණු ක්‍රගස් වොලන්ටිස්වලින් සීමා නොවී තවත් ප්‍රදේශ ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. මුහුදු කොල්ලකාරයින් පිරුණු ස්ටෙප්ස්ටෝන් ආක්‍රමණය කරපු මොහොතෙයි ඔහුගේ මරණය ක්‍රගස්ව සොයන් එන්න පටන් ගත්තේ. වෙස්ටරෝස් නාවුක කටයුතුවලට ස්ටෙප්ස්ටෝන් අතිශය වැදගත් එකක් වීමත්, තමන්ගේ නැව් එන්න එන්නම විනාශ මුඛයට ගිය නිසත් ක්‍රගස් දෙසට කෝලිස් වැලාරියන්ගෙ අවදානය ලැබෙනවා. කෝලිස් විසින් විසේරිස් රජුට ස්ටෙප්ස්ටෝන් ක්‍රගස්ගෙන් බේරගන්න කියලා බල කළත්, ෆ්‍රී සිටීස් සමග කවදාවත් වෙස්ටරෝස් යුද්ධයක පැටලී නැති නිසා විසේරිස් කෝලිස්ගේ ඉල්ලිම් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමා කලින් කොටස්වල දැක්ක විදිහට ඩේමන් සහ කැරැක්සිස් සමග ගිහින් ස්ටෙප්ස්ටෝන් සටන කෝලිස් පටන් ගන්නේ. ඉතිං ඕක තමා සාරාංශයක් විදිහට කිව්වොත් ට්‍රයාකි සහ ක්‍රැබ්ෆීඩර්ගෙ කතාව. නෙරන්ජි සහෝදරියගේ ලිපිය අදත් ඔන්න තියෙනව.

නෙරංජි සහෝදරියගේ ලිපිය

හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ වෙද්දි HOTD S01 E04 බලන්න දැන් ඔයා සූදානම් ඇති. ඊට කලින් අපි HOTD S01 E03 කතාවෙ මොකෝ වුණේ කියලා බලමු.  

කතාවේ මුලින්ම අපි දකිනවා, Crabfeeder ව. ග්‍රේ ස්කේල් රෝගයේ වේදනාව නිසාම මොළේ සවුත්තු වෙලා තියෙන්නෙ කියලා පේනවා. ඔහු බොහොම දරුණු විදිහට ප්‍රතිවාදීන්ට සලකනවා පෙනෙන්නේ ඒකයි. ශිෂ්ටාචාරයෙන් තොර වෛරයෙන් පැසවන, ඔහු සහ ඔහු නිසා ඇති වන යුද්ධ පිටත තියෙන ප්‍රධානම දේශපාලන ගැටලුවලින් එකක් විදිහට වෙස්ටරොස් වලට බලපාමින් තියනවා. අපිට පෙනෙනවා, අහිමි වෙමින් යන යුද්ධයක නටබුන් සෑහෙන ප්‍රමාණයක් පලවෙනි දර්ශනය ඇතුළෙම.

මේ යුද්ධය ආසන්න වශයෙන් වසර තුනක් පැවතිලා තියෙනවා. අන්ධකාර යුද භූමියට, ගින්දර සමග මකරෙකු පැමිණෙනවා. ඒ ඩේමන් ටාගේරියන්. එතනදී, මකරාගේ පැමිණීම පිළිබඳව ක්‍රැබ් ෆීඩර් ගෙන් වද විඳපු සිරකරුවා දක්වන්නෙ පුදුමාකාර සතුටක්. ඔහු හිතන්නේ, කුමාරයා ඔවුන්ගේ ගැලවීම වෙනුවෙන් එනවා කියලා. ඒත් ඩේමන් ගෙ මකරා අතින් ඔහු චප්ප චිරිස් වෙනවා. පෞ. ඔය අස්සෙ කාමරේ බඩු පෙරලපු ඇලිසන්ට්ව විසේරිස් බැඳලා. පුතෙක් ලැබිලා. අවුරුදු දෙකක් ඔහුට. තව පුතෙක් ඇලිසන්ට් බඩේ ඉන්නවා. දැන් ටික ටික රෙනෙයිරා ට තරගය ඉවර නෑ කියලා පෙනෙමින් තියනවා. වංශවතු බහුතරය රෙනෙයිරා ට ඉහළින් විසේරිස් ගෙ දෙවනි විවාහෙ ලොකු පුතා තියලා ඉවරයි. ඔවුන් ගෙ උත්සව එක්ක ඔවුන්ට යුද්ධය පවා මඟහැරිලා.. ඒත් විසේරිස්ට නම් මේ ගැන සහනදායී හැඟීමක් නෑ.

රෙනෙයිරා විසේරිස් සමඟ රණ්ඩු කරනවා. ඈව ලැනිස්ටර් වරුන්ට විකුණන්න යනවා කියලා. ඈ තරහ වෙලා, කැලෑවට යද්දි, ඈට නයිට්වරයෙක් වන ක්‍රිස්ටියන් එක් වනවා. ඔවුන් ට වල් ඌරෙක් සමඟ සටන් කරන්න වෙනවා. ඌට ලොකු මරණීය ප්‍රහාරයක් රෙනෙයිරා අතින් එල්ල වෙනවා. අන්තිමේදී ඌව කරත්තෙ බැඳන් පසුවදා උත්සවයට එද්දි..හැමෝගෙම ඇස් තිබ්බෙ ඈ දිහා.

හිත ටිකක් හරි සනසගන්න.. එගොන් වෙනුවෙන් සුදු ගෝනෙක් විසේරිස්ට හම්බුණේ නැතිවට රෙනෙයිරාට නම් සුදු ගෝනෙක් හමුවෙනවා. ඈ ඌ විනාශ කරන්නෙ නෑ. ඇය තමා ගැන සතුටකුත් තෘප්තියකුත් ලබනවා. ඩේමන් අයියාගෙ උදව් ගන්න තිබ්බ ප්‍රබල අකමැත්ත නිසා මරණීය මෙහෙයුමට යනවා. අපි ඒ අතරෙ, අලුත් මකරෙක් දකිනවා. වැලාරියොන් ගෙ. ඌත් නරක නැහැ. පදින කොල්ලට විවාහ යෝජනාවකුත් එයි ළඟදි. මොකද ඒ ගැන ස්ට්‍රෝන්ග් මහ රජුට උපදෙසකුත් දුන්නානෙ. මරණීය මෙහෙයුම ඩේමන් ජය ගන්නවා. 

එහෙනම් අද කොටස බලමු.. මොන වගේ ප්‍රශ්න වලට වෙස්ටරෝස් චරිත මුහුණ දෙයිද කියලා..

S01 E04 : “King of the Narrow Sea“

Director : Clare Kilner
Writer : Ryan J. Condal, George R.R. Martin, Ira Parker.
Runtime : 1h 3m
Released Date : September 12, 2022
IMDB Rating : 9.1
Age Rating : TV-MA

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

27,751 downloadsDownload House.of_.the_.Dragon.S01E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

27,751 downloadsDownload Subtitles26 KB

37 comments

  1. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ ❤

  2. samitha

    ado thank you ban,maga balagena hitiye

  3. Anonymous

    supiri mcn

  4. Sandeep Madushan

    Thnx sub ekata.. balan hitiye dankm

  5. Anuja Lakshitha

    thanks kollo sub ekt

  6. tharidu16

    enakam hitiye

  7. Hansa

    Lot of Thanks for the subtitle and highly appreciated brother.

    1. Akalanka

      Thanks broo❤️❤️

  8. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  9. upul

    ella

    1. Vinuka

      Tnx bro sub එක ඉක්මනට දුන්නට..අනික් epi ටිකත් ආපු ගමන් ඉක්මනට දෙමු..sub එක නියමයි❤️

  10. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  11. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  12. dushen

    house of the dragons new episode ekak released karapu gaman puluwan ikmanatama sub eka dennoooo

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  14. malith madhushan

    බොහොම ස්තුතියි මලේ උපසිරසට

  15. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  16. Dewadithya

    Thanks for Sub!

  17. supun

    tz sub ekata.

  18. Anonymous

    Thanks jayawewa....!

  19. Akalanka

    Thanks broo❤️❤️

  20. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න ❤

  21. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  22. Chathuranga Premjayanth

    Thank you Bro!

  23. lakshan

    thanks .........................

  24. Anonymous

    ස්තූතියි

  25. Roshan

    Tnx bro.Great job.Good luck...

  26. Pavith Wijesooriya

    සිංහල උපසිරසියට තුති වේවා සහෝදරයා...

  27. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  28. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  29. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතීයි...❤

  30. Bruce

    Thans sub ekat,.a Jayawewa

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  33. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  34. damith niwanthaka

    Thanks bro. Jaya wewa....!!!!

  35. damith niwanthaka

    Thanks bro. Jaya wewa...!!!