කොහොමද ඉතිං හැමෝටම? අද නම් සබ් එක අරගෙන එන්න දවස් දෙකක් පරක්කු වුණා. එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව දිහාවට හැරෙමු. තෝරාගෙන තියෙන නළු නිළියන්ගේ අවුල නිසා සමහරුන්ට සෙට් නැහැ කියන මතය එක්කත් මිලියන 25ක විව්ස් ලබාගන්න සමත් වුණ ROP සිරිස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙනයි ඔන්න මම ආවේ. පීටර් ජැක්සන් අධ්‍ය…

කොහොමද ඉතිං හැමෝටම? අද නම් සබ් එක අරගෙන එන්න දවස් දෙකක් පරක්කු වුණා. එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව දිහාවට හැරෙමු.
තෝරාගෙන තියෙන නළු නිළියන්ගේ අවුල නිසා සමහරුන්ට සෙට් නැහැ කියන මතය එක්කත් මිලියන 25ක විව්ස් ලබාගන්න සමත් වුණ ROP සිරිස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙනයි ඔන්න මම ආවේ. පීටර් ජැක්සන් අධ්‍යක්ෂණය කරපු හොබිට් සහ LOTR සිනමාකෘති සය සඳහා කාස්ට් කරලා තිබ්බ විධිය අනුව හැම චරිතයක්ම සුදු පැහැති සමක් තිබුණු අය. හැබැයි මෙතැනදී කළු සහ දුඹුරු පැහැති සම සහිත නළු නිළියන් චරිත සඳහා යොදා ගැනීමත්. දෙතුන් දෙනෙක් හැරෙන්නට බහුතරයක් දෙනාගේ රංගන විලාසය වෙත “සෙට් වෙන්නේ නැහැ බන්” යන අදහස, දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ලැබිලා තිබුනා. ඒ නිසාම 6/10ට වඩා අඩු අගයක් සහිත, නෙගටිව් රිවිව් ඇමසොන් විසින් ඉවත් කරලා තිබ්බා.
හැබැයි මට පෞද්ගලිකව ඇත්තටම මේක අවුලක් වුනේ නැහැ. කතාව සහ විෂුවල් කියන දෙකම මට වාව් ෆැක්ට් එකක්. ඇත්තටම. මම නම් ඕන කෙනෙක්ට මේක රෙකමන්ඩ් කරනවා. ඒ වගේම LOTR සහ හොබිට් කියන සිනමා පට 6ම අමතක කරලයි මම මේක බලන්නේ. ඇත්තටම මේ කතාවට ඒ ෆිල්ම් දෙක වෙනුවෙන් කරන්න දෙයක් නැහැනේ. ගලද්‍රියල් වෙනුවෙන් කළු සමක් සහිත කෙනෙක්ව අරගෙන තිබ්බ නම් ඔන්න කිසිම අවුලක් නැතුව ගේම කෝල් කරනවා. මොකද ඒක පැහැදිලිවම අවුල් සහ ගැලපෙන්නේ නැහැ. මේ යෝධ ප්‍රොජෙක්ට් එක, මිඩ්ල් අර්ත් අයිතිය තියෙන ටොල්කීන්ගේ සියලුම අයිතීන් දරණ ටොල්කීන් ස්ටේට්’හි ඉතාම තදබල නිරීක්ෂණයට ලක්වෙන සහ ඒ විශ්වය සම්බන්ධ දැනුම සහිත අයගේ උපදස් මත නිර්මාණය වන්නක්. ඉතිං රැල්ලට අවුල් නොකියා පොඩ්ඩක් කතාව ගොඩ නැගෙනකම් බලන් ඉන්න එක තමයි හොඳම මම හිතන්නෙ. ගේම් ඔෆ් ත්‍රෝන් උනත් අපේ අය බලන්න ගත්තෙ සීසන් 3ක් විතර ගියාට පස්සෙ බව මට මතකනේ ඉතිං. මොකද, රොයිලි අත ගහල නග්ගල ගන්නකම් ඒකට හරියට සබ් එකක් කරන්නවත් කෙනෙක්ව හොයාගන්න බැරුව හිටියෙ අපිට උනත්. ඒ නිසා රැල්ලට චොර කියල නොකියා තමන් විසින්ම මේක බලල සෙට්ද? නැද්ද? කියන තීරණයට එළඹුනා නම් හරි කියලයි මම යෝජනා කරන්නේ. එහෙනම් කතාවට යොමුවෙමු
පසුගිය කොටස් තුළින්,
පලවෙනි කොටසින්ම සිරිස් එකේ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම පාහේ පෙන්නුවා. මුලිකවම ගලාද්‍රියල් සහ සෞරෝන් වටා තමයි කතාව දිවගියේ පලවෙනි කොටසින්. ඒ වගේම මට නම් ආස හිතුනේ නෝරි සහ පොපී කියන හාර්-ෆූට් හොබිට්වරියන් දෙන්නට. ඒ දෙන්නගේ චරිත දෙක නම් නියමයි. බ්‍රොන්වින් සහ අරොන්දිර් දෙන්නගේ ආදර කතාව ගෙතුණ විධියත් ඔවුන්ට වෙන් වෙන්නට සිද්දවෙන විධියත් අපිට දකින්න ලැබුනා මුල් කොටසින්ම. ඒ වගේම මුල්ම එපියෙ අන්තිමටම අහසින් පොලවට කඩන් වැටෙන අමුත්තා වටේට කුතුහලයෙන් යුතුව ගොඩ නැගෙන කතාව ගැන බලාපොරොත්තුවක් දෙවැනි එපියෙ අපිට දකින්න ලැබුනා. මොකද දෙවැනි එපියේ වැඩි කාලයක් එයාට වෙන් කරලා තිබ්බ. මුල් කොටසේදී හයි-කිං විසින් එල්රොන්ඩ් වෙත ශ්‍රේෂ්ඨ එල්ව්ස් කම්මල්කරුවෙකු වෙන වංශවතෙකුව මුනගස්වාලා දුනා. ඒ දෙන්නා යනවා තමන්ගේ විශාල ව්‍යාපෘතියට අවශ්‍යය කරන ශ්‍රමය හොයාගන්න. අපිට හුරු පුරුදු කෙනෙක්ව දකින්න පුළුවන් වුණා ඒ කොටසෙදි, ඒ තමයි ඩුරින් කුමාරයා, එයාලගේ විධි ක්‍රම ගැන, හොබිට් එකේදී විනාශ වෙලා තිබ්බ එයාලගේ රාජධානියේ සශ්‍රිකත්වය දකින්න ඇතිනේ ඒකෙන්. ඒ වගේම අහසින් කඩන් වැටුණු අමුත්තා එයාගේ කතාව කියන්න උත්සහ කරනවා.
බ්‍රොන්වින් සහ අරොන්දිර්ගේ ඉරණම ගැන කොහොමත් අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතභාවය එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. කොහොම නමුත් ඔන්න ඔර්ක් කෙනෙක්ව බෙල්ල කපලම පෙන්නුවා. හරියටම කියන්න බැහැ. ඒත් බ්‍රොන්වින්ගේ පුතා වෙන තියෝ සහ එයා ළඟ තියෙන සෞරෝන්ගේ සලකුණ සහිත අසිපත් කැබැල්ල එක්ක තියෝ රුධිරයෙන් සම්බන්ධ වුණා මතකයිනේ? ඒ Gurthang අසිපත කියලත් කියනවා මම දැක්ක සමහරු. සමහරු කියනවා ඒ මෝර්ගුල් අසිපතක කොටසක්, ඒක අයිති Angmarට කියල. ඇත්තටම කවුරුත් දන්නේ නැහැ හරියටම තවම. කොහොම උනත් මේ කතා මාලාවෙන් අපි දකින නස්ගුල් වෙන්න ඉඩ තියෙනව. ඒ වගේම අමුත්තා ගැනත් තියෙන ජනප්‍රිය මතයක් තමයි එයා ආවට පස්සෙ සහ එයාගේ මිමිනීම් එක්ක සිද්ද වෙන්නෙම නරක දේවල් නිසාත්, ගින්දර එයාට වගේම අවට යටත් හානියක් නොකරන නිසාත්, කණාමැදිරියන්ව මරපු නිසාත්, මේ ඉන්නෙ සෞරෝන් කියල. හැබැයි ඔකේ අනිත් පැත්ත වෙන්නත් ඉඩ තියෙනව. හොබිට්වරු එක්ක ලඟින්ම ආශ්‍රය කරපු කෙනාද දන්නෙත් නැහැ හොඳේ. 😀
කොහොම උනත් ඕවා හරියටම දැනගන්න අපිට කතාව දිගටම බලන්න වෙනවා. එහෙනම් සිව්වැනි කොටසින් මුණගැහෙමු අපි.
“Adar” Season 01 Episode 03 අධ්‍යක්ෂණය : Wayne Yip තිර රචකයින් : John D. Payne & Patrick McKay කතාංගය විකාශය වූ දිනය : September 09, 2022. IMDB අගය: කතා මාලාව නැරඹීමට අනුමත වයස් කාණ්ඩය (USA) : TV-14
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
16,982 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Rings_.of_.Power_.S01E03.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2022
- #Benjamin Walker
- #Charles Edwards
- #Charlie Vickers
- #Cynthia Addai-Robinson
- #Daniel Weyman
- #Editor's Pick
- #Ema Horvath
- #Ismael Cruz Cordova
- #Lenny Henry
- #Lloyd Owen
- #Markella Kavenagh
- #Maxim Baldry
- #MaxxA
- #Morfydd Clark
- #Nazanin Boniadi
- #Offbeat
- #Owain Arthur
- #Peter Mullan
- #Robert Aramayo
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sophia Nomvete
- #subtitle
- #Trystan Gravelle
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
44 comments
Kasun Widusha
malith madhushan
බොහොම ස්තුතියි විමා අයියේ උපසිරසට msg දදා කරදර කලාට සමාවෙන්න ඕනේ හොඳේ. Amazon ලා මේ සිරිස් එක ගැන Announce කරපු දවසේ ඉඳන් පට්ට ආසාවකින් හිටියේ මේක බලාගන්න, එකට ඉතින් ඔයාගෙම සබ්ම තමයි සෙට් වෙන්නේ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kushan
Sub akta thanks
Thoros
Oya kiyanne me stranger gandalf kiylda.
විමා
වෙන්න පුලුවන්.
Thoros
Habay ithin meke main female characters wadi appa.hbi kalu minissu hitiyata meka wadi awlakuth na wge.
විමා
පීටර් ජැක්සන්ගෙ ඉමජිනේශන් එකට හුරු වුණ අයටයි ඇත්තටම අමාරු සහ ටොල්කීන් විසින් මිඩ්ල් අර්ත් එක නිර්මානය කලේ බ්‍රිතාන්‍ය පාදක කරගනිමින් කියන මතය දරණ අය තමයි වැඩියෙන්ම ඕකට කෑගහන්නෙ ඇත්තටම. එක පාරම නුහුරක් තිබ්බට දැන් නම් මටත් ඒක ශේප්.
Harsha
Thank u verry much subata...
Chathura Prabhash
මට හිතෙන්නෙත් ඒ ගැන්ඩල්ෆ් කියලා. අඩුමගානෙ වෙන මායාකාරයෙක්..
විමා
ඔව්. ෆෑන් තියරියක් මං ඒ කිව්වෙ. මේකෙදි තවම අපි සෞරොන්ගේ ස්වරූපය අඳුරගෙන නැති නිසා තමයි තියෙන අවුල තාම.
Anuja Lakshitha
thanks ayye sub ekt
Kaveesha
Man in the high castle s3 eke sub oneeee
Dewadithya
Thanks for Sub!
Er Mûrazôr
ම්චං පොඩි Suggestion එකක් තියෙනව. Elves කියන එකට එල්ව්ස්වරු වෙනුවට එල්වයන් කියල දාන්න. මොක්ද ඉක්මනට ඉක්මනට යන තැන් වලදි එල්ව්ස්වරු කියන එක කියවනකොට පොඩ්ඩක් පැටලෙනව වගේ ගතියක් තියෙනව.
විමා
එලම, ගැලපෙන තැන් අනුව කෙටිම කරන්නම් මචං.
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
lakmal
thanks bro
Anonymous
thanks
Gayan Sanjeewa Jayaweera
thanks
dsp
thank u bro sub ekt
Senura lakshan
Man telegram එකෙන් 750 කොලිටි එකෙන් අරන් මෙකෙ සබ් එක දාලා බලනො... ඒත් වැටෙන්නෙ දෙමල අකුරු වගෙ මොනාද මන්දා අකුරු වගයක් වැටෙනො... සමහර ෆිල්ම් වල හරියටම සබ් එක හරි.. සමහර එවැ දෙමලද ජපන්ද මන්දා අකුරු වගයක් වැටෙනො... මෙක ලැප් එකෙ අවුලක්ද නැත්නම් බාපු ෆිල්ම් එකෙ අව්ලක්ද කියලා කියන්න පුලුවන් ද?
Senura lakshan
750නෙමෙ 720.. පුලුවන් නම් විසදුමක් දෙන්න අයියෙ...
විමා
මොකක්ද ප්ප්ලෙයර් එක?
KM එක නම් අප්ඩේට් කරන්න.
මීඩීයා ප්ලේයර් ක්ලැසික් එක තමා සබ් වලට හොදම මට අනුව නම්. අවුලක් වෙන්න විධියක් නම් නෑ මචං සබ් එක.
Senura lakshan
Hari ban man balannam.. thank you..♥️
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න ❤
sajith hashan
download denne nene
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thank you
MAALNATH
Thanks.......good luck............
Pavith Wijesooriya
සබට තුති වේවා අශාන් අයියේ. දැන් නම් මට කතාවේ කුතුහලයක් තියෙනවා. මේ stranger ගැන්ඩල්ෆ් කියලමයි හිතෙන්නේ. මේ කොටසේදී සමහර චරිත දැක්කාම තමා හරියටම තේරුනේ TLOR මූවීස් තුනේ අපි දැක්ක ප්‍රධාන කතාව වෙන්න අඩුම තරමේ හිතලවත් නෑ කියලා. මේක මුල ඉඳලම යනවා. මේක යන පැත්ත ගැන ඇත්තටම මට දැන් ලාවට වගේ අදහසක් තියෙනවා.
Udara Damith
matanam awulak nee
Udara Damith
හිතන්නේ නැති වෙනම කෙනෙක් වෙනද ඕඕනි
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි...❤
prabhasoft
Thank you...!!!
Ramesh
Sub 1tai lipi walatai okkotama thanks bro
Udara Damith
maru
Lahiru Lakshan
thanks....
Bruce
Thanks sub ekat, Jayawewa
Bruce
Thans sub ekata,. Jayawewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Tnx bokkaa