MENU

AllFeatured ArticlesMaxxA (TV)PHOENIXSinhala SubtitleTVඑළ (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහින්දි (TV)

Criminal Justice: Adhura Sach [S03 : E01] Sinhala Subtitles | අන්ධකාර රාත්‍රියක්.. [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 8 votes.
Please wait...

දෙවැනි කතාසමය විකාශය වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්න ආසන්න වෙලා තියෙද්දී මෙන්න හිටිහැටියේම තුන්වෙනි කතාසමයේ පූර්ව ප්‍රචාරක පටය එළියට එනවා. ඒක පුදුමයට කාරණාවක් වුණේ තුන්වෙනි කතසමයක් හැදෙනවයි කියලවත් හෝඩුවාවක් නොදැන උන්නු නිසා. කොහොමින් කොහොම හරි මෙන්න ඔයාලාගේ ප්‍රියතම කතාමාලාවක් වෙන Criminal Justice කතාමාලාවේ අලුත්ම පිටුව මෙහෙම දිගහැරෙනවා. ඉතින් හැමදාම වගේ අදත් කියන්න ඕන එක කතසමයක් බැලුවේ නෑ කියලා අනිත් කතාසමය නොබලා ඉන්න බැරි විදිහේ කතාමාලාවක් නෙමේ මේ Criminal Justice කියන්නේ. ප්‍රධාන චරිත කිහිපයක් පොදුවේ කතාමාලාව පුරාවටම ඉන්නවා ඇරෙන්න වෙන කිසිම සම්බන්ධයක් කතාසමයන් අතර නැහැ. ඒ කියන්නේ Criminal Justice තාමත් බලලා නැති ඔයාට පුළුවන් ඕන නම් මේ තුන්වෙනි කතාසමයෙන් වුණත් පටන් ගන්න. හැබැයි එහෙමයි කියලා කලින් දෙක නම් නොබලා ඉන්න හිතන්නවත් එපා ඔන්න.

ඉතින් තවත් විශේෂ දෙයක් තියෙනවා. කලින් කතාසමයන් දෙකම හැදුනේ Criminal Justice කියන නමින්ම නිර්මාණය වෙච්ච බ්‍රිතාන්‍ය කතාමාලාව පාදක කරගෙන. කොටින්ම කිව්වොත් රීමේක් දෙකක්. හැබැයි හරිම නීට් ඇන්ඩ් ක්ලීන් රීමේක්. හැබැයි මේ තුන්වෙනි කතාසමය නම් ඔරිජිනල් එකක් කියලයි ආරංචිය. මං හරි නම්, බ්‍රිතාන්‍ය කතාමාලාව කතාසමයන් දෙකකින් නැවැත්තුවා. ඉතින් අපි මේ බලන Criminal Justice : Adhura Sach බොහෝ දුරට ඔරිජිනල් වැඩක්. ඉතින් සුපුරුදු විදිහටම විකාශය කෙරෙන්නේ Disney Hotstar හරහා. හැබැයි මේ සැරේ මුළු කතාසමයම ගෙඩි පිටින් දීලා නැහැ. එයාලා කියන විදිහට සතියට කොටස් දෙක දෙක තමා දෙන්න හිතන් ඉන්නේ. ඉතින් හැම සති අන්තයේම වගේ අපිට සිංහල උපසිරැසිය දීගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කොටස් දෙකක් බලලා සතිය ගානේ බලන් ඉන්න බැරි අය ඔක්කොම ටික ආවම බලාගන්න. මං හිතන්නේ මේකේ කොටස් 9ක් වගේ තියෙනවා.

ඉතින් කතාමාලාවේ හොඳ නරක සමස්තයක් විදිහට කියන්න අමාරුයි. තාම බැලුවේ කොටස් දෙකක් විතරක් නිසා. හැබැයි දැනට නම් සුපුරුදු කුතුහලය, ත්‍රාසය එහෙමම තියෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.3ක අගයක් අරන් තියෙනවා මේ වෙද්දි නම්. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ වගේම Criminal Justice : Adhura Sach කතාමාලාවේ බර කරට අරන් තියෙන්නේ මේ සැරෙත් Pankaj Tripathi. ඒ ඇරෙන්න අලුතින් Swetha Basu Prasad, Swastika Mukherjee, Purab Kohli වගේ කට්ටිය එකතු වෙනවා.අධ්‍යක්ෂණය Rohan Sippy විසින්. දෙවැනි කතාසමය අධ්‍යක්ෂණය කළෙත් මෙයාම තමා. ඒ නිසා මේ කතාසමය ගැනත් බලාපොරොත්තුවක් තියාගත්තහැකි.

එහෙනම් මේ වෙලාව ඔයාගේ. බාගෙන බලන්න ගන්න. නීතිඥ මාධව් මිශ්‍රාගේ තුන්වෙනි අඩව්ව මොන වගේ වෙයිද කියලා. කතාව ගැන මුකුත් කියන්න නම් මේ ලිපිය යොදාගන්නේ නැහැ. මුකුත්ම දැනගෙන බලන එකෙන් වැඩක් නෑනේ. අවසාන වශයෙන් මේකේ පළමු කතාසමයට සිංහල උපසිරැසි ගෙනාපු පුබුදු සහෝදරයාවත් දෙවැනි කතාසමයට උපසිරැසිය ගෙනාපු සිසිත, සුභාෂිණී ඇතුළු සහෝදර සහෝදරියෝ සෙට් එකත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි සමුගන්නවා. දෙවැනි කොටස අරගෙන සිසිත ඒවි. ගිහින් එන්නම්. ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2965 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

27 thoughts on “Criminal Justice: Adhura Sach [S03 : E01] Sinhala Subtitles | අන්ධකාර රාත්‍රියක්.. [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ටෑන්ක්ස්

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • බොහොම ස්තූතියි …. !

    Reply
  • Nadun Piyumantha

    ඉක්මනටම සබ් එක දුන්නට ස්තූතියි

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Hi MC koheda meka donwload kranna thyenne, site ekek kiyannko ???

    Reply
  • Kalin 1 blnne natuwa meka blnna puluwan kylada kynne ethakota

    Reply
    • 1 සහ 2 ඕනෑම නෑ. මේක බලන්න පුළුවන්.

      Reply
  • thx kolloooo .. tava kauru hari Jurassic World: Camp Cretaceous season 5 ekta sub denako

    Reply
  • Lahiru Bandara

    මචන් මේකෙ අවුරුද්ද විදියට දාල තියෙන්නේ 2020 කියල ඒක හදහන් බන් පස්සේ කාලෙක බලන කෙනෙක්ට හොයානකොට ප්‍රශ්නයක් වෙයි.

    Reply
    • ෆීනිස්

      2020 සිට කියලා මචන් තියෙන්නේ. පලවෙනි සීසන් එක ආවේ 20දි

      Reply
  • Buddhika laKMal

    එළකිරි මචං…
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • download karanna link ekak danna ko

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Reply
  • Anonymous

    එලකිරි වැඩක්
    ජය

    Reply
  • ඉක්මනටම ගෙනල්ල නේ.. ස්තුතියි සහෝ.

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply

Leave a Reply to Kushan Cancel reply

Your email address will not be published. Required fields are marked *