අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

ජුජුට්සු කයිසන් [S02 : E01] Sinhala Subtitles | අඳුරු අතීතයක ආරම්භය [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 32 votes.
Please wait...

2023 වසරේ Most Hype ම ඇනිමෙ සීරීස් කිහිපය අතර සහ 2023 වසරේ Summer Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වගේම අවසාන වශයෙන් ඇනිමෙ කොමියුනිටි එක ඇතුළෙ Shounen Dark Trio හි Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන “Jujutsu Kaisen” හි Season 2  සිංහල උපසිරැසි මාලාවේ ආරම්භක උපසිරැසිය එක්ක ශ්‍රී ලාංකික ඇනිමෙ රසිකයො හැමෝවම කොන්නිචිවා කියල පිළිගන්නවා. අඳුරු තේමාවකට බර වුනු, Action, Adventure ගණයේ ඇනිමෙ එකක් කිව්වම අපේ ඇනිමෙ රසිකයො හුඟක් අය මඟ අරින්නෙම නෑ කියන එක අද වෙනකොට නිකන් fact එකක් වගේ දෙයක් වෙලා ඉවරයි. ඒ නිසාම මේ Jujutsu Kaisen කියන නම ඇහුව පමණින් දැක්ක පමණින් ඒ මොකක් වුනත් ඒක මඟ නොහැර යන්න අද වෙනකොට ඇනිමෙ රසිකයො පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒකෙන් කියවෙන්නෙ Attack on Titan, Demon Slayer වගේ ඇනිමෙ වල ෆෑන් ලෙවල් එකටම, සමහරවිට ඊටත් වඩා ඉහළ මට්ටමකට මේකත් යනවා කියන එකයි. ඒක මේ වෙද්දි Manga කියවන බොහෝ දෙනා දන්නා කාරණාවක්.🔥කලින් කිව්වත් වගේ අපේ රටේ උන්මාදයක් බවට පත් වුනු ඇනිමෙ අතලොස්සෙන් එකක් තමයි මේ Jujutsu Kaisen කියල කියන්නේ. කලින් කියපු Shounen Dark Trio එක වෙන Chainsaw Man, Hell’s Paradise සහ Jujutsu Kaisen, ඒ Trio එකේ නමින් හඳුන්වන්නේ එහි අඳුරු බව නිසාමයි.❤️

අපි මේ වෙද්දි නිකුත් වෙලා තියෙන Jujutsu Kaisen Season 1 (2020) සහ Jujutsu Kaisen 0 Movie (2022) කියන දෙකටම සිංහල උපසිරැසි නිකුත් කරලයි තියෙන්නෙ. තාමත් නොබලපු කෙනෙක් නම් ඉක්මනින්ම ඒ ටික නරඹලා මේ Season 2 එකට සූදානම් වෙන්න. Action, Fantasy, School, Shounen යන Genre වලට අයත් වෙමින් R 17+ (Violance & Profanity) යටතේ Rate වෙන මේ සීරීස් එක සහ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ Gege Akutami ගේ Manga මාලාව ආශ්‍රයෙනුයි. මේ Manga එක ජපානයේ Top Selling Manga අතර ඉහළින්ම තියෙන Manga එකක් බවත් කියන්නම ඕනි.🔥 ඒ වගේම Jujutsu Kaisen හි ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු සිද්ධ කළේ ඇනිමෙ ලෝකයේ ඇනිමේෂන් අතින් කිරුළු දරන Mappa Studio එක විසිනුයි. මේ අලුත්ම Season 2 හිත් ඒ පැත්ත ගැන බලන්නෙ මෙයාලම තමයි. ඉතින් ඇනිමේෂන් ගැන කිසිම සැකයක් තියාගන්න දෙයක් නෑ.🔥 ඉතින් ඔන්න ඔය ටික තමයි Jujutsu Kaisen වලට පොදු කාරණා ටික වෙන්නෙ. මම හිතුවා මේ අලුත්ම Season 2 එකට යන්න කලින්, Season 1 සහ Movie එකේ පසුබිම ගැන බොහොම කෙටියෙන් ක්ෂණික නූඩ්ල්ස් එකක් වගේ කියාගෙන යන්න. ඒකෙන් ඔයාට පරණ සිදුවීම් නැවත මතක් කරගන්නත් පුලුවන් වේවි.

Jujutsu Kaisen Season 1


Jujutsu Kaisen Manga – Volume 1


Jujutsu Kaisen Season 1 Poster

2020 වර්ෂයෙදි ප්‍රදර්ශනය වීම ආරම්භ වුනු, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන, Jujutsu Kaisen Season 1 IMDB හි 8.6 ක ඉහළ අගයක් හා MyAnimeList හි 8.68 ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම Manga එකේ Chapter 01-63 අතර කතාව මේ Season 1 ට ඇතුළත් වෙනවා. ඒ අතරෙම මේ Manga එක මේ වෙනකොටත් අවසන් වෙලා නෑ. ඒ වගේම 2021 සහ 2022 වසරවල Awards රැසක් ලබාගන්නත් මේ Jujutsu Kaisen සමත් වෙලා තියෙනවා.

දැන් අපි කතාව ටිකක් මතක් කර ගනිමු. කතාවෙ ප්‍රධාන චරිතය වෙන “ඉතදොරි යූජි” කියන්නෙ තමන්ගෙ පවුල සීයා කෙනෙක් විතරක් ඉන්න තනිකඩ මධ්‍යම පාසල් ශිෂ්‍යයෙක්. වැඩිකල් යන්න කලින් වෙන සීයගෙ වියෝවත් එක්ක යූජි තනිවෙනවා. දවසක් නොසිතූ නොවිරූ සිදුවීමකින් තමන්ගෙ යාළුවන්ව කරදරයකින් බේරගන්න යන යූජිට මනුස්සයෙක්ගෙ ඇඟිල්ලක් ගිලෙනවා. හැබැයි මේ ඇඟිල්ල අතීතයේ හිටපු “රියොමෙන් සුකුනා” නමින් හඳුන්වන බලවත් ශාප හසුරුවන මන්තර කාරයෙක්ගෙ කියල දැනගන්නවා. ඒ වගේම ඒ නිසා රියොමෙන් සුකුනාගේ අවධි වීම නිසා සහ සම්පූර්ණ හස්ත ඇඟිලි 20 කින් යුතු මේ සුකුනාගේ ඇඟිලිවලට, ශාපලත් ආත්ම ඇදගැනීමේ හැකියාවක් තියෙන නිසා යූජි නිතැතින්ම ශාපලත් මනුෂ්‍යයෙක් වගේම සුකුනාගේ ධාරකයා බවටත් පත් වෙනවා. මේ නිසා තත්වය නිසා යූජි “ගෝජෝ සතෝරු” කියල හඳුන්වන දක්ෂ තරුණ මන්තරකාරයෙක් යටතේ මන්තර පාසලකට ඇතුළත් වෙලා මන්තර ඉගෙන ගනිමින්, සුකුනාගෙන් ගැලවීමේ මාර්ගයක් විදිහට පාවිච්චි කරන්න ඉතුරු ඇඟිලි සොයා යාමේ ගමන අරඹනවා.

ඒ ගමනෙදි යූජිට නොයෙක් ආකාරයේ යහළු මිත්‍රාදීන් වගේම නොයෙක් අකරතැබ්බ වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇඳුනුම්කමින් යාළුකමත්,යාළුකමට එහා ගිය සහෝදරත්වයත් මොන වගේද? මිත්‍රත්වය වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද? මිනිස්සුන්ගෙ නිෂේධාත්මක හැඟීම් නිසාවෙන් නපුර සමාජයම ගිල ගන්නා යුගයක, ඒ හැඟීම්වල ප්‍රතිඵලයන් පලවා හරින්නේ කොහොමද, කියන කාරනා මේ Season 1 තුළින් දිග හැරෙනවා. කෙටියෙන්ම ඔන්න ඕක තමයි Season 1 වලදි වෙන්නෙ. දැන් අපි යමු Jujutsu Kaisen Season 1 ට පසුව නිකුත් වුනු Jujutsu Kaisen 0 චිත්‍රපටයට.

Jujutsu Kaisen 0 Movie


Jujutsu Kaisen 0 Manga Cover


Jujutsu Kaisen 0 Movie Poster

2021 දෙසැම්බර් මාසයේදී ජපානයේ තිරගතවීම ආරම්භ වුනු Jujutsu Kaisen 0 චිත්‍රපටය IMDB දර්ශකයේ 7.9 ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 8.51 ක ඉහළ අගයක් ලබා ගෙන තියෙනවා. Jujutsu Kaisen 0 Manga එක ඇසුරෙන් නිමවුනු, පැය 1 මිනිත්තු 45 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය දෙස් විදෙස් box office ආදායම් තබන්නට සමත් වුනු චිත්‍රපටයක් වෙනවා.🔥 මේ Jujutsu Kaisen 0 කියල කියන්නෙ මේ කතා මාලාවේ Prequel චිත්‍රපටය. ඒ කියන්නෙ Season 1 එකට කලින් වුනු සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ කතා වස්තුව විදිහට අරන් එන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ ඉතදොරි යූජි කියල කෙනෙක් නෑ වගේම කතාවෙ ප්‍රධාන චරිතයත් ඉතදොරි යූජි නෙමෙයි. ඉතින් මේ චිත්‍රපටය නරඹන්න කලින් Season 1 නරඹා තිබීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්නෙ නෑ. අවශ්‍ය කෙනෙක්ට මේ චිත්‍රපටය නැරඹීමෙන් පස්සෙ Season 1 නැරඹීමේ හැකියාව තියෙනවා.

දැන් අපි මේ චිත්‍රපටයේ කතාවත් කෙටියෙන් මතක් කර ගනිමු. කතාවෙ ප්‍රධාන චරිතය තමයි “ඔක්කොට්සු යූතා”. ඔක්කොට්සු යූතා කියන පිරිමි ළමයයි “ඔරිමොතෝ රිකා” කියන ගැහැණු ළමයයි පොඩි කාලෙ ඉඳලම හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ යාළුකම යාළුකමකින් එහාට ගෙනියන්න මේ දෙන්නට පුලුවන් වෙනවා. ඉතින් මේ අතරෙදි රිකා නොසිතූ විදිහට මැරෙනවා. හැබැයි රිකා මැරෙනවට යූතා කොහොමවත්ම කැමති වුනේ නෑ. ඒ නිසා රිකා ආපහු යූතාගෙ ළඟට එනවා. හැබැයි ඒ යූතා දන්න රිකා විදිහට නම් නෙමෙයි. මේ නිසා යූතාගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කොටින්ම වෙන කෙනෙක්ට යූතාට ළං වෙන්නවත් බැරි තත්වයක් උදා වෙනවා. මේ තත්වයට උදව් කරන්න මැදිහත් වෙන්නෙ දක්ෂ තරුණ මන්තරකාරයෙක් වෙන, අපි කලිනුත් අඳුර ගත්තු “ගෝජෝ සතෝරු”. ඒ අතරෙ මේ යූතාට වෙච්චි දෙයින් වාසි ගන්න බලාගෙන “ගෙතෝ සුගුරු” කියල තවත් මන්තරකාරයෙක් ඉන්නවා.

මේ ගෙතෝ සුගුරු තමන්ගෙ වාසිය හරවගන්න උත්සහ කරන විදිහ, ගෝජෝ සතෝරු යූතාට තමන්ගෙ කරදරයෙන් ගැලවෙන්න උදව් කරන විදිහ, අලුත් ජීවිතයකට හුරු වෙමින් අලුත් යහළු මිත්‍රයොත් එක්ක ඔක්කොට්සු යූතා තනියම මේ ඔක්කොගෙන්ම ගැලවෙන්න උත්සහ කරන විදිහ මේ මුළු චිත්‍රපටය පුරාවටම හරිම ලස්සනට ආකර්ෂණීයව දැකගන්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍රපටය හොඳ action pack එකක් බවත් කියන්නම ඕනි.🔥 ආදරය මොන වගේද? ආදරය ශාපයක්ද? ආදරය කියන ශාපය අභිභවා යන්න වෙන කිසිම බලවත් ශාපයකට බැහැයි කියන කාරණාව පෙන්වන කතාවක් තමයි මේ චිත්‍රපටය. ඔන්න ඔය විදිහට තමයි ඒ Jujutsu Kaisen 0 චිත්‍රපටයේ කතාව ගලායන්නෙ. හරි, දැන් අවසාන වශයෙන් අපි මේ අලුත්ම Jujutsu Kaisen Season 2 පැත්තට හැරෙමු.

Jujutsu Kaisen Season 2


Jujutsu Kaisen Season 2 Key Visual

මුලින්ම කියන්න ඕනි ප්‍රධාන දේ තමයි මේ Season 2 එක Manga එකේ ප්‍රධාන Arc දෙකක් මුල් කරගෙන නිර්මාණය වෙනවා කියන කාරණාව. ඒ Arc දෙක තමයි මුළු කොටස් 5 කින් නිකුත් වෙන “Hidden Inventory/ Premature Death Arc” එක සහ මුළු කොටස් 18 කින් සමන්විත “Shibuya Incident Arc” එක. ඒ අනුව Season 2 අදාළව සම්පූර්ණ කොටස ගණන 23 ක් වෙනවා.🔥Hidden Inventory/ Premature Death Arc හි කතාවට Manga එකේ Chapters 65-79 අතර සිද්ධීනුත්, Shibuya Incident Arc හි කතාවට Chapters 79-136 අතර සිද්ධීනුත් ඇතුළත් වෙනවා. ඒ වගේම කතාවේ තේමා ගීත වලින් Opening Theme එක වෙන “Ao no Sumika” ගීතය Tatsuya Kitani ගායනා කරනවා. Ending Theme එක වෙන “Akari” ගීතය Soushi Sakiyama ගායනා කරනවා. මේ ගීත දෙකම කතාවේ vibe එකම ලබා දෙන බවට කිසිම සැකයක් නෑ.❤️


“Ao no Sumika” ගයන Tatsuya Kitani සහ “Akari” ගයන Soushi Sakiyama

ඉතින් අපිට Season 2 හි මුලින්ම බලන්න ලැබෙන්නෙ “Hidden Inventory/ Premature Death Arc” එක. ඒ කියන්නෙ Jujutsu Kaisen ෆෑන්ස්ලා හැමෝම දන්න ගෝජෝ සතෝරුගේ අතීත කතාව තමයි මේකෙන් ආරම්භ වෙන්නෙ. ඒ කතාවෙ මේ වෙනකොට අපි දන්න හුඟක් අය ඉන්නවා වගේම අපි මෙතෙක් දැකල නැති අයත් ඉන්නවා. වැඩි යමක් කියන්නෙ නෑ. ඉතින් අපි බලමු මේ පළවෙනි කොටසෙදි කවුද ඉන්නෙ, මොනවද වෙන්නෙ කියලා.

ඔන්න එහෙනම් Most Hyped JUJUTSU KAISEN SEASON 2 වල ආරම්භයයි මේ සනිටුහන් කරන්නේ. ඒ වගේම මේ උපසිරැසිය අරන් එන්නේ PSA Encode එකට. PSA Encode එක එන්නෙ නැති වෙයි කියල හිතුවත් කොටස release වෙලා දවස් දෙකකට පස්සෙ ඒකත් ආවා. මතකයිනේ මම කලින් පෙරලුවෙ ක්ෂණික නූඩ්ල්ස් එකක්. ඔය කිව්වට වඩා හුඟක් විශේෂ සිදුවීම් ඒ ඒ කොටස් වල සහ චිත්‍රපටයේ සිද්ධ වෙනවා. ඉතින් ඔයා තාමත් Season 1 සහ Movie එක නොබලපු කෙනෙක් නම්, ඒ දෙකම මේ Season 2 ට කලින් නැරඹීම අනිවාර්යයි.

අනිත් කාරණාව තමයි Ongoing Hype Series එකක නම් අලුත් කොටස නිකුත් වුනාට පස්සෙ හුඟක් ඉක්මනින් සිංහල උපසිරැසිය මම අරන් ආවා කියන එක ඔයාලා දන්න දෙයක්. ඒත් පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුලත්වයත් එක්ක දැන් එහෙම කරන්න පුලුවන් තත්වයක මම නෑ.😪 ඉතින් සමහරවිට උපසිරැසි දවස් 3-6 ත් අතර කාලයක් වුනත් ප්‍රමාද වෙන්න පුලුවන්. ඒ වගේම මේ Jujutsu Kaisen කියන්නෙ ලේසියෙන් කරන්න පුලුවන් උපසිරැසියකුත් නෙමෙයි. ඒ පුංචි කාරණා ටිකත් මතක තියාගෙන එහෙනම් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Jujutsu Kaisen Season 2 Episode 2 එකෙන් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Series Arc : Hidden Inventory/Premature Death
Episode Name : Hidden Inventory
Air Date : 2023.07.06
Runtime : 24 min.
IMDB Rating : 8.1

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

6 thoughts on “ජුජුට්සු කයිසන් [S02 : E01] Sinhala Subtitles | අඳුරු අතීතයක ආරම්භය [සිංහල උපසිරසි]

  • Thanks Brother For Subtitles…❤

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • thanks ..bleach tybw eketh part 2 sub plz

      Reply
  • ඔය තියෙන්නෙ වෙඩිවගේ දීලා…
    උපසිරසියට ගොඩක් ස්තූතියි හස්සා අයියේ!

    Reply
  • Meka enakan thama unne…… Thanks!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *