Dharavi Bank [S01: E10] Sinhala Subtitles | දඩ බල්ලන් කුසගින්නේ..!! [සිංහල උපසිරැසි]
පහුගිය වසරේ MX Player විසින් එළිදක්වපු ජනප්‍රිය Dharavi Bank කතාමාලාව එක්කයි අපි දැන් පුරා දින 10ක් තිස්සේ එකතු වෙලා හිටියේ. සුනිල් ෂෙට්ටි සමඟ විවේක් ඔබරෝයි ප්‍රධාන චරිත මවන මේ කතාමාලාව Crime|Thriller|Action ගණයට වැටෙන කතාවක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.7ක හොඳ අගයකුත් ලබාගන්න Dharavi Bank සමත්වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකම් කොටස් 09ක් බලාගෙන ඇවිල්ලා අද අපි ඇවිත් ඉන්නේ අවසන් කොටසට. වැඩිය පරක්කු නොකර කලින් කොටස ටිකක් මතක් කරගෙනම අවසන් කොටස පැත්තට හැරෙමු.
ධාරාවිය මගුල් ගේක සිරිගත්තා. තලෛවන් ආයෙත් ඇවිල්ලා. ධාරාවියේ හැමෝටම තමන්ගේ දෙවියන් තමන් ළඟට වැඩියා හා සමාන වුණා තලෛවන්ගේ මේ සංක්‍රමණය. කවුරු සතුටු වුණත් ජයන්ත් ගවස්කාර් ඇතුළු පිරිසට මේක ලොකු තර්ජනයක් වුණා. දාජීගේ බිරිඳව ඝාතනය කරාට පස්සේ ජයන්ත් හිටියේ ඊරා ගැනත් බයෙන්. තලෛවන් අනිවාර්යෙන් පස්සෙන් පන්න පන්න තමන්ගෙන් පලිගන්න බව ජයන්ත් දැනගෙන හිටියා. ඒ නිසාමයි එයා ඊරාට එයත් එක්ක ආරක්ෂිත තැනක නවතින්න එන්න කිව්වේ. මුලින්ම අකමැත්තක් පෙන්නුවත් පස්සේ ඊරා මේ යෝජනාවට කැමති වෙනවා. ඔය කතාබහ අතරේ ජයන්ත් ඊරා මෙච්චරකල් හංගන් හිටිය රහසකුත් දැනගන්නවා.
ජයන්ත් හිතුවා වගේම තලෛවන් සැලසුම් කරගෙන හිටියේ ජයන්ත් ගෑවිච්ච තැනේ ඉඳන්ම පළිගන්නයි. මේ වැඩේට එයා ශිවා එක්ක කතාබස් කර කර ඉන්න අතරේ පුදුම හිතෙන යෝජනාවක් කළා. ඒ තමයි මහ ඇමතිනී ජාන්වී එක්ක හමුවක් ලෑස්ති කරන්න කියලා. මාත්රේගෙන් තමන්ට තවත් වැඩක් වෙන්නේ නැති බව තලෛවන් තීරණය කරලයි තිබුණේ. ඉතින් මෙච්චර කල් හතුරු වෙලා හිටි ජාන්වීට තලෛවන් මිතුරුකමේ දෑත දිගු කරාම ජාන්වී ඒක කොහොම පිළිගනීවිද, ජයන්ත් ඇතුළු හැමෝටමයි, මෙච්චරකල් කරගෙන යන මෙහෙයුමටයි මොකක් වෙයිද? ප්‍රශ්න ගොඩයි.
මතකයිනේ කලින් කොටසෙදි මයිකල්ගේ අනුග්‍රහය ඇතිව අවිනාෂ් සකීනාව උස්සන් ආවා එයාගෙම තැනකට. දැන් සකීනා ඉන්නේ හිරවෙලා. කිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ හිටිය සකීනාට අලුත් බලාපොරොත්තුවක් ඇතිවුනේ එයාව හම්බෙන්න ආපු හාදයෙක් නිසයි. ඒ කොටස බලපු අය දන්නවා සකීනා එතනින් පැනලා යන්න ගහපු ගැට ටික. කොහොමහරි එතනින් පැනගෙන මහේෂ්ටත් කෝල් එකක් දීලා උදව් ඉල්ලුවට සකීනාට වැඩි දුරක් යන්න වුණේ නෑ. ආපහු අවිනාෂ්ගේ ග්‍රහණයට අහුවෙනවා. මහේෂ් හනික ජයන්ත්ගෙන් උදව් ඉල්ලනවා සකීනාව හොයාගන්න. ඒත් සකීනා අවිනාෂ්ගේ ගොදුරක් බවට පත්වෙන එක නම් නවත්තන්න බැරි වෙනවා. මහේෂ්ගේ ඊළඟ අරමුණ වුණේ අවිනාෂ්ව ඉවරයක් කරලා දාන එකයි. මේ හැමදේම පැත්තක ඉඳන් දීපා බලන් හිටියත්, මහේෂ්ව නවත්තන්න එයා මුකුත්ම කළේ නැහැ.
ඔය අතරේ වීරාගේ අසම්මත සම්බන්ධය ගැන ජෝ සාක්ෂිත් ඇතුව හොයාගන්නවා මතකයිනේ.සහෝදරයෝ දෙන්නව කොටවන්න ජෝට මේක හොඳ අවසථාවක් වෙනවා. ඒ නිසාමයි මිනිහා ශිවාට වීරාගේ ප්‍රේමාලිංගනේ ෆොටෝ වගයක් යැව්වේ. මේක දැක්කම ශිවා වියරු වැටෙනවා. ඔය අතර තලෛවන් ඊරාව ගොදුරු කරගන්න කෙනෙක්ව බැංකුවට යවනවා මතක ඇති. ඊරාට එලොව පෙනෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ජයන්ත් දාපු භටයෙක් විසින් ඊරාගේ මාරයාව එලොවට යවනවා.
එහෙනම් මේ අවසන් 10වෙනි කොටසත් රස විඳින්න. මේ කොටසෙදි වැදගත් දේවල් මහ ගොඩක් වෙනවා. අපි නිකම්වත් නොහිතන දේවල් ගොඩක්. මං මුකුත්ම කියන්න යන්නේ නැහැ. අවසන් කොටස බලලම ඒ දේවල් දැනගන්න. එහෙනම් දින කිහිපයක් තිස්සේ කරගෙන ආපු මේ වැඩේ අහවරක් කරලා සමුගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මෙච්චර දවසක් අපිත් එක්ක එකතු වෙලා අදහස් බෙදාහදාගෙන හිටිය හැමෝටම ගොඩක්ම ස්තූතියි. එසේම මේ කතා මාලාවට උපසිරැසිකරණයෙන් දායක වූ සිසිත අයියටත්, මේ කතා මාලාවල ලිපි සපයා දිපු මයුර අයියටත්, නන් අයුරින් සහයෝගය දීපු නවීන් මල්ලිටත් ස්තූතිය පල කරනවා.
Dharavi Bank දෙවැනි කතා සමයක් ඒවිද කියන එක තවමත් ප්‍රශ්නාර්ථයක් වුණත් එහෙම දෙවන කතාසමයක් ආවොත් අනිවාර්යෙන්ම ඒකටත් උපසිරැසි අරන් එන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6036 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub
Sub akta thanks
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Well done. Keep it up..
Thanx bro
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
බොහොම ස්තුතියි සබ් දුන්න ඔක්කොටම
කාලෙකින් බලපු නියම සීරීස් එකක්
Thanks brother