Watch Trailer

12 Angry Men (1957) Sinhala Subtitles | දොලහකගේ මතය [සිංහල උපසිරැසි සමඟ]

1954 දී Reginald Rose ගේ පිටපතකින් කළ එළි බැස්ස Twelve Angry Men කියන රූපවාහිනී නාට්‍යය ඇසුරින් නිර්මාණය කල අපූරු ගණයේ සිනමා සිත්තමක් තමයි 12 Angry Men කියන්නේ. මෙය චිත්‍රපටියක් ලෙස එළිදකින්න කලින් 1955 දී වේදිකා නාට්‍යයක් බවටත් පත්වෙනවා. එය 328 වාරයක් වේදිකාගත වෙලා තියනවා. භාෂා විශාල ගණනකට පරිවර්ථ…

1954 දී Reginald Rose ගේ පිටපතකින් කළ එළි බැස්ස Twelve Angry Men කියන රූපවාහිනී නාට්‍යය ඇසුරින් නිර්මාණය කල අපූරු ගණයේ සිනමා සිත්තමක් තමයි 12 Angry Men කියන්නේ. මෙය චිත්‍රපටියක් ලෙස එළිදකින්න කලින් 1955 දී වේදිකා නාට්‍යයක් බවටත් පත්වෙනවා. එය 328 වාරයක් වේදිකාගත වෙලා තියනවා. භාෂා විශාල ගණනකට පරිවර්ථනය සහ අනුවර්ථනය වී ඇති මෙය මේවන විට ලාංකීය වේදිකාවටත් ගොඩවී තිබෙනවා අනුවර්ථනයක් විදියට “දොලහක්” යන නමින්. තවමත් මටනම් එය නරඹන්න උනේ නෑ. ඒත් ලොකු ආසාවක් තියනවා එයත් නැරඹීමට.

මේවන විට මෙම චිත්‍රපටය ලක්ෂ දෙකකට ආසාන්න ප්‍රේක්ශක සංඛ්‍යාවකගේ ඇගයීම මත IMDb හි 8.9ක අගයක් අරන් තියනවා. ඒ වගේම එහි හොඳම 250 අතරින් 6 වන තැන මේ වනවිට රැඳී තිබෙනවා. හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා..

තමන්ගේ තාත්තා පිහියකින් ඇන මැරුවේ යැයි සැක කරන පුතෙකුට විරුද්ධව අසමින් පවතින නඩුවක ඉන්නා ජූරී සභිකයින් 12 දෙනෙක් වටා තමා කතාව ගලා යන්නේ. නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව විනිසිරු විසින් ජූරියට බාරදෙනවා සාකච්ඡා කරලා ඒ අයගේ තීරණය දැනුම් දෙන්න කියල. හැබැයි ඒ තීරණය ඒකමතික තීරණයක් විය යුතු බවත් කියා සිටිනවා. ඉතින් කවුරුත් කාමරයක තියන මේසයක් වටා රැස්වෙලා මේ මිනී මැරුම සහ ඒ හා සම්බන්ධ සාක්ෂි පිළිබඳව කතාබහ ආරම්භ කරනවා. මුලින්ම කරන්නේ වැරදිකරුද නිවැරදිකරුද කියලා කට්ටියගේ ඡන්දය විමසන එක. එහිදී 12 දෙනාගෙන් 11 දෙනෙක්ම පුතා වැරදිකරු බව කියා සිටිනවා. නමුත් එක් ජූරි සභිකයෙක් පමණක් නිවැරදිකරු බව කියනව. විනිසුරු වෙත ගෙන යා යුත්තේ ඒකමතික තිරණයක් නිසා මේ සාකඡාව ඉක්මනින් ඉවර කරන්න හිතාගෙන හිටියත් මේ ඇති උන තත්වය උඩ නිවැරදිකරු බව කී ජූරි සභිකයාගෙන් එහෙම තීරණය කරන්නට හේතු වූ කරුණු අනෙක් අය විමසනවා. ඔන්න ඔතන ඉඳන් තමා කතාව පටන් ගන්නේ හරියටම. මෙතනින් එහාට කියන්න යන්නෙත් නෑ මුකුත්ම කතාව ගැන.. ඔබම බැලිය යුතුයි මොකද වෙන්නේ කියල.

මේ චිත්‍රපටයේ තියන තවත් විශේෂ දෙයක් තමයි චිත්‍රපටියේ කාලයෙන් 95% පමණ තියෙන්නේ එකම පසුතලයක. එහෙම කියපුවාම හිතෙන්නෙ නම් මේක මහ බෝරින් එකක්නේ කියලා නේද.. මටත් එහෙම හිතුනා. නමුත් බලාගෙන යනකොට ඔබටම තේරෙන්නේ නෑ චිත්‍රපටය ඉවරයි නේද කියන එක. 😀 අනෙක් කරුණ චිත්‍රපටය පුරාවටම මේ එකදු චරිතයකවත් නමක් සඳහන් වෙන්නේ නෑ. චිත්‍රපටය අවසානයේ දී පමණයි දෙදෙනෙක් තම තමන්ව හඳුනාගන්නේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

15,977 downloadsDownload 12.Angry_.Men_.1957.Sinhala.Sub_-1.zip112 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2010/03/16

Subtitles by

චමීදේවා

Subtitles

15,977 downloadsDownload Subtitles112 KB

80 comments

  1. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    අප්පට සිරි මේකත් දාලා.. බලන්න එපායැ.. සුපිරි චිත්‍රපට පෙලක් බයිස්කොප් වෙතින් පමණයි.!!!!
    “චමීදේවා” සොයුරාට හද පිරි ස්තූතිය!

    චිරං ජයතු බයිස්කොප් සිංහලෙන්!

  2. uda

    ඇත්තෙන්ම මේකත් වෙනස්ම ආරක කතාවක්, මම හිතන් හැටියට මේ වගේ මාතෘකාවකට අදාලව නිර්මාණය වෙලා තියෙන මුල්ම චිත්‍රපටයත් මෙය විය හැකියි. තවත් මෙවැනි තේමාවන් සහිත කතා නිර්මාණය වුණත් මේ තරම් ගුණාත්මක බවක් රඳවා ගන්නට ඒවා සමත් වී නැහැ. කොහොම වුණත් 12ක් විදිහට මේක සිංහල වේදිකාවටත් ගොඩැවැදුණු කාලෙම එහි පැරණි චිත්‍රපටයට සබ් නිකුත් කරන්න හැකි වූ එකත් විශේෂත්වයක්.

    මේ වගේ චිත්‍රපටයකට සබ් එක කරලා දුන්නු අපේ චමිදේවා'ට බොහොම තුති, මොකද මේවා හැම කෙනෙකුටම කරන්න බැහැ. ඉතාමත් භාරදූර වැඩක් ඔහු භාර ගත්තේ. ඒනිසා ඔහුට විශේෂ ස්තුතියක් හිමි විය යුතුයි. ජය!

  3. sanka

    maxxxa

  4. කැලුම් ගුණසේකර

    ලිපිය කියවද්දි නම් මටත් මේක බලන්න පුංචි ආසාවක් වගේ එකක් ආවා. ස්තුතියි සහෝ මේ වගේ උසස් නිර්මාණයක් සිංහල උපසිරැසි එක්ක ලබාදුන්නට.

  5. Isuru dimantha

    මෙකත් බලන්න ඔනෙ මොකක් බාන්න කියලඩ කියල හිතාගන්න බෑ.........ස්තුතියි උපසිරසියට

  6. සිංහලයා

    මැක්සා බොහොම ඉස්තූතියි :)

  7. කේ. යූ. ජී. උදාර

    අනිවා මේකත් බලනව සහෝ.....
    බොහොම ස්තූතියි..

  8. kalinga

    අද කමෙන්ට් කරනවා නැති වෙන්න,,, ඉස්තරම් ජය

  9. උදාර

    ඉස්තුති මචෝ බලන්නම ඕනේ :)

  10. කැළුම්

    පට්ට ෆිල්ම් එකක් වාගේ කමෙන්ට් අඩු දීලා තියෙන ෆිල්ම් ලොට්‌ එක නිසා පස්සේ කට්ටිය දාවිනේ ජය

  11. ganidu

    පට්ට පට මචෝ බොහොම ඉස්තූතියි

  12. සරදියල්

    ඉස්තූතියි සුපිරි වාසල

  13. රොයිලි

    කාලෙකට පස්සෙ වාසලගෙන් උපසිරැසියක්. බොහොම ස්තූතියි කියන ගමන් ම මට දැන් මතක් වෙනවා උඹව මේකට ඇදගෙන ඇවිල්ලා අන්තිමට මේකේ වැඩි බර ඇදගෙන යන්න වෙන තරමට පත් කිරීම දක්වා සිදුවුනු සිදුවීම් ගැන. :) උඹ මට දොස් නොකියනවා ඇති කියලා හිතනවා. :P එක්කෝ මම තව උපසිරැසියක් උඹෙන් ඉල්ලන්නෙ නැතිව ඉන්නම්කෝ :P

  14. අමීර

    බොහොම ස්තූතියි.....

  15. අසංක

    පට්ට අදම බානවා බලන්නම ඕනේ එකක් හොදම දෙයක් නේ කොහොමත්

  16. wSKR

    thank you

  17. විකියා

    අපේ “චමීදේවා” සහෝ දුන්න එකක් නොබලා කොහොමද..
    බොහොම ඉස්තූතියි

    ජයෙන් ජය~!

  18. වා.මු.නිලන්ත පියසිරි

    මෙන්න බොලේ වාසල මලයා කාලෙකින් පස්සේ ඒකකට උප සිරැසි දාලා. ඉතිං කොහොමද දෙවියනේ ප්‍රතිචාරයක් නොදක්වා. ඉස්සර නම් ඔය “චමීදේවා” කියන වචනේ නිතර දෙවේලේ දකිනවා. දැන් ඉතිං ඔය ආඩම්බර කමට හිටියට. අනිත් එක මම ඒත් බැළුවා කවුද මේකට උප සිරැසි බාර ගත්තේ කියලා. මේ අපේ වාසල මලයා හැර වෙන කවුද? ඇත්තටම පරණයි කියන තැන ඉඳලා තමයි මම මේ දිහා බැළුවේ. දැන් මේ වාසල මලයා කියන විස්තරේ අනුව නම් බාලා බලන්න වෙනවා. බලමුකෝ හොඳද කියලා. ඉතිං වාසල මලයෝ ඉඳලා හිටලා හරි තවත් සිංහල උප සිරැසි ටිකක් දෙන්න බලමු. ජයෙන් ජය වේවා!

  19. රාම් රාජ්

    ස්තූතියි සිංහල සබ් වලට.

  20. දනුක

    එල එල බලන්නම ඕනේ මේක :) දිගටම සබ් දෙන්න

  21. හොට්ටා

    ඉස්තූතියි සහෝ.....

  22. Tharindu Chat

    බොහොම ස්තුතියි මචන්!!!!!!!!! නියම වැඩක්..

  23. sanju

    ස්තූතියි

  24. ishara

    බොහොම ස්තූතියි..

  25. dulitha

    බොහොම ස්තුතියී. ඔන්න මමනම් බෑලුව. ඉතාමත් ලස්සන ෆිල්ම් එකක්. නිරුවත්, අඩනිරුවත්, ලින්ගික දර්ශන නෑතිව ලස්සන ෆිල්ම් එකක් හදන්න පුලුවන් කියන හොදම උදාහරනයක්.

  26. Sureh Duminda

    Thanks for uploading such a great movie with sinhala subtitles - wish you good luck

  27. අංජන

    මේක පට්ට කතවක්. සිංහලෙන් stage drama එකක් කරල තියෙනව.

  28. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  29. සාරංග ලියනගම

    කාලෙකට පස්සේ වාසල අයියගෙන් සබ් එකක්. ඒකත් පට්ටම ෆිල්ම් එකකට වගේ. මේකේ වේදිකා නාට්‍ය නම් බැලුවා.. උපරිමයි...
    මේකත් එ වගේ ඇති කියල හිතනවා... ගොඩාක් පිං.

  30. chap

    thanks

  31. parakrama

    කතාවනම් සුපිරි.....ඒ වෙග්ම උපසිරැසි ගන්වා අැති අාකාරයත් සුපිරි...ෙම්ක tv ඒෙක් බලන්න පුලුවන්ද සබ් ඒක්ක

  32. isuru

    එල එල ෆිල්ම් එක සුපර් වගෙ ..බෝරින් වගෙ තියෙන කතා ඇත්තටම එහෙම වෙන්නෑ ..කුතුහලයක් ඇති වුනා බලන්න ..තෑන්ක්ස් මචන් සබ් එකට

  33. Nalin

    සුපිරි!!

  34. Charlie

    Bohoma sthuthi sahodaraya

  35. සමීර කරුණාරත්න

    විකියාගෙන් ඇහුවම මොකද්ද ආසම චිත්‍රපටය කියලා ලැබුන උත්තරය තමයි මේ තියෙන්නේ.... නියම කෙනා උපසිරසත් දීලා තියන නිසා බලමු දැන්...
    බොහොම ස්තුතියි වාසල අයියා උපසිරසට.

  36. charlie

    onna bawa.ela

  37. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි චමින්ද අයියේ
    මෙන්න බලනවා

  38. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  39. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න එහෙනම් වාසල අයියේ මේක මමත් ගන්නවා සබ් ඒක හොදේ..
    මොකද ෆිල්ම් ඒක මට යාලුවෙගෙන් හම්බුනු නිසා...
    සාමන්‍යයෙන් මම මෙච්චර පරණ එව්වට ආස නැහැ..
    ඒත් විස්තරේ බැලුවම සහ සබ් කරපු කෙනා සහ හොදම 250 න හය වෙනි තන තියෙන නිසා නොබල කොහොමද..
    ඔන්න එහනම් අපිත් බැලුවා මේ සුපිරි ගනයේ උසස් සලරුව..
    ජය වේවා උපසිරසියට..

  40. Naween

    මේක බලද්දි වෙලාව යනවා තේරුනෙත් නෑ.පට්ටයි සහෝ..සුපිරි කතාව...මිනිස් මනස ගැන සියුම්ව කියලා දෙන පට්ට ස්ටෝරියක්.බලපු නැති කස්ටිය අනිවා බලන්න.මේ වගේ පට්ට කතා ඉස්සරහටත් දෙන්න සහෝ...බොහොම තෑන්ක්ස්...ජය වේවා..!!!

  41. Rashmika

    menna balnwanm film thanks lot saho!!!!!!!!

  42. prabhath

    THANKS MEKA SUPIRI

  43. “චූටී මල්ලි”

    සබ ගත්තා බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය...........

  44. ශාක්‍ය

    දිඉල තියෙන ලින්ක් එකේ සීඩ්ස් නැහැ මේ ලින්ක් ඒකෙන ගන්න ෆිල්ම් එක.

    https://yts.to/movie/12-angry-men-1957

    සබ් ඒකට බොහොම ඉස්තුතියි සහෝ

  45. ශාක්‍ය

    කළු සුදු උනත් පට්ට චිත්‍රපටියක් , බොහොම ස්තුතියි උපසිරැසි වලට .... ජය වේවා

  46. Oshan

    Wow thanx

  47. ප්‍රසාද් කන්දමුල්ල

    මේක බාල ටක දවසක් වෙනවා..නමුත් අදයි බැලුවේ.. මම සාමාන්‍යයෙන් ෆිල්ම් එක බලල තමයි 'comment' එකක් දෙන්නේ.. මොකද සමහර වෙලාවට ,දාල තියෙන ලිපිය බලල,හොඳයි කියල හිතාගෙන,ෆිල්ම් එක බානවා,,නමුත් බලපුවහම ,,ඇත්තටම...මෙලොරහක් නැති,,අමු,,චාටර් ෆිල්ම් තියෙනවා ඔය අතරේ......ඒ නිසා 'ෆිලුම ' හොඳ නම් තමා මම 'comment ,,කරන්නේ... එකට තරහ වෙන්න එපා... ඉතින් මේ ෆිල්ම් එක ගැන කියනවනම්..මේක නම් මාරම ෆිල්ම් එකක්.. මම බලපු හොඳම ෆිල්ම් ගොන්නට බය නැතුව ඇතුල් කරගන්න පුළුවන් ෆිල් එකක්... ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්....ලිපියේ දාල තියෙන විදිහටම...සුපිරි 'ෆිලුමක්'' එකම පසු තලයේ ගලාගෙන ගියාට...ෆිල්ම් එක බලල ඉවර වෙනකන් දන්නැහැ,, මුල චුට්ට බලනකොට මටත් හිතුනේ ටිකක් 'බෝරින්ග්'' කියල තමයි..නමුත් ටිකක් යනකොට තමයි ඇගට වැටුනේ....මේකේ සමහර තැන් වල දෙබස් ඉතාම ඉක්මනින් ගලාගෙන යනවා...ඒ තැන් නවත්තමින්..තමයි බැලුවේ....නැත්නම් තේරෙන්නේ නැහැ...
    සබ් එකනම් සුපිරියටම කරල තියෙනවා....එක ගැන කතා දෙකක්..නැහැ...මට හිතෙනවා සාමාන්‍ය කෙනෙකුට මේකේ සබ් එක කරන්නත් අමාරු වෙයි කියල...ඒ තරම් ප්‍රබල,, ඉතා ඉක්මනින් ගලාගෙන යන දෙබස් තමයි මේකේ තියෙන්නේ.......ඒ කියන්නේ මේ වගේ ෆිලුමකට සබ් දෙන්න ඉතාමත් හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ....එක ගැන කතා දෙකක් නැහැ... ඉතින් 'චමී දේවා'' සහෝ..ඇත්තටම මේ ෆිලුම තෝරගත්ත එකටම ඔයාට ස්තුති කරන්න ඕනේ.......සබ් එකනම් සුපිරි ඈ...... ඔයාට ......ජය.........

  48. වරුණ නිරෝෂණ

    ස්තුතියි උපසිරැසියට

  49. tharindu

    Thank you very much saho...!!!

  50. A Mune Munasinghe

    ඔක්කටම හපන්.. චිට්‍රපටියේ ලිපියට වඩා කස්ටියගේ කොමෙන්ට් වලින්.. මාර කුතුහලයක්.. පිල්ම් එක හොයන්න කලින්.. ම්ම් ඉස්සෙල්ලම බෑවේ සබැ එක.. ඉතින් බොහොම ස්තුති උපසරසියට... බලලා මමත් අයෙ කමෙන්ට් ක්ර්න්ම්කො..

Load more comments