Watch Trailer

The Godfather: Part II (1974) Sinhala Subtitles | පිය උරුමයේ සිරගතව…[සිංහල උපසිරැසි සමගින්]

ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb)’හි දෙවැනි තැන හිමිකර ගත් Godfather චිත්‍රපටය 1972 වසරේ තිරගත වීමෙන් පසු එය ලැබූ අතිශය උත්කෘෂ්ඨ ජනාදරයත්, ජනාකර්ශනයත් නිසා කොපොල්ලා’ගේ සහ පුසෝ’ගේ දායකත්වය සහිතව එහි දෙවැනි කොටසක් නිෂ්පාදනය කරන්නට තීරණය වෙනවා. ඒ අනුව කොපොල්ලා සහ පුසෝගේ සම රචනා දායකත්වයෙන් යුතුව කොපොල්ලා…

ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb)’හි දෙවැනි තැන හිමිකර ගත් Godfather චිත්‍රපටය 1972 වසරේ තිරගත වීමෙන් පසු එය ලැබූ අතිශය උත්කෘෂ්ඨ ජනාදරයත්, ජනාකර්ශනයත් නිසා කොපොල්ලා’ගේ සහ පුසෝ’ගේ දායකත්වය සහිතව එහි දෙවැනි කොටසක් නිෂ්පාදනය කරන්නට තීරණය වෙනවා. ඒ අනුව කොපොල්ලා සහ පුසෝගේ සම රචනා දායකත්වයෙන් යුතුව කොපොල්ලා විසින්ම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්‍රපටය ලොව ඉතාමත්ම කලාත්මක සහ මනාව ඉදිරිපත් කරන ලද චිත්‍රපට අතරෙහි පෙරමුණම ‍රැ‍ඳෙන්නට සමත් වෙනවා.

2003 වසරේ තිරගත වීම ආරම්භ වූ ‘The Lord of the Rings‘ චිත්‍රපට පෙළෙහි ‘The Return of the King‘ සිනමා පටය හොඳම චිත්‍රපටය සඳහා වන Academy සම්මානය දිනා ගැනීමට පළමුව සමස්ත Academy Awards ඉතිහාසය තුළ හොඳම චිත්‍රපටය යන සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් වූ ප්‍රථම සහ එකම චිත්‍රපට පෙළ බවට පත් වූයේ කොපොල්ලා‘ගේ මෙම Godfather චිත්‍රපට පමණයි. (කොපොල්ලාගේ සහ පුසෝගේ ප්‍රකාශයන්ට අනුව 1990 වසරේ නිකුත් වූ මෙහි අවසාන චිත්‍රපටය හෙවත් Godfather III යනු මෙම චිත්‍රපට පෙළට අයත් වන්නක් නොවෙයි! එය පළමු චිත්‍රපට දෙකට එක්කළ අපරකථනයක් පමණයි!)

මෙහි පළමු චිත්‍රපටයෙන් ලත් ආභාෂයත් පන්නරයත් පෙළඹවීමත් ඔස්සේ මුල පුරන මෙම චිත්‍රපටය එහි පූර්වයා අනුවම යමින් ඊට පහළ ස්ථානයේ අභිමානනීයව වැජඹෙන්නට වරම් ලබා ගන්නවා IMDb‘හි Top 250 වර්ගීකරණය තුළ. එනම් මුල් චිත්‍රපටය එහි දෙවැනි තැන ‍රැ‍ඳෙද්දී, මෙය තුන් වැනි තැනට පත් වෙනවා. ඇමරිකානු සිනමා ඉතිහාසය තුළ බිහිවූ ඉතාමත්ම සංවිධිත සහ ප්‍රශස්ථතම චිත්‍රපටයක් ලෙසටත් අති විශිෂ්ටතම නිර්මාණ කාර්යයක් ලෙසටත් අද දක්වාම මේ චිත්‍රපටය ගරු සැලකිලි ලබනවා. එමෙන්ම ලොව බිහි වූ වඩාත් වටිනාම සහ උසස්ම චිත්‍රපට කිහිපය අතුරින් එකක් ලෙස මෙය ඇගැයීමට පාත්‍ර වනවා.

මේ කතාවේ දිව යන්නේ තම පියාගේ මරණින් පසු කොර්ලියෝනි අපරාධ හවුලේ අධිපතිත්වයට පත්වන මයිකල් කොර්ලියෝනි හෙවත් පවුලේ බාල පුතු සිය පියා ගොඩනැගූ අපරාධ අධිරාජ්‍ය ව්‍යාප්ත කරන ආකාරය. මයිකල් ගේ අතීතාවර්ජන ලෙස පියා එම වැඩ කටයුතු අරඹන ආකාරය සහ ඒ ඔස්සේ ඉහළටම නැගයන ආකාරයත් ඔහුගේ අඩි පාරේ යමින් මයිකල් එම හවුල පුළුල් කරමින් එහි අගරජ පදවිය පිරිසිඳින ආකාරයත් අතරින් ඒ ඔස්සේ ඔහු අත්විඳින ඉරණම සහ ඛේදය පිළිබඳවත් කියැවෙන අනර්ග කතාවක් මෙහි අඩංගුයි. නොසරුප් සමාජයේ පෙළඹවීම සහ බලකිරීම නිසාම බිහිවන, සමාජ පංතියක ආරම්භය සහ පැතිරීම වටා මෙහි කතාව දිගහැරෙනවා. මේ චිත්‍රපටය තුළ Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් Robert De Nero තරුණ වීටෝ කොර්ලියෝනි ලෙසත් (මයිකල්ගේ පියා) අනර්ඝ රංගනයක නිරත වනවා.

ඉතිං පෙර කීවා ලෙසම අපගේ නවමු වැඩ කටයුත්ත වෙනුවෙන් මා කළ මේ උපසි‍රැසියේ සාර්ථක අසාර්ථක බව හෙළි කළ හැක්කේ ඔබට පමණයි. එහෙයින් සිනමාව රසවිඳගන්නට, සිනමාව හඳුනාගන්නට, සිනමාව ඉව අල්ලන්නට වහවැ‍ටුණ ඔබට ආරාධනා කරනවා මේ උපසි‍රැසි සමගින් මෙය නරඹන්නට.

එමෙන්ම අවසාන වශයෙන්; මෙහි තුන්වන කොටස ලෙස පොදුවේ පිළිගැනුනත් ඒ ලෙස නොසැලකිය යුතු යැයි කියැවෙන Godfather III චිත්‍රපටයත් ඔබ වෙත සිංහල සහිතව මතු දවසක ගෙන එන්නට මා බලාපොරොත්තු වන බව පැවසිය යුතු වනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

18,303 downloadsDownload The.Godfather.Part_.II_.1974.Sinhala.Sub_.zip106 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

Subtitles by

උදා

Subtitles

18,303 downloadsDownload Subtitles106 KB

63 comments

  1. තිසර ප්‍රමුදිත

    බොහෝම ස්තුතී

  2. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    උදා සොයුරා මෙම වුන කැපවීම අපි හොඳට දන්නවා.. ඔහු හැර ලංකාවේ වෙන කාටවත් මේ වගේ ලොකු වැඩකට අත ගහන්න පුළුවන් කමක් නෑ. තියෙනවානම් මේතරම් කාලයකට මේවා නොකර ඉන්නේ නෑ.. උදා වගේ ශක්තිමත් කොල්ලෙක් අඩවියේ ඉන්න එක ලොකු වාසනාවක්. මේ වගේ චිත්‍රපටි දෙන්න කිසි කෙනෙක් අත නොගසන එකේ ඔහු ඒක බාරගෙන කලා. උදා ඔබට ගොඩක් ස්තුතියි මෙවන් කැපවීමක් කරලා මේ චිත්‍රපට අපට ලබා දීම ගැන.

    බයිස්කෝප් ලිපි 1000ට සුබ පතනවා!!!

    චිරං ජයතු බයිස්කොප් සිංහලෙන්!

  3. vernie

    ස්තුතියි “උදා”

  4. uda

    මේකට වෙනම ලිපියක් සකස් කරන්නට කටයුතු කළේ, සබ් එකක් නිකුත් කරන්නට අවශ්‍ය වූ නිසාමයි. නැතිනම් මට බොහෝ කාලයකට කලින් රන්දික පෙරේරා සහෝ Godfather I සහ II දෙක ගැන ඔබ දැනුවත් කළා. ඒ මම එකතු වෙන්නත් බොහොම පෙරදී'යි. එම නිසා පළමුවෙන්ම ඔහුට ස්තුතිය පළ කර සිටිය යුතු වෙනවා ඒ සම්බන්ධයෙන්. ස්තුති පූර්වක ගෞරවයෙන් ඔහුවත් සිහි කරනවා මේ විශේෂ අවස්ථාවේදී...
    ජය!

  5. වා.මු. නිලන්ත පියසිරි

    උදා ට යම් විදිහක උප සිරැසි ආවේශයක් වැහිලා වගේ. නැති නම් මෙලෝ මිනිහෙකුට මෙච්චර උප සිරැසි ටිකක් එක පාරට කරන්න බැහැ නොවැ.

  6. janaka

    thanxxxxxxx...

  7. කැලුම් ගුණසේකර

    ඒක නම් සම්පූර්ණ ඇත්ත නිලන්ත අයියේ. නැත්නම් කාටද පුලුවන් මේ වගේ සුපිරි වැඩක් කරන්න? නියමයි සහෝ. නියමයි.

  8. Harsha Lahiru

    Thanks Udha Sahoo......

  9. කේ. යූ. ජී. උදාර

    ඔන්න එහෙනම් අපි මේකෙ තුන්වෙනි එකත් උදාගෙන්ම බලාපොරොත්තු වෙනවා.....
    මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ..

  10. සිංහලයා

    පට්ට මේ 2 කම ගන්නවා :)

  11. kalinga

    ඉස්තූතියි පළමු එක බලලා මේක අනිවා බලනවා,,,

  12. උදාර

    ඉස්තූතියි උදා සුපිරිම එකක් සබ් දුන්න එක

  13. කැළුම්

    ඉස්තූතියි උදා සුපිරි ෆිල්ම් 2 කක් ම සබ් දීලා නේ ජය වෙන්න ඕනේ

  14. ganidu

    ඉස්තූතියි මචෝ :)

  15. k d n nishantha

    superb

  16. සරදියල්

    සුපිරිම තමා ඔන්න උදාට ඉස්තූතියි :)

  17. රොයිලි

    චිත්‍රපටිය ගැන වර්ණනා කරන්න දෙයක් නෑ. ඒක නියමෙටම උදා සහෝ කරලා තියෙනවා. එතකොට උපසිරැසිය ගැන පෙන්වන්න නරකක් නෑ මොකද උදා උපසිරැසියක් දාන්න කරන කැපවීම මම හොඳට දන්නවා. අනිවා උදා කියන්නෙ උපසිරැසියට සාධාරණයක් ඉටු කරන කෙනෙක්. බොහොම ස්තූතියි උදා අඩවියේ 1000 වෙනුවෙන් මේ අදහස අපිට දීලා අපේ පස්සෙන් ඉඳගෙන අපිව අරමුණ කරා යොමු කරපු එක ගැන. උබේ තේරීම් වගේම උඹේන් මම ඉගෙන ගත්තු දේවලටත් මම උඹට ණය ගැතියි. :P

    ඔය මම The Godfather I කොටසට දාපු කමෙන්ට් එක. ඕකට මම තව දෙයක් එකතු කරන්නම්. අනික් කොටසටත් උපසිරැසි දාපන් මචෝ. :P

  18. අමීර

    බොහොම ස්තූතියි ....

  19. අසංක

    සුපිරි කලින් පළමු එක බලල ඉන්න එපාය ඉස්තූතියි

  20. විකියා

    බොහොම ඉස්තූතියි තව තවත් උපසිරස යෙදුම ශක්තිය
    ලැබේවා,,!

    ජයෙන් ජය~!

  21. රාම් රාජ්

    ස්තූතියි උදා.මේ වැඩේ නම් පංකාදුයි.

  22. mmkasun

    සුපිරි වැඩක්
    නියමයි සහෝ. නියමයි.

  23. දනුක

    ඉස්තූතියි උදා හොදම දේ
    හොදම තැනින්

  24. හොට්ටා

    ඉස්තූතියි සහෝ..

  25. Dinuka

    බොහොම ඉස්තූතියි උදා සහෝ..

  26. ishara

    බොහොම ස්තූතියි

  27. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  28. සාරංග ලියනගම

    ගොඩාක් ස්තූතියි උදා.. ඔයාගේ සබ් ගැන කියන්න වචන නෑ.. ඒවගේම ඔයාගේ තෝරාගැනීමුත් උපරිමයි.. ගොඩාක් පිං...
    අනිත් කොටසටත් සබ් දෙමු නේද.....

  29. bee

    tnx mchan
    onna bawa

  30. parakrama

    sipiri macho mama kalin eka dl karala nobala hitiye hodata kathawa notherunu nisa.thanks

  31. thari

    නියමයි

  32. kusan

    ela ...........

  33. Indika

    You Made A Mistake He is Nicholas Cage Thanks for your your Effort

  34. aruna

    Thakz for subtitles . niyamai

  35. Malith

    film is great…hope you’ll give us the third part also

  36. Anjana

    Thanks Macho. මම මේ ෆිල්ම් සෙට් එක කලින් බලල තියනවා එත් සිංහල සබ් එක්ක අයෙ බලනවා. මගේ ජිවිතේ බලපු අග්‍රගන්යම ෆිල්ම් සෙට් එක තමයි මේ. ගොඩක්ම ස්තුත්යි .

  37. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  38. sameera

    stuti uda.......... me wage supiri film walta sub denna tawath shaktiya labewa......

  39. වරුණ නිරෝෂණ

    me kotasath balanna oni. sinhala upasirasiyata bohoma sthuthi sho

  40. Shanaka Anuradha

    mama balapu hodama film eka..thanks saho..

  41. LSM HUSKAA

    ops!

  42. Uvindu Binara

    Download karnna bane. Eror ekk enawa

  43. Janaka Nishantha

    machn issue ekak thiyenawa sub eke ..

  44. Knn Pro

    [COLOR="red"]thanks macho![/COLOR]

  45. Nishanfernando

    Thanx bro

  46. Bhawantha Chamod

    thanks mcn.

  47. madhusankha

    Thanks bro....

  48. OmarAshen

    2019 blnwa

  49. ricadodamien

    Thank U Uda brother & baiscope team for the sub, one more great movie to the list. all the best to baiscope team...................

  50. sunanda shanth

    thanks

Load more comments