අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

12th Man (2022) Sinhala Subtitles | දොලොස්වෙනි ආගන්තුකයා [සිංහල උපසිරසි]

Rating: 6.5/10. From 21 votes.
Please wait...

මෝහන්ලාල් – ජිතූ ජෝසප්
නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්…
විශේෂත්වයක් නැහැ!
ඉන්දියානු සිනමාවේ තවත් එක් චරිත ද්විත්වයක්… එහෙමද හිතුනේ?

මෝහන්ලාල් – ජිතූ ජෝසප්
ඔව්; නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්…
හැබැයි ඉන්දියාවම හොල්ලපු වැඩ කරපු!!!

දෙන්නාගෙ සුසංයෝගයෙන් හදපු පළවෙනි චිත්‍රපටය Drishyam (2013) !!
කෝටි 75+ උපයමින් ඒ කාලේ හැටියට වැඩිම ආදායමක් ලබපු මලයාලම් සිනමාපටය බවට පත් වුනා.
ඉන්දියාව ඇතුළේ විතරක් බාසා හතරකට ප්‍රතිනිර්මාණය වුනා. චීන බාසාවට remake වුන පලවෙනිම ඉන්දියානු චිත්‍රපටය;
ලංකාවේ “ධර්ම යුද්ධය” හැදුවෙත් මලයාලමේ Drishyam බලාගෙන…

ඊළඟට Drishyam 02 (2021) !!
දැනටම කන්නඩ සහ තෙළෙඟු බාසාවට Remake වී අවසානයි. දමිළ සහ හින්දි ප්‍රතිනිර්මාණවල වැඩ කටයුතුත් පටන් අරගෙන…
ඒ අතරේ ධර්ම යුද්ධය දෙවන කොටසක් ගැනත් ආරංචි එනවා.
මනාප 35,000කට අධික සංඛ්‍යාවකින් IMDb අගය 8.4යි! පහුගිය වසරේ වැඩිම කතාබහට ලක් වූ දකුණු ඉන්දියානු චිත්‍රපටය ලෙසත් හැඳින්වෙනවා.

ඇයි RAM (2023) !!
ඉන්දීය කෝටි 30කට අධික නිෂ්පාදන පිරිවැයක් යොදා නිමැවෙන මෙතෙක් මලයාලම් සිනමාවේ දැවැන්තම Thriller චිත්‍රපටය…
එතන ප්‍රධාන චරිතයත් මෝහන්ලාල් ලොක්කාමයි. එළඹෙන වසරේ සිනමාශාලා ප්‍රදර්ශනයට සියලුම කටයුතු සූදානම්.

දැන් 12th Man (2022) !!
මෝහන්ලාල් – ජීතු ජෝසප් සුසංයෝගයෙන් බිහි වූ හතරවන චිත්‍රපටය…
රිලීස් වෙලා දවස් පහක්වත් ගිහින් නැහැ. හැබැයි IMDb මීටරය 7.5කටම කැරකිලා! සමාජ ජාලා පුරා කතාව චිත්‍රපටයේ හොඳ නරක ගැන!

ඇත්තම 12th Man කියන්නේ “කරන්න හිටපු” චිත්‍රපටයක් නෙමෙයි. කොරෝනා නිසා කරන්න සිද්ධ වුන චිත්‍රපටයක්. කෝවිඩ් වසංගතයේ බලපෑම නිසා Mohanlal ප්‍රධාන චරිතය රඟන RAM සිනමාපටයේ රූපගත කිරීම් සියල්ලම තාවකාලිකව නතර කරන්න නිෂ්පාදනය කණ්ඩායමට සිදු වුනා. බ්‍රිතාන්‍යය ඇතුළු විදෙස් රටවල යොදාගෙන තිබුනු දර්ශන තල සියල්ලම තාවකාලිකව ඇණ හිටියා.

තමන්ගේ නිර්මාණයේ වැඩ අතරමඟ නතර වුනු මේ සංක්‍රාන්තික සමයේදි තමයි Jeethu Joseph කල්පනා කරන්නේ එතරම් පිරිවැයක් වියදම් නොවෙන, සීමිත දර්ශන තල ගණනකට පමණක් සීමා වුන, කෝවිඩ් වසංගතය මැද නිෂ්පාදනය පහසු තවත් අලුත්ම නිර්මාණයකට අත ගහන්න…!!
එහි ප්‍රතිඵලය තමයි මේ 12th Man

විශේෂත්වය වන්නේ, මුලු චිත්‍රපටයම ගලා යන්නේ පැය 24ක් ඇතුළත සිදුවන සිද්ධි මාලාවක් වටායි. අහම්බයකින් මෙන් ඊට මැදි වෙන්නට DYSP චන්ද්‍රසේකර්ට සිදුවනවා.
අභිරහස් මරණයක්… ඝාතනයක්… කප්පම් ගැනීමක්… දරු ගැබක් විනාශ කිරීමට ගන්නා සියුම් උත්සාහයක්…
මිතුරන් එකොළොස් දෙනෙකුගේ රහස් ජීවිත කතා එකොළහක්…
එකින් එක පැටලුම් ලිහමින්, ඝාතකයෙකු පසුපස හඹායමින්, අභිරහස් මරණයක් හෙලි කරගැනීමට උත්සාහ දරන පොලිස් පරීක්ෂකවරයෙකුගේ කතාව 12th Man තුළින් ඔබට නරඹන්නට හැකි වේවි.

ලිපි සැකසුම : කවිනු වීරක්කොඩි

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට සහ “රේණුකා සුභාෂිණි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

40 thoughts on “12th Man (2022) Sinhala Subtitles | දොලොස්වෙනි ආගන්තුකයා [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks sub ekata

    Reply
  • cbi 5 the brain denna puluwanda

    Reply
  • thanks godak. cbi 5 eke sub dennko…..

    Reply
  • Liquor bottle1 enne kohomda ethanta?

    Reply
  • Thanks

    Reply
  • JANA GANA MANA sub dennko

    Reply
  • Thanks brother and sister to you for the effort and time.

    Reply
  • මේ ටයිප් ෆිල්ම් නම් මාර ආසයි බලන් ඉන්න
    ෂර්ලොක් හෝම්ස්ගේ පොතක් කියෙව්වා වගේ

    Reply
  • Thanks for sub. keep it up

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • තෑම්ක්ස් බොම්ක❤️

    Reply
  • Heropanti 2
    Attack part 1 hindi film walatath sub denna

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
    ජය වේවා!!!

    Reply
  • renuka akka aphu gamata bahala wage neh
    ela ela

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • මලයාලම් ත්‍රිලර් නම් කොහොමත් බලනවා
    ඒකත් ජීතු ජෝසෆ් ගේ වැඩක් නම් වැඩ පාඩුකරන් හරි බලනවා

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Thank you very much Bro n Sis

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *