13 Reasons Why [S04 : E06] Sinhala Subtitles | පුහුණුව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”13 Reasons Why” හතරවෙනි කතා සමයෙ හයවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො. ලිපිය නම් අවුල් වගේ තියෙයි. මොකද කිව්වොත් මට තාම කතාව බලන්න වුණේ නැති හින්දා. අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් දකින්න ඇතිනෙ ක්ලේ ඇවිත් සැක්ව හප්පනවා. ඉතිං කොමහරි මේ ගැන ලොකු තරහකින් ඉන්නෙ සැක්. ඉතිං ක්ලේ කොච්චර සමාව අරගන්න උත්සහ කරත් සැක් ගණන් ගන්නෙ නැහැ. ඒවගේම තමයි ටයිලර් තුවක්කු අරගන්නවා කියලා ටෝනි හිතං ඉන්නවා. හැබැයි මෙයා මේ ගැන කීප දෙනෙක්ට විතරයි කියන්නෙ. ඇලෙක්ස්ට පවා කියන්නෙ නැහැ. හැබැයි ජස්ටින්ට කියනවා. නමුත් ජස්ටින් මේක ගණන් ගන්නෙ නැහැ. එයා කියන්නෙම ටයිලර් දැන් හොඳ කෙනෙක් කියලා. කොමහරි ඔය අතරේ පාසල දැඩි හුදෙකලා කිරීමක් කරනවා. කෝඩ් රෙඩ් තත්ත්වයක්. ඒ කියන්නෙ වෙඩික්කරුවෙක් පාසල් තුළට ඇතුළු වෙලා කියන එක. හැබැයි ටයිලර් මෙතැනදී අතුරුදහන් වෙනවා එකපාරටම. ඒවගේම තමයි එයා පරිගණකයෙන තුවක්කු ගැන පරික්ෂා කිරීමක් කරනවා. ඉතිං මේක දකින ටෝනිට සාධාරණ සැකයක් මතු වෙනවා මේ ඉන්නෙ ටයිලර් කියලා. ඉතිං එයා කරන්නෙ ඒ ඔක්කොම සාක්ෂි ටික විනයභාරව ඉන්න ගුරුවරයාගෙ අතට ලබාදෙන එකයි.එහෙනම්. එහෙනම් අපි බලමුකො මේ ඇත්තටම ඉන්නෙ ටයිලර්ද? නැත්තම් මේකත් කලින් කළා වගේම පුහුණුවක්ද කියලා?
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4414 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks …………….good luck ……………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි