මාර්තු 10 තවත් සාමාන්‍ය සෙනසුරාදාවක් බොහොම දෙනෙක්ට, නමුත් අපේ පවුලේ උදවියට නම් අද තවත් උපන් දිනක්, වසරක දහඩිය, බැනුම් වගේම අපේ පුංචි පුංචි ජයග්‍රහණ වගේම අපේ පුංචි පුංචි කඩයිම් ඉක්මවා යෑම් ගැන හිතන්න, තවත් වසරක් වෙනුවෙන් බලාපොරොත්තු පොදිබදින්න පැය 24ක්. නමුත් ඇයි මේ ? ඒ ගැන කතා කරන්න නම් අපිට 2009 ව…

මාර්තු 10 තවත් සාමාන්‍ය සෙනසුරාදාවක් බොහොම දෙනෙක්ට, නමුත් අපේ පවුලේ උදවියට නම් අද තවත් උපන් දිනක්, වසරක දහඩිය, බැනුම් වගේම අපේ පුංචි පුංචි ජයග්‍රහණ වගේම අපේ පුංචි පුංචි කඩයිම් ඉක්මවා යෑම් ගැන හිතන්න, තවත් වසරක්  වෙනුවෙන් බලාපොරොත්තු පොදිබදින්න පැය 24ක්. නමුත් ඇයි මේ ? ඒ ගැන කතා කරන්න නම් අපිට 2009 වසරේ මාර්තු 10 වැනිදා ගැන පොඩ්ඩක් මතක් කරගන්නම වෙනවා. මහා ගංගාවක් එක පාර හැදෙන්නේ නැති බව අපි හැමෝම දන්නවා නෙව, ඒ ගංගාව පෝෂණය කරන්නට මුලින් දිය බිදු එක්කාසු වෙන්න ඕන. 2009, මාර්තු මාසයේ 10 වැනිදා ඒ දවසට කලින් අන්තර්ජාලයේ සැරිසරනා කොලුගැටයෙක් හීනයක් දකිනවා, නමුත් ඒ හීනය අද අපි දන්නා කියන යතාර්ථය තරම්ම විශාල එකක් නම් නෙමෙයි. ඔහු තමුන් බැලුව සිනමා නිර්මාණයක් ගැන පුංචි ලිපියක් තමුන්ගේ බ්ලොග් අඩවියේ අපේ භාෂාවෙන් සටහන් කරන්නේ මහා ගංගාවක් නිර්මාණය කරන්නට අඩිතාලම දමන්නට යැයි ඔහු සිහිනෙන්වත් නොහිතන්නට ඇති.

නමුත් වර්ග කිලෝමීටර් 65 610 වගේ වපසරියක පැතිරුණ මේ පුංචි දුපතේ, 21 000 000 කට අධික ජනතාවකට ඒ දියබිද මහා ගංගාවක් හැටියට අද ජිවය දෙන්නේ අන්තරාලයේ ජවය අපිට කියාපාමින්. ඒ කොලු ගැටයා නමින් ඉසිර ගුණතිලක නම් වුවත් ඔහු අපට නම් හිතාදර පොතේගුරා නම් වෙන්නේ වවචනයේ නියම අරුත පහදා දෙමින්. ඉතිං ඔහු හෙළි පෙහෙලිකල ඒ මාවත ඇරඹුණේ “මේක නම් අලුත් වැඩක් ළමයිනේ“කියලයි. ඔව් ඇත්තටම ඒක අලුත් වැඩක්, ලංකාවේ සයිබර් ඉතිහාසය හොල්ලපු වැඩක්. මං හිතන්නේ අලුතෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න වැඩි දෙනෙක් දන්නේ නැහැ බයිස්කෝප් එක මුලින්ම පටන් ගත්තේ බ්ලොග් අඩවියක් ලෙසින් බවත් එම බ්ලොග් අඩවියේ සිදුකෙරුණේ පොතේගුරා විසින් නරඹන ලද අගනා සිනමාපට පිලිබඳ කෙටි ලිපියක් මගින් දැනුවත් කිරීමක් පමණක් බවත්. සමහර වෙලාවට අපි ලබාදෙන සිංහල උපසිරසි සමග ලිපි දෙකක් ලියවිලා තිබ්බොත් ඒකෙන් කියැවෙන්නේ අපේ ඉතිහාසය එලියට අරගෙන ඒ සඳහා උපසිරසියක් ලබාදීමක් සිදුකර තියෙන බවයි. ඉතිහාසය ගැන එහෙම කතා කරන වෙලාවේ පොතේගුරාට ඉඩ හරින්නයි මේ සුදානම වචන කිහිපයකින් අප හා එක්වෙන්නට….

අප ඇඩ්මින් මඩුල්ල මට ආරාධනා කළා ආදරණීය බයිස්කෝප් අඩවියට අවුරුදු 9ක් පිරෙන මේ දවසෙ හිතට දැනෙන දේ වචනයට පෙරළන ලෙසට, ලිපිය ලියන්න අතීත ආවර්ජනය කරනවිට අවුරුදු 9ට කලින් ඉතාම සරළ බ්ලොග් අඩවියක් පටන් ගත්ත හැටි, විසිටර් කවුන්ටරේ මට අමතරව තව කෙනෙක් බ්ලොග් එක කියවන බව දැක්කම දැනුන හැගීම, පළවෙනි කමෙන්ට් එක වැටුන වෙලාවෙ හිතට දැනුන හැගීම, බයිස්කෝප් සිංහලෙන් නිසා සමාන අදහස් දරණ යාළුවන් එකින් එක හදුනගත් හැටි මතකයට එන්නෙ මුලු හදවතම උණුසුම් කරමිනුයි…

අද වෙනකොට ඒ සියල්ල දැනෙන්නෙ සුන්දර හීනයක් වගෙයි, නමුත් ලංකාවේ ජනප්‍රිය වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පසු කරගෙන ඉදිරියට ඇවිත් වැජඹෙන්න ඒ හීනයට හැකි වෙලා තියෙනව, ඒ සියල්ලේම ගෞරවය හිමි විය යුත්තේ එදා මෙන්ම අදටත් අප සමග රැදී සිටින පාඨක ඔබ සැමටත්, ඉතාම දුශ්කරතා මාධ්‍යයේ තම වටිනා කාලය වැය කරමින් බයිස්කෝප් සිංහලෙන් නාමයට කැපවුනු එදා මෙදා තුර සිටි හා සිටින සංස්කාරක මඩුල්ලට හා අපගේ ආදරණීය ලිපි හා උපශීර්ෂ සපයන්නන් හටය…

ඔබ අත රැදී ඇති බයිස්කෝප් සිංහලෙන්හි අනාගතය ඒදාටත් වඩා අද දීප්තිමත්ය, ඉදිරියටත් එම නාමය සියළු ශ්‍රී ලාංකිකයන්ගේ මුවග රැව් පිළිරැව් දේවා යැයි ප්‍රාර්ථනා කරමින් අපගේ ගොල සහෝ බයිස්කෝප් වෙත තිළිණ කල වදන් පෙළකින් මෙම ලිපිය නිම කරමි..!

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්..

– ඉසිර ගුණතිලක (පොතේගුරා)

ඉතිං ඒ විදියට හටගත් උල්පත ඉදිරියට ගලන්න පටන් ගත්තේ ඊට පස්සෙයි. ඒ වැඩේ පටන්ගත්තේ vbmaster කියන ගුරාගේ හිතවතෙකුගෙන් ලැබුන මෘදුකාංගයක් භාවිතා කරමින් ගුරා සහ රොයිලි එකතුවෙලා සිංහල උපසිරසියක් කරන්න පටන්ගන්නවා. හැබැයි රොයිලිගේ උනන්දුව සහ ආසාව කොච්චරද කියවනම් ගුරයි රොයිලියි පටන්ගතත උපසිරසියට කලින් රොයිලි තවත් උපසිරසියක් කරනව. ඉතිං ඒක තමයි 2009 මාර්තු 10වෙනිදා හටගත්ත දිය උල්පතෙන් ගලාගිය පළමු දියදහර වුණේ එය 2009 ජූනි 26 වෙනිදා Deja Vu (2006) | අතීතය වර්තමානය හා අනාගතය!  නමින් අන්තර්ජාලයේ පළමු නිදහස් සිංහල උපසිරැසිය ලෙසින් පළවුනා. එදා රොයිලි සොයුරා ඒ සිනමාපටයට අතීතය වර්තමානය හා අනාගතය කියල නම දානකොට ඇත්තටම මේ වැඩෙන් ලාංකේය සිනමා රසිකයින්ගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් එකට එකතුකරන නවාතැන්පල බවට බයිස්කෝප් සිංහලෙන් පත්වේයැයි සිහිනයකිනිදු නොසිතන්නට ඇත. එලෙස ගලායාම ඇරඹි දිය දහරාව හෙමින් හෙමින් ගලා එමින් රොයිලිත්, ගුරාගේ හිතවතා “විද්‍යා‘ සහ “ගෝලයා” (උමේෂ් ලීලසේන) සමග එකතුව අතරමගදී හමුවන බාධක මැඩලමින් පරපුරින් පරපුරට අලංකාරත්වයෙන් පිරිපුන් නව ඉසව් දෑස් මානයට ලඟාකරදෙමින්, මහා ගංගාවක් වුවත් අතරමගදී එකතුවන දිය දහරාවන්ගෙන් පෝෂණය වී මහා වන්නාක් මෙන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩිවය මේ පැමිණි ගමනේදී අපහා එකතුවූ උපසිරසිකරුවන්ගෙන් පෝෂණය වෙමින්, 2009 දි “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවයේදී හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානයත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය නමට හිමිකරගනිමින් පැමිණි මේ ගමන තුල ලෝක සිනමාව නමැති මහා සාගරය වෙත ලාංකේය රසික රසිකාවියන් කැඳවාගෙන යාමේ දැවැන්ත වගකීම නිල නොවන ආකාරයට අපවෙත හිමිව ඇතිබව වෙබ් අඩවිය පරිශීලනය කරන ඔබ සියළුදෙනාගෙන්ම අපවෙත ලැබෙන ප්‍රතිචාරයෙන්ගෙන් හොඳින් පැහැදිලියි. නැවතත් ගුරාගේ මග යමින් ඔහුගේ ආරම්භක සෙවනැල්ල වූ ගෝලයාගේ වචන ටිකක් වෙනුවෙන් එහෙනම් අවසරයි බයිස්කෝප්…

බයිස්කෝප් වෙබ් අඩවියට අවුරුදු නමයක් පිරෙන මේ මොහොතේ මගෙනුත් පොඩි සටහනක් එක්තු කරන්න කැමතියි. මුලින්ම රොයිලි සහෝට ස්තූතිවන්ත වෙනවා මට මේ ගැන මතක් කරල පොඩි සටහනක් ඉල්ලපු එකට.

අවුරුදු නමයක් කියන්නෙ පොඩි කාලයක් නම් නෙවේ. බයිස්කොප් පටන් ගත්ත කාලෙ ගුරයි මායි එකට උසස් අධ්‍යාපනය හදාරමින් හිටියෙ. ඒ කාලෙ ගුරාට සහයෝගයක් විදියට ලිපි ලියන්න තමා මම “ගෝලයා” ලෙසින් එවකට බයිස්කෝප් කණ්ඩායමට එකතු වුනේ.

කාලයත් එක්ක, කාර්‍යබහුලත්වය වැඩි වුනා. ඒ නිසා ටිකෙන් ටික මම බයිස්කෝප් වැඩකටයුතු වලින් ඈත් වුනා. ඒත් මට මේ වෙලාවෙ ලොකු සන්තෝසයක් ඇති වෙනව බයිස්කෝප් වෙබ් අඩවිය මේ ආපු ගමන ගැන. නොයෙකුත් බාධක, කම්කටොලු මැද්දෙ කුවුරුහරි කෙනෙක් හිටිය බයිස්කෝප් වෙබ් අඩවියට පණ පොවන්න. මේ වෙලාවේ ලිපි ලියන, සබ් දාන හැමෝම මතක් කරන්න ඕනේ. ඇත්තට ලොකු කණ්ඩායමක් විදියට මේ කරන දේවල් අද කාලේ සමාජයේ දකින්නට අඩුයි.

වැඩි කතා ඕනෙ නෑ (අවුරුදු 10 ලැබුවම ලියන්න දේවල් ඉතුරු කරන්නත් එපායැ.. හික්z). සුපුරුදු විදියට එහෙනම්,

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්

– මීට ගෝලයා

ඉතිං මේ පැමිණි දීර්ඝ ගමනේදී සැමරුම් කිහිපයක්ම කඩයිම් කිහිපයක්ම පසුකිරීමට අප සමත්වුණා. බයිස්කෝප් වෙබ් අඩවියේ පළමු සැමරුම ලෙසින් 2013 මැයි 07 වැනිදා වෙබ් අඩවියේ සිනමාපට පිලිබඳව ලියවුන ලිපි සහ උපසිරසි සමග පළවූ ලිපි සියල්ලගේම එකතුව 1000ක් වූ දිනයි එදින අප ෴සහසක සැමරුම෴  සමරමින් අපවිසින් අලුත් වැඩක් පටන්ගත්තා. ඒ තමයි ලාංකේය සිනමා රසිකත්වයට, IMDB වෙබ් අඩවියේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මගින් තෝරාගනු ලැබූ හොඳම සිනමාපට 250 අතුරින් මුල් සිනමාපට කිහිපය සඳහා සිංහල උපසිරසි ලබාදීමට පළමු පියවර තැබීමයි. ඉන් ලද ජවය සමගින් දින දෙසීයක් තුලදී අපට තවත් කඩයිමක් ලඟා වුණා. ඒ තමයි ලොව භාවිතා කරන භාෂා ගණනාවකින් එක දිනක් තුල සිනමාපට ගණනාවක් ලබා දෙමින් සැමරු උපසිරසි සහසේ  සැමරුමයි. නමුත් එදා ඒ ආරම්භය අද ඉංග්‍රීසි විතරක් නෙමෙයි, ප්‍රංශ, ජර්මන්, ඉතාලීල්, හින්දි, තෙලිගු, මලයාලම්, දමිළ, කොරියානු, ජපන්, මැන්ඩරින්, වැනි ලොව බොහොම භාෂා වලින් නිර්මිත සිනමා පට ටෙලි කතා මාලා ඔබ වෙත ගෙනෙන තැනක බවට පත් වෙලා තියනවා.

අප වෙබ් අඩවිය උපසිරසි දහසේ සැමරුම සමරනකොට අප පසුකරමින් සිටියේ වෙබ් අඩවියේ තෙවැනි පරම්පරාවයි. ආරම්භක පරපුර ලෙසින් ගුරා, රොයිලි, ගෝලයා සමග පිරිස ඇරඹි ගමන රොයිලි ප්‍රමුඛව චමිදේවා නොහොත් චමින්ද වාසල, වා. මු. නිලන්ත පියසිරි, උදා, අමිල මනදේව සොයුරන් දෙවැනි පරපුර ලෙසින් බයිස්කෝප් වෙබ් අඩවිය ඉදිරියට ගෙනගියා. ඉන්පසුව උදාවූයේ බයිස්කෝප් වෙබ් අඩවියේ අධිවේගවත් උපසිරසි ලබා දීමේ සමයයි. මාසයකට උපසිරසි දෙක තුනක් පමණක් ලබා දුන් අප දිනකට උපසිරසක් ලබාදෙන තත්වයට ගෙන ආ දෙවැනි පරපුරේ උදවියට එක්කාසු වූ T20 ප්‍රහාරකයෝ වන දිදුල K.D. සිල්වා, පුබුදු සුපුන්, හසන්ත වික්‍රමරත්න, දිනිඳු සම්පත්, සමීර කරුනාරත්න ආදී තෙවන පරපුරේ උදවිය ඉදිරිපෙලින් ලබාදුන් අධිවේගී උපසිරසිකරණය සමගින් දිනෙකට උපසිරසි තුනේ සිට පහ දක්වා පරාසයක විහිදාලමින් අද වනවිට වෙබ් අඩවිය පත්ව ඇති තත්වයට අඩිතාලම දැමුවා. එහි වේගය කෙසේද යත් උපසිරසි 300ක් ලබාදීමට අවුරුදු 03කුත් මාස කිහිපයක් ගතවී තිබු සමයක දින 266 තුළ උපසිරසි 700ක් ලබා දෙමින් උපසිරසි 1000 වෙත පියමන් කළා. ඉන්පසුව එළඹියේ ඔබ අප අද වනවිට හඳුනන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මුහුණුවරයි. ඒ සමයේ ඇඩ්මින්වරයෙකු ලෙස ක්‍රියාකළ විකියාගේ කැපවීමත් ඉහත සඳහන් අධිවේගී උපසිරසිකරණයට මහත් රුකුලක්වූවා. ඒත් එක්කම අපි අපේ පැරණි පුරුද්ද වෙච්ච සිනමාපට පිලිබඳ විස්තර ලියන වැඩේ නවත්තන්න කොහෙත්ම කැමති උනේ නැහැ. ඒ නිසා අපි ඒ වෙනුවෙන් නවතම සිනමා රූපවාහිනී තොරතුරු ගෙන එන ‘බයිස්කෝප් මංසල‘ ආරම්භ කළා. ගේම් ඔෆ් ත්‍රෝන් රුපවාහිනී කතා මාලාවට සිංහල උපසිරසි ලබා දීමෙන් අපි එතෙන් සිනමාපට සඳහා පමණක් විවරව තිබු ලොවෙන් තවත් අපුර්ව ලෝකයකට රසික ඔබව රැගෙන යාමට පියවර ගත්තා. 2013 මැයි 7 වැනිදා උපසිරසි දහස සැමරු අපි ඊට මාස තුනකට පසුව එළඹී 2013 අගෝස්තු 28 වැනිදා උපසිරසි දෙදහස සැමරුවේ මිසරයේ සැගවුන අභිරහස් සොයන්නට අපගේ රසික රසිකාවයින්ව යොමු කරවමින්. අපට එලෙසින් සිය ගුණයක වේගයක් ලබාගැනීට අපගේ සිව්වන පරම්පරාවේ උපසිරසිකරුවන් ලෙසින් අපසමග එක්කාසු වූ සමීර චතුරංග, කැලුම් රණවක, කැලුම් ගුණසේකර, ආසිරි ප්‍රියන්ත, ශාන් විමුක්ති(විමා), දිමුතු තරංග, යශෝධ ශ්‍රීමාල්, චලිඳු දේශාන්, පැතුම් චතුරංග වැනි අය ප්‍රමුඛව උපසිරසිකරුවන් විශාල ප්‍රමාණයකගේ නොමද දායකත්වයෙන්. එම අවධිය වනවිට වෙබ් අඩවියේ සංස්කාරක ලෙස වාසල, රොයිලි, විකියා සමගින්, හසන්ත වික්‍රමරත්න, සමීර කරුණාරත්න සමගින් යශෝධ ශ්‍රීමාල් සොයුරා වෙබ් අඩවියේ පාලන කටයුතු පවත්වාගෙන ගියා. ඉන්පසුව චාමර සම්පත්, අචින්ත මදුමාල්, නිර්මානි විජේසිංහ, ප්‍රනීත් චින්තක රණසිංහ, සදුන් ධනුෂ්ක, සමන් ප්‍රසාද්, තා‍ර‍ක ‍නු‍වන්‍, සිරාජ් ප්‍රියන්ත, ෂෙරින් සමාධි, ගයාන් රූකාන්ත, අදිත ප්‍රවීන්, දසන් බුද්ධික, අංජන ඉෂාන්, නුවන්ත දුලාන්, අනුරුද්ධ(ලියෝ), මයුර සුරාජ්, ලහිරු ප්‍රසාද්, දේවක සදරුවන්, ඉසුරු දිල්ශාන්, සුරේනි අතුරුගිරි, කවිඳු ගිම්හාන්, මධුකප්‍රිය පෙරේරා, MDG ආදී අපගේ සම්පත්දායකයින්ගේ ලයිස්තුවේ ඉහල ලකුණු වාර්තා කරගනිමින් තවත් නොදැවී ක්‍රීඩාකරන බහුතරයක් දෙනාගේ බයිස්කෝප් ආගමනය පස්වැනි සහ වත්මනේ ක්‍රියාකාරිව දායක වෙන සයවන පරම්පරාවේ උපසිරසිකරුවන්ගේ වේගවත් ප්‍රහාරකයින් ලෙසින් සිසිල ප්‍රසාද්, අචින්ත උදයංග, කනිෂ්කා පෙරේරා, රඛිත රණතුංග, රවිඳු තේනබදු, අසංක ප්‍රදීප් රණතුංග, පූර්නි මධුභාශිනි, හෙළිලි හේමමාලි, රවිඳු රුක්ෂාන්, කළිදු වසූක, සොනාලි තාරිකා, රසිත ප්‍රදීප්, ඉන්ද්‍රජිත් කුමාර, ස්නේක් රාජ්, M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා, සජීවි වේහැල්ල, දහරා මුතුඅමා, හසන්ත මාලිංග, චමල් ලක්ප්‍රිය, යුශාන් පීයුමාල්, දිල්ශාන් සචින්ත, රෂීන් මන්සිල්, යසිරු හසරංග, ප්‍රනීත් නාවලඇල්ල, සුදීර මාලන් ආදී ඔබ අද වෙනකොටත් දකින ඉතාම ක්‍රියාකාරී සාමාජිකයින් අප සමඟ එක්කාසු උනේ. ඉතිං මේ වෙනකොට වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙසින් ආරම්භක පිතිකරුවා වූ රොයිලි ප්‍රනාන්දු සොයුරා තවමත් නොදැවී ක්‍රීඩාකරමින් ගුරුහරුකම් ලබාදෙමින් ඉන්නව. ඊට අමතරව හසන්ත වික්‍රමරත්න,  සමීර කරුණාරත්න, සමීර චතුරංග, ශාන් විමුක්ති(විමා), ආසිරි ප්‍රියන්ත, අසංක ප්‍රදීප් රණතුංග, නිර්මාණි විජේසිංහ, ප්‍රනීත් රණසිංහ, සමන් ප්‍රසාද්, සිසිල ප්‍රසාද්, සමගින් සුධීර මාලන් සොයුරන් කටයුතු කරමින් සහ මින් සමහර අයවලුන් තමන්ගේ පෞද්ගලික රාජකාරිවලට මුල්තැන ලබාදීමට සිදුව ඇති බැවින් වෙබ් අඩවියේ සංස්කාරක ධුරයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. ඒ වගේම අද වගේ දවසක විශේෂයෙන්ම මතක් කරන්න ඕනා ඔයාල උපසිරසියක් ගන්න එනකොට දකින ලස්සන පින්තුරය හදන කෙනාව. එයා තමා අපේ උපසිරසි කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන නලින් පෙරේරා සොයුරා. අවුරුදු 5ක් පමණ කාලයක පටන් නලින් සොයුර තමයි මේ රූපවල නිමැවුම්කරුවා විදියට වැඩ කලේ. තව කණ්ඩායමක් ඉන්නවා මේ වෙනකොට ඒ සම්බන්ධව ඒ අය ගැන අපි දසවෙනි සංවත්සරයේදී කතා කරමු රාජකාරිවල ස්භාවය අනුව 😀 ඒ වගේම ඔයාලට දකින්න ලැබෙන්න ඇති හොඳින් උපසිරසිකරණයේ යෙදෙන දිගු කාලයක් වෙබ් අඩවිය සමග රැදුණු පිරිසක්ම තමයි වෙබ් අඩවියේ ඇඩ්මින්වරු හැටියට බඳවාගෙන තියෙන්නේ. එදා මෙදාතුර අප වෙබ් අඩවිය අනුකරණය කරමින් ආරම්භ කල වෙබ් අඩවී අසාර්ථක වෙනකොට අපේ වෙබ් අඩිවය සාර්ථක වීමට මුලික වූ එක් හේතුවක් විදියට ඒ කාරණයත් දක්වන්න පුළුවන් අපිට.

ඊට පස්සේ අපි සැමරුමක් වෙනුවෙන් එකතු වුණේ බයිස්කෝප් වෙබ් අඩවියේ කුළුදුල් දරුවා වෙච්ච “බයිස්කෝප් මංසල” තමන්ගේ ලිපි 500“  සීමාව පහුකරපු දවස. දැන් බයිස්කෝප් මංසලේ ඇඩ්මින්වරුන් ලෙසින් තිසර නියෝ, චාමර සම්පත් සමගින් හසන්ත වික්‍රමරත්න සොයුරා දායක වෙනවා. ඊට පස්සේ අපි 2014 මාර්තු 10 වන දින බයිස්කෝප් වෙබ් අඩවියට පස් වසරක් සපිරීම සැමරුවා. ඒ BBC නාලිකාවේ Human Planet වැඩසටහනට එදින තුල සිංහල උපසිරසි ලබාදීමෙන්. ඉන්පසුව අපි කිසිදු සැමරුමක් සිදුකලේ නැහැ. ඇත්තටම එහෙම නොවුනේ තිරය පිටුපස සිදුකෙරුණ වැඩරාජකාරී ප්‍රමාණය අධික වීමත් උපසිරසිකරුවන්ගේ අධික කාර්යයබහුලත්වයත් කියන කරුණු නිසාවෙන්. ඉතිං නමවෙනි උපන්දිනය සමරන අද දවස වෙනකොට අපි බොහොමයක් දේ ලඟා කරගෙන තියෙනව. බයිස්කෝප් සිංහලෙන් කියන මව් වෙබ් අඩවිය පාදක කරගනිමින් බයිස්කෝප් මංසලට අමතරව මේ වෙනකොට තවත් වෙබ් අඩවි දෙකක් ක්‍රියාත්මක වෙනවා. මුල් කාලයේ අප විසින් ටොරන්ට් ලබාදුන්නත් නීතිමය තත්වය දැඩි වීම නිසාවෙන් අපගේ වෙබ් අඩවිය සිංහල උපසිරසි පමණක් ලබාදෙන වෙබ් අඩවියක් බවට පත්කරනු ලැබුවා. එමගින් ඇතිවූ හිඩැස පිරවීමට අපි “බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස්” වෙබ් අඩවිය ආරම්භ කළා.

ඒ වගේම මේ වෙනකොට අපි බයිස්කෝප් වෙබ් අඩවියට අරමුදල් රැස්කිරීමේ අරමුණින් “බයිස්කෝප් ෂොප්” නමින් වෙළඳ වෙබ් අඩවියක් ආරම්භ කළා. එහි අරමුණ වෙලා තියෙන්නේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය මගින් වාර්ෂිකව සිදුකරන සමාජ සත්කාරයන් උදෙසා මුල්‍ය ප්‍රතිපාදන සලකා ගැනීමයි. එමෙන්ම 2013දි පමණ අප විසින් වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා. එහෙම කරන්න හේතුව උනේ අපගේ වෙබ් අඩවියට පැමිණෙන විශාල පිරිසට සරිලන ආකාරයට වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට හා ඔබ සැමට කරදරයකින් තොරව අප හා සම්බන්ධ විය හැකි මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා විශාල මුදලක් වැයවීමත් එතරම් මුදලක් පෞද්ගලිකව වියදම් කිරීමට ඇති අපහසුතාවයත් කියන කාරනා නිසාවෙන්. ඉතිං මේ හැම මුදලක් ගැනම මාසිකව වාර්තාවක් අපගේ සාමාජිකයින්ට ලබාදෙනවා ඒ වගේම මින් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් අපි අපේ සමාජ සත්කාර කටයුතු සඳහා යොදවනවා. මෑතකදී අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් දෙකක් සඳහා මෙම සත්කාරය ක්‍රියාත්මක කළා ඒ වෙනුවෙන් අපිට ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැයවුණා. ඉතිං අපි කිසිදු දිනක සතයක්වත් අයකර නොගෙන ඔබට නොමිලේ උපසිරසි ලබාදුන්නා. එලෙසින්ම අදත් හෙටත් අනිද්දටත් හැම දාකමත් අපි ඔබට නොමිලයේම උපසිරසි ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම අදත් බොහොම කාරුණිකව මතක් කරන්න කැමතියි මේ වෙබ් අඩවියේ කිසිම කෙනෙකුට මෙම වෙබ් අඩවිය මගින් සල්ලි හම්බකරන්න අරමුණක් නැහැ. එහෙම කලොත් අපිට මේ ලැබෙන මානසික තෘප්තිය කිසිම වෙලාවක ලබාගන්නත් බැහැ ඒ වගේම කිසිදු ආකාරයක මඩ ප්‍රචාර වලින් අපේ වෙබ් අඩවියට එන ප්‍රේක්ෂක පිරිස වළක්වන්නත් බැහැ කියල මතක් කරන්න කැමතියි මේ වෙලාවේදී. අනික බොහොම අගය කරනවා අපට ගරහන උදවියව අපි, ඔවුන් නොහිටින්න අද අපි මෙතන නැති වෙන්න පුළුවනි, මොකද ඔවුන්ගේ මුවින් පිටවෙන හැම ගරහුමක් පාසාම අපි දන්නවා අපි හරි යමක් කරන විත්තිය, ඔබට ස්තුතියි අපට දිරි දුන්නට… අපේ මුතුන් මිත්තෝ ඵල ඇති රුකට නෙව ගල් ගහන්නේ කියා කියමනක් නිර්මාණය කලේ වැරදීමකින් වෙන්න බැහැ නෙව…

ඉතිං අදින් පස්සේ අපේ වෙබ් අඩවියේ හත්වැනි පරම්පරාව එකතුවෙන බව අනිවාර්යෙන්ම දන්නවා.. මොකද අපේ හැම සැමරුමකටම පස්සේ උනන්දු වෙච්ච පිරිස් විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එක්කාසු උනා. ඒ එකතුවෙච්ච හැම කෙනෙක්ගෙම උපසිරසි එකතුවෙලා තමයි මේ වෙනකොට සිංහල උපසිරසි 11,000 පමණ ප්‍රමාණයක් ඔබට තිලිණ කරන්න අපිට හැකිවෙලා තියෙන්නේ….. ඉතින් මේ මග තුල ඇති වෙන හැම හැලහැප්පීමක් ගානෙම අපි එක්ක හිටිය අපිට යෝධ සවියක් වුන අපේ ප්‍රේක්ෂක ජනතාව අමතක කරන්නම බැහැ. අපි ගංගාවක් නම්, අපි වැවක් නම් අතීතයේ ඒ ගංගා, වැව් නිර්මාණය කල මහා යෝධයන් මෙන් ඔබයි අපේ අත්වැල, ඔබයි අපේ සෙවනැල්ල අපි වැරදි යමක් කළා නම් අද අපි ඔබ එකක් නොයින්න තිබුනා, ඉතින් මුවින් නොබැන අපිට කල ඒ ආශිර්වාදයට අපි සදා ණයගැති ඔබට….

නමුත් වචන ටිකකින් ඔබ හැරදා යන්න අපි සුදානම් නැහැ. අපේ සැමරුම් බොහොමයක් වගේ මේ වතාවෙත් අපි සුදානම් ඔබ එකක් දැනුම බෙදා ගන්නට මේ වතාවේදීත්… ඒ වෙනුවෙන් BBC නාලිකාව මගින් විකාශය වුන Life කතා මාලාව සියලුම කොටස් අද අප ඔබ අතට පත් කරන්නයි සුදානම් කරලා තියෙන්නේ, ඒ එක්කම අපේ හැමදාම ගහන පෝස්ටරය IMDB 250 ලැයිස්තුවේ චිත්‍රපට 10 කට අධික ප්‍රමාණයකින් යාවත්කාලින කරන්නට අපේ සොහොයුරු සොහොයුරියන් සැදී පැහැදී ඉන්නවා. නමුත් අනර්ඝම දේ ඔබට දෙන්න හැමවෙලේම පොරකන අපි අද සුදානම් වෙනවා තවත් ලැයිස්තුවක් ඔබ වෙත ගෙන එන්නට ඒ AFI හොඳම චිත්‍රපට 100 ලෙසින්. නමුත් එතනින් නතර වෙන්නට අපි සුදානම් නැහැ, මනස කලඹන, උද්වේගකර  අමුතුම අනාගතයක දිවෙනා රහස් පරීක්ෂක ක්‍රියාදාම ටෙලි කතාවක් මුළුමනින්ම අද ඔබට දැකගන්නට හැකි වේවි කියලත් මතක් කරන්නට ඕන. එදා මෙදා තුර අපි කලින් කතා වුනා වගේම අපි ගොඩක් දේ කළා මේ සුදානම තවත් අලුත් දෙයක් කරන්නට මුල් ගල තියන්නයි, ඒ මොකද්ද බලන්න හවස 6 ට විතර අපේ වෙබ් අඩවියට ගොඩ වදින්න කියලත් ආරාධනා කරනවා….

මොනවා කියනවද හවස 6 නෙමෙයි අද දවස පුරාම අපි එකක් ඉන්න ඔබ සැමට යමක් තියේවි අපේ නිවසින්, දැනුම, විනෝදය මේ හැමදෙයක්ම ඔබ වෙත අරගෙන එන්නට තව වසරකට අවසරයි අපිට ඔබ සැමට ආවඩා ආයුබෝ වේවා !!!

401 comments

  1. Brother007

    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්..

  2. upul kumara

    baiscope ඇත්තෙන්න ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඔන සයිට් එකෙ ඇඩ්ම්න් තුමාට සහ කාර්යය මන්ඩලයට.
    සුපිරිම වැඩක්..!!
    baiscope.lk නැත්නම සින්හලෙන් උප සි‍රැසි බලන්න වෙන් නෑ.
    එ වගෙම තමය් උප සි‍රැසි හදන අයටත් මෙ ස්තූතිය හිමිවෙන්න ඔන.
    Good Luck All the Best…!!
    [චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්]

  3. ajith00129

    ජයෙන් ජයම වේවා බයිස්කෝප් එකේ හැමෝටම

  4. anura ranjan

    baiscopelk supar baiscopelk තාම හොදම

  5. rayanraini

    I wish all the best to all Baiscope Administration Unit Brothrs and Sisters. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්..

  6. Chanaka

    Happy birthday baiscopelk

  7. diniya

    suba pathum bro ..... jaya wewa

  8. කෞශල්‍ය දුෂ්‍යාන්

    මුලින්ම කියන්න ඕන අකුරක් නෑර මුලු ලිපියම කියෙව්ව.කවුරු ලිව්වද කියන්න දන්නේ නෑ.නමුත් යම් තැන්වලදි මගේ ඇසටත් කදුලක් ආවා කියල නම් අනිවාර්යෙන් කියන්නට ඕන.අවුරුදු නමයක්.මම මේ වෙබ් පලට ගොඩවෙන්නේ 2012 වර්ශයේ.වසර 6ක් පුරාවට ලද දැනුම බොහොමයි.බාගත කරපු උපසිරස මෙපමණයි කියන්නට මට නොහැකියි.ඉතින් මේ සේවය තවත් වසර ගණනාවක් ඉදිරියට ගෙනයන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියා මම ඉත සිතින් පතනවා.ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සදා ජය.

  9. Kavinda Athukorala

    Jayen jayama wewa අවුරුදු 5ක් පුරවට මට දුන් සේවය නම් අනගිබවනීයයි

  10. viraj harsha

    Jayawewa.....happy birthday baiscopelk team...

  11. dcdweerawardhana

    Thank you very much for your greatest service :-)

    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්

  12. veruni12

    Jayen jayama weawa mchanlaaaaaa........
    ubala set eka karana me wadeta pattama thanxxxx,,,,,,
    සුපිරිම වැඩක්.
    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.!!

  13. siricute

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥ අපි බාපු හැම සබ් එකක් ගානෙම ස්තූතිවන්ත වෙනවා..... ♥
    ♥ තවත් ඉදිරියට තවත් හොදින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා...... ♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    "චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්"

  14. web

    ජය වේවා..!

  15. Wolwerine.

    congrats!

  16. Thithira Alahakoon

    පට්ට පට පට

  17. Madushan Piyumantha

    Congrats !! ^^

  18. Deshan Rathnayaka

    මම Baiscope අඩවියෙන් උපසිරසි බාගන්නෙ 2014 ඉඳන්. අද වෙනකො Movie එකක් TV Series එකක් බලනකොට එ්වට sub එක Down කරගන්න එන Baiscope අඩවිය ගැන කව්ද හිතුවෙ අද අපට නැතුවම බැරි තැනට පත්වෙයි කියලා.

    අර කතාවටත් කියවනෙ
    ෴.'අා මඟ කෙටියි, යා යුතු මඟ දුරයි'.෴
    කියලා. එදා අද වගේම හෙටත්
    ෴.'අප ඔබ සමඟයි සැමදා'.෴

    ♥♥♥...CONGRATULATIONS WITH ALL MY HEART...♥♥♥
    Deshan Rathnayaka (HUNTER)

  19. sanuj

    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්

  20. Chanu Thisara

    සුභ පැතුම් බයිස්කෝප්....උඹලා කොල්ලො,කෙල්ලො ටිකක් සෙට් වෙලා කරන්නෙ ලොකු සේවයක්...ආදරෙයි උඹලට..සුභ අනාගතයක්...

  21. sanuj

    Subha pathum !!

  22. Neranja Senarathne

    අපිට ගොඩක් සතුටුයි ඔබලාගේ මේ ගමන ගැන. ගොඩක් චිත්‍රපටි, ටීවී සීරීස් අපි රසවින්දා මේ උපසිරැසි හින්දා. ඔබගාගේ සේවය ඉතා අගය කරනවා. ස්තූතියි ඔබ සැමටම. ජය වේවා . . .

  23. max02

    HAPPY BIRTHDAY BAISCOPE !!!!!!

  24. Sahan Sulakkhana

    Happy Birth Day baiscopelk.com

  25. johnnysand

    Congratulations to all the crew of Baiscope සිංහලෙන්...

  26. Mayuranada Fernando

    සුභ පැතුම් බයිස්කෝප්….උඹලා කොල්ලො,කෙල්ලො ටිකක් සෙට් වෙලා කරන්නෙ ලොකු සේවයක්…ආදරෙයි උඹලට..පැලෙන්න

    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්

  27. Amila Eranda

    සුභ පැතුම් බයිස්කෝප්….ස්තුතියි ෙනාසැලි පැමිණියාට දිගු ගමනක්...!

  28. Thilina chamara

    Elama thama.happy anniversary.

  29. Nuwanc

    All da very best baiscope !!!!

  30. kanishka Weranga

    Siyaluma denata bohomathma stuti....

    Oblagen wena sewaya , udawwa....wachanayen , mudalin meniya noheka....

    newatat.....bohomathma stuti....

  31. Gayan_madushanka_

    Congratulations බයිස්කෝප් සිංහලෙන්.

  32. samz1991

    Congratulations Baiscope......ඇඩ්මින්වරු අතුලු සියලුම සිංහල උපසිරස සපයන සහෝදර,සහෝදරියන් හට ගොඩාක් ස්තුති...

  33. Ravi28

    සුබ පැතුම් baiscope 9 සංවත්සරයට
    Ela bro digatama karagena yamu
    ආදරෙයි pelenna

  34. Tharaka

    බයිස්කෝප් ටීම් එකේ සැමටම සුභම සුභ උපන් දිනයක් වේවා! ඔයාලා ඔක්කොම කරන මේ සේවය ගැනනම් කියන්න මට වචන නෑ. බයිස්කෝප් වෙබ් අඩවිය නිසා අපට නවතම චිත්‍රපට,ටීවී සීරීස් වගේම අපි කිසිදා නොදුටු අසා නැති විශිෂ්ට සිනමා නිර්මාණ පවා දැක හඳුනාගන්නට වාසනාව ලැබුණා. ඒවා රස විඳීමෙන් අප අසීමිත සතුටක් ලැබුවා. කෙනෙක්ගේ සිත සතුටු කරනවායි කියන්නෙත් විශාල පුණ්‍යකර්මයක් තමයි. ඉදිරියටත් සියලු කටයුතු තවත් හොදින් කරගෙන යන්නට ඔබ සැමට ශක්තිය, ධෛර්‍ය හා වාසනාව ලැබේවා කියා මම හදවතින්ම පතනවා!
    ජයෙන් ජයම වේවා..!
    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි..!
    “චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්...............................................................!!”

  35. losaka

    සුහ පැතුමි බයිස්කෝප් තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙිවා!!!

  36. Arosha

    සුබ අනාගතයක් බයිස්කෝප් පවුලේ සැමට !

  37. MURTHISRI

    jaya wewa saholata................

  38. nisalt

    Congratulations Baiscope
    And thank you all the members for the service which you are serving to all of movie lovers....

  39. අවන්ත එරා

    සුබ පැතුම් බයිස්කෝප් පවුලේ හැමෝටම

  40. Amimac

    සුබ පැතුම් බයිස්කෝප් සහෝදරවරුනේ උඹලාගේ සේවය අමතක නෑ සැමදා අපී බයිස්කෝප් සමගයී

  41. tokalum

    hadawathinma suba pathanawa oyalata

  42. Nirosh C

    බොහොම ස්තුතියි මිත්‍රයනි, දිගු හා වාසනාවන්ත ඉදිරි ගමනකට සුබපැතුම් ! ජයවේවා !!!

  43. Steve

    Congratulations Baiscope we all with you , Keep it up Good luck Biecope ✅✍✍.......

  44. Kanchana

    ඇඩ්මින්වරුන් උපසිරසි නිර්මානකරුවන් ඇතුලු බයිස්කකෝප් අඩවියේ සියලු සාමාජිකයින්ට ස්තුති කරන ගමන්ම HAPPY ANNIVERSERY Baiscop

  45. Silva

    Congratulations .... digatama wadee hodata karagena yanna...

  46. Ashen Weerasinghe

    අප වෙනුවෙන් කරන සේවයට බොහොමත්ම ස්තුතියි සියලුම දෙනාටම, පොඩි ඉල්ලීමක් තියෙනවා fighter in the wind ෆිල්ම් එකට සබ් එකක් දෙන්ඩ පුලුවන්ද.?

  47. lakmal

    Happy birthday biscope ubala naththam apita film tv series kiyala deyak balanna wenne ne

  48. AkashA4

    congrats

  49. Iroshan Kumar

    Congratulations baiscope family..... happy anniversary.

  50. rushani

    සුබ උපන්දිනයක් බයිස්කෝප් මිතුරෝ හැමෝටම.. තවදුරටත් මෙම කාර්ය කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා !

Load more comments