Watch Trailer

Inside Edge (2017 – ) [S01 : E01] Sinhala Subtitles | මුම්බායි මැව්රික්ස්… [සිංහල උපසිරැසි සමග]

අන්තර්ජාල සිංහල උපසිරැස කලාව හදුන්වාදිලා බයිස්කෝප් බ්ලොග් අඩවිය ගමනක් ආරම්භ කළා නෙව බොහොම කාලෙකට කලියෙන්. දැන් නම් ඒ තැන්වල ගස් පැල වෙලා බොහොම සරුසාරේට සිනමා රසිකයන්ට හෙවන දෙන්න බයිස්කෝප් නම් වූ මහා රුක්‍ෂය සමත් වෙලා තියනවා. ඉංග්‍රීසි චිත්‍රපටිවලින් ආරම්භ ගත්තා වුනත් දැන් අපේ අඩවියේ උපසිරැස නොදෙන්න…

අන්තර්ජාල සිංහල උපසිරැස කලාව හදුන්වාදිලා බයිස්කෝප් බ්ලොග් අඩවිය ගමනක් ආරම්භ කළා නෙව බොහොම කාලෙකට කලියෙන්. දැන් නම් ඒ තැන්වල ගස් පැල වෙලා බොහොම සරුසාරේට සිනමා රසිකයන්ට හෙවන දෙන්න බයිස්කෝප් නම් වූ මහා රුක්‍ෂය සමත් වෙලා තියනවා. ඉංග්‍රීසි චිත්‍රපටිවලින් ආරම්භ ගත්තා වුනත් දැන් අපේ අඩවියේ උපසිරැස නොදෙන්නේ සිංහල චිත්‍රපටි වෙනුවෙන් විතරයි කිව්වොත් මම නිවැරදි මම හිතන්නේ. ඔහොම කාලයත් එකක් ටෙලි කතා වෙනුවෙන් අත තිබ්බ අපේ සාමාජිකයන් අද ඉංග්‍රීසි, කොරියානු, ජපන් විතරක් නෙමෙයි මේ ඊයේ පෙරේදා කොහෙවත් නැති තුර්කි ටෙලි කතාමාලාවක් පවා ඔබ වෙත ගෙන එන්න වැඩ ආරම්භ කල බව දන්නවා ඇති නෙව. මේ සුදානම් ඒ ගමනේ තව එක පියවරක් තියන්න ඒ හින්දි කතා මාලාවක් සිංහල උපසිරැස එකක් ඔබ වෙත ගෙනවිත්. මොකද දැන් අපේ අඩවියේ අඩු වෙලා තියෙන්නේ මෙච්චරයි, ආරංචි ඉස්සරහට තව කතා දෙකක් එන්න තියන විත්තියත්…

මුලින්ම කියන්න ඕන මම හින්දි රසිකයෙක් නෙමෙයි නමුත් කරුමේ කියන්නේ යන්තම් දැක්ක ඇමරිකානු-ඉන්දියානු මුහුවක් හැටියට නිර්මාණය වුන ඇමසෝන් සමාගමේ ටෙලි කතා ඒකකය වෙනුවෙන්ම ඉන්දියාවෙන් එහෙමත් නැත්නම් හින්දි භාෂාවෙන් නිර්මාණය වන ප්‍රථම ටෙලි කතා මාලාවට මගේ හිත ගියා නෙව. බය වෙන්න එපා හින්දි කතාවක් වුනත් මේක මහා කොටස් ගණනක් නැති ඒකට මම හිතන්නේ ඇමරිකානු පාර්ශවයට ස්තුතිවන්ත වෙන්න ඕන අපි පළමු කතා සමය වෙනුවෙන් කොටස් 10 පමණයි ඇවිත් තියෙන්නේ. ඒ වගේම මේක බොහොම වාර්තා ගත ටෙලි කතා මාලාවක්, ආරම්භයත් එකක් පළමු සතියෙම Amazon Prime Video හි වැඩිම දර්ශන වාර ගණන හා එක ටෙලි කතා මාලාවක් වෙනුවෙන් වැඩිම නව සාමාජිකයන් ගලාගෙන ඒමත් සිද්ධ වෙලා තියනවා මේ කතාව නිසාවෙන්. ඒ වගේම දෙවැනි සමයක් එන බව තමයි දැනගන්නට තියෙන්නේ.

කතාවේ අධ්‍යක්ෂණය Karan Anshuman ගෙන්, තිරයේ දකින මුහුණු වෙන්නේ Vivek Oberoi, Richa Chadha, Angad Bedi, Tanuj Virwani, Sarah-Jane Dias, Sayani Gupta, Natasha Suri වගේ පිරිසක්. IMDB 8.3 ක අගයක් ලබාගත් මේ ටෙලි කතා මාලාව Drama, Sport කාණ්ඩ නියෝජනය කරනවා. කතාවක් මිනිත්තු 45 වගේ තුල අවසන් වෙනවා හැබැයි කොටස් 10 ම එකිනෙක් සම්බන්ධවත තමයි ගලාගෙන යන්නේ.

හොඳයි එහෙනම් දැන් කතාවට බහිමුකෝ, අපි හැමෝම කැමති නෙව ක්‍රිකට් ක්‍රීඩාවට… අපේ රටේ නිල නොවන ජාතික ක්‍රීඩාව වුනත් අපිට ඉන්දියානුවන්ට තරම් ඒ ගැන පිස්සුවක් නැහැ කියන එක මම හිතන්නේ අපි හැමෝම පිළිගන්න කාරණයක්. IPL ආරම්භයත් එකක් ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටුකුරු කරන්නට ඉන්දියානුවන් සමත් වෙලා තියෙනවා. ඒ ක්‍රීඩාව පැත්තෙන් වගේම තරග ඔට්ටු පැත්තෙන්. ඔය දෙවනියට කිව්ව කාරණය නම් ඒ තරම්ම එළිපිට වෙන දෙයක් නෙමෙයි මොකද ඒක ඉන්දියානු නීතියෙන් තහනම් දෙයක් වෙන නිසා. නමුත් ඕක බොහොම ප්‍රසිද්ධ රහසක්… බොහොම බලපුලුවන්කාරයන් ඇතිවෙලත් තියනවා මේකෙන් නැති වෙලත් තියනවා… මේ එවන් කතාවක්…

කතාවට අදාළ වෙන කණ්ඩායම මුම්බායි මැව්රික්ස් කණ්ඩායම. මේ කණ්ඩායමේ 15% අයිතියක් තියෙන්නේ හින්දි සිනමාවේ ප්‍රසිද්ධ නමුත් දැන් එතරම්ම දකින්නට නැති නිළියකට, අනික් 85% අයිති ව්‍යාපාරිකයා බුන්මත් වීම හේතුවෙන් කණ්ඩායමේ තමුන් සතු අයිතිය විකුණන්නට වෙන තැනකින් තමයි අපි කතාව ආරම්භ කරන්නේ… මුල් කොටසේ ඒ නිසාවෙන් නම හිමිකරුවෙක් සොයා ගැනීම තමයි දකින්න ලැබෙන්නේ… හැබැයි කියන්න ඕන 20/20 තරගයක තියන උද්යෝගය එහෙම්ම තියාගෙන තිරයෙන් පිටුපසට කරන මේ එබිබැලිම බොහොම උද්යෝගිමත්… මම තවත් කතාව ගැන කියන්න යන්නේ නැහැ ඔබ හින්දි සිනමාවට කැමති, ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරනවා නම් නම් විශේෂයෙන්ම Victory වැනි චිත්‍රපට රසිකයෙක්ඔ නම් ඔබ මෙහි රසිකයෙක් වෙනවා සිකුරුයි… එහෙනම් ඊලග කොටසත් එකක් අනිද්දා හමුවෙමු. ඔබට ජය වේවා…!!!

පා.ලි.

මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකට ගියොත් ගන්න ලේසි වේවි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

23 comments

  1. සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. viraj harsha

    Thanks..The Leftovers Tv series ekatath sub dennko

  4. TharakaWAS

    Thanks for sub...good luck bro..!!!

  5. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....
    හින්දි වුනාට සුපිරි කතාවක් වගේ...
    බයිස්කෝප් එකෙන් උපන්දිනේට සුපිරි තෑගිනේ දෙන්නේ....

  6. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  7. Suranjan

    Thanks bro.......jayawewa......!

  8. Kawi Jayasinghe

    Tnx sahooooo

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Darshana Sanjaya

    Thanks machooo
    24 Indian Series ekatath sub dennkoooo

  12. R.chandimal

    tnx sub ekata.

  13. Denuwan lucifer

    Supiriii

  14. jagath ranasinghe

    kohomada download karanne?

  15. Nirosh C

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා!

  16. Dilruk lahiru

    Elzzzzzz MCN digatama sub denna....

  17. Kanchaka

    Thanks bro.........

  18. Thisal

    ස්තුතියි

  19. කෞශල්‍ය දුෂ්‍යාන්

    මේක හොදයි වගේනේ....එහෙනං බලමුකෝ.උපසිරසට බොහොම තුති සමීර අයියේ.සදා ජය.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Thilina Chamara

    thank you...

  22. Anonymous

    Thanks

    1. MAALNATH

      Thanks......good luck.......