“A Knight of the Seven Kingdoms” හි හතරවන කොටසත් සමඟ සිදුවීම් වේගයෙන් උග්‍ර අතට හැරෙනවා. මෙහිදී එග්ගේ සැබෑ පසුබිම (ඔහු කවුද කියන වග) හෙළි වෙනවා වගේම, හරි දේ කරන්න ගිය ඩන්ක්ට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වෙනවා. ඩන්ක් සහ එග් නැවත එකතු වීමේ සිට, මේ හෙජ් නයිට්වරයාගේ “සටන් විනිශ්චය” (trial by c…

“A Knight of the Seven Kingdoms” හි හතරවන කොටසත් සමඟ සිදුවීම් වේගයෙන් උග්‍ර අතට හැරෙනවා. මෙහිදී එග්ගේ සැබෑ පසුබිම (ඔහු කවුද කියන වග) හෙළි වෙනවා වගේම, හරි දේ කරන්න ගිය ඩන්ක්ට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වෙනවා. ඩන්ක් සහ එග් නැවත එකතු වීමේ සිට, මේ හෙජ් නයිට්වරයාගේ “සටන් විනිශ්චය” (trial by combat) සඳහා සූදානම් වීම දක්වා දිවෙන “Seven” කියලා හැඳින්වුනු පහුගිය කොටස, සැබෑ නයිට්වරයෙකු වීම සහ අසාධාරණයට එරෙහිව සටන් කිරීම කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කරන ඉතා හැඟීම්බර අවස්ථාවන්ගෙන් පිරී ගිය කොටසක්. කිසිම බලයක් නැති අයට ක්‍රියාත්මක නොවෙන, අසාධාරණ ලෙස සකස් වී ඇති ක්‍රමයකට (system) එරෙහිව තනි පුද්ගලයෙකුට කොච්චර බලපෑමක් කරන්න පුලුවන්ද? අනාගතයක් හරියට පැහැදිලි නැතත්; නිර්භීත, ටිකක් විතර මෝඩ, ඒ වගේම අතිශය අවංක අපේ ඩන්ක් ඒ වෙනුවෙන් පෙනීහිටින්න දැන් සූදානම් වෙලා ඉන්නේ. මේක නම් ඩන්ක්ට ලේසි පහසු වැඩක් නෙවෙයි.රාජකීය පවුලේ සාමාජිකයෙකුට පහර දුන්නා කියලා ඩන්ක්ව හිරභාරයට අරගෙන විතරක් ඒරියන් ටාගේරියන් සෑහීමකට පත් වෙන්නේ නෑ. එයා ලොකු උත්සාහයක් දරනවා එග්ගේ අතුරුදහන් වීමත් ඩන්ක්ගේ පිටින් යවන්න. එයා දිගින් දිගටම කියන්නේ ඔවුන් මුලින්ම හමුවුණු තානායමේදී ඩන්ක් මේ ළමයාව පැහැරගත්තා කියල.
ඇත්තටම පොඩි ඒග් සහායකයෙක් (squire) විදිහට සේවය කරන්න නියමිතව තිබුණේ එයාගේ අයියා, ඩේරොන්ට. මතකනේ කතාවේ පළමු කොටසේ හිටපු ඒ බේබද්දා? එයා ඇෂ්ෆර්ඩ් තරඟාවලියට සහභාගී වෙනවට වඩා කැමති වුණේ හොඳටම බීලා පිස්සු නටන්න (නිකමට නෙවෙයිනේ එයාට ‘Daeron the Drunken’ හෙවත් ‘බේබදු ඩේරොන්’ කියලා කියන්නේ!). ඉතින් තමන් ගැන බලන්න කවුරුත් නැති වුණු වෙලාවේ, එග් තීරණය කරනවා ඩන්ක්ගේ සහායකයා විදිහට බොරුවට රඟපාන්න. කොහොම වුණත්, තමන්ගේ බොරු නිසා සිද්ධ වුණු කරදර ගැන එග් ඇත්තටම පසුතැවෙනවා කියන එක නම් කියන්නම ඕන. එහෙම නැත්නම් ඉතින් එයාගේ කඳුලින් පිරුණු අර ඇස් දැක්කම, හිත උණු නොවෙන්නේ කාටද? පේන විදිහට ඩන්ක්ට නම් එහෙම ඉන්න බෑ. බැලූ බැල්මට එයා ඉන්නේ හොඳටම දරුවා ගැන කළකිරුණු තාත්තා කෙනෙක් වගේ වුණාට, බේලර් කුමාරයා ඉස්සරහා මේ පොඩි එකාගේ ගුණ වයන එක නවත්තගන්න එයාට බැරි වෙනවා.
මේ කතා මාලාවේ නම ‘A Knight of the Seven Kingdoms’ වුණත්, අපි (විශේෂයෙන්ම මම) හිතන තරම් වෙලාවක් බේලර් ටාගේරියන්ව තිරය මත දකින්න ලැබෙන්නේ නෑ. ඒත් ඇත්තටම, එහෙම දකින්න ලැබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ නැත්තේ කාටද? බොහොම කල්පනාකාරී, විමසිලිමත් සහ තැන්පත් චරිතයක් වන එයා හරි ආකර්ෂණීයයි. පෙනෙන විදිහට එයා ඩන්ක්ව තමන් ළඟට ගෙන්වාගෙන තියෙන්නේ බැනවදින්න නෙවෙයි, එයාගේ ජීවිතය බේරාගන්න ක්‍රමයක් හොයන්නයි. ඔහු යකඩ සිංහාසනයේ උරුමක්කාරයා වුණත්, ඒරියන් දිගින් දිගටම ඉල්ලන මේ නඩු විභාගය වළක්වන්න ඔහුටවත් හැකියාවක් නෑ. මොකද මේ හෙජ් නයිට්වරයා රජතුමාගේ මුණුබුරාට පහර දුන්නා. ඔහු එහෙම කළේ (කොච්චර අසාධාරණ වුණත්) රාජද්‍රෝහියෙක් ලෙස හංවඩු ගහලා ඉන්න තරුණියක්ව ආරක්ෂා කරන්නයි.
ඒ නිසා ඔහු ඩන්ක්ව දිරිගන්වනවා ද්වන්ධ සටනක් (trial by combat) ඉල්ලා සිටින ලෙස. එයා බලාපොරොත්තු වෙනවා ඩන්ක් තමන්ව බේරාගන්න තරම් දක්ෂ සටන්කරුවෙක් වෙයි කියලා. නමුත් නහේට අහන්නේ නැති වුණු ඒරියන් වැඩේ අනිත් පැත්ත හරවනවා. එයා බල කරන්නේ ‘සත් දෙනාගේ විනිශ්චයක්’ (trial of seven) ලෙස හැඳින්වෙන දෙයක් පවත්වන්න කියලා. මේක ඉතා කලාතුරකින් භාවිතා වන පැරණි ඇන්ඩල් (Andal) චාරිත්‍රයක්. මේකෙදී ශූරයන් හත් දෙනෙක් බැගින් දෙපැත්තෙන් ඉදිරිපත් වී එකිනෙකා සමඟ සටන් කරන අතර, වරදකරුවන්ට දඬුවම් කිරීමට බලාපොරොත්තු වන අයට දෙවියන්ගේ පිහිට ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
කෙටියෙන්ම කිව්වොත්: මේක බරපතල වැඩක. හැබැයි ඉතින් මේ විශේෂ ටාගේරියන් කුමාරයාගේ හැටි එක්ක බැලුවම මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඩේරොන් නිකමට වගේ කියන කතාවකින් හෙළි වෙනවා ඒරියන් ඇත්තටම හිතන් ඉන්නේ එයා මනුස්ස වේශයෙන් ඉන්න මකරෙක් කියලා. ඒක බැලූ බැල්මට පිස්සුකතාවක් උනාට ඉතින් මේ පවුලේ අයගේ තියෙන පිස්සුව දිහා බැලුවම ඒක ගැන එච්චර පුදුම වෙන්න දෙයකුත් නෑ.
නඩු විභාගය පැවැත්වෙන උදෑසන උදා වෙනවා. බැලින්නම් ඩන්ක් හිතාගෙන හිටියට වඩා ශූරයන් පිරිසක් ඔහු වෙනුවෙන් සටන් කරන්න ඉදිරිපත් වෙලා. මේකට ගොඩක්ම ස්තූතිවන්ත වෙන්න ඕන එග්ට. පේන විදිහට එයා රෑ එළි වෙනකම් දුව පැන ඇවිදලා, තමන්ගේ පවුලට වෛර කරන, එහෙම නැත්නම් නිකන් හොඳ සටනක් කරන්න කැමති අයව හොයාගෙන තියෙනවා. ඒරියන්ගේ පැත්ත ගත්තොත්, එයාගේ තාත්තා මේකාර් කුමාරයා, සහෝදරයා ඩේරොන් වගේම සර් ස්ටෙෆන් ෆොසවේත් ඉන්නවා. ෆොසවේ කියන්නේ මුලින් ඩන්ක්ට උදව් කරනවා කියලා පොරොන්දු වුණු, නමුත් පස්සේ ස්වාමි තනතුරකට (lordship) කෑදරකමේ තමන්ගේ ගෞරවය පාවා දීපු කෙනෙක්.ඒ වගේම ඩේරොන් රජතුමාගේ කිංග්ස්ගාඩ් (Kingsguard) සාමාජිකයෝ තුන් දෙනෙක්ටත් මේකට සටන් කරන්න අණ ලැබිලා තියෙනවා.
ඩන්ක් වෙනුවෙන් පෙනී සිටින්නේ අලුතින්ම නයිට් පදවිය ලැබූ සර් රේමන් ෆොසවේ (Ser Ramun Fossoway); ඒරියන් තමන්ගේ කකුල කැඩුවට පළිගන්න බලාගෙන ඉන්න, දරුණු තුවාල ලබා සිටින සර් හම්ෆ්‍රි හාඩින්ග් (Ser Humfrey Hardying); හාඩින්ග්ගේ මස්සිනා වන සර් හම්ෆ්‍රි බීස්බරි (Ser Humfrey Beesbury); එක ඇසක් ඇති පිස්සෙක් වගේ ඉන්න සර් රොබින් රයිස්ලින් (Ser Robyn Rhysling); සහ හැමෝම කැමති, අවුරුදු සීයකට පස්සේ එන පළමු ‘සත් දෙනාගේ විනිශ්චයට’ (trial by seven) සහභාගී වෙන්න පුදුම උනන්දුවකින් ඉන්න සර් ලයන්ල් බරතියන් (Ser Lyonel Baratheon). අවාසනාවකට වගේ, සර් ස්ටෙෆන්ගේ පාවාදීම නිසා ඩන්ක්ට අවශ්‍ය කරන ගානට කට්ටිය නෑ. එයාට කියනවා තව එක ශූරයෙක්වත් හොයාගන්න බැරි වුණොත්, සටන් කරන්නේ නැතුවම එයා පරාදයි (forfeit) කියලා පිළිගන්න වෙනවා වගේම, එයා වැරදිකාරයා වෙනවා.
ඩන්ක් හරි උද්යෝගිමත් කතාවක් කරනගමන්, එතන රැස්වෙලා බලාගෙන ඉන්න ඕනෑම කෙනෙකුගෙන් ඉල්ලා සිටිනවා ඉදිරිපත් වී නිවැරදි දේ කරන්න කියලා. වෙස්ටරෝස් දේශය අතීතයේ ප්‍රසිද්ධව තිබූ ආකාරයේ සැබෑ නයිට්වරයෙකු ලෙස කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. වාසනාවකටවගේ, කෙනෙක් ඊට ප්‍රතිචාර දක්වනවා. නමුත් ඒ ඉදිරිපත් වෙන්නේ බොහෝ ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූ පුද්ගලයා නම් නෙවෙයි.
“A Knight of the Seven Kingdoms කතා මාලාව, එය අයත් වන අර දැවැන්ත කතා ලෝකයෙන් (shared universe) හිතාමතාම වෙන්ව සිටීමට ලොකු උත්සාහයක් ගත්තා. ජෝර්ජ් ආර්. ආර්. මාටින්ගේ ලෝකයේ දැඩි රසිකයින්ට (hardcore fans) අර ලියනාඩෝ ඩිකැප්රියෝ අත දිගු කරන මීම් (meme) එක මතක් කරවන විදිහේ සම්බන්ධතා සහ ඉඟි (references) කීපයක්ම මේකෙත් තිබුණා. නමුත් බොහෝ දුරට මේ කතාව උත්සාහ කළේ සරල, කුඩා පරිමාණයේ කතාවක් ලෙස තමන්ගේම ගමනක් යන්නයි.
ඉතින් බේලර් ටාගේරියන් කුමාරයා සටන් පිටියට පිවිසෙන මොහොතේදී, සංගීත නිර්මාණකරු රාමින් ජවාඩිගේ (Ramin Djawadi) අර සුප්‍රසිද්ධ ‘Thrones’ තේමා සංගීතය (Thrones theme music) වාදනය වෙද්දී — මේ කතා මාලාව වෙනුවෙන් ඒක ටිකක් රිමික්ස් කරලා තිබුණත් — ඒකෙන් දැනෙන ගැම්ම නම් වචනයෙන් කියන්න බෑ. බේලර් පිටියට ඇවිත්, තමන්ගේම පවුලේ සාමාජිකයෝ කීප දෙනෙක්ට විරුද්ධව ඩන්ක් එක්ක හිටගන්න එක තරම් මේ එපිසෝඩ් එක ඉවර කරන්න පුළුවන් තවත් ගැම්මක් තියෙන විදිහක් ගැන මට නම් හිතාගන්න බෑ. ටාගේරියන් පවුලේ කෙනෙක්ට මේ වගේ නියම අවංක වීරයෙක් වෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. විශේෂයෙන්ම කිසිම සැකයක් නැතුව ‘යහපත් දෙයක්’ විදිහට ඉදිරිපත් කෙරෙන අවස්ථා බොහොම දුර්ලභයි. මොකද අන්තිමේදී බැලුවම බේලර් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. ඇත්තටම ‘හොඳ’ මනුස්සයෙක්.
අද කතාවේ වෙන්නේ මොනවද කියලා දැනගන්න එක කතාව බලන ඔයාට භාරයි. වෙනදාවගේම අද කතාවත් රසවිඳින්න, කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මේ එපිසෝඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් අපේ බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් වගේම ටෙලිග්‍රෑම් එකෙනුත් ගන්න පුළුවන්.
ඊළඟ එපියෙන් හමුවෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
5,285 downloadsDownload Knight.of_.the_.Seven_.Kingdoms.S01E05.zip9.9 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #2026
- #A Knight of the Seven Kingdoms [S01: E01] Sinhala Subtitles
- #A Knight of the Seven Kingdoms Sinhala Subtitles
- #Editor's Pick
- #His and Hers 2026 sinhala sub
- #His.and.Hers.2026
- #MaxxA
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #යසිරු හසරංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Anonymous
Asanga Basooriya
Bohoma sthuthi sub ekata..
Anonymous
Thanks
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika laKMal
සබ් එකට තෑන්ක්ස් මචං
Anonymous
sub ekata thank you bro
Anonymous
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![A Knight of the Seven Kingdoms [S01: E05] Sinhala Subtitles | සත් දෙනාගේ සටනෙහි දේව තීන්දුව! [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/AKOTSK-S01.jpeg)




episode eka release wechcha gaman mechchara ikmanata labewi kiyala hithuwe na. thanks.