Watch Trailer

A Werewolf Boy (2012) | වෘක කොලුවා. [සිංහල උපසිරැසි සමඟ]

[box] වෛද්‍ය රසායනාගාර වාර්තාව නම :කිම් චොල්-සු වයස: නිර්ණය කල නොහැක ස්ත්‍රී පුරුෂ භාවය: පුරුෂ රුධිර ගණය: නිර්ණය කල නොහැක ම්.. කට්ටිය බලයි මම මොකද මේ වෛද්‍ය වාර්තාවක් ගෙනල්ලා තියෙන්නේ කියලා. නැහැ, නැහැ… මම වෛද්‍ය රසායනාගාර විද්‍යාව හදාරන නිසානම් නෙවෙයි. හරි ඉතින් මේ වාර්තාවේ අයිතිකාරයා ගැන කියන්නම්…

A Werewolf Boy (2012)

වෛද්‍ය රසායනාගාර වාර්තාව

නම :කිම් චොල්-සු

වයස: නිර්ණය කල නොහැක

ස්ත්‍රී පුරුෂ භාවය: පුරුෂ

රුධිර ගණය: නිර්ණය කල නොහැක

ම්.. කට්ටිය බලයි මම මොකද මේ වෛද්‍ය වාර්තාවක් ගෙනල්ලා තියෙන්නේ කියලා. නැහැ, නැහැ… මම වෛද්‍ය රසායනාගාර විද්‍යාව හදාරන නිසානම් නෙවෙයි. හරි ඉතින් මේ වාර්තාවේ අයිතිකාරයා ගැන කියන්නම්කෝ. වයසක කිම් සුනී මහත්මිය ඇමරිකාවේ සිට තමන්ට උරුමයෙන් හිමිවූ කොරියාවේ පිටිසරබද ගමක ඇති තම නිවස විකිණීම සඳහා කොරියාවට යනවා. නිවසට යන ඇයට ඊට වසර 47කට පෙර තමන් තරුණ කාලයේ අත්දැකීමක් සිහි වෙනවා. ඒ ඔස්සේ තමයි චිත්‍රපටය ඉදිරියට දිවෙන්නේ.

තරුණ කිම් සුනී තමන්ගේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව තම මව හා නැගණිය සමඟ පිටිසරබද ගමක පදිංචියට යනවා. නිවසේ වසා ඇති මඩුවකට යන සුනී වෘකයෙක් වැනි සතෙක් දකිනවා. එසේම ඊලඟ දවසේ මවත් සමඟ ඉන්න විටදී ඇය ඒ සතාව නැවත දකිනවා. නමුත් පසුවයි ඔවුන්ට දකින්න ලැබෙන්නේ ඒ සතෙක් නොව පිරිමි ළමයෙක් බව. ඔහු ඉතාම ආසාමාන්‍ය ලෙසයි හැසිරෙන්නේ. ඇත්තෙන්ම ඔහුගෙන් කිසිම මිනිස් සමාජීය හැසිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔහුට කතා කරන්න බැහැ, මිනිස් භාෂාව තේරෙන්නේ නැහැ, මුලින්ම ගමන් කරන්නේ හතර ගාතෙන්, කෑම ගන්නේ වතුර බොන්නේ හරියට බල්ලෙක් වගේ. ඉතින් සුනිගේ මව ඔහු ගැන බලධාරීන්ට දන්වනවා. ඔවුන් සිතන්නේ ඔහු යුද්ධය නිසා අනාථ වූ දරුවෙක් කියලයි. කෙසේ හෝ සුනිගේ මව ඔහුව හදාගන්න ගන්නවා. පෙනුමෙන් අවුරුදු 16ක් 18ක් වගේ වෙන මොහුට ඇය චොල්-සු කියලා නම් තබනවා. මොහුගේ හැසිරීම් නිසා ගෙදර අයට විඳින්න වෙන කරදර නම් එමටයි. නමුත් කිම් මහත්මිය ඔහුව හොඳින් බලා ගන්නවා. සුනී තීරණය කරනවා චොල්-සු ට මිනිස් ගති ගුණ පුරුදු කරන්න, ඇය ඔහුට කන්න, ලියන්න, කියන්න වගේම ඉන්න හැටිත් උගන්වන අතරේම ඔහුව හීලෑ කරනවා. අන්තිමේදී ඔහු සුනීට ඉතා කීකරු වෙනවා. මේ අතරේ තම පවුලේ මිතුරෙක් සුනිගේ අත ගන්න උත්සාහ දරනවා. එයට සුනී අකමැති නිසා දිනක් ඇය ට කරදර කරන විට චොල් සු එතෙනට එනවා. සුනීට කරදර කරනවාට චොල් සු කොහෙත්ම කැමති නැහැ. නමුත් මේ වෙලාවේ අමුතු දෙයක් වෙනවා ඒ තමයි චොල්-සු දරුණු විශාල වෘකයෙක් බවට පත්ව සුනිට කරදර කරන අයට පහර දෙනවා.

මේ අතරේ චොල්-සු ගේ හැසිරීම පිලිබඳ බලධාරීන්ට පැමිණිලි යොමු වෙනවා. එනිසාම චොල් සු ව වෙනම රඳවාගෙන නිරීක්ෂණය කරනවා. එහිදී කරන ලද වෛද්‍ය වාර්තාවක් තමයි මම මුලින්ම ඉදිරිපත්කලේ. පෙර ඒ නිවසේ විසු විද්‍යාඥයෙක් අභිරහස් ලෙස මිය යනවා. ඔහු විවිධ වර්ගයේ වෘකයන් යොදාගෙන සුපිරි සොල්දාදුවන් සැදීම ගැන පරීක්ෂණයක් කල අයෙක්. චොල්-සු ත් ඔහුගේ පරීක්ෂණයක ප්‍රතිපලයක් බව ඔවුනට වැටහෙනවා. මේ අතරේ චොල් සු සහ සුනී අතරේ පුංචි ආදරයක්ද ඇතිවෙනවා. මේ ආදරයට අර සුනිගේ අත ගන්න තැත් කරන කෙනාගෙන් කොයි වගේ බලපෑමක් වේවිද ? චොල් සු නැවතත් ප්‍රචණ්ඩ වේවිද? චොල් සු පිළිඹඳ රහස් ලෝකයාට අනාවරණය වේවිද? බලධාරීන් චොල් සු ගැන කවර පිලියමක් ගනීවිද?

චිත්‍රපටය A Warewolf Boy මෙහි කොරියානු තේමාව 늑대소년 (Neukdae Sonyeon-වෘක කොලුවා). මෙම චිත්‍රපටය IMDb ප්‍රේක්ෂක ප්‍රතිචාර ලෙස 6.7/10 ලබාගෙන තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Sung-H Jo ee.මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධමය ආදර කතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

හපොයි, ලිපිය දිග වැඩිද මන්දා.. 😉 අවිවේකී බව මැද ලැබෙන විවේකයේදී කල උපසිරසි ගැන්වීමක් තමයි මෙය එනිසාමයි ලබා දීමට ටිකක් පමාවුනේ. ඔබේ අදහස් දක්වලා යනවානම් මම ඉතා සතුටුවෙනවා. තවත් කොරියානු චිත්‍රපටයක් සමඟින් හමුවෙමු.ජය වේවා!

A Werewolf Boy (2012) on IMDb

 

 

1.4 GB කොපිය මෙතනින් බාගන්න F5C6B755352D59F5CE79348D16015B95F7A28BB8 2.8 GB කොපිය මෙතනින් බාගන්න F33FA9AC30CFCC382115112256E6AEA1679BF8EE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,782 downloadsDownload A.werewolf.Boy_.2012.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනුක මධුශාන්

Subtitles

3,782 downloadsDownload Subtitles315 B

74 comments

  1. hh

    patta machan

  2. naleen

    meyka maxxama film akak,.thx for sub

  3. mihin ලංකා

    එළනේ තවත් කොරියන් ඒවා ගේන්න සහෝ :)

  4. wow

    wow... maru :D

  5. ganidu

    තෑන්ක්ස් වේවා !

  6. kalinga

    මේවා නම් මැක්සා තමා දිගටම කොරියන් ෆිල්ම්ස් සබ් ගේන්න සහෝ

  7. pubudu

    supiri dinuka saho

  8. quik

    thanks

  9. chamath cafe

    ජය වේවා ඔන්න කොරියන් කොල්ලා ඇවිත් එල හොදේ

  10. hh

    tx :)

  11. rusuru | රුසිරු

    බොහොම පින් සහෝට දිගටම සබ් ඕනේ කොරියන් ඒවා හොදේ

  12. tharanga

    පට්ට පට්ට මාත් මේක කොරියන් හොදම් ෆිල්ම්ස් ලිස්ට් වල දැක්ක. අනිවා බලනවා. තුති

  13. උදාර

    ජයම වේවා!

  14. zumo man

    elazz thnxzzz

  15. fd

    gr8 :D

  16. upali

    ela ela ela ela

  17. Harsha Lahiru

    පට්ට බයිස්කෝප් එකක් වගේ ම්ට වඩා අඩු file එකක් දුන්නොත් තමයි හොද ජයවේවා සහො

    1. Amila`

      මචං මමත් බැලුවා හොයලා මේකට පොඩි ටොරෙන්ට් නෑ ඇවිත්.,තියෙන්නේ පත සයිස් මේකේ ඩිරෙක්ට් ලින්ක් තමා මාත් බාන්න දැම්මේ,

    2. Harsha Lahiru

      එලකිරි කොල්ලා

    3. දිනුක මධුශාන්

      ඩිරෙක්ට් ලින්ක් එකනම් සැහෙන්න වටිනවා.. බොහොම ස්තුතියි සහෝ!

  18. Rukshan

    podi copy yak naddo?

    1. geeth

      uda dala thiyena 900mb aka ganna saho

  19. geeth

    loweth na thx boss

  20. shann

    නියමයි සහෝ

  21. g-a-n-d-u

    ජයම වේවා අපේ කොරියන් කොල්ලට

  22. ccnp

    Thanks

  23. Amila`

    මාත් බාන්න දැම්ම ඩිරෙක්ට් දාපු කොපිය. ජය!!!!!!

  24. lasidu

    ඔන්න අපිත් බානවා එහෙනම්

  25. කැළුම්

    එල ෆිල්ම් එකක් වගේ බොහොම තුති දිනුක සහෝට

  26. was

    tx :)

  27. jeewantha

    niyamai koriyan akak kalekin baluwe na. thxxxxxxxxx

  28. jack

    එලෙත් එල මචෝ! බොහෝම ස්තුතියි උපසිරැසියට.

  29. uda

    නියමයි දිනුක හොලිවුඩයෙන් පිට සිනමාවක් ගෙනැල්ලා දුන්නට! මම සහශුද්ධෙන් දන්නවා මේ වගේ අමුතු කතාවක් ඉතාම මෑතකාලයේ දිනෙක(තව වසර කිහිපයක් ඇතුළත) අපේ රටෙත් හැදෙනවා. අපේම ලේඛකයෙකුගේ අපේම කතාවක්. විද්‍යා ප්‍රබන්ධයේ ලාංකික සලකුණක් තියාපු අපේ මනුස්සයෙක් -මගෙත් පෞද්ගලික මිත්‍රයෙක්-

    ඔහු දැන් තමන්ගේ ප්‍රථම කෘතිය (2008 වසරේ විද්‍යා ප්‍රබන්ධ රාජ්‍ය සාහිත්‍ය සම්මාන) සිනමාවට නගන්නට තිරපිටපත සකසමින් යනවා. ඔහුගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් මෙය තිරයට ගෙනෙන්නයි. මේ වගේ කතාවක් සිංහල දුන් මොහොතක මට ඉබේම ඒ ගැන සිහිවීම වළක්වන්න බෑ...

    මේ මොහොතේ එක ඉල්ලීමක් කරනවා. ඔහුගේ ඒ උත්සාහයට ඔබේ අගය කිරීම්වලින් සුබපැතුම්වලින් සවියක් වෙන්න එදාට එක්වෙන්න. ඒ සම්බන්ධව මම ඔබ දැනුවත් කරන්නම් ඉදිරියේදී...

    දිනුකට බොහොම ස්තුතියි සහෝ, හොලිවුඩයෙන් පිට මේ වගේ එකක් ගෙනාපු එකමත් වටිනවා. ජය!

    1. දිනුක මධුශාන්

      අනිවා සහෝ අපේ රටේ අපේ කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් වෙනවානම් සුබ පැතුම් එක් නොකර කොහොමද. අදහසට බොහොම ස්තුතියි!

    2. ශාන් විමුක්ති [වීමා] 〠

      ඔන්න බලහන්කො අපේ උදා තව ටික දවසකින් නළුවෙක් වෙන්නයි හදන්නෙ ;)
      අපේ සිනමා විශාරදය චිත්‍රපටයකට සම්බන්ධ වෙනව කියල බොහොම ආසාවෙන් තමා කීවෙ :D
      ජය එහෙනම්, ලංකාවෙත් බලන්ට ඇහැකි චිත්‍රපටයක් හැදුනොත් ඒක ලොකුම දෙයක්
      එහෙම උනොත් මම ඒ සිංහල චිත්‍රපටයට සිංහලෙන් උපසිරසි දාන අනිවා, ආයෙ දෙකක් නෑ ;)

  30. waruna

    maxxa film akak

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ බං අයියේ...
    මීට වඩා පොඩි සයිස් එකක් හම්බුනේම නැද්ද....
    විස්තරේ කියවලා ටොරන්ට් එක බාන්න ලැහැස්ති වෙනකොටම දැක්කේ..
    මොකද්ද බොලේ මේ දශම ගණන් තියෙන්නේ කියලා...
    බැලින්නම්.. දෙකම අපේ පැකේජ වලට දරා ගන්න පුළුවන් එව්වා නෙවි නේ...
    දැනට බාන එක කල් දැම්මා...
    මේ වගේ එව්වා බාන්න වෙන්නේ අපේ ඔෆිසියට පින් සිද්ධ වෙන්න තමයි..
    හෙට බානවා හොදේ....
    ජය වේවා!!!!

    1. දිනුක මධුශාන්

      බොරු බඩේ අමාරු දාගෙන වැඩට නොයා ඉන්න එකයි, ඔෆීස් එකෙන් ෆිල්ම් බාන එකයි ගැන බොසා දැනගත්ත දාට හේවා කොල්ලා අමාරුවේ.. ;) බොහොම ස්තුතියි සහෝ අදහසට!

  32. yasas

    jaya!!!! pathami

  33. “චූටී මල්ලි”

    ආ....මේ අපෙ කොරියන් සහෝනෙ
    එල එල තවත් ලස්සන කතාවක් වගෙ
    අවුල තමා සයිස් එක
    කමක් නෑ කොහෙන්හරි පොඩි එකක් හොයාගන්නවා
    තව දෙන්න ලස්සන එවාට
    උබට ජය...........

  34. Isuru Mahindarathna

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!!!!

  35. නලින්

    ස්තුතියි දිනුක සහෝ

    ජය වේවා

  36. ruchira

    tan ku wewa

  37. දිනුක මධුශාන්

    IDM තියෙන අයට මේකෙන් බාගන්න පුළුවන්.online බලන්න තියෙන එකක් නමුත් හොඳ තත්වයේ තියෙනවා. 495MB
    http://vidto.me/atp8b6vkzx9y.html
    හැබැයි ඉංග්‍රීසි උපසිරසි ඇතුලත් කරලා තියෙන්නේ. ;(

  38. dma8333

    mita kalin baluwa eth sinhala na .... ela thanx bro

  39. iranga

    감사함니다.................

  40. වෙනුර

    ela ela

  41. nalaka

    කොරියන් ෆිල්ම් කොහොමත් පට්ට නේ .තැන්ක්ස් සහෝ මේකට සබ් දුන්නට

  42. Isuraj

    bohoma sthui yaluwa :D

  43. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  44. Nilanka

    මරු මචන්.. අනිවා බලනවා………ගොඩක් ස්තූතියි මචෝ.

  45. සමීර කරුණාරත්න

    කොරියන් දිනුකගෙන තවත් අගනා සලරුවක්....
    අගෙයි අගෙයි බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....

  46. rasika

    mama meka film hall eke baluwa,supiri kata dekak na

  47. දිදුල Kd සිල්වා

    කොරියන් නම් ඉතින් ලොවෙත් නෑ.. බොහොම ස්තූතියි දිනුක සහෝ සබ් එකට.. ජයම වේවා෴

  48. me

    Thanks

  49. pradeep nilanga

    thanxxxxxxxxxxxxxxxxx

  50. රොයිලි

    බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

Load more comments