තවත් අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Crime, Thriller කියන කාණ්ඩ වලට. ප්‍රධාන රංගණයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Mammootty(ඩෙරික් ලෙස) සමගින් Anson Paul(පිලිප් ලෙස). 2018 ජූනි 16 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය අධ්යක…
තවත් අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Crime, Thriller කියන කාණ්ඩ වලට. ප්‍රධාන රංගණයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Mammootty(ඩෙරික් ලෙස) සමගින් Anson Paul(පිලිප් ලෙස). 2018 ජූනි 16 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaji Padoor විසින්. ඒ වගේම තිර පිටපත රචනා කරලා තියෙන්නේ ආදායම් වාර්තා බිඳ හෙලූ චිත්‍රපටයක් වන The Great Father (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනා කළ Haneef Adeni විසින්. සංගීතය Gopi Sundar සහ Serin Francis ගෙන්. මේ වන විට IMDb දර්ශකයේ තුන් දහසකට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් 8.3 ක් වැනි ඉහළ අගයක් මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා. ඒ වගේම 2018 වසරේ මේ වන විට මලයාලම් චිත්‍රපට වලින් වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇති චිත්‍රපටය වන්නේද මේ චිත්‍රපටයයි. ඒ දැනට තිබෙන වාර්තා අනුව ඉන්දියානු රුපියල් කෝටි 35.8 ක ආදායමක් ලබමින්.
කතාව ගැන කිව්වොත් ඩෙරික් සහ පිලිප් කියන්නේ සහෝදරයෝ. ඩෙරික් තමයි අයියා. මේ දෙන්නගේ දෙමව්පියෝ හදිසි අනතුරකින් මරණයට පත් වෙනවා. ඉන් පස්සේ ඩෙරික් තමයි පිලිප්වත් බලාගෙන ජීවිතය ගොඩනගා ගන්නේ. තරුණ වයසට ආවට පස්සේ ඩෙරික් පොලිසියට එකතු වෙනවා. කවුරුත් ඩෙරික්ව හඳුනන්නේ අවංකවම රාජකාරිය කරන, ඕනම අභියෝගයක් ජය ගන්න පුලුවන්, තිතටම වෙඩි තැබීමේ සූක්ෂම හැකියාවක් තියෙන පොලිස් නිළධාරියෙක් විදිහටයි. මල්ලිත් තමන්ගේ අයියගේ අඩි පාරෙම යමින් වෙඩි තැබීම පුහුණු කරනවා. නමුත් එයාගේ ආශාව තියෙන්නේ රට ගිහින් තවත් වෙඩි තැබීම පුහුණු වෙන්න. ඔය ටික නම් දැනගන්න වෙන්නේ කතාව මැදකදි. කතාව පටන්ගන්නේ බිහිසුණු මිනී මැරීම් මාලාවකින්. වෙස් වලාගත් පුද්ගලයෙක් විසින් සාහසික ලෙස පවුල් පිටින් මරා දමමින් ලේ වලින් සටහනක් වගේම ලිපියක් තබා යනවා. මැරූ ගණනත් මරන්න සිටින ගණනත් සටහනෙන් තබා යනවා. ලිපියෙන් සඳහන් කරන්නේ දෙවියන් ඔහුට අණ කරන බවත්, ඒ අනුව ඔහු මේ දේවල් කරන බවයි. ඔය සිදුවීම් දාමයේ සුල මුල හොයාගෙන යන අතරතුරේ කතාව නොසිතූ ලෙස වෙනස්ම පැත්තකට යොමු වෙනවා. එතනදී තමයි පිලිප් මේ කතාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහන් කළ නොසිතූ පැත්ත මොකක්ද? පිලිප් මේකට මොන විදිහට සම්බන්ධ වෙයිද? ඒවා ඉතින් බලලම තමයි හොයා ගන්න වෙන්නේ. කතාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා කතාව උඩු යටිකුරු වෙනවා. අනිවාර්යයෙන්ම මැදකදි මොකක්ද වුනේ, කතාව මොකක්ද කියලා කල්පනා කර කර ඉන්න මට්ටමට පත් වෙන බව නම් නොඅනුමානයි.
අවසානයේදි කියන්න ඕන, මේ සලරුවේ උපසිරැසිය කරන්න බාරගෙන තිබ්බේ සිසිල ප්‍රසාද් සහෝදරයා. විභාගයක් තියෙන නිසා මට කරන්න කියලා බාර දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට විශේෂ ස්තූතිය හිමි විය යුතුයි. ඒ වගේම කරපු උපකාර වලට මයුර සුරාජ් සහෝදරයාටත් ගොඩක් ස්තූතියි. එහෙනම් තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HQ DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,333 downloadsDownload Abrahaminte.Santhathikal.2018.Baiscopelk.com_.zip54 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
67 comments
geeganagamage
Pathmila_kushantha94
Thanks bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoooo sub ekataa...
ranfilm
thank you machan.
Mayura
Thanx macho. Menna gaththa
gihan perera
නියමයි...ස්තුතියි සහෝ....මම්මුට්ටි ගෙ නම් සුපිරි මචෝ....ජය වෙිවා මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
Gunasiri_thero
Good work
Eranda Malith 2.0
බලන්ඩ ෆිල්ම් එකක් නැතුව වේලි වේලි හිටියේ බන්.
ස්තූතියි මචන් උපසිරසට
ජයවේවාthimalF
patta machan
Samadi
ස්තූතියි මචන්....
Praveen
thnkzzzzzzzzzzz mcn
Lalani Maduwanthi
Thank you sande
Lalani Maduwanthi
Thawa lassana films thiyenawa tor malayalam site eke,,,,ewath dennako,,please,,,
ශසිත් සඳරුවන්
හොඳ ෆිල්ම් තියේ නම්, නම් ටික දාගෙන යන්න.
ඉදිරියේදි දෙන්න බලන්නම්.senehas nimna
Neerali කියන එකට සබ දෙන්න බ්රෝ
dimuthu lakmal
Race begins 2018 sub denna
priyan99
thanks bro sub ekata
Hemantha De Silva
ස්තුතියි ශසිත්....
නියමයි - සුභපැතුම්...
තවත් මලයාලමක් කරමු.Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Tharindu_Vidusha
සදේ මාරැ අයියේ තෑන්ක්ස්....ජය වෙිවා..!!
Tharindu_Vidusha
සදේ මාරැ අයියේ තෑන්ක්ස්....ජය වෙිවා..!!! බුදුසරණයි...!!
Rajitha Shalinda
machan sub eka wada na ne.
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය..!!
Samsan jayantha
Thank you
Milind@
Thanks saho
Kulanjana Maduranga
malayalam nm ithin..bamak thama...subata thanks saho...keep it up....
Isuru minipa
Thanks supiri film ekak puluwannam street light 2018 malayalam film eka denna
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ සබට,, මලයාලම් වෙනුවෙන් විශේෂ ස්තූතිය, ජයෙන් ජය!!!!!!!!
Kovidu
malayalam Ee ma yau 2018
malayalam Eeda 2018 සහෝ මේවට සබ් බලන්නViraj
sub ekata thanks saho.. jaya wewa!!
suna
thnx saho......jaya wewa
rangika Kariyawasam
නියම ෆිලුමක්.බෝම ස්තුතිවන්ත වෙනවා සහෝ .තව මලයාලමි ෆිලුම් වලට සබ් දෙන්න.ජයවෙිවා
D.Chamara
niyamai sahooo .sub ekata bohoma sthuthi
kasun sudangama
niyamai saho supiri wedak
Lahiri
thankz saho
kodagoda
tnx sahoo supiriyak wage
Anuruddha421
thanks mcn...!!!
Menaka Herath
සබට බොහෝම ස්තූතියි සහෝ.
දිගටම සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා..
ජයවේවා.!!!!!!!NuwanK
Thank u bro....
GeethD
thanks
vertex89
Suprima filumak.hemoma balanna kiyala kiyanawa.Thanks for your effort bro
harshani11112
ස්තුති සහො
AsankaGF
thanks
snak
thakns sahoo jayawewa
sampath n perera
thanks
thilz
Thank you for the su
Pathum Aroshana
❤️ මලයාලම් සිනමාව
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
ජයෙන් ජය.budagoda
thank you
N_R
Thank You.
Navee
Tank saho..
srasanka
නියමයී.... ගොඩාක් ස්තුතියි ..
Lalani Maduwanthi
Ay Malayalam films denna parakku wenne??english films ,,tv serials epoooo
Advertisement

ගොඩාක් ස්තුතියි සුපිරි වැඩක්