Watch Trailer

Always (2011) Sinhala Subtitles | හැමදාමත් ආදරෙන්….[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ගන්න මට, කාලයක් ඉඳල හිතේ තිබුනා මමත් කොහොමහරි සිංහලෙන් උපසිරැසි චිත්‍රපටයකට දාන්න. වැඩේ ටිකක් අමාරු උනත් කොහොමහරි මමත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි හැදුවා. ටිකක් වෙනසකටත් එක්ක මම තෝරාගත්තේ කොරියානු ෆිල්ම් එකක්. මේක ආදර කතාවක්. දෛවය කොයිතරම් පුදුමකාරද, ජීවිත…

හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ගන්න මට, කාලයක් ඉඳල හිතේ තිබුනා මමත් කොහොමහරි සිංහලෙන් උපසිරැසි චිත්‍රපටයකට දාන්න. වැඩේ ටිකක් අමාරු උනත් කොහොමහරි මමත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි හැදුවා. ටිකක් වෙනසකටත් එක්ක මම තෝරාගත්තේ කොරියානු ෆිල්ම් එකක්. මේක ආදර කතාවක්. දෛවය කොයිතරම් පුදුමකාරද, ජීවිතයේ අහම්බෙන් හම්බුඋන කෙනෙක් නිසා තමන්ගේ මුළු ජීවිතයම වෙනස්වෙන්න පුළුවන්ද? සමහර වෙලාවට අපි කියනවා සංසාරේ පතාගෙන එනව කියලා. සමහරවිට ඔබටත් එහෙම අත්දැකීම් ලැබිල ඇති. මේකත් ඒ වගේ කතාවක්.

දක්ෂ So Ji-Sub කියන කොරියානු නළුවා සහ So Ji-Sub කියන නිළිය තමයි මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ. Cheol-Min (So Ji-Sub) කියන්නේ තරුණකාලේ බොහොම දඩබ්බර, නරක ගතිගුණ තියෙන බොක්සිං ක්‍රීඩකයෙක්. දැන් එයා පාර්ක් එකක වාහන බලාගන්න ඒක තමයි කරන්නේ. දෛවය කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. හදිසියේම Cheol-Min පාර්ක් එකේ ඉන්න පුංචි කුටියට ලස්සන ගෑනු ළමයෙක් එනවා. එයාගේ නම Jung-Hwa (Han Hyo-Joo). මෙයාට ඇස් පේන්නේ නෑ. මෙයා එන්නේ නිකම්ම නෙවෙයි. කෑම වගයකුත් අරගෙන. Jung-Hwa වෙනද මෙතනට එන්නේ මෙ කුටියට වෙලා එතන වැඩකරපු සීයත් එක්ක ටීවී බලන්න. ඒත් Jung-Hwa දන්නේ නෑ සීයා වෙනත් නගරයකට මාරුවෙලා ගියබව. ඒ වෙනුවට තමයි Cheol-Min එදා වැඩට අවේ. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි Jung-Hwa දැනගන්නේ සීයා වැඩට ආවේ නැති බව.

ඊටපස්සේ Jung , Cheol එක්ක හැමදාම ටීවී බලන්න පුරුදු උනා. ටීවී බලනවා නෙවෙයි ටීවී අහනවා. මේ අතරේ දෙන්න අතර ආදරයක් ඇතිවෙන්නේ මේ දෙන්නටත් හොරෙන්. මේ දෙන්නම ඉස්සර සිදුවුණු එක්තරා සිදුවීමක් එක්ක එකට බැඳිලා ඉන්න බව මේ දෙන්න දන්නේ නෑ. (මම ඒක දැන් කියන්නේ නෑ, ෆිල්ම් ඒක බලන්න.) දවසක් Jung ගේ ගෙදර අමුත්තෙක් එනවා. ඒ වෙන කව්රුවත් නෙමෙයි. Jung වැඩකරන තැන ප්‍රධානියා. මෙයා Jung ට කරදර කරන්න හදනවා. ඒත් ඒ වෙලාවේ එතනට Cheol එනවා. ඊට පස්සේ මොනවද සිද්දඋනේ……..

තවත් ෆිල්ම් ඒක විස්තර කන්න යන්නේ නෑ. ෆිල්ම් ඒක බලන්න. බැලුවට පස්සේ, ජීවිතය ගැන අලුතෙන් හිතන්න මිනිසුන් ගැන අලුත් විදීයකට හිතන්න ඔබටත් හිතේවි.

වැඩේ හොඳද කියලා අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න. මොකද ඉස්සරහට තවත් උපසිරැස කරන්න ඒක ගොඩක් උදවු වේවි.

෴මීට පෙර පළකල ලිපිය෴

වැලන්ටයින් දිනේ නම් පහු උනා. ඒත් ඉතින් ආදරේ කියන එක එක දවසක් විතරක් තියන දෙයක් නෙමෙයිනේ නේද… ඉතින් මේ ආදරවන්තයින්ගේ මාසේ නිසා ලස්සණ ආදර අන්දරයක් රැගත් කොරියානු සිනමා සිත්තමක් දෙන්න හිතුවා අද… කොරියානු රොමෑන්ස් ෆිල්ම් කොහොමත් ලස්සනයිනේ… මේකත් ඒ ගනයට දාන්න පුලුවන්. ගිය අවුරුද්දේ පිට උන මේ ෆිල්ම් එක කොරියන් වලින් O-jik Geu-dae-man විදියටද ඉංග්‍රීසියෙන් Only You විදියටද නම් කරලා තියනවා… අන්තර්ජාතික නිකුතුවේදී මේක Always වෙලා… කොයි නමින් හැඳින්උවත් එකම කතාවනේ දිවෙන්නේ නේද…

Chul-min කියන්නේ කාලෙකට කලින් කප් ගහපු බොක්සින් තරුවක්. හැබැයි දැන් ක්‍රීඩාවෙන් ඈත්වෙලා. ජීවත්වීම සඳහා එක් එක් රැකියා කරමින් ඉන්න කෙනෙක්. ඒ එක රැකියාවක් කරන්න උන තැනක ඉන්න වයසක මනුස්සයෙකුගේ මිනිබිරියක් (Jung-hwa) එනවා සීයා බලන්න. වෙලාවට එදා සීයා නෑ… ගෑනු ලමයත් ආව ගමන් සීයට ගෙනාව කෑම ජාති දෙනවා. අපේ කොලුවත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා. බැරිම තැන කොල්ලා කතා කරනවා.. ඒ කතා කලාමයි දැන ගන්නේ ගෑනු ලමයගේ ඇස් පේන්නේ නෑ කියලා.

ඉතින් එතනින් පස්සේ දෙන්නා යාලුවෝ විදියට කතාබහ කරලා ඉන්නවා. මේ කෙලි පොඩිත්තත් ඇස් නොපෙනුනාට ටීවී එකේ ටෙලි නාට්‍ය බලන්න (අහන්න) පුරුදු උන කෙනෙක්. ඒවා බලන්න එන්නේ සීයා වැඩ කරන තැන රූපවාහිනිය ගාවට.. ඔන්න ඉතින් ඒ ඉන්න අතරේ කොලුවගේ හිතත් ටික ටික මොනවදෝ වෙනවා.. මේ අතරේ සිද්දි සෑහෙන්න වෙනවා. ඒවා ඔක්කොම කියලා බෑනේ ඉතින්. බලන්න තියන්නත් එපැයි. කොල්ලා දැනගන්නවා ගෑනුලමයගේ ඇස් හොඳ කරන්න පුලුවන් කියලා. හැබැයි ගෑනුලමයා ඒක කරන්නේ නැත්තේ සල්ලි නැති නිසා කියලා දැනගන්න කොල්ලා, කොහොම හරි සල්ලි හොයන්න තීරණය කරනවා. තමන්ට හොඳම දක්ෂතාවය තියන බොක්සින් වලින් හරි හොයනවා කියලා වැඩේට ලෑස්තිවෙනවා… ඒත් බොක්සින්ම නෙමෙයි ක්‍රීඩා කරන්න වෙන්නේ මෙයාට… ඒවා ෆිල්ම් එකේම බලමු නේද…
තව කාරණයක්, මෙයා ගෑනු ලමයගේ ඇස් කොහොම හරි හොඳ කරන්න ඕනා කියලා තීරණය කරන්නේ තවත් ලොකූම හේතුවක් නිසා…ඒක බාගෙනම බලමු නේ…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

4,271 downloadsDownload Always.2011.SinhalaSubs.Baiscopelk.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දුමිඳු-දර්ශන.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුමිඳු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/20

Subtitles by

දුමිඳු දර්ශන

Subtitles

4,271 downloadsDownload Subtitles47 KB

123 comments

  1. Nimal

    thanks bro... balama balamu....

  2. chamila

    thanks......

  3. dileepa

    thanks nachan

  4. විකියා

    මේක නම් අනිවා බලන්න ඕනි...බොහොමත්ම තුති :)
    ජයෙන් ජය~!

  5. theekshanax

    thanks saho

  6. සංදීප

    මේ වාගේ දෙමල චිත්‍රපටියක් නම බලලා තීයෙනවා.මේක බලලා නැහැ........ස්තූතියි මචං මේක ගැන කිව්වාට.

  7. හේමාල්

    THANK YOU.BALALA HODA NARAKA KIYANNAM.

  8. ...podi MaNz...

    maxxa film ekak wage thanx bro!!

  9. කේ. යූ. ජී. උදාර

    thanks saho....

  10. [DiN3sH]

    Thanks Dude..

  11. Danushka

    sinhala thibunanam maru.

  12. SHAMMI

    MAMATH BANAWA ODAK LASSANAI KIYALA HITENAWA
    jAYA wEWA

  13. blackcorde

    onna udenma banawa.....

  14. Sha

    Film 1a nam patta wage balama balanna oni ;)

    Onna danawa down wenna. adama balanna oni nisa 372 MB copy aka gannawa :)

    Thankzzzzzzzzzzzzz :)

    Jayawewaaaaaaaaaaaaaaaaaaaaa :D

  15. upul hewagamage

    mea film aka pattama film akak.. mama kalin beluwa... hemooma balanna.. aththatama lassanai... aka digatama balanna hitenawa negitinnema nethiwa.. thnx saho.. jaya weawaaa...

  16. යසිරු මධුක

    thanx macho. kathawa nam maru. banna one.

  17. Prasanga

    Machan Patta Film eka. Plz Machan Sinhala SUB Dapankooooooo

  18. ys madhusanka

    love story epa mata one hondata gahaganna maraganna film.mewanam mata appiriyay.hirikithai

  19. ys madhusanka

    mewa dana unwath mata appiriyay.me loke honda film thiyanawa kiyala mun dannema nedda deyyane

  20. ys madhusanka

    i see u, i hear u, i love u
    he he he he he
    mewath balana un innawane

  21. රාම් රාජ්

    මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන.ස්තූතියි.

  22. ama

    mamath asay korian film walata. sub ekka dunnanam godak pin,...............

  23. Jayan Chamal

    mama aurudaka idan koren films illuva labune ada sinhala sub eka thama iluve .. kamak na mehema hari apau ekata godak pin... elaga para sinahala sub eka aniva ona japan and koren thanks a lot eka ...

  24. me

    Thanks

  25. sujeewa

    thanks saho

  26. Chathurabuddi

    I love lovestories. thankoooooooooooooo

  27. Sha

    Mama meta kalin kawadawath Korean film balala na.
    meka tama mulinma baluwe :)

    meka nam patta film 1k ;) mama balapu hodama film walin 1k kiyala kiyanna puluwan :)

    Thankzzzzzzzzzzz me film 1a dunnata :) ada tama balala ewara kale :)

    Thankzzzzzz again :)

    Jayawewaaaaaaaaaaaaaaaaaaaaaaa :D

    Digatama me wage lassana film balaporoththu wenawa ;)

  28. ys madhusanka

    meka banna epa machan.pen ekak aran ape gedara waren mama dennam top quality film ekak

  29. kathu

    Elakiri..! Korean film ekak beluweth nee kaalekin... Thanks a lot macho....... :D

  30. Tharanga Darshana Ekanayaka

    එළ......
    බලන්න ඔනේ........
    බොහෝම ස්තුතියි ‍ෆිල්ම් එක ගැන කිවට........

  31. Budditha Fernando

    බොහොම ස්තුතී සහෝ ඔයාගෙ ලිපිය කියෙව්වාම බලන්නම හිතෙනවා...

  32. සාරංග ලියනගම

    බයිස්කෝප් එක නිසා තමයි කොරියන් ෆිල්ම්ස් බලන්න පුරුදු වුනේ. මේකත් බලන්න ඕනේ ලිස්ට් එකට ඇඩ් කරගත්තා. ගොඩාක් ස්තූතියි෴. විශේෂයෙන් 372 MB කොපි එකට... :)

  33. Uraj Deemantha

    ෆිල්ම් එකේ ටොරන්ට් එක බාගන්න ගියහම, ඒක .exe File එකක් විදිහට එන්න හදන්නේ ඈයි.....??

  34. Asitha

    thnx sahoo...!
    Meka godak lassanai.. patta love story ekak..
    thnx a lot...

  35. Asitha

    Plz..., give more korean romance films......

  36. මාටිං

    @ ys madhusanka,
    මේ ඔයා අර ටින්-බෙලෙක්කයවත්, බීවී කජ්ජාවත් නෙවෙයි නේද.

  37. kosala

    this is excellent film and very sensitive one.carefully watch and feel it.thanks so much.

  38. ahinsaki

    ෆිල්ම් එක බැලුවෙමි
    ලස්සනය තැන්කූ සහෝ

  39. ලැසී

    තැන්කූ වේවා මේ කාලෙට මගෙත් හිත මෙව්වා මෙව්වා වෙනවා ඒක නිසා මටම ගැලපෙන බයිස!

  40. sancharakaya

    Nice Film. Thanks a lot for sharing.

  41. අමල් මධුරංග

    මං මේ ෆිල්ම් එක බැලුවේ මේකේ තියෙන ලින්ක් එක දැකලමයි...ෆිල්ම් එක නම් සුපිරි සහෝ...ෆිල්ම් එක හොද නිසාමයි මේ කමෙන්ට් එකක් දාලා යන්න ආවේ...තව මේ වගේ කොරියන් ෆිල්ම්ස් දාන්න පුලුවන් නම් වටිනවා...බොහෝම ස්තූතියි එහෙනම්...ජයම වේවා...!

  42. achintha

    patta movie. thanks bro.

  43. Gayathri

    Thank you very much

  44. dream boy

    link eka wada karan nane .. 1337.org eke awlkda nttn mage connection eke awlkda ..

  45. oshi

    wooooooooow mchn superb no wrdz 2 say diz makez me cry during all the time woooow nice story.....:((((((( can u plz put another korean love stories dude??

  46. pubudu

    කියන්න වචන නැහැ..මම මේ ෆිල්ම් එක බැලුවා.පුදුම ලස්සණයි..බොහොම ස්තුතියි මේ වගේ හිත නිවන ෆිල්ම් දෙනවට.372MB කොපිය හොදටම තියෙනවා..හැමෝම මේක බලන්න වටින ෆිල්ම් එකක්

  47. gihan

    Maxxa machan mey aagey.story patta

  48. chamara

    Maxxaaxxa niyama paharak ney palamu sub akata jaya weywa...

  49. tharanga

    ThQ u lot macho

  50. uda

    කලින් ලිපියක් ගිය එකක් වුණත්, දුමිදු දර්ශන සහෝ සිංහල හදාපු එක වටිනවා මොකෝ භාෂාව කොහෙත්ම නුපුරුදු එකක්නේ...

    දන්නවා. වැඩේනම් අමාරු වෙන්න ඇති. පළවෙනි එකනේ නේද? කමක් නෑ කොච්චර අමාරු වුණත් ඔයා අනිත් උදවිය වෙනුවෙන් මේකට සිංහල යොදල ලබා දුන්නනේ, එහෙමනම් තව තවත් අවසර තිබෙන විදිහට උපසිරැසිකරණයේ යෙදිලා, තවත් හොද කතා අරං එන්න කියලා ඉල්ලනවා...
    පළමුවැන්නට සුබ පැතුම් සහ ජය!

Load more comments