අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

American Crime Story [S03 : E06] Sinhala Subtitles | “බලපෑමට යටත්ව..” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
American Crime Story [S03 : E06] Sinhala Subtitles

මෙන්න එහෙනම් අද පළවෙන්නේ ඔබ බලාගෙන හිටපු Impeachment: American Crime Story කතා මාලාවේ හය වැනි කොටසයි. ක්ලින්ටන් – ලුවින්ස්කි ආන්දෝලාත්මක කතා පුවතේ තවත් උද්වේගකර කොටසක් අද පළවෙනවා. පසුගිය කොටසේ වුණු දේවල් අපි නැවත මතක් කරගනිමු. ලින්ඩා ට්‍රිප් තමන් විසින් පටිගත කළ හඬ පටි කෙන් ස්ටාර්ගේ නියෝජිතයන් වෙත භාරදුන් අන්දම ඔබ දකින්න ඇති. ඒ එක්කම අනවසරයෙන් යමෙකුගේ ප්‍රකාශ පටිගත කිරීමේ වරදට අභිචෝදනයට ලක්වීමෙන් ගැලවීම හෙවත් මුක්තිය ලබාගැනීමේ ගණුදෙනුවක් හෙවත් ඩීල් එකක් ඇය කෙන් ස්ටාර් කණ්ඩායම සමඟින් හදා ගන්නවා. ඒ එක්කම FBI ආයතනය සහ කෙන් ස්ටාර්ගේ විමර්ෂණ වලට අවශ්‍ය පරිදි, මොනිකා විසින් දිවුරුම් ප්‍රකාශයක බොරු සාක්ෂි දීම වෙනුවෙන් වර්නන් ජෝර්ඩන්ගෙන් රැකියාවක් ලබාගත් බවට සාක්ෂි සැපයීමට, ඔවුන් විසින් සපයන ලද පටිගත කිරීමේ යන්ත්‍රයක් පැළඳ ඇය යළිත් වරක් මොනිකා ලුවින්ස්කි සමඟ හෝටලයකදී හමුවී ඇය සමඟ සාකච්ඡා කරන අන්දමත් ඔබ දකින්නට ඇති. ඒ සාක්ෂි රැගෙන මොනිකාව ෂොපින් මෝල් එකක් හෙවත් සාප්පු සංකීර්ණයකදී හසු කරගැනීමට FBI කණ්ඩායම උගුලක් අටවනවා. අද එතැන් සිට…

කතා මාලාවේ ලින්ඩා ට්‍රිප් (සාරා පෝල්සන්) FBI නියෝජිතයන් සමඟ මොනිකා හමුවන්නට පැමිණෙන අන්දම (වමේ) ලින්ඩා ට්‍රිප් අධිකරණ භූමියට පිවිසෙන අන්දම (දකුණේ)

අද පළ වන කතාංගය ගැන:

  • හයවැනි කොටස -“Man Handled” – “බලපෑමට යටත්ව..”
  • අධ්‍යක්ෂක –Ryan Murphy
  • තිරරචනය -Sarah Burgess
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –2021 ඔක්තෝබර් 12
  • IMDb Ratings –  8.4/10

 අද කතාව ඇරඹෙන්නේ මේ පළමුවැනි කතාංගයේ ආරම්භයේදී පෙන්වන ලද ලින්ඩාගේ ආරාධනයෙන් මොනිකාව FBI නියෝජිතයන් විසින් කොටු කරගන්නා ජවනිකාවෙන්. එහිදී රිට්ස් කාල්ටන් හෝටලයේදී මොනිකා සමඟ FBI නියෝජිතයන් සහ ස්ටාර් නියෝජිතයන් විසින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව මොනිකා ලුවින්ස්කි වටහා ගන්නවා, තමන් ක්ලින්ටන් සමඟ කිසිදු සම්බන්ධයක් නැතැයි පවසමින් ලබාදුන් දිවුරුම් ප්‍රකාශය නිසා සහ ලින්ඩා ට්‍රිප්ට බොරු සාක්ෂි දීමට පෙළඹවීම ඇතුළු සාපරාධී ක්‍රියාවන් වෙනුවෙන් වසර 28ක සිර දණ්ඩනයකට යටත් වීමේ අවදානමක් අබියස තමන් සිටින බවක්. තමන් සමඟ ඉතා සමීපව ඇසුරු කළ ලින්ඩා ට්‍රිප් තමන් රවටාගෙන තමන් සමඟ කළ පෞද්ගලික කරුණු ඇතුළත් සංවාද පටිගත කර කෙන් ස්ටාර්ගේ කාර්ය මණ්ඩලයට ලබා දී තිබෙන බව දැනගැනීමෙන් මොනිකා දැඩි කෝපයට සහ සංවේගයට පත්වෙනවා. FBI සහ කෙන් ස්ටාර්ගේ ස්වාධින විමර්ෂණ කාර්යාලයේ නියෝජිතයන් ඇයට එල්ල කරන පීඩනය කොතෙක්ද කිවහොත් ඇය දිවි නසාගන්නට ද සිතනවා. 

මං මේ ජනේලයෙන් පැනල දිවිනසා ගන්නවා. 

ඉන්පස්සේ මේ සේරම නවතිවිද?” 

මොනිකා විමසනවා.  එයට කෙන් ස්ටාර් නියෝජිත මයික් එමික්ගේ පිළිතුර වන්නේ, “නැහැ. එයින් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ!.” කෙන් ස්ටාර් නියෝජිතයන් ඇයට ඒත්තු ගන්වන්නට උත්සහ කරනවා තමන් සහ ක්ලින්ටන් සමඟ තිබුණු සම්බන්ධය ගැන සියලු සාක්ෂි ලබාදුනහොත්, ඔවුන්ගේ පරීක්ෂණ වලට සහය ලබාදුනහොත් ඒ වෙනුවෙන් පෙර කී සියලු චෝදනාවන්ට මුක්තිය ලබාදීමේ ගණුදෙනුවක් සිදුකිරීමට තමන් සූදානම් බව. මේ වෙනුවෙන් පටිගත කරන යන්ත්‍රයක් සම්බන්ධිත දුරකථනයකින් බිල් ක්ලින්ටන්, බෙටී සහ වර්නන් ජෝර්ඩන්ට ඇමතුම් ලබාගෙන ඔවුන් සමඟ සුපුරුදු ලෙස කතා කිරීමක් මොනිකා විසින් කළ යුතු වනවා. අවශ්‍ය නම් ඔවුන්ට සහය නොදී මොනිකාට පිටවීමට හැකි නමුත් එවිට ඇයට වසර 28ක් සිරගත වන්නට සිදුවන බව ස්ටාර් නියෝජිතයන් පවසනවා. මෙයට කොටු වන මොනිකා මේ ඉල්ලීම් වලට එකඟ වෙනු ඇතිද? කෙසේ වෙතත් තමන් නීතිය ගැන නොදන්නා බැවින් තමන්ගේ නීතිඥයා ඇමතිය යුතු බවක් ඇය ඉල්ලා සිටිනවා. කෙන් ස්ටාර් නියෝජිතයන්ගෙන් එයට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවෙයි. කෙසේ වෙතත් ඇය තමන්ගේ මවට ඇමතුමක් ලබාගත යුතු බව නියෝජිතයන්ට කියද්දී, ඔවුන් පවසන්නේ මෙයට මව සම්බන්ධ කරගත හොත්, ඇයට එරෙහිව ද අපරාධයන්ට සහය වීමේ වරදට අභිචෝදනා ගොනු කළ හැකි බවයි. කෙසේ වෙතත් ඇය සිය මවට ඇමතුමක් ලබා දී තමන් මුහුණ දී සිටින සිද්ධිය විස්තර කරනවා. මේ සියල්ල අසන මොනිකාගේ මව වන මාෂා ලුවිස්, තම දියණිය හමුවීමට නිව්යෝක් වල සිට වොෂින්ටනයට පැමිණීමට තීරණය කරන අතර මේ සියලු අර්බුදයන් මොනිකාගේ පියා වන වෛද්‍ය බර්නාඩ් ලුවින්ස්කිට පවසනවා. එමෙන්ම තමා පැමිණෙන තුරු කිසිදු දෙයකට එකඟ නොවන මෙන් මාෂා ලුවිස්, මොනිකාට උපදෙස් දෙනවා. මේ අනුව මාෂා පැමිණෙන තුරු පැය ගණන් හෝටල් කාමරයේ බලා සිටින්නට කෙන් ස්ටාර් නියෝජිතයන්ට සිදු වෙනවා. මාශාගේ පැමිණීමෙන් මොනිකාගේ නෛතික ඉරණම වෙනස් කර ගන්නට හැකි වනු ඇතිද?  ඇයට තමන්ගේ අපරාධ චෝදනාවන්ට මුක්තිය ලබාගත හැකි වනු ඇතිද? මොනිකා සිය උන්මාදනීය අසම්මත ආදරය, අභිචෝදන මුක්තිය වෙනුවෙන් පාවා දෙනු ඇතිද? තම දියණියට සිදුව ඇති දෙය වටහා ගන්නා බර්නාර්ඩ් ලුවින්ස්කි මෙයට කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද?

 අද කතාව බලලම දැනගන්න. මේ කතා මාලාවේ උද්වේගකරම කොටසක් අද බලන්න හැකි වෙයි.

මීරා සොර්විනෝ මාෂා ලුවිස්ගේ චරිතය නිරූපණය කරමින් (වමේ) මාෂා ලුවිස් (මැද වමේ) බොබ් බ්‍රවුන්ස්ටයින් වෛද්‍ය බර්නාර්ඩ් ලුවින්ස්කි ලෙස (මැද දකුණේ) පිළිකා හඳුනාගැනීමේ විශේෂඥ වෛද්‍ය සහ පර්යේෂක, බර්නාර්ඩ් ලුවින්ස්කි

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E06.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.  

ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.  

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

ඔබට තෙරුවන් සරණයි!

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Nxt Season BT12

2 thoughts on “American Crime Story [S03 : E06] Sinhala Subtitles | “බලපෑමට යටත්ව..” [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *