අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

American Crime Story [S03 : E10] Sinhala Subtitles | “පාළු භූමියක…” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
American Crime Story [S03 : E10] Sinhala Subtitles

හොඳයි මිත්‍රවරුනි, එහෙනම් අපි දන්නෙම නැතිව Impeachment: American Crime Story කතා මාලාවේ දසවැනි හෙවත් අවසන් කොටසට ඇවිත් තියෙනවා. පහුගිය කොටස් සියල්ලම සමාලෝචනය කළොත්, ඔබ දකින්නට ඇති ජිවිතයේ බරපතළක් නොවැටහෙන අවධියක සිටි මොනිකා ලුවින්ස්කි නම් තරුණ ධවල මන්දිර ආධුනිකාව ජනපති බිල් ක්ලින්ටන් වෙත ආකර්ෂණය වී, එම නිසාම ඔහු සමඟ සබඳතාවයක් පවත්වා, අනතුරුව තමන්ගේ හිතවතියක වුණු ලින්ඩා ට්‍රිප්ට මෙය සවිස්තරව හෙළි කිරීම නිසා සිය මුළු ජීවිතයම උඩුයටිකුරු වී අඳුරු, අමිහිරි, නින්දාසහගත කාලයක් ගෙවීමට මඟ පෑදුණු අන්දම. එය හුදෙක් මොනිකා ලුවින්ස්කිට පමණක් නොවේ, ලින්ඩා ට්‍රිප්ටද බෙහෙවින් අප්‍රසන්න ඉරණමකට ඇද වැටෙන්නට මඟ පෑදුණේ ජනමාධ්‍යය විසින් මිනිසුන් තුල එක රැයෙන් ඔවුන් ගැන ඇතිකළ ප්‍රතිරූපය නිසයි. සැබවින්ම ලින්ඩා ට්‍රිප් මොනිකාට ද්‍රෝහී වූවාද? නැතහොත් කාන්තාවන් ලිංගිකව අතවරයට ලක් කිරීම ගැන අපකීර්තියක් ඉසිලූ ජනපති විලියම් ජෙෆර්සන් ක්ලින්ටන් හෙවත් බිල් ක්ලින්ටන්ගේ ගොදුරක් වීමෙන් ඇයව බේරා ගැනීමට ලින්ඩාට අවශ්‍ය වූවාද? මේ කරුණ විවිධ දෘෂ්ටිකෝණ වලින් බැලූ විට විවිධාකාර අන්දමින් පෙනෙන්නට පුළුවන්. මේ ගැන මොනිකාට පිළිතුරු දෙන්නට හැකි වුවද, එයට පිළිතුරු දෙන්නට ලින්ඩා ට්‍රිප් නම් අද ජීවතුන් අතර නැහැ. ඒ ඇය 2020 අප්‍රේල් 08 වැනි දින සිය දිවියේ 70 වැනි වියේදී අග්න්‍යාශයේ පිළිකාවක් වැළඳීමෙන් මරණයට පත් වුණු නිසයි. එහෙත් ලින්ඩාගේ දියණිය, ඇලිසන් ට්‍රිප් ජනමාධ්‍යයට පවසා සිටියේ, “මට හිතෙනවා Impeachment: American Crime Story කතාව බලන්න අපේ අම්මත් ජීවතුන් අතර හිටියා නම් හොඳයි කියල, ඇයව එහි නිරූපණය කරලා තියෙන අපූරු විධියත් එක්ක ” යනුවෙනි. මෙකී නින්දාසහගත ඛේදජනක ඉරණම ක්ලින්ටන් විසින් ලිංගික අතවරයට ලක්ව, ක්ලින්ටන්ට එරෙහිව සටන් වැදුණු බොහෝ කාන්තාවන්ට ද මුහුණ දීමට සිදුවුණු යතාර්ථයක්. කෙසේ වෙතත් මේ සියල්ලට මුල් වුණු පෝලා ජෝන්ස් නම් හිටපු රාජ්‍ය සේවිකාව Impeachment: American Crime Story ටෙලිනාට්‍යයේ තමන්ගේ චරිතය නිරූපණය වුණු අන්දම ගැන බෙහෙවින් නොසතුටට පත්ව තිබෙනවා. ක්ලින්ටන් බලාධිකාරය සහ ඊට එරෙහි බලවේගයන් අතර සංග්‍රාමයෙන් පසුව ජනමාධ්‍යය විසින් අසාධාරණයට ලක් වුණු පෝලා ජෝන්ස්ට ටෙලි නාට්‍යයෙන් ද අසාධාරණයක් විණි ද? කෙසේ වෙතත් 2017 දී මොනිකා සහ ලින්ඩා සම්බන්ධයෙන් නිර්මාණය කෙරෙන්නට යන චිත්‍රපටයක, සිය චරිතය නිරූපණය කරන්නට වඩාත්ම සුදුසු කවුරුන්දැයි විමසන ලද පැනයකට ලින්ඩා ට්‍රිප් සිනහසෙමින් උපහාසාත්මක ලෙස පිළිතුරු දුන්නේ, තමන්ට සරදම් කරමින් මෙතෙක් හාස්‍යෝත්පාදක වැඩසටහන් වල තමන්ව නිරූපණය කළ ‘ජෝන් ගුඩ්මන්’ එහි තම චරිතය නිරූපණය කරන්නේ නම් මනා බවයි!

රෙව්ලෝන් සමාගමේ නව රැකියාවට යන්නට පෙන්ටගනයෙන් ඉවත් වුණු දිනයේ ලින්ඩා ට්‍රිප් සහ මොනිකා ගන්නා ලද සුප්‍රකට ඡායාරූපය (දකුණේ) එම සිදුවීම ටෙලිනාට්‍යයේ ප්‍රතිනිර්මාණය කෙරුණු අන්දම (වමේ)

අද පළ වන කතාංගය ගැන:

  • දසවැනි (අවසන්) කොටස – “The Wilderness” –  “පාළු භූමියක..” 
  • අධ්‍යක්ෂක – Michael Uppendahl 
  • තිරරචනය -Sarah Burgess
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –2021 නොවැම්බර් 02
  • IMDb Ratings –  8.2/10

ක්ලයිව් ඕවන් ජනපති බිල් ක්ලින්ටන් ලෙස රංගනයෙන් දායක වෙමින්

අද කතාවේ මොකද වෙන්නේ? 1998 සැප්තැම්බරයේ කෙන් ස්ටාර්ගේ වාර්තාව මාධ්‍යයට සහ අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ, ලොව පුරා අධික ඉල්ලුම නිසා අන්තර්ජාල සබඳතාවයන් ද ඇණහිටි අතර මෙතෙක් මොනිකා සහ ක්ලින්ටන්ගේ පෞද්ගලික කරුණු වුණු සියල්ල මුළු ලෝකයම සවන් දෙන , කියවන තත්වයට පත් වෙනවා. මාස දෙකකට පසුව, තම රැකියාවෙන් ඉවත් කරනු ලැබීම නිසා පෙන්ටගනයට එරෙහිව නඩු මාර්ගයට පිවිසෙන්නට යන ලින්ඩා ට්‍රිප්ට දැනගන්නට ලැබෙන්නේ, මේරිලන්ඩ් වලදී ඇයට එරෙහිව අනවසර පටිගත කිරීම මත අභිචෝදනයට ලක්වන්නට සිදුවන බවයි. ඒ ඇයට ප්‍රාන්ත වශයෙන් මුක්තියක් නැති නිසාවෙන්. මේ අතර හඬපට ද මාධ්‍යයට නිකුත්වන බව දැනගැනීමෙන් මොනිකා ලුවින්ස්කි තදබල කම්පනයට පත්වෙනවා. බිල් ක්ලින්ටන්ට එරෙහිව පෝලා ජෝන්ස් විසින් ගොනු කළ නඩුව අධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසුව, සිය අනුග්‍රාහකයන් විසින් ද සමාජයෙන්ද ප්‍රතික්ෂේප වීම නිසා සිය නෛතික බිල්පත් ගෙවා දමන්නට අසීරු වීමෙන්, Penthouse සඟරාව වෙනුවෙන් නිරුවත් ඡායාරූප වලට පෙනී සිටින්නට සිදු වෙනවා.කෙසේ වෙතත් එය ඇයගේ කන්සර්වේටිව් අනුග්‍රහයකයන් කුපිත කරන්නක් වුණා. මේ අතර නියෝජිත මන්දිරය විසින් ක්ලින්ටන්ට එරෙහිව දෝෂාභියෝගය වෙනුවෙන් ඡන්ද විමසීම ඇරඹෙනවා. ඒ ජුවනිටා බ්‍රෝඩ්රික් විසින් ජනමාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් දීමෙන් අනතුරුවයි. ක්ලින්ටන්ගේ දෝෂාභියෝගයෙන් කුමක් සිදු වනු ඇතිද? ඔහුට එරෙහි සියලු ජනමාධ්‍ය චණ්ඩ මාරුතයන්ට ශක්තිමත්ව මුහුණ දෙන්නට ඔහුට හැකි වනු ඇතිද? මේ අතර මොනිකා මේ ආන්දෝලනාත්මක පුවතේ සිය කතාව හෙළි කරමින් පොතක් පළ කරන්නට ක්‍රියා කරනවා. එයින් සමාජය ඇය කෙරෙහි බලන අන්දම වෙනස් වනු ඇතිද? මොනිකාව රහසිගතව පටිගත කළ ලින්ඩා, සිය තරබාරු කැත පෙනුම නැති කරගන්නට කරන ප්ලාස්ටික් සැත්කමෙන් පසුව සුළු වශයෙන් හෝ ජනාදරයට පත්වන්නට  හැකි වනු ඇතිද? ලින්ඩා තැත් කළ පරිදි ආන්දෝලනාත්මක කෘතිය පළ කරන්නට මඟ පෑදෙනු ඇතිද? අද අවසන් කොටසින් මේ සියල්ල දැකබලා ගන්න.

ලින්ඩා ට්‍රිප් ප්ලාස්ටික් සැත්කමට පෙර (වමේ) සාරා පෝල්සන් සැත්කමට පෙර ලින්ඩා ට්‍රිප් ලෙස (වමේ මැද) ලින්ඩා ට්‍රිප් සැත්කමෙන් පසු 2018 දී (දකුණේ මැද) සාරා පෝල්සන් සැත්කමෙන් පසු ලින්ඩා ට්‍රිප් ලෙස (දකුණේ)

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E10.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.  

ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.  

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එසේනම් හිතවතුනි,

තවත් රසබර කතාවක උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු.

ඔබට තෙරුවන් සරණයි! 

දිගටමබයිස්කෝප් සිංහලෙන්වෙබ් අඩවිය සමඟින් රැඳි සිටින්න…

1998දී මොනිකා සිය නීතිඥයාගේ කාර්යාලයෙන් පිටව යන අන්දම (වමේ). ඇය මුහුණදුන් මේ ජනමාධ්‍ය අතවරයන් නිසා දිවිනසාගැනීමට ඉතාමත් ආසන්න මානසික තත්වයක සිටියා. මොනිකා විසින් 1999 දී ඇන්ඩ්රූ මෝටන් සමඟින් ‘මොනිකාගේ කතාව’ – ‘Monika’s Story’  ලියා පළ කළ අවස්ථාවේ (මැද). කෙසේ වෙතත් මේ කෘතිය ලින්ඩා ට්‍රිප් විසින් සාහසික විවේචනයට ලක් කෙරුණා.  මොනිකා ලුවින්ස්කි 2015 දී TED Talks වෙත ඉදිරිපත් කළ ප්‍රසිද්ධ කථාවේදී (දකුණේ)

 

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

2 thoughts on “American Crime Story [S03 : E10] Sinhala Subtitles | “පාළු භූමියක…” [සිංහල උපසිරැසි සමඟ]

  • තෑන්ක්ස් බ්‍රො ඔක්කොම ටික දාලනෙ. ඔක්කොම ටික එක දිගට බලන්න හිටියෙ සබ් ටික ඔක්කොම ගත්තා දැන් බලන්න පටන් ගන්න ඕනි. කලින් සීසන් ටිකත් බැලුවා සුපිරියක්. තෑන්ක්ස් බ්‍රො වෙච්ච මහන්සියට. පුළුවන්නම් Fargo S05 ටයි. True detector S04 සබ් එක දෙන්නකො.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *