ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මුලින්ම තෝර ගත්තෙ කථා දෙකක් නැතිව දෙපාරක් බලන්න හිතෙන්න පට්ට ෆිල්ම් එකක්. මේක මගෙ පලවෙනි සබ් එක. හැබැයි මේ ෆිල්ම් එක ගැන මීට කලින් ලිපියක් පලවෙලා තිබුනා. ඒත් සබ් දීලා නොතිබුන නිසා මං මේක තෝර ගත්තා. හප්ප් සබ් දැමිල්ලෙ ආතල් එක තේරෙන්නෙ දාන…

ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මුලින්ම තෝර ගත්තෙ කථා දෙකක් නැතිව දෙපාරක් බලන්න හිතෙන්න පට්ට ෆිල්ම් එකක්. මේක මගෙ පලවෙනි සබ් එක. හැබැයි මේ ෆිල්ම් එක ගැන මීට කලින් ලිපියක් පලවෙලා තිබුනා. ඒත් සබ් දීලා නොතිබුන නිසා මං මේක තෝර ගත්තා. හප්ප් සබ් දැමිල්ලෙ ආතල් එක තේරෙන්නෙ දාන්න පටන් ගත්තට පස්සෙනෙ. කොහොමින් හරි ඉරිද උදේ ඉදන් වැඩ අල්ලලා හවස් වෙද්දි දා ගත්ත යන්තම්. බයිලා ඇතිනෙ අපි කතාවට හැරෙමු.
මේක අපේ බාප්ප කෙනෙක් Direct කරපු ෆිල්ම් එකක්. Mel Gibson ගෙ තවත් එක සුපිරිම ගනයෙ බයිස්කෝප් එකක් තමා මේක. දන්නවනෙ අපේ බාප්ප වැඩක් කලොත් ඉතිං. හිහ්.. බාප්ප කීවෙ විහිළුවට ආයෙ නැත්නම් මාව හොයන් එන්න ගනී බාප්පට කියල පුංචි කෑල්ලකට මටත් ඔළුව දා ගන්න දෙන්න කියලා. ආයෙත් කාතාවෙන් පිට ගියානෙ. මෙහෙමයි මේක ප්‍රධාන චරිතයට පන පොවන්නෙ Rudy Youngblood කියන ඇමරිකන් නළුවයි. මුගෙ නමත් කතාවටම ගැලපෙනවා. මේ ෆිල්ම් එක්ක IMDB මීටරේ 7.8 කටම කරකවපු සුපිරි බයිස්කෝප් එකක්. බලපු කෙනෙක් අයේත් බලන නොබලපු කෙනෙක් අනිවාර්යෙන් බැලිය යුතු ෆිල්ම් එකක් තම මේක. ඒක මං බොහොම වගකීමෙක් කියනවා.
කථාව මෙන්න මෙහෙමයි. එකතරා ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා මොවුන් බොහොම බලවත් ගෝත්‍රික කණ්ඩායමක් නමුත් අනපේක්ෂිත මොහොමත මොවුන්ට තවත් එක ගෝත්‍රික කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතනින් තමයි කථාව පටන් ගන්නෙ. මේ මොහොතෙ අපේ කතා නායකයා ඔහුගේ බිරිඳව් සහ පුතාව සඟවනවා. ඒ වෙද්දිත් ඇයි ගැබිනියක්. නමුත් අපේ කතා නායකයා ඔවුන්ට හසු වෙනවා. දරුවන් හැර අනෙක් සියළුම දෙනාව මොවුන් රැගෙන යනවා. ඒ මොකටද කියල කතාව බලන ගමන්ම බලාගන්නකෝ.
නමුත් එක්තරා අහඹු සිදුවීමක් නිසා කොටසකට පැන යාමට අවස්ථාවක් උදා වෙනවා. ඒක පැන යාමකටත් වඩා තිරිසන් දඩුවමක් කීවොත් වැරදි නෑ. අපේ කතා නායකයට පැන යන්න හැකි වේවිද ? තමන්ගෙ බිරිඳවත් දරුවවත් නැවත දකින්න ලැබේවිද ? අනාවැකිය හරි යාවිද ? අනාවැකිය ගැන ෆිල්ම් එක බලන අතරෙ දැන ගන්නකෝ. කිසිම කම්මැලි කමක් නැතිව කුතුහලය බිංදුවක්වත් අඩු නැතිව එක දිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
බලලම දෙවෙනි සබ් එක දාන්න ගැම්මක් එන්න පොඩි කොමෙන්ට් පාරකුත් දාගෙනම යන්න.
මීට පෙර පළකල ලිපිය.
ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක්..ඔයාල අනිවාර්යෙන් බලයි කියල හිතනව..මේක මීට අවුරුදු ගනනාවකට පෙර ගෝත්‍රික යුගයේ කතාවක්..මම කතාව ටිකක් විස්තර කරල පස්සෙ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ කියන්නම්..කතාව මෙහෙමයි..එක් ගෝත්‍රයක් බොහොම් සතුටින් ජීවත් වෙනව..ඔවුන්ට දඩයම් වලින්,ගැහැණුන්ගෙන් අඩුපාඩුවක් නෑ..දිනක් ඔවුන් දඩයමේ ගිය විට වෙනත් ගෝත්‍රයක් හම්බෙනව..එම ගෝත්‍රය වෙනත් කැලයකට අයිති එකක්..ඔවුන්ගේ ඉඩකඩම් තවත් ගෝත්‍රයක් විසින් පැහැරගත් නිසා ඔවුන් යනව අලුත් ආරම්භයක් සොයා..ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් මේ කතාවෙ මම මුලින්ම කිව්ව (කතාවෙ ප්‍රධාන ) ගොත්‍රය රාත්‍රියේ නිදාගෙන සිටිනව..මේ අතරතුර ඔවුන්ව ආක්‍රමණය කරනව වෙනත් පිරිස විසින්..
ඔවුන් බොහොම දරුණු පිරිසක්..ආක්‍රමණිකයන් විසින් ශක්තිමත් පිරිස විතරක් වහල්ලු ලෙස අරගෙන යනව..මේ පිරිසට අයත් වන තරුණයෙකුගේ කතාව තමයි මින් කියැවෙන්නෙ..ඇත්තටම හරිම ලස්සන කතාවක්..මිනිස් හැගීම් ප්‍රාථමික මට්ටමෙන්ම අපිට බලාගන්න පුලුවන්..කෙනෙක් මැරුණොත් ඔහු ගැන දුක් වෙමින් දින ගනනාවක් සිටින්නෙ නෑ,එ වගෙම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ,වේදනාවන් ඔවුන්ගෙ එදිනෙදා ජීවිතයේම කොටසක්..ඇත්තටම අපිව වෙනස්ම කාලයකට ගෙනයන චිත්‍රපටයක් කියන්න පුලුවන්..
O.P.D.P:-මේක ඔස්කාර් සම්මාන 3කට නිර්දේශ වෙලා තිබෙනව,තවත් සම්මාන 13කට නිර්දේශ වී තිබෙන අතර 6ක් දිනා තිබෙනවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray/DVDRip/BRrip පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.
68,115 downloadsDownload Apocalypto-2006.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත කාංචන රාජකරුණා (NoOne)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Apocalypto, Apocalypto sinhala sub, Apocalypto sinhala subtitle
Subtitles by
තුසිත කාංචන
Subtitles
159 comments
archirasika
thusitha
math 3 parakata wada beluwa man hitanne :D matath office eke sinhala ne ban duka thama
Anonymous
ඔව් දෙවෙනි කොටසකුත් ඇවිත් තියෙනවා, හැබැයි එක මෙ චිත්‍රපටියේ නිෂ්පාදකයගේ එකක් නෙමෙ එක නිසා ජනප්‍රියත් නැ, එ තරම්ම හොදත් නැ, එකත් බලන්න,
මෙවා එයාලම කරන නිසා හොදයි, මොකද එයාලම තමයි මෙ දේ මිට තරමක් වෙනස් විදියට හිරු නොනගින අධිරාජ්‍ය කාලයෙදි නිග්‍රොධ ජාතිකයන්ටත් සිදුකලේ.
අනික මෙයාල අපේ රටත් මෙකට මහ කැත විදිහට ගාව ගත්ත, මතකද මිනි කන්නන්ගෙ දේශය, 88-89 කාලයට නම් එක ගැලපෙනවා, එත් සමස්තයක් ලෙස එසේ අපේ රට ගාවා චිත්‍රපටි සැදිම නම්, ඉතාම නින්දිතයි.
අනික මෙයාල අපේ රටත් මෙකට මහ කැත විදිහට ගාව ගත්ත, මතකද මිනි කන්නන්ගෙ දේශය, 88-89 කාලයට නම් එක ගැලපෙනවා, එත් සමස්තයක් ලෙස එසේ අපේ රට ගාවා චිත්‍රපටි සැදිම නම්, ඉතාම නින්දිතයි.
(මෙය සොයා ගැනිමට ටිකක් අමාරුයි, පුලුවන් නම් අරගෙන බලන්න, අමු අමුවෙ ලංකාවෙ ගල් විහාරය රුප ගත කර එ දිරිපිට දි පිරිමින් පිරිසක් ගැහැනියක් කෙළසනවා මෙයට ලංකාවෙ පිරිස්ද සම්බන්ධ වුනා)thusitha
mokakda ban a seen eka man danneth nane
පොතේ ගුරා
@zonoczz!එළම තමයි..දෙන්නම් ඕන තරම්..
@charitha! අනිවා දිගටම කරගෙන යනව..තෑන්ක්ස් මචන්..
charitha
Niyama Film eka. Mamath beluwa. Matath hondata wedichcha film ekak. Umbe me blog eka gena kiyanawanam...Ela wedak machan. mama umbe blog eka hemadama balanawa. Balala films ba bagannawa. Digatama Karagena palayan. Good Luck.
thusitha
thx a thank eka ape admin ayya athulu kattiyata man hithanne yanna one
zonoczz
එල එල තව ඕනා...
thusitha
aniwa denawa mehema comment aawoth
පොතේ ගුරා
@Tharaka Weerasekara! ඔවු බන්..ඒක බොහොම සංවේදී විදියට පෙන්නනව..
@Randi! Apocalypto II තියෙන බව නම් මටත් දැනගන්න ලැබුනෙ නෑ..ගූගල් එකෙත් ඒ ගැන විස්තරයක් නෑ..මාමා කිව්වෙ 10000 BC ගැනද දන්නෙ නෑ..ඒකත් මේකට සමානයි ටිකක්..
thusitha
1000BC thama oya kiyanne.eketh waradak ne me taram hithata alluwe ne
Randi
ගිය අවුරැද්දේ April මාසේ ගමේ ගිය වෙලාවේ බැලුවා මේ film එක
කිව්වත් වගේ දුවන එකමයි වැඩේ නේද? මාමා කිව්වා Apocalypto II තියෙනවා කියලා
පළමු එක තරම් හොද නැහැ කියලත් කිව්වා
හැබැයි මට තාම නම් එහෙම එකක් බලන්න ලැබුනේ නැහැ
තාරක කිව්වා වගේ film එක කිව්ව ගමන් මතක් වෙන්නේ අර දරැ උපත තමයිthusitha
meken passe apuwa wedak ne ban meka thama supiri
කැලුම් ගුණසේකර
ඒක ඇත්ත සහෝ. මේ කොටස තරම් අනිත් ඒවා අල්ලලා ගියේ නෑ.
Tharaka Weerasekara
මමත් මේක බලලා තියෙනවා. නියම film එක. ජල දරු උපත පෙන්නන scene එක හරිම අනුවේදනීයයි..
thusitha
ow machan balannama ona film ekak thx for comment
රොයිලි
මෙල් ගිබ්සන් කිව්වම මතක් උනේ.
මෙල් ගිබ්සන් රඟපාන ෆිල්ම් එකක් තියෙනවා නේද ඇමෙරිකන් සිවිල් යුද්ධය කාලේ කථාවක් ගැන. ඒකෙ නම දන්නවනම් කියන්න පුලුවන්ද මචං.thusitha
matakayak nam ne ayya api hoyala balamu :D
සොඳුරු සිතුවම්
The Patriot [2000]
පොතේ ගුරා
@රොයිලි ! We Were Soldiers (2002) කියන ෆිල්ම් එක ගැන්ද උබ අහන්නෙ මචං? :)
රොයිලි
නෑ මචං ඒක නෙමේ.ඒක ලංකාවේ tv එකෙත් ගියා.හිතට වැදුනු නිසා බාගන්න හිතුනා.නම මතක නෑ.
ඒකෙ කතාව වෙන්නේ 1800 ගනන් වල තිබුනු ඇමෙරිකානු ඛ්‍රිතාන්‍ය යුද්ධය කාලෙ තමාගේ ගොවිපොල ගිනිතියලා ලමයව පැහැරගෙන යද්දි ලමයව නිදහස් කරගෙන ඊට පස්සේ ඛ්‍රිතාන්‍යට විරුද්දව සටන් කරන කෙනෙක් ගැන කතාවක්. මට මතක හැටියට. බලමු මාත් හොයන්නම්. හම්බ උනොත් මට කියන්න මචංරොයිලි
ෆිල්ම් එක හම්බ උනා මචං ඒකේ නම The Patriot[2000]. උඹ නම් බලලා ඇති.
පොතේ ගුරා
@රොයිලි! අහ් මම ඒක බලල නෑ මචන්..දැන් ඉතින් බලන්න ඕන.. :)
රොයිලි
ok ok බලලා හොඳ නම් විස්තරයක් එක්කම දාමුකො එහෙනම්.
Uraj Deemantha
මට නම් මේක ඇල්ලුවේ නෑ.......... ඒ නිසා බැලුවේ fast forward කර කර........!!
thusitha
hemotama eka wage nane ban
Gayan Sutherland
film kiyanne mewane mel gibsonge kiyala hithagena man dl kare eth wena kollek niyama movie eka balala awuruddak eth thamath mara asai niyamai meka nam sirama sira
thusitha
aniwa machan
පොතේ ගුරා
@Uraj ! පුදුමයි බන් මේක උබට අල්ලල ගියේ නෑ කිව්වම... :O
@Gayan! ඒකනෙ බන්..රිවස්
මට නම් මේක එච්චර දිරෙව්වෙ නෑ.මූට ඊතලේ වෑදිලත් හොදින් ඉන්නව අනිත් එවුන් මෑරෙනව.හෑබෑයි බබ්බු හම්බෙන බේත තමයි පට්ට
thusitha
anith unta wadina thenai uta wadina thenai wenasne ban aye balapan
Blackhole
Niyama film eka bro. Mama meka 5 serayak baluwa. Elama film ekak
thusitha
meka beluwa ekek aye nobala inne keyatawath
උදාර
මේ බයිස්කෝප් එකේ ඩීවීඩී එක මං සල්ලි වලට තියා ගන්නඩම ගත්තා... ඒ තරම් හොඳ බයිස්කෝප් එකක්... යුරාජ් එහෙම හරි නෑ කිව්වම පුදුමත් හිතෙනවා... දඩබඩ ගාලා තුවක්කු වලින් වෙඩිතියා ගන්න ඒවාට වඩා මේක ඉස්තරම්... මෙල් ගිබ්සන් වැඩක් කරොත් මල් හතයි...
thusitha
ape bappage weda thama :D
Akila DJ
එක දිගට බලාගෙන ඉන්න පුළුවන්, කම්මැලි නැති ෆිල්ම් එකක්! මාර ගලාගෙන යෑමක් තියෙනව...
සමහර තැන් වල ටිකක් දරුණු දේවල් පෙන්නනවා.
අන්තිමේදි දකුණු ඇමරිකාව ශිශ්ඨාචාර ගත වෙච්ච විදිහ mel gibson පෙන්නන විදිහත් අවුල්! ;) (මිනිහ ආගමික ඩයල් එක නෙ!)ඒත් සමස්ථයක් ලෙස මරු :)
thusitha
ewa motada apita film eka maru nam echcharane :D
gessy
maxxa baiscop ekak..manam baluwa..balapu nathi aya danma bannooooooooooooooooooooooo
Ramraj
අප්පා මෙන්න ෆිල‍්ම් නම් ෆිලම්. අනිවා බලන්න.
Anonymous
2006 හැදුව වුණාට මේක තාම බලනවා නියම film එක හැම scene එකක්ම තාත්වික විදිහට තියනවා මම නම් මේක 2006 දිම බැලුවා ළගදි ආයිත් බැලුවා
thusitha
elakiri thx machan
ShiraN
2006 හැදුව වුණාට මේක තාම බලනවා නියම film එක හැම scene එකක්ම තාත්වික විදිහට තියනවා මම නම් මේක 2006 දිම බැලුවා ළගදි ආයිත් බැලුවා
thusitha
ela kiri thx machan
Shashi Fernando
සුපිරි කියන්නේ, සුපිරිම සුපිරි. ඒක හුස්මට බලතැකි............
thusitha
aniwa kolla ekane dunne
Kasun Gunawardana
අම්මෝ...!!!
comments අඩුයි කියල දැක්කහම පුදුමත් හිතෙනවා...
එලම film එකක්,
පුදුම ලස්සක්‍න film එකක්,
කලාතුරකින් හම්බවෙන film එකක්...thusitha
me comment athi ban hithata sathutui down karana hemoma comment dan nane eka hemotama thiyana awulak
sanjeewa
සිංහල උපසිරස මට බාගන්න ඔනි හෙල්ප් 1ක් දෙන්න බැරිද?
thusitha
mail eka deepan
yasintha
film eka nam maru habai sinhala Sub thibunanam
elakirithusitha
sub thiyanawa ai dwn wen nadda
සුළැඟිල්ලා
බාමින්... සිංහල සබ නැද්දෝ...?
thusitha
nathiwa kollo thiyanawa moko awula
ranil
good
Tharaka
jaya wewa
sumudu
sinhala sub nane
udaya
Apocalypto (2006) sinhala subtitle nane. puluwnnnam ewnwda?
thusitha
mokada awula machan mail eka deepan
chamath cafe
පළමු වැඩේට සුභ පැතුම් සහෝ !
lk
thanks lot
tharanga
මේක නම් පට්ටම එකක් ඕනේ කාලෙක බලන්න ඇහැකි කමමැලි නැතිව සබ් දුන්න එක සුපිරි ඒ වගේම ජය වේවා! පළමු වැඩේට 2 කත් දෙමු
thusitha
thx kolla
yasas
all the best 1st sub
vee
maxxa maxxa macho
was
ඔන්න බාන්න දැම්ම මචෝ දිගටම සබ් දෙමු සුභ පැතුම්
thusitha
aniwa :D
naleen
palamu wadeyta suba pathum sahao 2 kath demu
amilatk
jayen jaya!!!!
rusuru | රුසිරු
නියමම කතාවක් හොදේ තුති
sd
mama meka kalin ballala thiyenawa .awlak na ayeth balanda ona ela ela
kalinga
පළමු එකම මේ පහරක් දීලා තියෙන්නේ
2 කත් බස්සමු හොද එකක්
ජය
thusitha
aniwa :D
ositha
niyamai saho
ccnp
Thanks
Harsha Lahiru
මං බලපු සුපිරිම බයිස්කෝප් එකක්
මේක බලලා නැත්තන් ඉතින් වැඩක්නෑ
ස්තුතියි සහො මේකට සබ් දුන්නටthusitha
thx bro
දිනිඳු සම්පත්
මමත් මේක බලලා තියෙනවා.
පට්ට ෆිල්ම් එකක්..
මුල්ම උපසිරැසියට සුභපතමි.
බොහොම ස්තූතියි තුසිත සහෝ.
ජයවේවා!!!thusitha
thx bro
කේ.යූ.ජී. උදාර
රජ බඩුවක්නෙ ඔයා සබ් දාන්න තෝරගෙන තියෙන්නෙ....
මුල්ම වැඩේට ඔන්න මගෙනුත් සුබ පැතුම්.
ඊළඟ සබත් එහෙනම් ඉක්මනට ම බලාපොරොත්තු වෙනවා.
සිංහල සබට බොහොම ස්තූතියි කාංචන.thusitha
thx saho mata kanchana kiyana aya athe agili ganata thx :D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sinhalen keteemata nohakiweema gana samawenna...mama net yanne office machine eken...eke sinhala unicode naha...daanna tahanam ...itin singlish saranan gachchaaami....
ma gave me film eke DVD eka tiyenawa...mel gibson ge honda film ekak...meke katawa bohoma anuwedaneeyay...jeevath weeme aitiya, lingika nidahasa balayata yatath wechcha kale adaraya wenuwen pratamika aragalayaka yedena tarunayekuge katawak,....aztec samajaya hondinma prathinirmanaya kala film ekak...architect kenek vidihata mama ekata kamati...
boho gatanugatika lakshana tiyena film ekak..eth nawatawayen idiripath karala tiyenawa...mama hitanne mama 4 parak rasa vindaa.....