හොඳයි එහෙනම්. නම දැක්කම අමුතුවෙන් මොකක්ද මේ කියලා කියන්න ඕන නෑනේ. මේ ගැන නොදන්න අයත් ඉතිං, හිරු ටීවි එකට පිංසිද්ධ වෙන්න බෙන් ටෙන් මලයගේ වොයිස් එක දාලා චාටර් කරලා මුලු ලංකාවටම මේ ගැන දැන්නුවානේ. කොහොම උනත් ඉතිං, අමාරුවෙන් හරි මාත් නොවරදවාම ඒ හඬකවපු සෙට් එක බලනවා. ඒකෙත් පොඩි කික් එකක් නැතිවාම නෙමෙයි.…

හොඳයි එහෙනම්. නම දැක්කම අමුතුවෙන් මොකක්ද මේ කියලා කියන්න ඕන නෑනේ. මේ ගැන නොදන්න අයත් ඉතිං, හිරු ටීවි එකට පිංසිද්ධ වෙන්න බෙන් ටෙන් මලයගේ වොයිස් එක දාලා චාටර් කරලා මුලු ලංකාවටම මේ ගැන දැන්නුවානේ. කොහොම උනත් ඉතිං, අමාරුවෙන් හරි මාත් නොවරදවාම ඒ හඬකවපු සෙට් එක බලනවා. ඒකෙත් පොඩි කික් එකක් නැතිවාම නෙමෙයි.
දවස් කීපයකට කලින් තමයි මේ ඇරෝ තුන්වෙනි කතාමාලාව පිටවුනේ. කස්ටිය මේ වෙද්දී බලලද දන්නෙත් නෑ ඔන්න ඉතිං. කරන්න දෙයක් නෑ. වැඩ රාජකාරී මැද්දෙනේ අපි හැමෝම ඔයාලා වෙනුවෙන් මේ දේවල් කරන්නෙත්. ඉතින් අපේ කවිඳු සහෝ හිතපු නැතිවිදිහට කාර්‍යබහුල තත්වයකට පත්වුන නිසා තමයි මම මේක ඔයාලට ගේන්නේ. සමහරවිට ඊලඟ සතියේ කොටසේ ඉදන් කවිඳු සහෝ උපසිරැසි ලබාදේවී, කලින් කතාමාලා දෙකම ලබාදුන්නා වගේම.
ඉතින්, ඇරෝගේ ජයග්‍රහණයට පස්සේ, තුන්වෙනි කතාමාලව පටං ගන්නේ ස්ටාර්ලින් නගරයට ඇරෝ කියන්නේ වීරයෙක් කියන මතයට අනුව. අපරාධයන් අඩු වෙලා, මිනිස්සුන්ට ආරක්ෂිත බවක් හැඟිලා, ඒ වගේම කැප්ටන් ලාන්ස් අපේ මේ ඇරෝව අත්තඩංගුවට පත්කරන්න යොදවපු විශේෂ පොලිස් භට කණ්ඩායම පවා ඉවත් කරනු ලැබුවා. ඉතින්, ඔලිවර්ගේ ජීවිතයේ සාර්ථකත්වය නිසාම, ඔලිවර් විශ්වාස කරන්න ගන්නවා එයාට අන්තිමට හරි පෞද්ගලික ජීවිතයක් පටං ගන්න පුලුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා කවුරු කවුරුත් බොහෝ දිනක් බලාගෙන හිටපු ඒ සුන්දර මොහොත එලබෙනවා. ඒ ෆෙලිසිටිව රෑ කෑමකට වගේම හමුවකට එලියට එක්කරගෙන යනවා. නමුත් නොසිතූ අයුරින් නගරයට ආපහු අපරාධකරුවෙක් එන්න ගන්නවා. ස්ටාර්ලින් නගරය ආපහු දූෂිත නගරයක් වෙන ලකුණු ඔලිවර්ට පෙන්නුම් කෙරෙනවා. ඉතින් ඔලිවර්ට තේරුම් යනවා එයාට කවදාවත් ඔලිවර් කුයීන් කියන චරිතයට අනුව ජීවත් වෙන්න බැරිබව. ඒ නගරයට ඇරෝ කියන වීරයා ඕනවෙනතෙක්ම.
ඉතිං… ඔන්න ඔහොමයි මේ සීසන් එක ආරම්භයක් වශයෙන් සාරාංශ කරලා කිව්වොත් කියන්න තියෙන්නේ. ඒ වගේම හැමෝම වගේ පුලපුලා බලාසිටි සුන්දර මොහොතක් මේ පලවෙනි කොටසින්ම උදාවෙනවා. ඇත්තටම සන්තූසයියියියි… 😀 😛
දැනට අන්තර්ජාලයේ දැක්වෙන විදිහටනම් මේ තුන්වෙනි කතාමාලව කොටස් අටකින් යුක්තයි. ඉතින් බලමු නේද මොකද මේ ඇරෝට වෙන්නේ කියලා. ඒ වගේම දෙවන කතාමාලව අවසන් උනේ ඔලිවර් ඒ අතුරුදහන් වෙලා හිටපු අවුරුදු ගානම හිටියේ දූපතේ නෙමෙයි හිටියේ කියලා. ඉතිං මෙයා කාලයක් හොන්ග් කොන්ග් වල ඉදල තියෙනවනේ. ඉතින් කියවෙන විදිහටනම් මේ කතාමාලවේ මෙයා හොන්ග් කොන්ග් වලදී මොකද කරේ කියලා ටිකක් වැඩිපුර ගලාගෙන යයි කියලයි කියවෙන්නේ.
කොහොම නමුත්… හැමෝම හිතන විදහටම කතාමාලාව ගලාගෙන යයිද කියලා බලමු. එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
2816FEC96BB75A74DC1D7FEF321AF88E3305CFE8 4F9628B699F235DB19F99DE52DC27ED5759B7A63 83EC451C0F55E1FE32E6CA32D7EE0E59CE36464A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
18,254 downloadsDownload Arrow.S03E01.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
136 comments
Asantha Akila
sasmitha lochana
NIYAMAI KINA AI BAN SERA KELLA MARENNE AIYO YAKO MAN BADINNA GIYE EKIWA
gayan
torrent file ekak download karanakota YOUR CONNECTION IS NOT PRIVET kiyala error msg. ekak enne ei friends
tharuka
niyamai
Rasidu
මරු මරු එනකන් බලන් හිටියේ.sub එකට thanx
SaDuN dAnUsHkA
අම්මේ දෙයියො දැක්කා වගේ
එනකම් බලන් හිටියේduma
thaankxxxxxx :)
ප්‍රදීප් උදයංග
පට්ට සහෝ... දැන් බාගන්න ගමන් ඉන්නෙ බලන්න නොයිවසිල්ලෙන්... :D
Kulanjana Maduranga
menna bande denna patan aran....ela ahhhhhhhh...enakm hitiye...subata thanks KINA saho.meka digatama demu.jaya wewa...........
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
හම්‍මේ, මෙන්‍න ගෙනල්‍ලා එහෙනම්.
මාත් මේ මොකෝ මේ ඇරෝ මල්‍ලී තාම නැත්‍තේ කියලා බලන් හිටියේ.
අන්‍තිමට කිනා සහෝ සබ ගෙනල්‍ලා.
නියමයි නියමයි.
සිංහල සබට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Randi
Thanks මචන්...
Download කරගෙන සබ් එනකන් බලා හිටියෙ..sajeevi
thanks.
download karagena balagena hitiya meka denabawa danna nisasameera
Thanks bro.. :)
නලින්
නියමයි කිනෝ.. කොහොමහරි උබට බලන්න හදපු එක ඇතියන්තන් අපිට බලන්නත් ගෙනාවා..
තාම 2X17 ඉන්නේ ඉක්මනින් 3 ට එනවා..
ජය වේවා..
#ChalinduDeshan (කිනා)
:D කාටවත් ඒම කියන්නේ නෑ හොඳේ :P
tharanga sanjeewa
thanks machan maka danakan balagana hitiya
THIMOTHY
ela ela :)
Maduranga
English sub ekka balala nam iwarai...Eth aye balanawa sinhala sub ekka....Thanks for the sub...
ගයාන් රූකාන්ත (ජෝනා)
සරා නගා මැරෙන්නේ ඇයි යකෝ. :( :(
මම ආයේ බලන්නේ නැ මේක ඔව්,බලන්නෙම නැ.
එත් සබට තුති කිනෝ.ජය.!!#ChalinduDeshan (කිනා)
දුක තමයි බං.
මම කසාද බඳින්න හිටපු කෑල්ල. සිස්!හැබැයි දන්න විදිහටනම් කෙල්ල මැරෙණ්නේ කෙල්ලගේ තවත් සුපිරි ආගමනයකටලු. බලමුකෝ මොකද වෙන්නේ කියලා.
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම පිං. බොහොම ස්තූතියි.
ඉවසන් ඉන්න බැරිම තැන කතාව බැලුවා.
ඒත් දැන් උපසිරැසියත් එක්ක ආයෙත් බලනවා.ඊළඟ කොටසත් ඉක්මනට දෙන්න පුළුවන් වේවා!.
ඉසු ඩිපි (Isu DP)
නියමයි කිනා සහෝ..
එත් මම බැලුවා බයිස්කොප් එකට මේක අමතක වෙලාවද්ද කියලා.
ඉළග කොටහ ආපු ගමන් ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!buruwa
ADooo Arrow NEME yakow me "THE Flash". apooo ekawath danne na buruwa :P
#ChalinduDeshan (කිනා)
:O මේ මොකාද මේ?
අකුරු බෑ?ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි....මචං බූරුවෝ..
gayan
torrent file ekak download karanakota YOUR CONNECTION IS NOT PRIVET kiyala error msg. ekak enne ei friends
ශාන් විමුක්ති [විමා]
අම්මටහුඩු, සූ එකේදිවත් අහල නෑ බුරුවො කෑගහනවා
ස්තුතියි ඔබට!
La හිරු
denakan ediye machan thanku wewaaa
ns
බොහොම ස්තුතියි...ඊලඟ කොටසට ඉක්මනටම සබ් දෙන්න...
kasun
machan meke torrent file aka downlod wenne nhe neh
kavinda
බොහොම පිං
thilan
නියමයි සුපිරිම ටීවී සිරිස් එක ආවෝ තැන්ක්ස් සිංහල සබ් එකට
richi
mepara episode gana adui ne....?
#ChalinduDeshan (කිනා)
ඔව්, අටක් කියලා තමයි සඳහන් වෙන්නේ. මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි.
Tharindu
Thanks sahooo sub ekata
D. Namal
පොඩ්ඩක් ගැස්සිලා හිටියෙ මොකද ඩිංගක් පරක්කු කියලා. කියනවට වඩා කරන්න යන අමාරුව දන්නේ වැඩේ කරන අයමනෙ. දිගටම කරගෙන යන්න එහෙනම් Good Luck..!
@runa
Download කරගෙන සබ් එනකන් දවස් තුනක්ම බලං හිටියා. බොහෝම ස්තුතියි සහෝ ....
Saketha Pulasthi
කිව්වා වගේ වොයිස් එක අවුල් උනාට සිංහල හඩකවපු එක බලනකොට පොඩි කික් එකක් තියෙනව තමයි ;) උපසිරසියට බොහොම ස්තූතියි :)
dilan
too late kollo
Gihan
සබ් එක දෙනකම් බලන් හිටියේ.......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි සර්...
මමනම් තවම බැලුවේ නැහැ...
බලන ඕනේ...
මේ ෆ්ලෑෂ් එකනිසා බං ඇරෝ එකත් හනිකට ගෙනෙන් හොඳේ...
ජය වේවා!!!Devinda
Thanks machoooooooooooooooooooooo
viraj
ela macho ela meka enakan thamai hitiye
වරුණ රංගජිත් (වරූ)
අප්පා මේක දෙනකම්මයි උන්නේ..
අනිවා බෑමක්..
සීසන් දෙකම තියයි..ළඟ..
මේකත් අරගෙනම බලනවා...
ජයRanil srimal
මේ කොටස නම් ඉංග්‍රිසි උපසිරැසි එක්ක බැලුවා.
කොහොම වුනත් සබට ස්තූතියි සහෝ.
සිංහල උපසිරැසි එක්ක ආයේ බලන්න හිතෙනවා. :) :)
ජය...!sanath indika
thx
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි කිනෝ
සබ කලින්ම ලැබුන නොවැ :)harsha
ස්තූතියි මචං සබ් එක ගත්තා
minindu bandara
thxxxxxxxx bro. mama sub gatta.
Thanu
Thankew saho...
lakmal
thx frnd........
Thishal Banuka
apu dawase idan balan inne sub 1ka enakan....thnx sub 1kata....
Tharindu
Elaz.........
Balagena hitiye enakan
Thanks saho...
Next episode ekath puluwan ikmanatama oni...RANGA
tnx mcn ela kiri tmai kavi obata jaya tnx baiscoplk
Gagan
thanx mcn
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
lakshan
ස්තුතියි මචන්.
sami
hada kawapu ekath podi kick ekak thiyenawa qwwa eka nm sahathika aththa.. :D
Sub ekata thanx machn.praneeth
supiri machan sub ekata thanx
Laksh!tha
Thanks Bro.....!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

man 1ka thanxx machan jaya wewaaa !!