[box]බයිස්කෝප් හිතවතුන් වෙත, ඔයගොල්ලන්ට මතක ඇතිනෙ සූර පප්පා ප්‍රංශ චිත්‍රපට මාලාව. ඒකෙ අළුත්ම චිත්‍රපටිය තමයි, ප්‍රංශ බසින් Astérix et Obélix: Au service de Sa Majesté ලෙසද ඉංග්‍රීසියෙන් Asterix and Obelix: God Save Britannia ලෙසද නම් කරපු ගිය අවුරුද්දෙ (2012) ප්‍රදර්ශණය ආරම්භ උන චිත්‍රපටය. මේක IMD…
බයිස්කෝප් හිතවතුන් වෙත,
ඔයගොල්ලන්ට මතක ඇතිනෙ සූර පප්පා ප්‍රංශ චිත්‍රපට මාලාව. ඒකෙ අළුත්ම චිත්‍රපටිය තමයි, ප්‍රංශ බසින් Astérix et Obélix: Au service de Sa Majesté ලෙසද ඉංග්‍රීසියෙන් Asterix and Obelix: God Save Britannia ලෙසද නම් කරපු ගිය අවුරුද්දෙ (2012) ප්‍රදර්ශණය ආරම්භ උන චිත්‍රපටය. මේක IMDb දර්ශකයෙ 5.3 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටයත් අනෙක් සූර පප්පා චිත්‍රපට වගේම හාස්‍ය රසය කැටි කරගත්ත චිත්‍රපටයක්. ඒවගේම කියන්න ඕනා මේ සූරපප්පා චිත්‍රපට මාලාවෙම කිසිම දෙබසක අසභ්‍ය වචන භාවිතා කරල නෑ වගේම පවුලේ සැමට නැරඹිය හැකි විදියට හදලා තියෙනවා.
මේ චිත්‍රපටයට යූරෝ මිලියන 61ක් (€61,000,000) වගේ විශාල මුදලක් වියදම් වෙලා තියෙනවා. පසුගිය සූර පප්පා චිත්‍රපටවල රඟපෑ නළු නිළියන්ගෙන් මේකෙ රඟපාන්නෙ මහා ප්‍රංශ නළු Gérard Depardieu (ජිම් පප්පා) විතරයි. අනෙක් සියළු දෙනාම මේ චිත්‍රපට මාලාවට අළුත්. මෙහෙ සූර පප්පා ලෙස රඟපාන්නෙ ප්‍රංශ නළු Édouard Baer යි. මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ‘සූර පප්පා සහ බ්‍රිතාන්‍යය'(Asterix in Britain) සහ ‘සූර පප්පා සහ නෝර්මන් වරු'(Asterix and the Normans) කියන කාටුන් චිත්‍රපටයි. ‘සූර පප්පා සහ බ්‍රිතාන්‍යය’ කියන කාටුන් එක නම් ලංකාවෙ බොහෝ දෙනෙක් බලල ඇතිනෙ, මේ චිත්‍රපටියෙ කතාවත් ඒ කාටුන් එකේ කතාවට බොහෝ දුරට සමානයි. හැබැයි අළුත් චරිත ටිකක් වැඩිපුර තියෙනවා.
මේකෙ කතාව කෙටියෙන් කියනවා නම්, ‘සීසර්’ බ්‍රිතාන්‍යය ආක්‍රමණය කරනවා. ඉතින් සූර පප්පලාගෙ යාළුවෙක් වන බ්‍රිතාන්‍ය වැසියෙක් උදව් ඉල්ලගෙන ගෝල් දේශෙට එනවා. සූර පප්පා සහ ජිම් පප්පා අර යාළුවත් එක්ක බ්‍රිතාන්‍යයට එන්න පිටත් වෙන්නෙ මැජික් අරිෂ්ට බැරල් එකකුත් අරගෙනයි. හැබැයි මේ පාර ජිම් පප්පාට බලු පැටියාව (චූටි කුකූ) ගේන්න ඉඩ ලැබෙන්නෙ නෑ, ඒ වෙනුවට ගමේ ලොක්කාගෙ බෑණා කෙනෙක් වන මෝඩ කොල්ලෙකුත් එක්කයි මේගොල්ලො බ්‍රිතාන්‍යයට එන්නෙ. කතාව ඉතුරුටික ඔයාල බාගෙනම බලන්න.
මේ චිත්‍රපටයෙ, බ්‍රිතාන්‍ය ජාතිකයන්නෙ “බොරු ශිෂ්ට බව” ඉතා හොඳින් උපහාසයට ලක් කරලා තියෙනවා. ඒ වගේම ඒ කාලෙ බ්‍රිතාන්නියන්ගෙ සමහර ගති සිරිත් හරිම අස්වාභාවිකයි කියල ඔයාලටම හිතෙයි. හැම තිස්සෙම උණුවතුර බොන්න පුරුදු වෙලා හිටපු බ්‍රිතාන්නියො තේ බොන්න පුරුදු උනේ කොහොමද කියල දැන ගන්න ඕනෙ නම් අනිවාර්ය්‍යයෙන්ම මේ චිත්‍රපටිය බලන්න ඕනා.
උපසිරැසි ගැන ගුණ දොස් ඕනැ එකක් ඉතා සතුටින් භාරගන්නවා.(කොමෙන්ට් එකක් දාන්න)
එහෙනම් ජයවේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
9,960 downloadsDownload Asterix.And_.Obelix.God_.Save_.Britannia.2012.zip178 KB
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත අලහකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත අලහකෝන්
Subtitles
78 comments
roshan
hussey
wow,,,,i like this one,,tnz
Isuru
patta patta machan
quik
thanks
උදාර
පට්ට පට්ට එහෙනම් සේරටම සබ් දුන්න ආ... කතාවාමල්වට සබ් දුන්න එකට පින් දැන් මුල ඉදලම බලන්න ඕනේ..
lasidu
ජය වේවා!!!! සහෝ.... මේක නම් නියමයි
chami
supiri thnxz
danuka
maxxxaaaaaaaaaaaaaa
tharanga
නියමයි සහෝ මේක දෙනකම් උන්නේ... පට්ටම කතා ටිකක්.. ඔයා සේරටම සබ් දීලා තියෙන නිසා තවත් නියමයි
elakiri
එළකිරි මචං
නලියා
එළ එළ
මේක එනකම් උන්නේ ස්තුතියි සහෝ
ජය වේවාlasanatha!!!!!!
jaya wewa!!! thnxxxxx
lk
maxxxaa macho
ganidu
තෑන්ක්ස් වේවා
wow
wow..... maru :D
mihin ලංකා
නියමයි බොහොම තුති සහෝට
zumo man
elazzz thnxzzz
was
සුපිරි වැඩක් සහෝ.සේරටම සබ් දුන්න එක අගය කරනවා!
vee
තුති :)
geeth
ela kiri machan
Kasun
thanks machan meka english neme hinda therun ganna sinhala sub oonemai.
ccnp
Thanks
upali
digatama sub denna jaya
chandima
supiri saho sub akata thxz
MaDUKZz
thnx
sura
best machan ela kiri
“චූටී මල්ලි”
elazzzz
Vidush
mewage film akak awa kiyala dannet abe baiscope site aka nisa thami.ela machoooooooooooo thanx....
සමීර කරුණාරත්න
චිත්‍ර පට මාලාවම ඉවර කලා නේද සහෝ...
පට්ට පට්ට ගොඩක් ස්තුතියි. :Dshalana
thanks...
හසන්ත වික්‍රමරත්න
සූර පප්පා ජිම් පප්පා ඉන්නවනම් නොබලා කොහොමද, ඔන්න එහෙනම් මමත් ගත්තා. ස්තුතියි උපසිරසියට.
mudiya / මුදියා
නියමයි හසිත.අපේ සයිට් එකෙන් දුන්න සූර පප්පා ඔක්කොම කථා බැලුව.මේකත් අනිව බලනවා.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!
පිස්සු පුසා
නියමයි සහෝ මේක දෙනකම් උන්නේ… thanks
maduranga
patta....thanx bro...
ශාන් විමුක්ති [වීමා]
නියමයි මචං එල වැඩක්!!
මල් හයයි ඕං :)Menu1024
Best movie series i've ever seen..
Thank you Hasitha!
Best of luck :)හසිත අලහකෝන්
ස්තුතියි අදහස් දැක්වීම වලට. මම හිතන්නේ කට්ටිය ළමා චිත්‍රපට වලට එච්චරම කැමැත්තක් නෑ වගේ. නමුත් මේක ළමයින්ට වෙන් කරපු චිත්‍රපටියක් නෙමෙයි. ඕනෑම වයසක ඉන්න කෙනෙකුට රසවිඳින්න පුළුවන්. කලින් දීපු "සුර පප්පා සහ ඔලිම්පික් ක්‍රීඩා" චිත්‍රපටියත් මම හිතන විදියට වැඩිදෙනෙක් හිතුවේ නිකම්ම ක්‍රීඩාව ගැන කියවෙන කතාවක් කියල වෙන්න ඇති. නමුත් එහි ක්‍රීඩාවට දීල තිබුණේ පොඩි තැනක් විතරයි. වැඩිපුරම තිබුණේ සිසර්ගේ පුතා කරන මෝඩ වැඩ නිසා උපදින විහිළු. මම හිතනවා මේ චිත්‍රපටියත් ඒ වගේම හොඳ හාස්‍යජනක චිත්‍රපටියක් කියලා.
කට්ටියටම ජයවේවා !රොයිලි
බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
uda
අනේ හසිතයෝ...
තරහ වෙන්ඩනම් එපා බන්, මේවයේ පොඩි ඒවා නැතුව බාන්ඩ විදිහක් නෑ බන්. කොච්චර ආශාවුණත් කලින් දීපුවත් ගන්ඩ බැරි වුණා ඒක නිසා... :( මේකනම් ගන්ඩ පුළුවනි. මුල්ම් එකනම් බැලුවා මම හම්බවුණ නිසා! මරු ආහ්! කොහොමත් මේක හිමින්සැරේ හරි එක්කසු කරගන්නවා කොහොමහරි. මොකද අනාගතේදි පොරෝජං වෙයි අපටත් ;) නෙහ්?me
Thanks
Oshan
Ela thanks machan
දිදුල Kd සිල්වා
නියමයි යාලුවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා෴
malith
good job man.I really LIKE this site...I love it.niyamai film 1. Simply qwoth fattttaaaaa
(Y)rachila
ela.... asawen balapu caertoon 1k...
Uraj Deemantha
පට්ට ෆිල්ම් එක ආ....... :)
seser
thanks !
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍delmar
Maxxa machan
Patta me wage eewaSoftHunter
Nice work machan.
Thanak You!
SoftHunter
Nice work
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
patta seyrama meyke films walata sub deela ne thxxxxx