අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E32] Sinhala Subtitles | ඔබ වෙත අවුරුදු 2,000කින්…හෝ…දැන් සිට අවුරුදු 20,000කින්… [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 42 votes.
Please wait...

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E32] Sinhala Subtitles

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E32] Sinhala Subtitles

Shinzou wo Sasageyo for One Last Time!!!

ඔක්කොටම කලින් මං මේක අවස්ථාවක් කරගන්නවා මාත් එක්ක මේ අවසාන මොහොත වෙනකන් හිටපු අයට ස්තූති කරන්න. දවසක් Attack on Titan S04 එක බල බල ඉද්දි මගේ අයියා කිව්වා මේකට සිංහල සබ් එක ගහන්න තිබ්බනම් මරු කියලා. ඉතින් එදා ඉඳන් තමා මං මේ වැඩේට අත ගැහුවේ. මගේ Favourite ම ඇනිමේ එකට සිංහල සබ් එක කරන්න පුලුවන් වුන එකට ඇත්තටම ගොඩක් සතුටුයි. ඒත් එක්කම ලංකන් Weebs පේජ් එකටත් ඒකේ ඇඩ්මින්ලා හැමෝටමත් මං මේ වෙලාවේ ස්තූතිය පුද කරනවා.

ඔන්න එහෙනම්, හිටපු රසිකයන්ව කතාවට තවත් ළං කරගත්තු, තව තව අලුත් රසිකයන්වත් හතර වටින්ම එකතු කරගෙන Anime වලට අලුත්ම Fan base එකක් එකතු කරපු, යුගයේ ආපු සුපිරිම ඇනිමේ එකක අවසානයයි මේ සනිටුහන් වෙන්නේ. 2013 – 2023 දක්වා පුරා දශකයක කාලයක් අපේ ජීවිත කුතුහලයෙන් කුතුහලයටත් ත්රාසයෙන් ත්රාසයටත් ගෙන ගිය Shingeki no Kyojin නොහොත් Attack on Titan Anime Series එකේ අවසාන කථාංගයටයි මේ උපසිරැසි රැගෙන ආවේ. ඊට කලින් අපි කතාව ගැන අවසාන වතාවට පොඩි විස්තරයක් බලමු.

2009 දි Hajime Isayama අතින් නිකුත් වුනු Shingeki no Kyojin මාන්ගා එක ඇසුරින් Vinland Saga, Bubble, Spy x Family, Kabaneri of the Iron Fortress, Ousama Ranking, Vampire in the Garden වැනි ලෝක ප්රසිද්ධ Anime රැසක් බිහි කළ Wit Studio විසින් ඒක TV Series එකක් ලෙස 2013 වසරේ දී නිකුත් කළා. සීසන් 4 එකේ වැඩ කටයුතු කරේ අපි කවුරුත් දන්න MAPPA Studio එක. අපේක්ෂිත මට්ටමට වඩා ප්රේක්ෂක ප්රතිචාර මේ කතාමාලාවට ලැබුනා විතරක් නෙමේ මේ ඇසුරින් PC Games හා Films පවා ගොඩ නැගුනා.

අපි දැන් කතා කරමු AOT Universe එකේ තියෙන වැදගත් දේවල් ටිකක් ගැන. පළවෙනිම එක තමා Story Telling. මේ කතා මාලාව පුරා දකින්න ලැබෙන සුවිශේෂී දෙයක් තමා කතාව එක එල්ලේම අපිව අමන්දානන්දයට පත් කරමින් ගමන් කිරීම හා කතාවේ සෑම තැනක්ම සෑම දේකටම සම්බන්ධ වීම. ඒ පැත්තෙන් ගත්තොත් ඉසයමා සෙන්සේ එයාගේ උපරිම මහන්සිය එයාගේ මේ ප්රබන්ධයට යොදලා තියෙනවා කියලා කියන්න පුලුවන්. කතාව ගලාගෙන යන අතරවාරයේ Foreshadowing, Next level animations සහ  Background Music යෙදීම, මේ කතාවට මේ තරම් ආකර්ෂණයක් හා Fan base එකක් එන්න හේතුව කියලා කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම මේ ඇනිමේ එක හරිම Practical. වර්තමානයේ තියෙන යුද්ධය, මිනිස් ආකල්ප, හොඳ නරක වගේ වැදගත් තේමා වලින් සමන්විත එකක්.

අපි දැන් Music පැත්තට හැරෙමු. මේ ගැනනම් වැඩි දෙයක් කියන්න ඕනේ නෑ. අපි හැමෝම දන්නවනේ AoT Franchise එකේ කොච්චර ඇඟේ හිරිගඩු පිපෙන Emotional, Metallic Songs, BGMs තියෙනවද කියලා. දැන් ඉතින් කාගෙත් ඔලුවට එන Songs ටිකක් තමා Guren no Zahyou, Vogel im Käfig, The Relucant Heroes, Akuma no Ko, Youseebig girl හා The Rumbling කියන්නේ. මුල් සීසන් තුන Aldnoah.Zero, 86 වැනි Anime වල Music Composer වන Hiroyuki Sawano අතින් වර්ණවත් වෙද්දී හතරවන කතාංගය Kohta Yamamoto අතින් වර්ණවත් වුනා. ඔහුගේ මේ වනවිට ප්රසිද්ධම Soundtrack එකක් තමා Footsteps of Doom කියන්නේ. මේ ඩබලගේ හැකියාව ගැන මං තව විස්තර කරන්න ඕනේ නෑනේ. තව Music Band වලින් Linked Horizon, Sim වැනි ප්රවීණයන් දායක වී කතාමාලාවේ Opening Songs හා Ending Songs නිර්මාණය කළා. අවසාන කථාංගයේ Opening Song එක කරන්නෙත් Season 1 එකේ Opening Song එක කරපු Linked Horizon ලා. Ending Song එක Ai Higuchi විසින් ගායනා කරනවා.

“I Don’t Like The Terms “Good Person” or “Bad Person.” It Is Impossible To Be Entirely Good To Everyone. To Some, You Are A Good Person, While To Others, You Are A Bad Person.” 

– Armin Arlert –         

“මං, “හොඳ මනුස්සයෙක්” හෝ “නරක මනුස්සයෙක්” කියන යෙදුම් වලට කැමති නෑ. මනුස්සයෙක්ට හැම කෙනාටම හොඳ කෙනෙක් වෙන්න බෑ. කට්ටියකට ඔයා හොඳ කෙනෙක්. අනෙක් අතට තවත් කට්ටියකට ඔයා නරක කෙනෙක්.”                               

– ආර්මින් ආර්ලෙර්ට් –

ගොඩක් Film, TV Series වල අපි දකින දෙයක් තමා අනිවාරෙන් ප්රධාන චරිතේ හොඳ කෙනෙක්, ඒ කතාවේ Villain කියන්නේ පට්ටම නරක කෙනෙක් කියන එක. අන්තිමේදී කෝමහරි ප්රධාන චරිතේ දිනනවා. ැඑත් කිසිම මනුස්ස චරිතයක් කළුත් නෑ සුදුත් නෑ, අපි හැමෝම අළු චරිත. අපේ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. ඉතින් Attack on Titan කියන්නෙත් සාමාන්ය සම්ප්රදායෙන් ගිලිහුනු අර කලින් කිව්වා වගේ හොඳ චරිත (සුදු) නරක  චරිත (කළු) කියලා බෙදලා නැති ඇනිමේ එකක්. ඒකේ හැමෝම අළු චරිත. හැමෝටම මොකේකට හරි වෙරි වෙන්න වෙනව ජීවත් වෙන්නනම්. හැමෝටම තමන්ගෙම කියලා අරමුණක් තියෙනවා. උදාහරණයක් විදිහට ජීක් එල්ඩියන්ලාව වඳ කරන්න උත්සාහ කරනවා මාර්ලියන්ලට නිදහසේ ජීවත් වෙන්න. එරන් මාර්ලියන්ලව මරනවා එයාගේ එල්ඩියන් යාලුවන්ට ජීවත් වෙන්න. ෆ්ලොක් එරන්ට උදව් කරනවා එයාගේ උපන් රට බේරගන්න. එයාලට එයාලගෙම මත තියෙනවා එයාලා හරි කියල ඔප්පු කරන්න. ඉතින් AoT කියන්නේ අපිට වෙනස්ම පාඩමක් උගන්නන ඇනිමේ එකක්. උඩ දාලා තියෙන ආර්මින් කියන එකෙන් ඒක තේරුම් ගන්න පුලුවන් නේ.

ඉතින් අද, අවසාන කතාංගය බලලා රසවිඳින්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරනවා. පළවෙනි දෙවෙනි සීසන් වල තිබ්බ Legendary OST ටිකකුත් ආයේ අහන්න අපිට වාසනාව ලැබෙනවා. ඒ විතරක් නෙමේ Animation අතින් ගත්තොත් මුලු සීසන් එක ප්රාවටම මං දැක්ක හොඳම ඇනිමේශන් තියෙන්නේ මේ Special Episode එකේ. MAPPA අන්තිමේදී එයාලගේ පොරොන්දුව ඉෂ්ඨ කරා. අවසානය අපි හිතපු දේ නොවෙන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම මේක කලින් අනුමාන කරන්න පුලුවන් කතාවක් වුනානම් අපිට ඒකේ කිසි රසවින්දනයක් නැති වෙනවා. අනික් වැදගත්ම දේ තමා යුද්ධ, මනුශ්ය සංහාර ගැන තියෙන Film, TV Series වලින් Happy Ending හොයන්න එපා කියන එක. මේක මං තේරුම් ගත්තේ GOT Final Season එක බලලා. මේ එපිසෝඩ් එකේ අපිට මනුශ්යත්වයයි යුද්ධයක් අතරේ තියෙන බැඳීම හොඳට පැහැදිලි කරලා දෙනවා. විශේෂයෙන්ම එපිසෝඩ් එකේ Post Credit Scene එකෙන්. මට අනුවනම් Ending එක හොඳටම Satis හැබැයි එරන්ගේ තිබ්බ ධෛර්ය අන්තිම හරියෙදී පොඩ්ඩක් එහා මෙහා ගිහින් තිබ්බා වගේ පේනවා. වැරැද්දක් කියන්නත් බෑ. අපි කාටත් ආදරේ කරන ගෑණු ළමයා අපිට ලැබෙන්නේ නෑ කියලා දැනගත්තාම දුකක් දැනෙනවනේ. ඇරත් එයා “චැඩ්” කෙනෙක් නෙමේනේ. එරන් කියන්නේ විශාල බලයක් ලැබුණු දැඩි තීරණයක් ගත්තු අවුරුදු 19 ක සාමාන්ය කොල්ලෙක්. මොනා වුනත් Heart Breaking Scene ගොඩක් එක්ක ඉසයමා සෙන්සේ දීලා තිබ්බ එන්ඩින්ග් එක බලද්දි නම් කඳුළුත් ආවා. ආයේ කවදාවත් මේ වගේ Top notched anime එකක් කවමදාකවත් එන්නේ නැති වේවි. ඇත්තටම අපි වාසනාවන්තයි මේ වගේ Masterpiece එකක් Ongoing ම බලාගන්න පුලුවන් වුන එකට. අන්තිම තත්පර දෙක තුන බලද්දී මගේ ඔලුවට ආපු AoT Franchise එකේ චරිතයක් කියන කතාවකින්ම ලිපිය අවසන් කරන්නම්.

Violence is One Thing You Can’t Take from Humanity. Right, Captain?

– Yelena –

History Truly Repeats It self

See You Later, Eren!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

27 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E32] Sinhala Subtitles | ඔබ වෙත අවුරුදු 2,000කින්…හෝ…දැන් සිට අවුරුදු 20,000කින්… [සිංහල උපසිරසි]

  • Blapu hodama animation series eka!
    Thank you all of you !
    Plz monster series ektat sub denna !

    Reply
  • One punch man ithuru tikath ikmanata denna.
    Goodluck

    Reply
    • දැනට ඇවිත් තියෙන්නේ එච්චරයි.
      ඒ සේරම දුන්න.

      Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Eka aththa mata aththatama aduna.thamath papuva hiravenava vage .eranta mage pranamaya

    Reply
  • Mama balapu hodana anime eka,ending eka supiri,breaking bad balala ending ekedi apu හැඟීමma awa meka balala ,thanks for the sub

    Reply
  • Me series ekata sub dunnata thanks ,subtitles hodatama hadala tibuna,ending ekath masterpiece

    Reply
  • මම එතෙක් මෙතෙක් බලපු හොඳම ජපන් ඇනිමේශන් එක කිවුවොත් නිවැරදී, game of thrones ටීවී සීරියස් එකට පස්සෙ බලපු ඒවගේම දුක හිතෙන ,තවත් ඕන කියලා හිතෙන කතාවක් ,බයිස්කෝප් ඔයාල නැත්තන් අපිට මේ කතාවෙ රසය ඉංග්‍රීසි සබ්ටයිටල් එකත් එක්ක හරියට විඳින්න වෙන්නෙ නෑ. දෙනුර වීරසිංහ ,ඒ වගේම කලින් එපිසෝඩ් වල උපසිරැසි හදපු අනෙක් සහෝදර සහෝදරියන්‍ට ත් මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමි. Aththatama mata hithaaganna ba ada me animation eka iwara wenawa kiyalaa…

    Reply
  • බොහොම ස්තූති අය්යෙ ❤️

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • AOT කතාමාලාව ඉවර වෙනකං සබ් අරගෙන ආවට බොහොම ස්තූතියි දෙනුර මල්ලි. මේක තමා මම බලපු හොදම අනිමේ එක. ඒ වගේම මේක ඇනිමේ ලෝකේ තියෙන masterpiece එකක්. තවත් මේ වගේ සුපිරි කතාවකට උපසිරසි අරං ඒවි කියලා බලාපොරොත්තු වෙනවා. ජයවේවා !

    いってらっしゃい エレン ❤ !

    Reply
  • thank you for the subtitle

    Reply
  • Thanks Brother For All ….❤

    Reply
  • බොහෝම ස්තුතියි ඔබතුමාට

    Reply
  • තැන්ක්‍යූ මචන් පුලුවන් ඉක්මනින් සබ් එක ගෙනාවට

    Reply
  • උබල sub දැම්මෙ නැත්නම් මේ කතාව මෙච්චර හොදට තේරුම් ගන්න වෙන්නෑ කවදාවත් thanks බං

    Reply
  • ලොකු වැඩක අවසානයක්.
    සබ් එකට බොහොම ස්තූතියි.

    Reply
  • AOT ගැන නම් කවර කතාද? කියන්න තියෙන ඔක්කොම මේ ලිපියෙම සඳහන් කරලා තියෙනවා. මේ Legendary Anime එක අවසන් උනත් තව කාලයක් යනකම් මිනිස්සු මේක ගැන කතාවේවී. ඇනිමේ හා සිංහල උපසිරසි කියනකොට මේකට විපක්ෂ පිරිසකුත් ඉන්නවා. කවුරු කොහොම මොනදේ කිව්වත් AOT ලංකාවෙ මිනිස්සු ගොඩකට මේ සිංහල උපසිරසි නිසා සමීප උනා කියන එක නම් නොරහසක්. රවිඳු බණ්ඩාර අයියා, නවෝදනී තිළිනි අක්කා විසින් ආරම්භ කරපු, පවත්වාගෙන ගියපු AOT සිංහල සබ් ගැහිල්ල නොහිතූ විදිහකට අතරමඟ නතර උනා අවුරුද්දක් වගේ කාලයක් තිස්සෙ. හේතුව මොකක්ද කියල දන්නෝ දනිති. සබ් නැතුව බයිස්කෝප් එකත් අමුවට කුණුහරුප අහ අහා ඉන්නකොට උඹ වගේ පොරක් මේක ඇවිල්ලා ගොඩ දාන්න පටන් ගන්නවා. දෙනුර මලේ, දහස්වාරයක් තුති මේ masterpiece එක ගොඩ දැම්මට…

    Reply
    • Thank You අයියේ : )

      Reply
      • Thanks for the sub bro <3

        Reply
  • එපිය බාගෙන බලං හිටියෙ සබ දෙනකං… බොහොම ස්තූතියි සහෝදරයා අවසානයක් වෙනකං උපසිරැසි ගෙනාවට… ඒ වගේම බයිස්කෝප් එකටත් මේකට උපසිරැසි ගේන්න මහන්සි වුන සියලුම දෙනාටත් ජයෙන් ජයම වෙන්නෝන…. එහෙනම් අලුත් උපසිරැසියකිං හම්බුවෙමු… හැමෝටම බුදු සරණයි…❤️

    Reply
  • අද මේ ලබාදෙන උපසිරසියට ස්තුතියි!
    මේ කතාව අවසාන කරන්න වෙහෙසුණු වෙහෙසට, කැප කරපු කාලයට විශේෂයෙන්ම ස්තුතියි.
    ඔයාල වගේ අයගේ මහන්සිය කැපකිරීම නොවෙන්න ගොඩක් අයට බාශා බාධකය නිසා මේ වගේ සුපිරිම කතා මාලාවක් මගහැරෙනවා.
    අනේක වාරයක් ස්තුතියි දෙනුර!

    Reply
    • Thank You අයියේ!

      Reply
  • තෑන්ක් යූ මල්ලි.මේ journey එකට අපිවත් දායක කරගත්තට.ඔයාගෙ සබ් එකත් එක්ක..ආසාවෙන් බැලුවා..අවුරුදු ගානක් අතීතයෙන් පටන් ගත්ත විශිෂ්ඨ කතාව අවසානය වෙනකන් ඇවිත්… දැන් ඉතින් බලන්න තියෙන්නෙ… හැමදාමත් අමතක නොවන.මතකයන් ගොඩක් ගොඩ ගැසුව.. රේටින්ග් කටු උපරිම කැරකෙව්ව.මියුසික් වලින් ඇඟෙ හිරිගඬු පිපෙව්ව.. ඒ සුපිරිම කතාවේ අවසානය බලමු එහෙනම්… දෙනුර මල්ලි..තවත් මේ වගේ legendary එකකින්ම අපිව මුණ ගැහෙන්න එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    Reply
    • Thank You අයියේ!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *