මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ දන්නවද අවුෂ්විට්ස් කඳවුර කියන්නේ මොකක්ද කියලා? ඔව් මට විශ්වාසයි බොහෝ දෙනා කියාවී ඒ තමා ලෝක ඉතිහාසයේ විශාලතම සමූල ඝාතනය සිදුවූ දැන් පෝලන්තයට අයත් භූමියක තියෙන “මරණයේ කම්හල්” භූමිය කියලා. එහෙ මිනිසුන් මිලියන 1.1 කට ගෑස් ගහලා ඝාතනය කළා කියලත් ඔබ කියාවී. මේ ගැන අධ්‍යනය කරලා ති…

Auschwitz The Nazis and the Final Solution1

මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ දන්නවද අවුෂ්විට්ස් කඳවුර කියන්නේ මොකක්ද කියලා? ඔව් මට විශ්වාසයි බොහෝ දෙනා කියාවී ඒ තමා ලෝක ඉතිහාසයේ විශාලතම සමූල ඝාතනය සිදුවූ දැන් පෝලන්තයට අයත් භූමියක තියෙන “මරණයේ කම්හල්” භූමිය කියලා. එහෙ මිනිසුන් මිලියන 1.1 කට ගෑස් ගහලා ඝාතනය කළා කියලත් ඔබ කියාවී. මේ ගැන අධ්‍යනය කරලා තියෙන අය ආර්යයන්ගේ යුරෝපයක් බිහිකිරීමේ සිහිනය දුටු හිට්ලර් සහ ඔහුගේ නාසිවාදී පක්ෂය ඒ සදහා “අවසන් විසදුමක්” යෝජනා කොට එම සැලැස්ම ක‍්‍රියාවට නැංවීම හෝලකෝස්ට් හෙවත් මහා මිනිස් සමූල ඝාතනය ලෙස හැදින්වෙනවා කියා කියාවි.

ඒත් මම කිව්වොත් මේ අවුෂ්විට්ස් ඝාතක කදවුර පටන් ගත්තෙ ගෑස් ගහන්න නෙවෙයි කියලා? කොටින්ම ඒ කඳවුර හැදුවේ ජුදෙව් ආගමිකයන්ව වැද්දගන්නවත් නෙවෙයි කියලා? එතකොට ඔයාලා අහාවි කොහොමද එහෙම දෙයක් වුණේ කියලා. හොඳයි මේ තියෙන්නේ ඒකට පිළිතුරයි.

මේ මම ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ අවුෂ්විට්ස් හී උපත හා සමූල ඝාතන නාසි ප්‍රතිපත්තියේ පුදුමාකාර කතාවයි. ඒ මුල් වස්තුබීජය පිළිසිඳගත්තු තැන ඉඳන්ම විස්තර කෙරෙන කතාවයි. එනම් අවුෂ්විට්ස් පරිණාමයේ හා අපරාධකරුවන්ගේ මානසික ස්වභාවයේ කතාවයි.

මේ සංකීර්ණ ක්‍රියාවලිය සරලව විස්තර කරනවානම් මුලින්ම දුම්රියෙ පටෝගෙන ගෙනාපු මිනිස්සුන්ව දුම්රිය ස්ථානයේදීම වැඩ කළ නොහැකි විදියට වෙන් කරවනවා. මුල් කාලයේ මෙසේ ශ්‍රමය සූරාකන්න බැරි මහල්ලන්, කාන්තාවන්, ළමුන් කෙළින්ම වෙඩි තියලා මරලා දැමූ නමුත් එයින් ජර්මානු ඝාතකයින්ට සිදුවෙන මානසික අගතිය සලකලා බලලා ඔවුන් බොහොම උපායශීලී විසඳුමක් හොයාගනු ලබනවා. ඒ තමා ගෑස් කුටි. විෂබීජ නසන නෑමක් ලබාගැනීම සඳහා යැයි පවසා ඔවුන්ව නිරුවත් කොට තම දේපල හා ඇඳුම් පැළඳුම් පවා ආරක්ෂිතව තැබීමටයි පවසා එයිනුත් ආර්ථික වාසි ලැබීමට කොල්ලකනු ලබා ඔවුන්ව ගෑස් කුටියට යවනු ලබනවා. ඉන් පසු කෙළින්ම ආදාහනාගාර වල උදුන් වලට යවා සාක්ෂි නොමැති වීම පිණිස පුළුස්සා දමනු ලබනවා. සමහර වෙලාවට දිනගණන් එක දිගට පත්තු වෙච්ච ආදාහනාගාරවලින් පිරිමහන්න බැරිවී විශාල වළවල් වල මිනී සෑයවල් සාදනු ලබනවා. මේ සියල්ලට මූලිකත්වය දුන් එහි පාලක රුඩොල්ෆ් හොස් තම අවසානය තෙක්ම කිසි විටෙක මෙම ක්‍රියාවලියට කිසිම පසුතැවිල්ලක් දක්වන්නේද නැහැ.

මේ මුසාව, ද්වේෂයෙන් සපිරි ක්‍රියාකාරකම් පොහොසත්ව, පුහු අරමුණක් පසුපස හැල්මේ දිවගොස් ළමා ළපටින් ඇතුළු යුදෙව් හා යුදෙව් නොවන මිනිසුන් මිලිනයක් අළු කොට දැමූ, උන්හිටි තැන් අහිමි වීම්, කොල්ලකෑම්, මළමිනී උඩ උත්සව දැමීම්, ගල් වූ හිත් ගැන කියවෙන අතීශය ඛේදජනක කතාවයි.

IMDB වර්ගීකරණයේ 8.7 ක ඉතා ඉහළ අගයක් ගන්න සමත් වුණු, කොටස් 6 කින් පමණක් සමන්විත වුණු, සෝවියෙට් දේශයේ බිඳවැටීමෙන් පසු විවෘත වූ නැගෙනහිර යුරෝපයේ ලේඛනාගාර වලින් 1990 වෙන් පසු එළිදරව් කරගත් ලේඛන හා සැලසුම් ආධාරයෙන් ප්‍රති නිර්මාණය කර ගත් පරිගණක ආකෘති වලින්ද පොහොසත් වූ ඉතිහාස කතාවයි. එම කාලයේ ජිවත් වී මෙම අත්දැකීම් අත් විඳි පරම්පරාව කෙමෙන් වියැකී යද්දී, හිටපු සිර කරුවන් පමණක් නොව මෙම ඝාතන සිදුකළ නාසි ඝාතක බළඇණිය වෙච්ච SS හමුදා සාමාජිකයින්ගේ අදහස් දැක්වීම් වලින්ද, දුර්ලභ ඡායාරූප, දුර්ලභ වීඩියෝ දර්ශන වලින්ද මෙම වැඩසටහන පොහොසත්.

මේ මනුෂ්‍යත්වය යළි යළිත් ප‍්‍රශ්න කැරෙන අති සංවේදී කතන්දරයක ආරම්භයයි.229

Auschwitz: The Nazis and the 'Final Solution' (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

210 MB කොපිය මෙතනින් බාගන්න

9B93B2475D69A36A803FB8EF7C12ABBBAAE36E0A 158 MB කොපිය (Direct Download)

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,549 downloadsDownload Auschwitz.TNFS_.1x01.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,549 downloadsDownload Subtitles44 KB

67 comments

  1. kalinga

    අඩේ පට්ටම එකක් මචෝ මේක නම් ලොවෙත් බලන්න ඕනේ

  2. ganidu

    තැන්ක්ස් මචෝ

  3. -HacKrisH-

    නියමයි. තෑන්ක්ස්.

  4. Sanath Indika

    thx machoo onan mamth bawa :D

  5. quik

    thanks

  6. isuru

    loweth na meyka nam adama balanna gannawa

  7. vee

    maxxama thama :)

  8. dilan

    man balapu hodama akak meyka subs thibbe nathi nisa haritara theyrune na aye balanna one

  9. tharanga

    ඔය පට්ටම එකක් බස්සලා තියෙන්නේ මේක ඉතින් අනිවා බැලිල්ලක් තමා

  10. උදාර

    ජය වේවා බයිස්කෝප් මේ තියෙන්නේ තවත් පහරක්

  11. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ...
    මේ මොකද්ද මේ....
    ඇත්තටම මමනම් මේ ගැන මේ ඇහුවමයි...
    බලන්නත් බයයි වගේ..
    ඒත් මේ ගැන අනිවා දැනගන්න ඕනේ..
    අනික ඉතින් රොයිලි අයියා දුන්නොත් අපි නොබලා ඉදීවිය...
    නියමයි අයියේ...
    අපිව මේ ගැන දැනුවත් කරනවට...
    දැන්ම දන්නා කියන උන්ගෙන් මේ ගැන ටිකක් අහලා ඉන්න ඕනේ බලන්න කලින්...

    1. Ashain

      ayyya.meka thamai balnna watinama kathawa....bookanworld saha auschwitch thamai eda meda thura loke thibba darunuma wada kadauru 2.....bookenworld eka gana liya unu hoda pothak thiynwa...kiywanna...math eka kiywala pissu watuna..."bruno arpitz" ge "Wurkayan athara nagnawa"
      ayya ahuwamai kiypu nisai kiuwe hode...patta story ekak meka...balanna balanna....

  12. යසස්

    ලොවෙත් නෑ ඔයාල දෙන්නේ මාර වැදගත් ඒවා අර පිරමිඩ එකත් ඒ වගේ

  13. dilan

    ela ela

  14. shann

    පට්ටම කතාව :)

  15. දිදුල Kd සිල්වා

    නියම කතාවක් වගෙයි.. අනිවා බැලිල්ලක් තමයි.. මේ වගේ ඒව දෙන එක නම් හුඟක් වටිනව. බොහොම ස්තූතියි, ජය වේවා රොයිලි අයියේ෴

  16. අමිත්

    ඔන්න බා ගත්තා ගෙඩි පිටින්ම.
    ස්තුතියි කරන කැපවීමට.

  17. ccnp

    Thanks

  18. ositha

    patta pathuru wadak baiscope akata jaya!!!!!

  19. කැළුම්

    ලොවෙත් නෑ බයිස්කෝප් වලින් විතරයි

    අනිවා මචං මමත් කැමතිම එකක් ලෝකේ ඉස්සර උන ඒවා ඇත්ත ඒවා හොයන එක අර පිරමිඩ සින් එක වගේ , මේකත් පට්ටමනේ

  20. chamath cafe

    ජයම වේවා එහෙනම් ඔන්න බාන්න දැම්ම

  21. tharindu

    Ela ela.....mekath ithin oya sub eka dunna kiyanne maxxahh athi....me eagle eye conspiracy kiyala film 2 k thiyenne sinhala sub nathuva......e dekama suppanee ithin....puluvannam dekema sinhala sub eka ekka ai dennakoo...

  22. zumo man

    elazz thnxzzz

  23. Kalpa

    බොහෝම ස්තුතියි..!! ඉහලිනම අගය කරනවා..

  24. කේ.යූ.ජී. උදාර

    මේක දීල තියෙනවා කියල එස්.එම්.එස්. එක ආවහ ම හිතාගන්න බැරි වුණා.
    සීරිස් එකම මං බාගෙනයි තියෙන්නෙ. මේ වගේ විශිෂ්ට කතා මාලාවක් රොයිලි වගේ විශිෂ්ටයෙකු අතින් ම සිංහලෙන් හැඩවෙන කොට වැඩේ තවත් හැඩයි.
    ඔන්න එහෙනම් කලින් ඒව වගේම මේකත් එක ලඟම නැවෙයි කියල බලාපොරොත්තුවෙනවා සහෝ......
    සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.

  25. kasun viraj

    බොහෝම ස්තුතියි..!!

  26. fd

    tx mey wage akak dunna aka watinawa

  27. chalithaw

    wow, මරු ඈ, හි හි හි

  28. waruna

    aththatama meyaka supirima kathwak hamotama balanna kiyala kiyanwa mamath,,,,,

  29. Amil

    ඔය තියෙන්නේ තවත් සුපිරිම කථාවක් බස්සලා.
    නියමයි සහෝ...

  30. #ChalinduDeshan (කිනා)

    අම්මේ. සුපිරි කතාවක් වගේ ගෙනත් තියෙන්නේ. එල එල.
    දිගටම ඕන ඒනං.
    ජයවේවා!

  31. ශාන් විමුක්ති [විමා]

    මනුෂ්‍යත්වය අගය කරන්නෙකු අතින් උපසිරසි ගැන්වෙන මනුෂ්‍යත්වය යළි යළිත් ප‍්‍රශ්න කැරෙන අති සංවේදී කතන්දරයක ආරම්භයයි...
    එසේනම් හදුනාගනිමු මේ මනුෂයත්වය කුමක්ද කියා..

  32. ශාන් විමුක්ති [විමා]

    මනුෂ්‍යත්වය අගය කරන්නෙකු අතින් උපසිරසි ගැන්වෙන
    මනුෂ්‍යත්වය යළි යළිත් ප‍්‍රශ්න කැරෙන අති සංවේදී කතන්දරයක ආරම්භයයි...
    එසේනම් හදුනාගනිමු මේ මනුෂයත්වය කුමක්ද කියා..

  33. ශාන් විමුක්ති [විමා]

    මගේ කමෙන්ට් හරියට වැටෙන්නෙ නෑනෙ :(
    මනුෂ්‍යත්වය අගය කරන්නෙකු අතින් උපසිරසි ගැන්වෙන
    මනුෂ්‍යත්වය යළි යළිත් ප‍්‍රශ්න කැරෙන අති සංවේදී කතන්දරයක ආරම්භයයි...
    එසේනම් හදුනාගනිමු මේ මනුෂයත්වය කුමක්ද කියා..

  34. සමීර කරුණාරත්න

    පට්ටම කතාවක් කියලයි ආරංචි. ඒ වගේම් 150+ ඩිරෙක්ට් link එක නම් මසුරන්. ඔන්න එහෙනම් එක බාගන්නවා. බොහොම පිං

  35. shan

    patta machan, thank you

  36. asitha

    godaaaaak sthuthi api wenuwen mahansi wela sub denawata

  37. “චූටී මල්ලි”

    ඩිරෙක්ට් දෙන වැඩේනම් පට්ටයි ඈ
    Putlocker වලට දාන එකනම් පට්ටම පට්ටයි
    සබට තුති
    ඔබට ජය..............

  38. dushman

    thanks thanks
    eath baluwa mkda me tike sadda naththe kiyala
    supiri paharakne genath thiyanne
    mewage eawa gena eaka watinawa
    baiscope 1 watharamai

  39. wimukthi

    පට්ට,සුපිරි,එල,maxxa,.....

  40. YKG

    Good one ,, WWII is one of my favorite topic, thanks bro!

  41. නලින්

    නියමයි රොයිලි අයියා.. මැක්සා කථාවක් වගේ

    ජය වේවා!

  42. බන්දුල ප්‍රියන්ත

    මම Auschwitz ගැන කියවල තියනව බලල නෑ ස්තුතියි සහෝදරය

  43. නිරෝෂ්

    වටිනවා..බොහොම ස්තුතියි රොයිලි

  44. me

    Thanks

  45. Ashain

    bookonworld and auschwitz thamai loke thibba darunuma wada kadawuru 2..e atharin bookonworld gana 'Bruno Arpitz' liypu"Naked Among Wolf" potha mn kiyeuwa...sinhala translate eka "Wurkayan Aathara nagnawa".... e wage kathawak mn kawadawat kiywala thibune na...wishishtai...dn baiscop ekenut wagema supiri kathwak...thnx baiscope.......

  46. shani

    මේ වගේ ඒව දෙන එක නම් හුඟක් වටිනව. බොහොම ස්තූතියි

  47. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  48. harsha

    දෙවනි ලෝක යුද්දයකියන්නේ මම බොහොම ආසාවෙන් කියවන බලන විශයක්. මම මේ ගැන තියන පොත් හා චිත්‍රපට ගොඩක් බලලා තිනවා අවුෂ්විට්ස් කඳවුර ගැන මට පොඩි දැනුමක් තියනවා. එක තවත් ඉදිරියට ගෙනියන්න කරපු මේ උපකාරයට ගොඩක් ස්තූතියි

  49. asitha

    Grazieeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  50. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

Load more comments