Avatar: The Last Airbender (2024) [S01 : E01] Sinhala Subtitles | කාලයේ අතරමං වූ “ඈන්ග්”! [සිංහල උපසිරසි]
Avatar: The Last Airbender [S01 : E01] Sinhala Subtitles
බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කිව්වට ඇත්තටම සුබ රාත්‍රියක් තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. මොකද සබ් එක ඉවර කරල මේ ලිපිය ලියවෙන්නේ 2024/02/22 දින රාත්‍රී 11ට. නිදිවරාගෙන මේ සබ් එක ඉවර කළේ හුඟක් අය මේකේ සබ් ගේනකන් බලාගෙන ඉන්න නිසයි. Netflix ආයතනය විසින් අද මේකේ එපිසෝඩ් 8ම එකවර නිකුත් කරනු ලැබුවා. සීරිස් එක තමයි Avatar: The Last Airbender live-action සීරිස් එක.
Avatar: The Last Airbender කියන්නේ ඇනිමේෂන් රසිකයින් අතර බොහොම ගෞරව ආදරයට පාත්‍ර වූ සීරිස් එකක්. ඒවගේම IMDb දර්ශකයේ 9.3ක වගේ ඉතාම ඉහළ අගයක් ලබා ගෙන, සම්මාන පවා දිනා ගැනීමට හැකි වුණු සීරිස් එකක්. ඉස්සර ITN නාලිකාව හරහා මේකේ සිංහල හඬකැවූ කාටූන් එකත් විකාශය කළා නේ. ඉතින් මේ වගේ හොඳ සීරිස් එකකට ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් හෝ සීරිස් එකක් ගහන එක සාමාන්‍ය දෙයක් නේ. ඒ අනුව 2005 වසරේ නිකුත්වුණු මේ සීරිස් එකට, ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් 2010 වසරේ නිකුත්වුණා. IMDb 4ක අගයක් තියෙන ඒ ෆිල්ම් එක නම්… ෆෑන්ස්ලා ප්‍රසාදයෙන් පිළිගත්තේ නෑ කියලා විතරක් කියමුකෝ.
ඉතින් ෆිල්ම් එක නන්නත්තාර වුණාට පස්සේ, ඊට වඩා source material එකට අනුකූල ඇඩැප්ටේෂන් එකක් ගේන්න තමයි Netflix ආයතනය බලාපොරොත්තු වෙන්නේ. දැනට නම් IMDb දර්ශකයේ මේ සීරිස් එකට 8.1ක අගයක් ලැබිලා තියෙනවා. මටත් සීරිස් එක ගැන හරි අදහසක් දෙන්න බෑ, මොකද මං තාම බැලුවේ පළවෙනි එපිසෝඩ් එක විතරක් නිසා. අනිත් හේතුව තමයි මං ඇනිමේටඩ් සීරිස් එක සම්පූර්ණයෙන්ම බලලා නැති වීම. (ඉස්සරහට ඒක සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා).
සීරිස් එක ගැන විස්තර කතා කළොත් නම් කලිනුත් කිව්වා වගේ මේක නිකුත් කරන්නේ Nickelodeon ආයතනය සමඟ හවුල්වුණු Netflix ආයතනය විසින්, ඒවගේම කතාමාලාව එපිසෝඩ් 8කින් සමන්විතයි. අපි කණ්ඩායමක් තමයි එපිසෝඩ් 8ට උපසිරසි ගේන්න සැලසුම් කරන් ඉන්නේ. Gordon Cormier (ඈන්ග්), Kiawentiio (කටාරා), Ian Ousley (සාකා), Dallas Liu (සුකෝ කුමරු) ආදී ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. මං පැහැදිලි කරනවට වඩා සීරිස් එකේම වචනවලින් අහගන්නකෝ.
ජලය. භූමිය. ගින්දර. වායුව. සහස්‍රකයක් පුරාවට, මේ ජාතීන් හතර සමාදානයෙන් ජීවත්වුණා. එම සාමය උදා කළේ ඇවටාර්. ඔහු, සතර මහා භූතයන් (ජලය, ගින්දර, වායුව, භූමිය) ගේ කෙළ පැමිණීමේ හැකියාවෙන් සහ ජාතීන් අතර සමබරතාවය ආරක්ෂා කිරීමේ හැකියාවෙන් යුත් අයෙක්. එක් ඇවටාර් කෙනෙක් මියගියාම, සදාකාලික චක්‍රයක් වගේ, ඔවුන්ගේ ආත්මය වෙනත් ශරීරයක ඉපදෙනවා. අවසන් ඇවටාර්ගේ මරණින් පස්සේ, අලුත් ඇවටාර් තවම මතුවුණේ නෑ. ඉතින්, කෲර අග්නි රාජධානියේ උතුමාණන් වන සෝසින් විශ්වාස කරනවා අනුකම්පා විරහිත යුධ ව්‍යාපාරයකින් මුළු ලෝකයම යටත් කරගැනීමට ඔහුට කාලය පැමිණ ඇති බව. ඔහුගේ පළමු පියවර ඔහුට බාධාවක් විය හැකි එකම කෙනාව විනාශ කිරීමයි. සතර මහා භූතයන් කෙළ පැමිණීමේ හැකියාවෙන් යුත් ඊළඟ තැනැත්තා. ඇවටාර් වීමේ වගකීමට තවම සූදානම් නැති එයාබෙන්ඩර් කෙනෙක්.
එහෙනම් මේ එපිය බලන්නකෝ. දෙවෙනි එපිසෝඩ් එක ඔයාලට අපේ හිරාන් අයියා ඉක්මනින්ම අරගෙන ඒවි. අලුත් උපසිරසියකින් වෙන දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20504 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුති
netfllix ekata sub ganna widihak nadda
Thanks a lot saho sub ekata
Thanks for Sub!
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
adeh balan hitapuma ekak………… jaya wewaaaa
Guys , ඕගොල්ලන්ට මේ series එක හොඳයි නම් අනිව මෙකෙ original එක බලන්න. පොඩි කලෙදි ඒක බැලුවා කියල නොබල ඉන්න එපා, අනිවාරෙන් බලන්න last episode එක වෙනකන් .එහෙන්පිටින්ම masterpiece එකක්, highly recommond
thanks…………..
සුප්පා
Well done sanupa bro
2 දාපාන් plz ❤️
ayye ithuru sub tika ikmnt dennko me series ek enkm avurdu gnk bln hitiya sinhala sub nativa blla vdk na
අනිත් එපිත් ඉක්මන්ට ගේමු
Thanks sub එකට ❤
Anith tikath one
Superb. Waiting for all ten episodes. ❤❤
8 episode’s bro
thank you kollo ❤️
Oyaala Kaata Hari 2005 Series Ekatath Sub Denn Puluwannam Hodayi Meke S1 Ep 8k Wunaata S1 EP 20 K 2005 Series Eke Eken Hoda Background Ekk Denawa Me Avatar Universe Eka Gena..Meke Kaatahari Unclear Dewal Thiyenam Eken Fix Kara Gann Puluwan Wei Godak Durata Okkoma Seasons 3 k 2005 series eke…
ඒකේ සීසන් 3ටම සබ් සයිට් එකෙ දීල තියෙනවා සහෝ. සර්ච් කරලා ගන්න පුළුවන්.
බොහොම ස්තුතියි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක් .
thanks bn sub valata meka denakan balan hitiye ane ithuru tikath ikmanta one plz……………
එනකල් බලන් හිටියෙ, නියමයි. තුනෙන් හමු වෙමු
ඒකට ගොඩක් දේවල් මේකෙන් ගත්තා. ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
ammo patta kollo
Maru
අම්මෝ.. තැන්ක්යූ කොල්ලෝ………….
Thanks for sub❤️
Mechchra ikmanta sub eka dunnata tganx boza.. ❤️
live action is sucks ATLA
Thanx for the sub bro…❤️
Thanks malli සබ් එකට අනිත් ටිකත් ඉක්මනට දෙමුකෝ පුලුවන්නම් …..සදුදට කලින්
Thanks ❤️
thanks a lot Sanupa saho sub ekata
Thanks ❤️
thanks for the effort
සුපිරි බම් ❤️