Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් එන්න එන්නම සබ් දාන්න කාලය මදි වෙන නිසා ආපහු කාලෙකට මගෙන් උපසිරැසියක් නම් ලැබෙන එකක් නැතිවෙන හැඩක් තමා තියෙන්නේ. කොහොමහරි අද මේ සුවිශේෂ දවසේ මම හිතුවා මේ චිත්‍රපටියට කරන හැඳින්වීම ලියන්න තුන් දෙනෙක්ට බාර දෙන්න.
ඒ තුන් දෙනා තමා අපේ ලංකාවට ශීල්ඩ් සමීප කරන්න වෙහෙසුන (ඒ සංවිධානෙත් ඉන්නවා කියලා සැක කරන) නියෝජිත යශෝධටත්, ඒ වගේම හොර රහසේ (නොවුණත්) හයිඩ්‍රා සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත තිසර නියෝ සහෝටත්, ඒ වගේම අවසාන වශයෙන් Marvel ලට බැන බැන, DC කොමික් පැත්තට කතා කළත් යටි හිතෙන් Marvel වලට කැමති අපේ සමන් ප්‍රසාද් මළයටත්. එහෙනම් ඒ ලිපි තුන කියවලා බලලා චිත්‍රපටිය බාගන්නකෝ බලන්න.
නියෝජිත යශෝධගේ ලිපිය…
මේ වසරේ මාර්වල් කොමික් විශ්වයේ පෙරළිකාර සිනමා අත්දැකීම වුනු Marvel Avengers: Age of Ultron චිත්‍රපටයේ සිංහල උපසිරැසි රැගෙන එන්නයි මේ සුදානම. මේ වගේ චිත්‍රපටයක් ගැන ඉතින් නිකන්ම කියාගෙන යන්න බෑනේ. මොකද කොමික් ලෝකයේ ප්‍රබලයෙක් වෙන මාර්වල්, තමන් සතු කොමික් වීරයින් කීප දෙනෙක් එකතු කරමින් නිර්මාණය කළ පළමු Avengers චිත්‍රපටයේ දෙවැන්න ලෙසයි මෙය තිරයේ දිග හැරුණේ. ඒ නිසාවෙන් වගේම අපේ අඩවියේ සිටින කොමික් රසිකයින්ගේ දැනගැනීම පිණිස මේ දැවැන්ත සිනමා අත්දැකීම ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.
ඇවෙන්ජර්ස් චිත්‍රපට පෙළේ පළමු වැන්න වුනු The Avengers චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Joss Whedon ම තමයි චිත්‍රපට පෙළේ දෙවැන්න වන Age of Ultron චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙක් දායක වෙලා තියෙන්නේ. මෙහි චරිත සහ රංගන දායකත්වය ගැන පසුවට විස්තර කරන්නම්. මාර්වල් කොමික් ලෝකයේ කියැවෙන පරිදිම මානව සංහතියේ විනාශය අරමුණු කරගත් Ultron නම් කෘතිම බුද්ධියක් පරාජය කිරීම වෙනුවෙන් ඇවෙන්ජර්ස්ලාගේ එකමුතු වීම තමයි, මේ සිනමා පටයේ ප්‍රධානම තේමාව වන්නේ. ඉන් එහාට චිත්‍රපටයේ සිදුවීම් දාමය මොන වගේද කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ.
නමුත් මේ චිත්‍රපටයේ පසුබිම හා සම්බන්ධ කරුණු කාරණා ගැන හීනියට විස්තරයක් කරන්නම්, මොකද මේවා අවුරුද්ද පුරාවටම බලන්න ලැබෙන අනෙක් චිත්‍රපට වගේ නෙවෙයිනේ. දැවැන්ත මුදලක් වියදම් කරමින් වාණිජමය පරමාර්ථය වෙනුවෙන්ම නිර්මාණය කරන චිත්‍රපට. හොඳයි, 2012 වසරේ තිරගත වුනු The Avengers චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟම එම වසරේ මැයි මාසයේ නිළ වශයෙන් නිවේදනය කෙරුණා ඇවෙන්ජර්ස් කතා තේමාව, චිත්‍රපට පෙළක් (Sequel) ලෙස දිග හරින්නට නියමිත වග. 2013 වසරේ අප්‍රේල් මාසය වෙන විට ජෝස් වේඩන් විසින් සම්පූර්ණ කරගත් තිර පිටපත පදනම් කරගනිමින් නළු නිළි වරණයත් සමඟ චිත්‍රපටය රූගත කිරීම 2014 වසරේදී ආරම්භ වෙනවා. ප්‍රධාන වශයෙන් එංගලන්තය පදනම් කරගනිමින් ඉතාලිය, දකුණු කොරියාව, බංග්ලාදේශය සහ නිව්යෝර්ක් නගරය ආශ්රිත චිත්රාගාර වල රූගත කිරීම් සිදු වුනා. ඇමරිකානු ඩොලර් මිලියන 279.9 ක විය පැහැදමක් දරමින් නිර්මාණය කෙරුණු මේ සිනමා සිත්තමේ මංගල දර්ශනය (premiere) දිග හැරුණේ 2015 අප්‍රේල් 13 වෙනිදා. ඒ ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී. නිළ වශයෙන් ඇමෙරිකාවේ ප්‍රදර්ශනය ඇරඹුවේ 2015 මැයි 1 වෙනිදා. ඒ 3D හා IMAX 3D මාදිලි වලින්. චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹූ දා පටන් මේ වෙනතෙක් ලෝකය පුරාම ලැබූ ආදායම ඩොලර් බිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක්. ඒ අනුව මේ වසරේ වැඩිම අදායම් ලැබූ චිත්‍රපට අතර එය ඉදිරියට එන්නේ, Furious 7 චිත්‍රපටය පමණක් දෙවැනි වෙමින්. ඒ වගේම මෙතෙක් සිනමා ඉතිහාසයේ, ඉහළම ආදායම් ලැබූ සියලු චිත්‍රපට අතරින් දැනට මේ චිත්‍රපට පස්වෙනි තැන අරගෙන තිබෙනවා. මීට ඉදිරියෙන් ඇති චිත්‍රපට පිළිවෙලින්, The Avengers (2012), Furious 7 (2015), Titanic (1997) සහ Avatar (2009).
ඒ කතා කළේ චිත්‍රපටයේ පසුබිම සම්බන්ධ කරුණු කාරණා කීපයක්. මාර්වල් සිනමාරූපී විශ්වයේ චිත්‍රපට කතා මාලාවන් සියල්ල එකිනෙක මොනමාකාරයකින් හෝ එකිනෙක සම්බන්ධයි. මේ කාරණාව කාටවත් රහසක් නෙවෙයි. ඇත්තටම ප්‍රේක්ෂකයින් වශයෙන් අපි බොහොම කැමතියි ඒ සම්බන්ධතාවයක් දැන ගන්නට. The Avengers චිත්‍රපටයේදී, එය නැරඹූ ප්‍රේක්ෂකයින්ට මතක ඇති ලොකීගේ සෙංකෝලයෙන් පහර කාපු පරීක්ෂක කොල්සන් මිය යන හැටි. නමුත් ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ Jos Whedon සහ Jed Whedon, Agents of S.H.I.E.L.D කතා මාලාව රූපවාහිනී තිරයෙන් ගෙන එන්නේ පරීක්ෂක කොල්සන්ගේ නැවත ආගමනයත් සමඟින්. එසේ දිග හැරුණු ශීල්ඩ් කතා මාලාව Captain America: The Winter Soldier චිත්‍රපටය එහි පළමු කතා සමයේදී සම්බන්ධ වුනා. ඒ වගේම එහි දෙවන කතා සමයේදී එය මේ Avengers: Age of Ultron චිත්‍රපටයට සම්බන්ධ වුනා. එම කතා මාලාව නැරඹූ අයට අද මේ චිත්‍රපටය නැරඹුවාම ඒ කාරණාව තේරෙයි. නමුත් මේ කතා මාලාව හා සම්බන්ධ කෙරෙන තැන්, චිත්‍රපටය පමණක් නරඹන අයට කිසි සේත්ම අඩුවක් ඇති කරන්නේ නම් නැහැ. හැබැයි ශීල්ඩ් කතා මාලාව නරඹන අයට වැඩි රසයක් දැනෙයි ඒ සුළු සුළු කරුණු කාරණා නිසාවෙන්.
චිත්‍රපටයේ රංගන දායකත්වය, චරිත මොනවද කියලා දැන් විස්තර කරන්නම්. අපිට සුපුරුදු චරිත කීපය ගැන කියන්න කලින් මේ සුපිරි වීරයන් අතරට අලුතින්ම එකතු වුනු අය ගැන කියලා ඉන්නම්. දැනටමත් දන්නවා ඇති, මොකද ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අවසානයට මේ අය ගැන ඉඟියක් ලබා දුන්නා. හැමෝම හිතපු ආකාරයට ඒ X-Men කතා පෙළේ චරිත දෙකක් වෙන Pietro Maximoff / Quicksilver (Aaron Taylor-Johnson) සහ Wanda Maximoff / Scarlet Witch (Elizabeth Olsen). මාර්වල් කොමික් ලෝකයේ මේ අය ගැන කියවෙන එකිනෙකට වෙනස් කතා කීපයක්ම තියෙනවා. ඒත් ප්‍රධාන වශයෙන්ම කියවෙන කාරණයක් තමයි මේ දෙදෙනා X-men කතා පෙළේ ප්‍රධානම දුෂ්ට චරිතය වෙන Magneto ට දාව උපන් නිවුන්නු බව. ශීල්ඩ් කතා මාලාව නැරඹු අයට මතක ඇති, හයිඩ්‍රා ප්‍රධානී ස්ට්‍රකර් මේ දෙදෙනා සම්බන්ධව පරීක්ෂණ කරගෙන යන බව කියැවුනා. Mutants ලගේ අයිතිය සම්බන්ධයෙන් මාර්වල් සහ ෆොක්ස් ආයතන සතු ඇති ගිවිසුම් කරණ කොට ගෙන, චිත්‍රපටය තුළ දී මේ දෙදෙනා ඔවුන්ගේ පියාට සම්බන්ධ නොකරන්නට වග බලාගෙන ඇති බවක් තමයි පේන්න තියෙන්නේ. බලන්න මොවුන් අපේ සුපුරුදු සුපිරි වීරයින් එක්ක මොන විදියට මුහු වෙයිද කියලා. ඒ වගේම තමයි කොමික් ලෝකයේ එන Vision නම් චරිතයත් මේ චිත්‍රපටයට එකතු වෙනවා. එයාගේ කටහඬ ඔයාලට හුරු පුරුදු එකක් වෙයි. සපුරුදු චරිත ටිකත් මතක් කරන්නම්. නැත්නම් ඒක අඩුවක්.
Robert Downey Jr. – Torny Stark/Iron Man
Chris Hemsworth – Thor
Mark Ruffalo – Bruce Banner / Hulk
Chris Evans – Steve Rogers / Captain America
Scarlett Johansson – Natasha Romanoff / Black Widow
Jeremy Renner – Clint Barton / Hawkeye
James Spader – Ultron
Samuel L. Jackson – Nick Fury
Don Cheadle – James Rhodes / War Machine
Aaron Taylor-Johnson – Pietro Maximoff / Quicksilver
Elizabeth Olsen – Wanda Maximoff / Scarlet Witch
Paul Bettany – Jarvis / Vision
Cobie Smulders – Maria Hill
Anthony Mackie – Sam Wilson / Falcon
Hayley Atwell – Peggy Carter
Thomas Kretschmann – Strucker
ඔය විදියට තමයි ප්‍රධානම චරිත කීපය පෙළ ගැසෙන්නේ. මාර්වල් සිනමා රූපී විශ්වයේ තෙවන අදියරේ චිත්‍රපට මේ චිත්‍රපටයෙන් සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී බයිස්කෝප් මංසලෙන් ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්.
හයිඩ්‍රා සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත තිසර නියෝගේ ලිපිය.
Hail Hydra
කැප්ටන් ඇමෙරිකා නිසා අපේ අරමුණු අටුකරගන්න උනේ නැහැනේ. හිටපු ලොක්ක වෙච්චි ඇලෙක්සැන්ඩර් පියර්ස් ගේ අනර්ඝ සැලැස්ම කැප් විනාශ කරපු වෙලේ ඉඳන් (Captain America – The Winter Soldier) හයිඩ්‍රා අරමුණ උනේ ලෝකයට අමතක නොවන ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන එකයි. ස්ට්‍රයිකර් ලොක්කා එකට මුල පිරුවා. කලබල කාලය තුල අනර්ඝ ශීල්ඩ් කඳවුරු වල තිබිච්චි හොඳ හොඳ දේවල් ටිකක් යුරෝපයේ සෙගෝවියා හිකඳවුරට ගෙනිච්චා. හොඳම දේ තමයි නිව්යෝක් සටනේදී ශීල්ඩ් එක ලබාගෙන තිබුණු ලොකී ගේ සෙංකෝලය ස්ට්‍රයිකර් ලබාගෙන තිබුණු එක. ඒ වගේම කඩා වැටුණු චිටාවුරි යානයක්ද ඔහුගේ එකතුව තුල උනා. මේ හැම දෙයක්ම අගේට කරගන්න තිබුනා ලිස්ට් සෙගෝවියා වලට පැනල එන්න කලින් කඳවුර ගැන පියවරක් ගත්තානම් (Marvels Agents of S.H.I.E.L.D S02E19). අධ්‍යක්ෂක කොල්සන්ට සෙගෝවියා වල තොරතුරු ලැබුණු නිසා ලෝකය වෙනස්ම මගකට ගෙනියපු දැවැන්ත සටන ඇරඹුනා. මෙච්චර කල් ඇවෙන්ජර් ටවර් එකට වෙලා නිදහසේ හිටපු ඇවෙන්ජර් ලා එලියට ආවේ සෙගෝවියා වලට පහර දෙන්නටයි. ඒ ලොකී ගේ සෙංකෝලය අරගන්නටයි. “Hail Hydra”. හයිඩ්‍රා සහෝදරයන් දිවි පරදුවෙන් සටන් කරත් නිවුන්නු දෙන්නා………
…හෝව් හෝව් හෝව්… අපොයි මෙහෙම ගියොත් මුළු කතාවම ලියවෙයි වගේ..කතාව කියන්න නෙවේනේ මට තියෙන්නේ පූර්විකාවක් කරලා දෙන්නනේ….. මමනම් මැයි වලම ෆිල්ම් එක බැලුවා. ඉතින් නොබලපු අය ඉන්න නිසා ෆිල්ම් එක නොබලපු කෙනෙක් විදියටම ලිපිය ලියන්නම්කො.
Captain America – The Winter Soldier එකෙන් පටන් ගත්තු කතාව ඔයාල දන්නවනේ. කොල්සන්, ගොන්සාලෙස් මොන ගේම ගැහුවත් තවමත් ලෝකේ පුරාම හයිඩ්‍රා බලය තවමත් ක්‍රියාත්මකයි. මේ වෙනකොට අල්ට්රන්ගේ යුගයට කලින් හයිඩ්‍රා නායකයා උනේ වොන් ස්ට්‍රයිකර් සිටුතුමා. හැමෝම දන්නවනේ දැන් එයා ගාව තමයි ඉන්ෆිනිටි ජෙම් එකක් වන මයින්ඩ් ජෙම් එක ඇතුලත් කරලා තියෙන ලොකී ගේ සෙංකෝලය තියෙන්නේ කියල. ඒ වගේම පිටසක්වල තාක්ෂණ යොදාගෙන වැඩිදියුණු කරපු නිවුන්නු දෙන්නා ඉන්නවා. Pietro Maximoff සහ Wanda Maximoff කියන මේ නිවුන්නු දෙන්නා තමයි හයිඩ්‍රා හි අනාගත යුධ ආයුධ වෙන්න හිටියේ.
කොල්සන් යටතේ ශීල්ඩ් ආයතනය හෙමිහිට හිස ඔසවමින් තිබුනත් ලෝකය රැකගන්න තවත් ක්‍රම ඕනි. ඇවෙන්ජර් කියන්නේ ඒකට හොඳම විසඳුමක්. ටෝනි පෙපර්ට පොරොන්දු උනත් ආමර් විනාශ කරේ පෙපර්ට පේන්න විතරයි වගේ? (Iron Man 03) බැනර් දැන් කොහොමත් ඉන්නේ පාලනයක් යටතේ ස්ටාර්ක් ටවර් එකේ (Iron Man 03). කැප් දැන් ආපහු ගේමට බැහැලා ඉන්නේ (Winter Soldier). තෝර් එයාගේ ආදරේ හොයාගෙන පෘතුවියේ නවතින්නම ආවනේ (Thor The Dark World). නටාෂා සහ බාර්ටන් දැන් ලෝකයා ඉදිරියේ නිරාවරණය වෙලා ඉන්නේ (Winter Soldier). ඉතින් ලෝක සාමය සුරැකීමට හොඳම දේ තමයි ඇවෙන්ජර්ලා එකතු කරවන එක. ඒකට ගැලපෙන හොඳම කෙනා ඉන්නේ දැන් ටෝනි ගාව. ඒ කවුරුත් නෙවෙයි මාරියා හිල්. ශීල්ඩ් හි ප්‍රධාන නිලධාරිනියක් ව හිටපු ඇය ටෝනි පසුපස හිඳිමින් ඇවෙන්ජර් කණ්ඩායමේ පසුපස හිඳින ශක්තිය බවට පත්ව සිටි බව අපිට ශීල්ඩ් කතාමාලාවෙන් දැකගන්නට ලැබුනා.
කලින් ඇවෙන්ජර් මෙහෙයුම් මධ්‍යස්ථානය වුනු ශීල්ඩ් මධ්‍යස්ථාන තාවමත් නැවත ගොඩනගලා නැහැ. පාලන ඒකක වුනු හෙලිකැරියර් කැප් විනාශ කරා එයාගේ යුද්දයේදී. ඒත් අලුත්ම තැනක් තියෙනවා. ඒ තමයි ස්ටාර්ක් ටවර් එක. මතකයි නේද ඇවෙන්ජර් පලවෙනි එකේදී ස්ටාර්ක් කියන නමේ A විතරක් ඉතුරු වෙද්දී අනිත් ටික කැඩිලා ගියා කියල. ඉතින් මේ A අකුර නවීකරණය කරලා ඇවෙන්ජර් මූලස්ථානය බවට ටවර් එක පත්කරගෙන තියෙනවා. මේකේ තියන යටි අර්ථය තමයි මුළු ලෝකයම අනතුරට පත් වෙද්දී මිනිස්සුන්ට ඉතුරුවෙන එකම පිළිසරණ ඇවෙන්ජර්ස්ලා විතරයි කියන එක. අල්ට්‍රන්… අල්ට්‍රන් කියන්නේ ඇවෙන්ජර් ලාට මුහුණ දෙන්නට සිදුවුණු දැවැන්තම සතුරෙක්. ලෙයින් මසින් සැදුනු ජීවියෙක් නොවුනත් දැවැන්ත පෞරුෂයක් හිමි සුපිරි වීරයන් පවා දනගැස්විය හැකි සතුරෙක් වුනා.
“මේ කඩා බිඳ දමා විනාශකළ හැකි ලෝකයට අපිට වඩා ශක්ති සම්පන්න දෙයක් අවශ්‍යයි “[ටෝනි] (this vulnarable world needs something more powerful than any of us)
“අපි හැමවෙලේම අපිව තැතිගන්වපු දේ නිර්මාණය කරනවා” [අල්ට්‍රන්] (we always create what we dread)
ස්කාර්ලට් වීච් සහ ක්වික් සිල්වර් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙනවා. හයිඩ්‍රා තාක්ෂනය මගින් ස්ට්‍රයිකර් දියුණු කරපු මේ දෙන්නා කතාව වෙනස්ම මගකට ගෙනයන දෙන්නෙක් බව ඔයාල දැනටම දන්නවා ඇති. මාර්වල් ලා අගේ කරලා අගේ කරලා අන්තිම මොහොතේ එලියට දාපු විෂන් තමයි කතාවේ හැරවුම් ලක්ෂය. කොමික් කතාව දන්නා අය දන්නවනේ විෂන් ගේ දායකත්වය ගැන අල්ට්‍රන් යුගයේදී.
“මොකක්ද? මොකක්ද ඒ?”
“අපිට ප්‍රතිවිපාක විඳින්න වෙනවා මිනිසා විසින් නිර්මාණය කරපු යකඩ අපේ නගර කෑලි වලට වෙන් කරනවා. ඒ වගේම ලෝකය සදහටම වෙනස් වේවි.”
මතකයි නේද රෙයිනා කියපු මේ අනාගත වාක්‍ය. අනාගතය දැකිය හැකි ඉන්හියුමන් වරියක වූ ඇයගේ මේ ප්‍රකාශය මේ විනාශය ගැන පැවසිය හැකි හොඳම උදාහරණයයි.
No string on me යනුවෙන් අල්ට්‍රන් පවසන අයුරු ඔයාලට මතක ඇති පූර්ව ප්රචාරක පට මගින්. එම වදනෙන්ම ඔයාලට මේ කතාවේ තත්වය හිතාගන්න පුළුවන් ඇති. නිව්යෝර්ක් යුද්දයෙන් පසු නිහඬව සිටි ඇවෙන්ජර් කණ්ඩායම දැවැන්ත විනාශයක් වෙත ගෙනයාමට තරම් අල්ට්රන්ට හැකිවන්නේ කෙසේද කියා සිත ගත හැකියි. ස්වයං විප්ලවයක් කරා යන අල්ට්රන්ගේ නව යුගය කරා යන ගමන ඔයාලම බලල රසවිඳින්න.
Joss Whedon විසින් මෙවරද අධ්යක්ෂණ කාර්ය ඉටු කරනවා. මේ එයාගේ අවසන් ඇවෙන්ජර් සිනමාපටය බව පවසලා තියෙනවා. ඇවෙන්ජර් ලා ලෙස Robert Downey Jr\Chris Hemsworth\Mark Ruffalo\Chris Evans\Scarlett Johansson\Jeremy Renner\Aaron Taylor-Johnson\Elizabeth Olsen\Paul Bettany දායක වෙනවා. අල්ට්‍රන් ලෙස James Spader විසින් හඬ දායකත්වය සපයලා තියෙනවා. මාර්වල් විශ්වයේ අද්විතීයම නායකයා වෙන නික් ෆියුරි ලෙසින් සුපුරුදු විදියට Samuel L. Jackson දායක වෙනවා.
අවසන් සටනේ කැප් කියන මේ වදනින්ම අවසන් කරන්නම්. “I have no plans tonight“
ප.ලි
(යාලුවනේ මම ඔයාලට කිව්වේ මාර්වල් සිනෙමැටික් යුනිවර්ස් එක ගැන විතරයි. කොමික් කතාව කිව්වෙම නැහැ. මොකද එහෙම උනානම් ඔයාලට ඒක පටලැවෙන්න ඉඩ තිබුනා සිදුවෙලා තියෙන දැවැන්ත පරස්පරතා නිසා. ඔයාලට කොමික් කතාව් අදනගන්න ඕනිනම් මංසලේ AVENGER කියල සර්ච් කරන්න. නැතිනම් FACEBOOK හි COMIC SCRIPT පිටුව එක්ක සම්බන්ද වෙන්න.)
ප.ලි
ඔයාල මේ පිළිවෙලට බැලුවානම් කතාවේ ගොඩක් තැන ගැන රහස් විසදේවි.
Marvels Agents of S.H.I.E.L.D S02E19
Marvels Avengers: Age of Ultron
Marvels Agents of S.H.I.E.L.D S02E20
Hail Ultron
සමන් ප්‍රසාද් මල්ලිගේ ලිපිය.
ඔන්න රොයිලි අයියගේ බලවත් ඉල්ලීම පරිදි මේ ෆිලුමට ලිපිය ලියන්න “පූසා” වන මට බාර වුනා. වැඩ අස්සේ බෑ නොකියා ලියන්න ගත්තා. ලිපිය නම් හුඟක් ලොකු නෑ. වෙලා මදිකම නිසා සමහර චරිත ගැන මම සම්පූර්ණයෙන්ම විස්තර කරලා නැතිව ඇති. එහෙනම් ලිපිය කියවමු. 🙂 සයිට් එකට ලොග් වෙනකොටම මේ ෆිලුම දාලා තියෙනවා දකිනකොට, එහෙමත් නැත්නම් මේ ෆිලුමට සබ් එක දීලා කියලා 40404 න් ෆෝන් එකට මැසේජ් එක එනකොට හරි මොකද්ද දැනුනේ??? නිකන් පිස්සු තද වුනා වගේ දැනෙන්න ඇතිනේ නේ??? 😀 එහෙනම් ඉතින් ඔන්න අද අරගෙන ආවා අපි හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මාවල් විශ්වයේ දෙවන අදියරේ ( Phase 2 ) අවසාන ෆිලුමට කලින් ෆිලුම වෙන Avengers: Age of Ultron සිනමාපටය. මේ දෙවන අදියර අවසන් වන්නේ ජූලි මාසයේදී Ant Man ( කුහුඹු මිනිසා ) සිනමාපටය නිකුත්වීමත් සමගයි. මාවල් සමාගම මේ වෙනකොට එයාලගේ තුන්වන අදියර, එනම් Phase 3 පිළිබඳවත් තීරණය කරලා ඉවරයි. Phase 1වලට, එනම් ප්‍රථම අදියරට Iron Man 1, The Incredible Hulk, Iron Man 2, Thor, Captain America: The First Avenger යන සිනමාපට අයත් වන අතර එහි අවසාන සිනමාපටය වෙන්නේ The Avengers සිනමාපටයයි. දෙවන අවධිය ආරම්භ වෙන්නේ Iron Man 3 සිනමාපටයත් සමගයි. ඉන්පසු මෙයට Thor: The Dark World, Captain America: Winter Soldier (විමා උන්නැහේ :3 ) Guardians of The Galaxy, ඊට පස්සේ අද අරගෙන ආව Avengers: Age of Ultron සහ අවසාන සිනමාපටය වශයෙන් Ant Man සිනමාපටයත් අයත්වෙනවා. මාවල් සමාගම මේ වෙනකොටත් එයාලගේ සිනමා විශ්වයේ තුන්වන අදියර, එනම් Phase 3 සඳහා අයත්වෙන සිනමාපට මොනවාද යන්න ප්‍රේක්ෂකයන්ට ප්‍රකාශ කරලා ඉවරයි. තුන්වෙනි අදියර ආරම්භ වෙන්නේ Captain America: Civil War(2016) සිනමාපටයත් සමගයි. කට්ටිය දන්නවා ඇතිනේ මේ වෙනකොටත් මේ ෆිල්ම් එක රූපගත කරන්න පටන්ගෙන ඉවරයි කියලා. මෙයින් ආරම්භ වී දිගහැරෙන මේ තුන්වන අදියරට ඉන්පසුව Doctor Strange(2016), Guardians of the Galaxy 2(2017), Spider-Man(2017), Thor: Ragnarok(2017), Avengers: Infinity War Part 1(2018), Black Panther (2018), Captain Marvel(2018) Avengers: Infinity War Part 2 (2019) යන සිනමාපට සහ අවසාන වශයෙන් Inhumans (2019) යන සිනමාපටයද අයත් වනවා. ඉතින් මේ ටික දැක්ක දවසේ ඉඳලා මම ප්‍රාර්ථනා කරන්නේ දෙයියනේ කියලා 2019 වෙනකම් අතුරු ආන්තරාවක් නැතිව ඉන්ඩ පුලුවන් වේවා කියලයි. :3 ඉතින් අපි හැමෝම දන්නවනේ මාවල් සමාගම වැඩක් කලොත් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ කියලා. ඉතින් ඒ විදිහට නිර්මාණය කරපු සිනමාපට අතරින් තවත් එක සාර්ථක සිනමාපටයක් තමා මේ Age of Ultron (ඒජ් ඔෆ් අල්ට්‍රෝන්) කියන්නේ. හැබැයි ඉතින් මේකට ප්රේක්ෂකයන්ගෙන්
බැනුම් ආවේ නැතුවමත් නෙවේ. IMDb අගය 8ක්. මුල් සිනමාපටයට නම් ලැබිච්ච අගය 8.2ක්. රේට් එකනම් ටිකක් අඩුවෙලා තියෙනවා. :/ මාවල් ස්ටුඩියෝහි නිෂ්පාදනයක් වන මෙය බෙදාහරින්නේ වෝල්ට් ඩිස්නි සමාගම විසිනුයි. මේ සිනමාපටය මාවල් සිනමා විශ්වයේ එකොලොස්වන සිනමාපටයයි. මේ සිනමාපටයත් අධ්‍යක්ෂණය වන්නේ මුල් අවෙන්ජර්ස් සිනමාපටය අධ්‍යක්ෂණය කළ Joss Whedon
අතින්මයි. එහෙනම් අපි පොඩ්ඩක් කතාවේ ඉන්න චරිත ගැන හොයලා බලමු නේද??? මම මුලින්ම ඉන්න චරිත ටික කියලා ඉන්නම්. පස්සේ විස්තර බලමු. චරිත ටික මෙන්න මෙහෙමයි.
ටෝනි ස්ටාක්, නැත්නම් අයන් මෑන්.
තෝ.
බෲස් බැනර්, නැත්නම් හල්ක්.
ස්ටීව් රොජර්ස්, නැත්නම් කැප්ටන් ඇමෙරිකා.
නටාෂා රොමනොෆ්, නැත්නම් බ්ලැක් විඩෝ.
ක්ලින්ට් බාටන් එහෙමත් නැත්නම් හෝක්අයි.
පියෙට්‍රෝ මැක්සිමොෆ්, නැත්නම් ක්වික්සිල්වර්.
වොන්ඩා මැක්සිමොෆ් හෙවත් ස්කාලට් විච්.
විෂන්.
සෑම් විල්සන්, නැත්නම් ෆැල්කන්.
අල්ට්‍රෝන්.
හරි එහෙනම් දැන් ඉතින් එක එක චරිතේ ගැන වෙන වෙනමම බලමු.
ටෝනි ස්ටාක්. නැත්නම් අපි කවුරුත් හොඳින් දන්නා විදිහට අයන් මෑන්.
කිසිම අසාමාන්‍ය බලයක් නැති සාමාන්‍ය පුද්ගලයෙක්. සම්පූර්ණ නම ඇන්තනි එඩ්වර්ඩ් ටෝනි ස්ටාක්. අපි දන්න විදිහට මෙයාගේ තාත්තා තමයි හාවර්ඩ් ස්ටාක්. අම්මගේ නම මරියා. හැබැයි ඇත්තටම කියනවා නම් මේ දෙන්නම ටෝනි ස්ටාක්ගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන් නෙවෙයි. ටෝනිගේ ඉතිහාසය අභිරහසක්. ටොනිගේ දෙමව්පියන්ට දරුවෙක් ලැබෙන්න හිටියා, නමුත් ඒ දරුවා නිරෝගීව ඉපදෙන එකක් නෑ කියලයි දොස්තරවරු හාවඩ්ට කිවුවේ. ඉතින් පස්සේ එයාට රෝලෝ කියන පිටසක්වල ජීවියාගෙන් උපදෙසක් ලැබෙනවා මේ ඉපදෙන්න ඉන්න දරුවාගේ DNA වෙනස් කරන්න පුළුවන්කම තියෙන රයිජලියන් රෙකෝඩර් (Rigellian Recorder) කියලා රොබෝ කෙනෙක් ගැන. ඉතින් හාවඩ් යනවා තවත් හත් දෙනෙක් එක්ක මේ රොබෝව හොරකම් කරන්න. ඉතින් කොහොම කොහොමින් හරි අන්තිමට මෙයාලගේ දැරුවා ආරක්ෂිතව ඉපදෙනවා. මෙයාලා මේ දරුවට නම තියන්නේ ආනෝ ස්ටාක් කියලයි. හැබැයි මේ ආනෝත් එසේ මෙසේ කෙනෙක් නෙවේ. අනාගතේදී ටෝනිටත් වඩා බුද්ධිමතෙක් වෙන කෙනෙක්. ආනෝ ගැන මම මෙතනින් නවත්තන්නම්. කියනවා නම් කියන්න හුඟක් තියෙනවා. එහෙම වුනොත් ඔයාලට අද මේ ලිපිය කියවලා ඉවරකරන්න නම් වෙන්නේ නෑ. ඉතින් ටෝනි පොඩි කාලේ ඉඳන්ම තාක්ෂණික පැත්තට තමා බර. මෙයාව පොඩි කාලේ ඉඳන්ම ආදරෙයන් බලාගන්නේ එයාලගේ පවුලේ සේවකයා වෙන එඩ්වින් ජාවිස්. හැබැයි මේ අයන් මෑන් ෆිල්ම් වලදී නම් ඔයාලට මේ ජාවිස්ව දකින්න ලැබෙන්නේ නෑ. ජාවිස් කියලා මෙතැනදී හඳුන්වන්නේ කෘතීම බුද්ධි වැඩසටහනක්. J.A.R.V.I.S. කියන එකේ තේරුම Just A Rather Very Intelligent System (බොහෝ දුරට ඉතාමත් බුද්ධිමත් පද්ධතියක්) කියන එකයි. මෙයාගේ තාත්තා මෙයාට නිතරම කිවුවේ ” ස්ටාක් පිරිමි හැදිලා තියෙන්නේ යකඩ වලින්” කියලා. ටෝනිට අවුරුදු 21ක් වෙද්දී එයාගේ දෙමව්පියන් කාර් අනතුරකින් මරණයට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ එයාගේ තාත්තා විසින් පාලනය කරපු ස්ටාක් ඉන්ඩස්ට්‍රීස් වල පාලනය බාරවෙන්නේ මෙයාට. ඉතින් මෙයා පස්සේ මේ සමාගම හරහා ඇමෙරිකා රජයට අවශ්‍ය ආයුධ නිපදවලා දෙන්න කටයුතු කරනවා. ඉතින් එක දවසක් මෙයා යනවා ඇෆ්ගනිස්ථානයට එයාගේ ආයුධ වගයක ක්‍රියාකාරීත්වය පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂාවක අදීක්ෂණ කටයුතු වගයකට. ඉතින් එතැනදී වොන්ග් චූ කියන ත්‍රස්තවාදී නායකයාගේ ග්‍රහණයට හසුවෙනවා. ඔයාලා මේ ටික නම් 2008 ආපු Iron Man මුල් ෆිල්ම් එකේ දකින්න ඇති. ඉතින් මෙතනදී පුපුරන බෝම්බයක් නිසා උණ්ඩ කැබලි වගයක් මෙයාගේ පපුවට ඇතුළුවෙනවා. ඉතින් මේ ත්‍රස්තවාදී නායකයා කියනවා සතියක් ඇතුලත ඔය උණ්ඩ කෑලි ටොනිගේ හදවත පසාරුකරගෙන ගිහිල්ලා ටෝනි මරණයට පත්වෙයි කියලා. එයා කියනවා එයාට බලවත් ආයුධයක් හදලා දුන්නොත් එහෙම එයාගේ ජීවිතේ බේරගන්න ක්‍රමයක් එයා හදලා දෙන්නම් කියලා. නමුත් මෙයා කියන්නේ බොරු බව දැන දැනම ටෝනි මේ වැඩේට කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ වෙන දේවල් මම කියන්න ඕන නෑනේ. අයන් මෑන් මුල් ෆිල්ම් එකේ ඒ කොටස් ටික තියෙනවා. මෙතැනදී තමා ටෝනි එයාගේ මුල්ම සන්නාහ ඇඳුම නිර්මාණය කරන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා එතන ඉඳන් තමා අයන් මෑන් හෙවත් යකඩ මිනිසා බවට පත්වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි අනෙක් අයන් මෑන් ෆිල්ම් වල වගේම මේ AOU ෆිල්ම් එකෙත් ටෝනි ස්ටාක් විදිහට රංගනයෙන් දායක වෙන්නේ රොබට් ඩව්නි ජූනියර් (Robert Downey, Jr) තමයි. වැඩිය වයස නෑ. තාම කොල්ලට 50යි 😛 අපි බුකියේ දාගත්ත DC vs Marvel වලියක් අතරේ කොල්ලෙක් කිවුවා ජූනියර් කාරයා හොඳ සටන් ශිල්පියෙකුත් වෙනවා කියලා…. :3 රොයිලි අයියත් ඒ වලියට කමෙන්ටුවක් දාලා තිබ්බා මට මතකයි… හෙහේ… 😀
තෝ ( නම පොඩ්ඩක් අවුල් නේ 😀 )
තෝ කියන්නේ මාවල් විශ්වයේ ඉන්න බලවත්ම වීරයන්ගෙන් කෙනක්. සම්පූර්ණ නම තෝ ඔඩින්සන්. ඇස්ගාඩියන්හි පාලකයා වන ඔඩින්ගේ සහ ඔඩින්ගේ බිරිඳ වන ෆ්‍රිගා දෙව් දුවගේ පුතා. නමුත් ඇත්තම කිවුවොත් මෙයාගේ ඇත්තම අම්මා තමයි ගීයා කියන දේවතාවිය. ඇස්ගාඩියන් වල ඔටුන්න හිමි කුමාරයා වෙන්නේ මේ තෝ තමා. තෝ ඉතින් ටිකක් ආඩම්බරකාර චරිතයක්. ඔව් ඉතින් දෙවියෙක්නේ. තෝ පොඩිකාලේ ඉඳලම හැදී වැඩෙන්නේ එයාගේ මල්ලි වෙන ලෝකි එක්ක. කට්ටිය දන්නවනේ ලෝකි ගැන. ලොකි කියන්නේ ඔඩින් අතින් යුද්ධයකදී මරණයට පත්වෙච්ච ලාඋෆී කියන ෆ්රොස්ට් ජයන්ට් ( තුහින යෝධයෝ) ගේ පුතා. හැබැයි ඉතින් මේ ලෝකි හරිම කපටියි. ඒ වගේම තෝට ඉර්ශ්‍යා කරනවා. කට්ටිය දකින්න ඇතිනේ අවෙන්ජර්ස් පළවෙනි ෆිල්ම් එකේ එහෙම ලෝකි කරපු
කලබැගෑනිය. තෝ කියන්නේ අකුනට අදිපති දෙවියන්. තෝගේ ආයුධය තමා එයා හැමවෙලේම වගේ අතේ තියාගෙන ඉන්න අර මිටිය. මේකෙ නම තමා මිඔල්නර් (Mjölnir) මේ මිටිය හදලා තියෙන්නේ යුරූ (Uru) කියන ලෝහයෙන්. තෝ ගේ තාත්තා මේ මිටියට විවිධාකාරයේ මන්තර ජපකරලයි තියෙන්නේ. ප්‍රධානම එක තමා “Whosoever holds this hammer, if he be worthy, shall possess the power of … Thor” කියන ජප කිරීම. කියන්න නම් තවත් විස්තර තියෙනවා. නමුත් නොකියා ඉන්නම්. ඔය තොගේ ගැන කියන්න තියෙන දේවල් වලින් 1%ක් වගේ තමා කිවුවේ. ඉතින් සුපුරුදු විදිහට කලින් ෆිල්ම් වල වගේම මේ සිනමාසිතුවමේත් තෝ විදිහට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න ක්‍රිස් හෙම්ස්වර්ත් ( Chris Hemsworth ) තමයි. හැමතිස්සෙම ඉතින් වර්ති වර්ති කියා කියා කෑගහනවනේ මේකා… 😀 හැබැයි ඉතින් ඇත්ත නමෙත් වර්ත් (Worth) කෑල්ලක් තියෙනවා නේද??? 😀
බෲස් බැනර්, නැත්නම් හල්ක්
රොබට් බෲස් බැනර් කියන්නේ භෞතික විදයාඥයෙක් වෙන ඩොක්ටර් බ්‍රයන් බැනර්ගේ පුතා. ඉතින් මේ බෲස්ගේ අම්මා වෙන රෙබෙකා එයාට හුඟාක් ආදරේ කළා. මේ ඩොක්ටර් බ්‍රයන් මත්පැන් පානයට ඉතාමත් තදින් ඇබ්බැහි වෙලා හිටියේ. කොච්චර තාත්තා කෙනෙක් වුනත් බ්‍රයන්ට එයාගේ බිරිඳ රෙබෙකා එයාගේ පුතා කෙරෙහි දක්වන ආදරේ ඉවසගන්න බැරි වුනා. ඒ වගේම මෙයා හිතුවේ එයාගේ පර්යේශානාගාරවල විකිරණ සම්බන්ධව කරන වැඩ නිසා එයාට ලැබිලා තියෙන්නේ විකෘති DNA සහිත පුතෙක් කියලා. ඉතින් මෙයා බෲස්ව දූෂණය කරලා රෙබෙකාව මරනවා. ඉතින් මේ සිද්ධිය නිසා ඩොක්ටර් බ්‍රයන්ව මානසික රෝහලකට යොදවනවා. ඊට පස්සේ මේ පුංචි බෲස්ව හදා වඩා ගන්නේ බෲස්ගේ තාත්තගේ අක්කා වෙන සුසෑන් බැනර්. ඉතින් කාලයත් එක්ක බෲස් ලොකු මහත් වෙලා න්‍යෂ්ටික භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රවීනයෙක් බවට පත්වුනා. ඉතින් මෙයාට අවස්තාවක් හම්බුනා නිව් මෙක්සිකොවල තියෙන කාන්තාර කඳවුරක වැඩකරන්න. එතැනදී තමා මෙයාට ජෙනරල් රොස්ව හම්බවෙන්නේ. එයාගේ දුව වෙන බෙටී රොස් එහෙමත් මෙතන ඉන්නවා. ඉතින් දන්නවනේ වෙන දේ… මොකද්ද වෙන්නේ, දෙන්න ආදරයෙන් වෙලෙනවා… 😛 . ඉතින් බෲස් මේ කඳවුර තුල ඉඳගෙන ගැමා විකිරණවලින් අදික බෝම්බයක් නිර්මාණය කරනවා. මේකට කියන්නේ G-Bomb (ජී-බෝම්බ්) කියලයි. පස්සේ මේ කඳවුර ඇතුලේ මේක පරීක්ෂාවට ලක්කරනකොට මේ බෝම්බය පුපුරලා යනවා. ඉතින් එතැනදී බෲස් ගැමා කිරණ අධි මාත්‍රාවකට නිරාවරණය වෙනවා. නමුත් මෙයාගේ ඇඟ ඇතුලේ තියෙන හඳුනා නොගත් ජානමය සාධකයක් නිසා මෙතනදි මෙයාට කරදරයක් වෙන්නේ නෑ. ඒ වෙනුවට මෙතනදී මෙයා කොළ පාට සමක් තියෙන විශාල යෝධයකු මෙන් පුද්ගලයෙක් බවට පත්වෙනවා. හල්ක් කියන්නේ අන්න එයාට තමා. මුල් දවස් වලදී බෲස් හවස් කාලයේදී හල්ක් බවට පත්වෙලා උදේ වෙනකොට සාමාන්‍ය මිනිස් ස්වරූපයට පත්වෙනවා. නමුත් අවසානයේදී බෲස්ගේ ශරීරය වෙනස් වෙනවා. දවසේ වෙලාව මොක වුනත් එයාගේ ඇඟේ ඇඩ්රිනලීන්( දේහය හදිසි අවස්ථාවලට සූදානම් කරන හෝමෝනයක්) සාන්ද්‍රණය යම් මට්ටමක් ඉක්මවා ගියෝතින් හල්ක් බවට පරිවර්තනය වෙන විදිහට. මෙයා හල්ක් වුනාට පස්සේ මතකය අඩුයි කියලා ඔයාලා දන්නවනේ. ඒ වගේම ඉක්මනින්ම මේ හල්ක්ට තරහා යන ස්වභාවයක් තියෙනවා. මේ AOU ෆිල්ම් එකෙත් බෲස් බැනර්, නැත්නම් හල්ක් විදිහට රංගනයෙන් දායක වෙන්නේ මාක් රෆලෝ (Mark Ruffalo). ඔයාලට මතක නම් 2003 වසරේ නිපදවෙච්ච හල්ක් ෆිල්ම් එකේ හල්ක් විදිහට රඟපාන්නේ එරික් බනා. 2008 ආපු The Incredible Hulk ෆිල්ම් එකේ රඟපාන්නේ එඩ්වර්ඩ් නෝටන්. හුඟක් කට්ටිය කියන විදිහට දැන් ඉන්න හල්ක් නම් හුඟක් හොඳයිලු. පෞද්ගලිකව නම් මම හුඟක්ම ආසා The Incredible Hulk එකේ හල්ක්ට. 😉
ක්වික්සිල්වර් සහ ස්කාලට් විච්
පියෙට්‍රෝ මැක්සිමොෆ් කියන්නේ ජැන්ගෝ (Django) සහ මාර්යා මැක්සිමොෆ් (Marya Maximoff) කියන රොමේනියා යුවල හට ඉපදුනු වැඩිමහල් දරුවයි. වොන්ඩා මැක්සිමොෆ් කියන්නේ මෙයාගේ නංගි. මොවුන් දෙදෙනා ළදරුවන් කාලෙදිම හයි එවොලූෂනරි, නැත්නම් හර්බට් එඩ්ගර් වින්ඩම් කියන ජාන විද්‍යාඥයා විසින් පැහැරගෙන යනවා. ඊට පස්සේ ඒ දෙන්නව පාවිච්චි කරලා විවිධ විදිහේ පරීක්ෂණ කරනවා. නමුත් ඒ පරීක්ෂණ ගැන පැහැදීමක් ඇති නොවුන නිසා මොවුන් දෙන්නව නැවතත් ඉපදුන ස්ථානය වෙන වොන්ඩගෝ වලටම යවනවා. ඉතින් මේ දෙන්නගේ තාත්තා මෙයාටයි මෙයාගේ නංගිටයි මෙයාගේ අම්මටයි කෑම අරගෙන එන්න ගිය වෙලාවට රෝමෙනියානුවන් පිරිසක් මෙයාලා ඉන්න වොන්ඩගෝ කඳවුරට පහර දෙනවා. ඒ වෙලාවේ මෙයා මෙයාගේ නංගිවත් අරගෙන එතන කඳවුරෙන් පැනගන්නවා. ඉතින් මෙයාලා කාලයත් එක්ක ලොකු වෙනවා. නමුත් එයාලට පොඩි කාලය ගැනවත් එයාලගේ අම්මා තාත්තා ගැනවත් හරි හැටි මතකයක් නෑ. දවසක් වොන්ඩා අතින් ගෙයක් ගිනිගන්නවා. මොකද එයා, ඒ කියන්නේ වොන්ඩා තවම හරි හැටි දන්නේ නෑ එයාගේ බලය පාවිච්චි කරන්න. ඉතින් මේ නිසා මෙයා යක්දෙස්සියක් කියලා මිනිස්සු මෙයා පස්සේ පන්නන්න ගන්නවා. පස්සේ ඔයාලා දන්න මැග්නීටෝ තමා මෙයාලව බේරාගන්නේ. ඊට පස්සේ මැග්නීටෝ මේ පියෙට්‍රෝව නම් කරනවා ක්වික්සිල්වර් කියලා. වොන්ඩාව නම් කරන්නේ ස්කාලට් විච් (ලොහිත යක්දෙස්සිය) කියලා. ක්වික්සිල්වර්ගේ හැකියාවන් ගැන කියනවා නම් මොහු ඉතාමත් වේගවත්. මේ වේගවත් බව නිසාම එයට සරිලන පරිදි මෙයාගේ ශරීරයත් නිර්මාණය වෙලා තියෙනවා. මෙයාගේ රුධිර සංසරණ පද්ධතිය සහ ස්වසන පද්ධතිය සාමාන්‍ය පුද්ගලයකුගේ රුධිර සංසරණ පද්ධතියට වඩා ඉතාමත් කාර්යක්ෂමයි. මෙයා ආහාරමය ද්‍රව්‍යවල තියෙන කැලරික ශක්තියෙන් 95%ක් විතරම පරිවෘතියට භාවිතා කරනවා. සාමානයෙන් සාමාන්‍ය මිනිසෙක් පාවිච්චි කරන්නේ 25%ක වගේ ප්‍රමාණයක් තමයි. අනික එයාගේ පේශි තුල චලනයේදී පේශී විඩාවට පත්කරන ද්‍රව්‍ය නිපදවීමක් සිද්දවෙන්නේ නෑ. පේශි තුල නිර්වායු ස්වසනය එහෙම සිදුවෙන්නේ නෑ. මෙයාගේ අස්ථි අතර පිහිටන සන්ධි වෙන සාමාන්‍ය පුදගලයෙකුගේ සන්ධි වලට වඩා ඉතාමත්ම මෘදුයි. ඒ වගේම ස්නේහනය (ලිස්සනසුලු බව) වැඩියි. මෙයාගේ පේශී වල තියෙන කන්ඩරා වල ආතන්‍ය බලය ඉතාමත්ම ඉහලයි. අනික මෙයාගේ අස්ථි වල කැල්සියම්වලට වඩා ශක්තිමත් වෙනක් ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. මොකද මෙයා දුවනකොට කකුල මත යෙදෙන කම්පන තරංග සාමාන්‍ය පුද්ගලයෙකුට කීයටවත් දරාගත නොහැකි මට්ටමේ ඒවා වෙන නිසා. අනික මෙයාගේ ප්‍රතිචාරක හැකියාව වගේම මොලය මගින් දෙයක් හඳුනාගැනීමේ හැකියාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා හුඟක් වේගවත්. මොකද එයා යන වේගයට අනුව වට පිට තියෙන දේ මොලය මගින් ඉක්මනින්ම හඳුනාගැනීම සිදු වෙන නිසා… සාමාන්‍යයෙන් ක්වික්සිල්වර්ගේ වේගය ශබ්ධයේ වේගයට එනම් තත්පරයට මීටර් 320කට වඩා වැඩියි. නමුත් කොමික් පොත්වල තියෙන දේවල් කියෙව්වාම ඇත්තටම බැලුවොත් ක්විසිල්වර්ට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් දුවන්න පුලුවන්. ඒ වගේම මෙයාට පුළුවන් ඉතා ඉහල සංඛ්‍යාතයකින් එයාගේ අනුක මට්ටමේ කොටස් කම්පනය කරන්න. එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් ෆිල්ම් එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මැග්නීටෝව පෙන්ටගනයෙන් එලියට ගන්න අර වීදුරු වහල බිඳපු විදිහ. 😉 අනික මෙයාට පුළුවන් ඝන ද්‍රව්‍යයක් හරහා වුනත් යන්න. හැබැයි මම හරියටම දන්නේ නෑ මෙයාට ටයිම් බැරියර් එහෙම බිඳින්න පුලුවන්ද කියලා නම්. :/ අපි මුලින්ම මේ ක්වික්සිල්වර් කියන චරිතය කැපී පෙනෙන විදිහට දැක්කේ එක්ස්මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් කියන ෆිල්ම් එක හරහානේ. නමුත් එකේදී රඟපාන එවන් පීටර්ස් (Evan Peters) නෙවෙයි මේකෙදි නම් ක්වික්සිල්වර් විදිහට රඟපාන්නේ. ඈරන් ටේලර් ජොන්සන් (Aaron Taylor-Johnson). මෙයා තමයි නළුවා. හේතුව ඉතින් සමාගම් අතර වලි තමා :D. ස්කාලට් විච් විදිහට එළිසබෙත් ඔල්සන් (Elizabeth Olsen) රංගනයෙන් දායක වෙනවා. මම කිවුවනේ ක්වික්සිල්වර් මුලින්ම අපිට කැපී පෙනෙන හම්බුනේ DOF එකේදී කියලා. හැබැයි ඔයාලා එක්ස් මෙන් ඔරිජින්ස් වුල්වරීන් ෆිල්ම් එක විමසිල්ලෙන් බැලුවා නම් ඔයාලා දකින්න ඇති ක්වික්සිල්වර් ඒකෙත් ඉන්නවා. 😉 මම කියන්නේ නෑ කොතනද ඒ කියලා. ආයෙමත් ෆිල්ම් එක බලලා හොයාගන්න. 😛 හැබැයි ඉතින් කොමික් ගැන දන්නා අය දන්නවා ඇති ෆොක්ස් සමාගම එක්ස් මෙන් ෆිල්ම් සෙට් එකේ කාල රාමු අවුල් ජාලයක් කරලා කියලා. :/ අනික වින්ටර් සොල්ඩර් ෆිල්ම් එකේ අවසාන හරියේදී මේ දෙන්නාව වොල්ෆ්ගෑන්ග් වොන් ස්ට්‍රකර් හිරකරගෙන ඉන්නවා. එතනින් දුන්නේ මේ AOU ෆිල්ම් එකට ප්‍රවේශයක් තමා… 😉
ඉතින් මම හිතනවා මම මේ ලියපු ප්‍රමාණය ඇති වෙයි කියලා. ලියන්නම් නම් පුලුවන්. ඒත් කාලය හරස්වෙන එකයි අවුල. :/ දැන් මූණු පොතේ නැති එක්කෙනෙක් නෑනේ. ඒ නිසා ඔයාලට අල්ට්‍රෝන් ඇතුළු අනෙක් චරිත ගැන දැනගන්න ඕන නම් මූණුපොතේ Comic Script කියලා සෙවුම් කරලා එන පේජ් එකට ලයික් එකක් දාන්න කියලා ඉල්ලනවා. ඔයාලට හැමදාමත් ඔයාලා කොමික් ගැන නොදන්නා හුඟක් දේවල් මේ පේජ් එකෙන් A-Z ඉගෙන ගන්න පුළුවන්.
ඉතින් මේ ෆිලුමේ නළුනිළියන් සෙට් එක එකතැනකට ගත්තොතින් මෙහෙමයි.
ටෝනි ස්ටාක්/අයන් මෑන් – රොබට් ඩව්නි ජූනියර් (Robert Downey, Jr)
තෝ – ක්‍රිස් හෙම්ස්වර්ත් ( Chris Hemsworth )
බෲස් බැනර්/ හල්ක් – මාක් රෆලෝ (Mark Ruffalo)
ස්ටීව් රොජර්ස්/කැප්ටන් ඇමෙරිකා – ක්‍රිස් එවන්ස් (Chris Evans)
නටෂා රෝමනොෆ්/බ්ලැක් විඩෝ – ස්කාලට් ජොහැන්සන් (Scarlett Johansson)
ක්ලින්ට් බාටන්/හෝක්අයි – ජෙරමි රෙනර් (Jeremy Renner)
පියෙට්‍රෝ මැක්සිමොෆ්/ක්වික්සිල්වර් – ඈරන් ටේලර් ජොන්සන් (Aaron Taylor-Johnson)
වොන්ඩා මැක්සිමොෆ්/ස්කාලට් විච් – එළිසබෙත් ඔල්සන් (Elizabeth Olsen)
ජාවිස් සහ විෂන් – පෝල් බෙටනි (Paul Bettany)
මරියා හිල් – කොබී ස්මල්ඩර්ස් (Cobie Smulders)
සෑම් විල්සන්/ෆැල්කන් – ඇන්තනී මැකී (Anthony Mackie)
ජේම්ස් “රෝඩි” රෝඩ්ස්/ වෝ මැෂීන් – ඩොන් චීඩල් (Don Cheadle)
පෙගී කාටර් – හේලි ඇට්වෙල් (Hayley Atwell)
නික් ෆියුරි – සමුඑල් එල්. ජැක්සන් (Samuel L. Jackson)
අල්ට්‍රෝන් – ජේම්ස් ස්පේඩර් (James Spader)
එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
92034 downloads
මටනම් මේක බලලා එපා වෙන්නෙම නෑl
Thanks
ආපෝ මේක download කරන්න එප.. subtitles වලට වඩා ලොකුවට මේක කරපු එකාගෙ නමයි වෙන හෑල්ලකුයි තියෙයි… film එකෙන් බාගයක් වැහිල ඒකට
Ow
Ow mama film eka balana eka nawatthuwa.. a vidiyata balala wadak na. EPA wenawa
patta
හෑලි ultra pro max!
Thanks sagola… ❤️
අද වෙද්දි ඒ ඔක්කොම අති සාර්ථකව ඇවිත් තව එන්න, සෙට් එකක් ම තියනවා … මාර්වල් කියන්නෙ පිස්සුවක්
Thanks
i think this is the best subtitle site for me thanks for given this subtitles free
ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි රොයිලි සහෝ !!!!
උපසිරසියට බොහෝම ස්තූතියි.දිගටම මේ වගේ ගින්දර ෆිලුම් වලට සබ් ලබා දෙන්න.
බොහොම ස්තූතියි උපසිරැසියට ♥️ රොයිලි සහෝ ♥️
නියෝජිත යශෝධටත්,නියෝජිත තිසර නියෝටත් සහ හිත යටින් මාවල් ෆෑන් පූසාටත් බොහොම ස්තූතියි දීර්ඝ ලිපියට.♥️
හුඟක් දේ දැනගත්තා..
thankyou!
උබලා හින්දා ආයේ ආයෙත් sub අරන් බලනව. සුබ හදල denawata ubalata pin බයිස්කෝප්LK…
thankyou!
Thanks for the sub and the Info
ලිපි සියල්ලන්ගෙන්ම අපව දැනුවත් කරපු සියළුම දෙනාටත් උපසිරැසිය නිර්මාණය කරදුන් ඔබටත් බොහෝම ස්තුතියි…ජයෙන් ජය වේවා …!
Good Luck
Thank you very much
සබ් එකට තෑන්ක්ස් ඒත් එක දිගටම නම තියෙන එකෙන් ෆිල්ම් එක එපා වෙනවා ආයිත් එහෙම දාන්න එපා ප්ලීස්
උපසිරස ලබා දීම වෙනුවෙන් ස්තුතියි.
ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකන් උඹේ නම… ඇත්ත උඹ මහන්සි වෙන්ඩ ඇති ඒ කියල මෙහෙම කරනවද… එපා වෙනව!!!
Sub ekata tnx bro
Patta film eka…Thanks for sinhala subtitles…jaya wewa…උඩ තියන විස්තර යටත් ගොඩක් ස්තූතිය…..
Thnk you
bohoma sthuthie saho sub ekata! jaya!
Thank you Baiscopelk 🙂
😀 😀
Thank you for the Sinhala Subtitle
Tnx aiyee
Ela.dn thama balanne.podi awlk thiyenawa.4n eken baladdi ube nama watenawa bn sub ekath ekkama.ethakota wade awl bn.epa wenawa.
සබ් එක ගානට සෙට් උනා. ගෝඩාක් ස්තූතියි.. ඒත් ඔයාගෙ නම යනවා. එකයි අවුල
Okkotama eka awith wage ne.meyage sub wala thama case eka thiyenne.hby muge ewa thama ganatama set wenneth.
Oyala dena sub eka wagema discription ekath watinawa
Tnx..
THanks bro
SUb aul.taime ake aulak ne. Oyage nama yanwa hamawelema
Eka nm aththa
බොහොම ස්තූතියි රොයිලි අයියේ සිංහල උපසිරැසියට…
මාවල් සැට් එකම බලාගෙන යනගමන්…
ඔන්න දැන් මේක බලන්න තියෙන්නේ.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
sub ekata thanks saho.. jaya wewa!!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
thanks…
උපසිරැසියට බොහොම ස්තුතියි…………………….
LiPiya patta. Thanks machanla me mahansiyata… Appreciate bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
guardian of the galaxy 2 tath ikmanata dennakoo….
ස්තුතිය යාළුවා ආයෙත් බලන්න හිතුනා. ඔයාලගෙ සබ් නිසා තමා අපි ෆිල්ම් බලන්නේ
thnkz mchn
Thanx
<font cloor="#2B65EC"ThankYou very much…!
Perfect
thanks thanks yaalu.
මෙතනින් පස්සේ Avengers ෆිල්ම් වල අපේ සුපුරැදු අය නැතිවෙයිද?
බයක් දැනෙනවා.ඒ ගැන දන්නවද කවුරැ හරි යාලුවනේ…….
නියම බයිස්කොප් එක… ස්තුතියි උපසිරැසියට
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
tnx ayye subekata
THANKS BROOOOOOOO
Faiting for thiss……. තැන්කූ….
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
Bluray එකත් ඇවිල්ලනෙ
thanx all BC team …
Thanks mchn………
Thanks bro!!!
Maru………..
Ayya Puluwannam “The X files” Tv Series aka Sinhala Subtitle Hadala Add Karannako….
Net aka Kohawath na hoyaganna…….
X Files Parana unata lassana Film aka………….
Please Help Me…….
එලම එල හොදේ.
මෙන්න අපිත් ගත්තෝ.
ජය වේවා!!!!
enakam bala bala hitiye..thanks..!!
ගොඩක්ම ගොඩක් ස්තුතියි, බලාගෙනමයි උන්නේ.
ela ela br eka enakan hitiye
අම්මෝ,උදේ ඉදන් බලන් හිටියේ sub එක br-rip එකට අප්ඩේට් කරනකම්.
ඒත් කලින් එකත් ලාවට ගැලපෙනවා.
බොහෝම ස්තූතියි.
ජයවේවා -)
ඉක්මනින් blry sub දුන්නට ස්තුතියි සහෝ
Mountain of Diamonds burning shore 1991 sinhala dubbed in rupavahini ginigath weralatha
YIFY 1080p ආවා….. කලින් කිව්ව වගේම ආපු ගමන් ඔන්න එහෙනම් බෑවා…..
බලමුකො එකටත් මේ සබ හරියනවද කියලා…..
ගොඩක් ස්තුතියි සහෝ ඔයාල හැමෝටම…..
YIFY BR Rip Ekata Subs Onee
https://yts.to/movie/avengers-age-of-ultron-2015
MENNA AWILLA BLURAY COPY EKA SUB DENNA KOOOOOOOOOOOOOOOOOOOOO
Avengers: Age of Ultron (2015) 1080p BrRip x264 – YIFY torrent
http://extratorrent.cc/torrent/4400803/Avengers%3A+Age+of+Ultron+%282015%29+1080p+BrRip+x264+-+YIFY.html
menna balanavanam kathava
MMMMMMM supriri baandayak. THANKS BRO…….
thanx මේ movie එක දුන්නට. මම 5 පාරකට වඩා මේක බයිස්කෝප් එකේ සර්ච් කරා. සෑහෙන කාලයක් බලන් හිටියා මේක එනකන්. ජයවේවා!!!!!!
අඩේ මචන් මන් මේ සෑහෙන කලෙකින් අවේ film 1ක් බලන්න බන් . . . . කියපන්කො මේ දීලා තියෙන torrent 1ඒ තියෙන film 1 quality නැද්ද බන් ??කව්රු හරි උදව් කරන්න plz . . . සබ දුන්නට thnx මචං 🙂 (y)
Avengers Age Of Ultron (2015) [720p] YIFY – YTS
ජය වේවා
රොයිලි අයියා පට්ට ගේමක් නොවැ දීලා තියෙන්නෙ.
හෙහ්, එහෙනම් මේ පැලෑන ගහන්න තමා මුන්දෑ මම ලිපිය දුන්න බව වෙන කාටවත් කියන්ඩ එපා කිවුවේ… 😛
එල එල. YIFY දෙයියා දුන්නම ගන්නවා…
මෙව්වා ඉතින් උපරිම හොඳට බලන්ඩ එපායැ…
100 වෙනි ෆිලුම් උපසිරසියට ජය වේවා…!!!
එලස්… (y)
ආ… Hydra කාරයටයි, SHIELD කාරයටයිත් ස්තූතියි ඈ… 😉
පට්ටම පට්ට!
Film එක කෙසේවෙතත් ලිපි ටික නං මරු.
Film එක බලන්න යන්නේ. රොයිලී මේකත් .ssa ද ??
එහෙනං බලලා හමාරයි.
thanks bro
thanks saho
100 වන චිත්‍රපටි උපසිරැසියට උණුසුම් සුභ පැතුම…. (ප්‍රමාද වෙලා උනත්)
සබට ස්තූතියි.
ela……………
thanks……..
Thanks Bro
බොහොම ස්තූතියි රොයිලි අයියා උපසිරැසියට. ලෙසටම තිබ්බා. ජයෙන් ජයම වේවා..! 100 කියලා දැනන් උන්නේ නෑනේ. සුබ පතනවා එහෙනම්. එලස්ස්ස්..!
Superb meka enakan balan hitiye. Ant man ekath puluwannam ikmanata denna
onna ithin film eka balala me comment eka daanne hode..
bohoma suba pathum 100 weni chithrapata upasirasiyata…
wade kiyanne, me 100 weni mulma chirpata upasirisiya harinm mama thamai karanna unne…
eth wadihitiyanta mul trhana denna one nisaa mama tikak sub kirilla parakku kalaa,,
nathnm ihin methumaa thamaa..
ehenm film eka baluwaa,..
jaya wewaa…
digatama karagena yamu…
Thnxs saho
Thanks ayya!
සබ් ඒකට බොහොම තැන්ක්ස් සහෝ ඔබට ජය …!
flm eknam hall eke beluwa..eet baiscope eken dammhma khmath aphu blnwna..thnx aiye sub ekta..lipiyath mare maru..jaya wewa baiscope
සමාවෙන්න අයියේ පරක්කු උනාට දැන් තමා දැක්කේ මේක දාලා කියලා 😀 අම්මෝ පහලට එන්න දුන්නු ගේමක් හෙන දිගයිනේ ලිපිය 🙂 ඒ වගේම 100 වැනි සිනමා උපසිරසියටත් උණුසුම් සුබ පැතුම් !
මේකේ Br එක එනකන් ඉන්නවා දැන් හිටිය එකේ 🙂
ලිපියටත් බොහොම ස්තුතියි 😀
ThanQ 😛 Royly Ayya 😀 Lipit Supiriy. 😎 ThanQ 😛
Thn Q 🙂
bohoma sthuthi upasirasiyata.lipi 3th pattata thibba.
godak isthuthi roilie aiyaa
good work ….thanks sub akta saho …….jaya wewa
උපසිරසයද ඇතුලුව ලිපි වලටත් බොහොම ස්තුතියි 🙂
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
mokada saho parkku wune
sub eka nam elaz kollo
තැන්කියො ගොඩක් ස්තුතියො… එන්කම් මයි හිටියෙ අම්මො
එනකම් මග බලන් හිටියෙ.
Tankz bro
Good Work Brother Thanks
torrent eka banna bene saho
බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරැසියට
ඒ වගේම සුපිරිම පෝස්ට් දාපු ඒජන්ට් යශෝද, හයිඩ්‍රා ඒජන්ට් තිසර නියෝ, සැමන් (සමන්) :3 පූසටත් බොහෝම ස්තූතියි පෝස්ට් වලට
puluwan welawatawath subak denna saho.
100වැනි චිත්‍රපටියට සුබ පැතුම්….
ගොඩක් ස්තුතියි සහෝ……….
Thank bro..
100 ට සුබපැතුම්.
ඇත්තටම ලිපි ටික නම් නියමයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
හොද කොපියක් ආව ගමන් උපසිරැසි දුන්නාට පිං.
3D ෆිල්ම් එක හෝල් එකෙන් බැලුවා. දැන් උපසිරැසිත් එක්කත් බලනවා. 😀 😀
!!..ජය වේවා..!!
ලිපි ටික කියවන්ඩම පැයක් විතර ගියා…
ගොඩක් ස්තූති රොයිලි අයිය.
සිය වැනි චිත්‍රපටියට සුබ පැතුම්!!!
ජය!!!
100වෙනි චිත්‍රපටි උපසිරසියට සුබ පැතුම්. BR කොපියත් ළගදිම එන නිසා එක එනකම්ම ඉන්නවා. වේලාවක් ලැබුනම තව එකක් ගෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ela ela ela…… thank you so much…. and i wish you baiscope all the best…
100 වෙනි ෆිල්ම් සබට සුබ පැතුම්…..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
ඒජන්ට් යශෝධ සහ අපිට පේන්න මාර්වල් වලට බනින සමන් (පූසා) දෙන්නත් තුති කදිම ලිපි දුන්නාට.
#Hail_Hydra
(එතෙක් මෙතෙක් පලවූ දිගම ලිපිය)
එල එල ලිපියටයි සබ එකටයි බොක්කෙන්ම තැන්ක්ස් වේවා
thanks for all…………………..
sub ekata thnx machan.. meka enakan balagena unne.. mechchara kal hitapu eke bluray ekath enakanma idala balanawa.. kohoma unath api wenuwen sub ekata kalata patta thanx.. e wagema mahansi wela diga lipiyakuth thiyenawa.. ekatath thxnnn hoda copyak awama update karanna ikmanata
thank …………….!
බොහොම ස්තුතියි සහෝ!! ජය වේවා!!!!!
Thanks sahooo…
thanks broooo…
sehena kalayak balagena unna me dawasa uda wenakall..
onna bewooo..
thanks …god bless !!!!!!!
elazzzzz bro keep going…………..
fattama fatta aiyee… thankz a lot.. meka denakan maga balagena hitiye.. thankz a lot again…
Thank you very much roily aiya…. patta filumakta sub dila thiyenne 100 weni film eka widiyata… suba pathum..jaya wewa…!!!
තෑන්ක්ස් ඉයේ මම කොපි දුටුව වෙලාවෙම හිතුවා අද මෙක බලන්න පුලුවන් කියලා බොහොම ස්තුතියී
tnq tnq bro jaya wewaaaaa
ගොඩක් ස්තුති සහෝ ඔයාල හැමෝටම. සිරාවටම 40404 න් SMS එක ආවම මං ෆුල් එක්සයිටඩ්. පට්ට වැඩක් සහෝ. මං මැයි මාසෙ මෙයාව බැලුව. YIFY 1080p එක ආපු ගමන්ම ආයෙ බලනව.
පට්ට පට පට…..
ඔයාල හැමෝටම ජයෙන් ජය…..
amoo….lipiya nm pattai ahhhhh…me wge liyanna adahas kohen enawada dan na…supiri lipiyak ekka supiri filumak….eth hogama copyak enkm innawa…ROILY Aiyage 100 weni film subta hadawathinma suba pathanawa….thanks again ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
SAMAN, THISARA ,YASHODA saholata godak isthuthi apita pissu hadenna me wge lipi liwata……patta wadak ahhhhhhhhhh…..
හම්මේ..
මුලින්ම 100ට සුභපැතුම් ඈ 😀
එනකම් කොච්චරකල් බලන් හිටියද
අද වෙනකම් උන්නේ රොයිලි අයියගේ සබ එනකම්
නැත්නම් ඉතින් මම සබ දෙනකම් ඉන්න බෑ උබලට කියල ඒව මේව කියනව නොවැ 😛
එහෙමනම් ඔන්න අපි බලන්න ගත්තා
තවත් ඉවසන් ඉන්ට බෑ
sub eka baanna ba
නියමයි අම්මෝ! ස්තුතියි රොයිලි අයියේ!
මෙකේ නම් හොදම හොදම කොපියක් එනකල් ඉන්නවා මෙච්චර හිටිය එකේ… ලගදීම එයි හැබැයි!
ජය වේවා!
නියමයි රොයිලි අයියේ !
බොහොම ස්තුතියි උපසිරසියට.
ඒ වගේම නියෝජිතවරුන්ටත් ස්තුතියි ලිපියට .
පට්ට ලිපියක් තමයි.
😀
sub file eka download karanna ba… kawru hari wena link ekak danna pluwanda… thnx…
niyamai machan thanks lot
අපට සීයලා ගොඩක් ඉන්නවා දැන්! ඒත් අපේ මුල්ම සීයා වුණේ, දෙසීයා වුණේ, තුන්සීයා වුණේ රොයිලි සීයාම තමා…
දැන් එතකොට බලාගෙන යද්දිං යද්දිං මුල්ම “චිත්‍රපට සීයා” වෙන්නෙත් මේං මේ අපේ රොයිලි සීයාමයි!!!
බොහොම සතුටුයි සීයේ! මගේ කරුණු කාරණා නිසා සුබ පතන එක විඩින් විඩේ මගෑරුණා…
ඒවට අපේ ලොකු සීයා තරහ නැතිව ඇති කියලා හිතනවා.
එහෙමනම් සීයා…
ජයෙන් ජය කීවා…
Ammo menna AOU awilla… elane… Thanks Roily Bro…!
බොහොම ස්තුතියි 1o80p එකට සිංහල Sub ආපුවම බලනවා…
thankuuu wewa machoo
ammo ela
br enkm inna tama hitn inne
lipi tika pttta
tnxxxxxxxxxxxxxxxxxxxxx royili
Patta sasho…… anakan Balan Unne film akak…. Bohoma Pin
Niyamai Aaaaaaaaaaaaaaaa. Thanks Sab Ekata.
thx… sub1ta
Thank’s
Thanks
පපුව හිර වුණා වගේ ඕයි… ෆිල්ම් එකට වැඩිය ලිපිය මරුනෙ…
සුපිරියි ආහ්…
BR එක ආපුවම බලනවා…
වාව්.
නියමයි නියමයි රොයිලි අයියේ
මෙච්චර කල් ඉවසුවා හොඳ කොපියක් එනකන්
තව ටිකක් ඉවසන්නම් br එනකන්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
100 වෙනි චිත්‍රපට උපසිරැසියට උණුසුම් සුබ පැතුම්
යශෝද, තිසර , සමන් යන අයියලාට ගොඩාක් ස්තූතියි ලිපිය වෙනුවෙන්
ජයෙන් ජයම වේවා !!!!!
Elama Sub daanakalmai hitiye Bro Tnx Qwa
සීයට මාත් හදවතින් ම සුබ පතනවා රොයිලි……… ඉස්සරහටත් හොඳ නිර්මාණ ටිකක් අරන් එමු. සබ් එක දාපු රොයිලිට වගේ ම ලිපි තුනේ අයිතිකාරයින්ටත් බොහොම ස්තූතියි.
thnx royle ayye sub 1te & lipiyate 😀
thnkss sahooo..ikmnata sub dunnata…elzzzzzzz….
අම්මෝ….ගොඩ දවසක් බලන් හිටියේ දෙනකං.
ගොඩක් පිං ඔයාට සබ දුන්නට.
ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිලුම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය…!
BR ekak enakamma innawo..Thankz subata,,,
sahenna diga lipiyak.. thankzzzz
mamat balagenama hitiye tikak hoda copy ekak enakan baiscope ekata godak thanks yaluwane
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
මේක ඉතින් එනකන් පොඩි එකාගේ ඉදන් ආච්චිලා සීයලත් බලන් හිටපු එකක්නේ.
ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
තෑන්ක්ස් රොයිලි සහෝ!
සුපිරි වැඩක්!
ලිපි ලියපු සහෝලටත් ස්තූතියි!
ජයවේවා! එල!
තෑන්ක්ස් සහෝ!
එල!
තෑන්ක්ස් රොයිලි සහෝ!
සුපිරි වැඩක්!
ලිපි ලියපු සහෝලටත් ස්තූතියි!
ජයවේවා!
ammo meka danakan balan hitiya kal… thanx nokiya yanna nam hithunema na… jayawewa
නියමයි රොයිලි අයියේ … ආපු ගමන් වෙඩි වගේ සබ දුන්නාට.
බ්ලුරේ එනකන් ඉවසනවා…………
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
තවත් නිර්මාණයකින් හමුවෙමු..
ජයෙන් ජය…!!!!
█║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
#ChamaraSampath(Castiel)
::::::::::::::::::::::::::::::::::::::
sub akta thanx ant man dannko
දැක්කාම ඇති වුන සතුට කියලා නිම කරන්න බෑ. මේක බලන්න පෙරුම් පුරන් හිටියෙ.බොහොම ස්තූතියි රොයිලි අයියේ.ඒ වගේම සිය වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් සුභ පැතුම්. ආ ඒ වගේම නියෝජිත යශෝධ , හයිඩ්‍රා සාමාජික තිසරට සහ පූස් මල්ලිටත් ස්තූති වේවා
නියමයි රොයිලි අයියේ.. ෆිලුමයි සබයි ආපු ගමන් වෙඩි වගේ මෙහෙ දින්නත් එක්ක…….
බ්ලුරේ එනකන් ඉවසනවා………
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
තවත් නිර්මාණයකින් හමුවෙමු..
ජයෙන් ජය…!!!!
█║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
#ChamaraSampath(Castiel)
::::::::::::::::::::::::::::::::::::::
me film 1a vitrak bluwama theranawda..? Makata kalin blanna one thawa mnawahri film tyenawada,ekata ekak sambanda ewa..? Kawuruhri kiynawda?? Loku dayak
Meka vitharak baluwata nam teren naa.
me tika pilivelin balanna puluwannam hodai
1.Iron man (2008)
2.Iron man 2 (2010)
3.Captain america : the first avenger (2011)
4.Thor (2011)
5.The avengers (2012)
6.Iron man 3 (2013)
7.Thor the dark world (2013)
8.Captain america : the winter soldier (2014)
niyamai saho…. tnx.
නියමයි රොයිලි අයියේ..!! ආපූ ගමන් වෙඩි වගේ ආපු ගමන් සබ දුන්නනට…… බ්ලුරේ එනකන් ඉවසනවා……..
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
තවත් නිර්මාණයකින් හමුවෙමු..
ජයෙන් ජය…!!!!
█║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
#ChamaraSampath(Castiel)
::::::::::::::::::::::::::::::::::::::
ලිපිය කියවල ඇස් දෙක දනෝ…..
What a long post!!!!!!!
yantham athi balagena hitiye meka enakam thanks sub ekata
නියමයි රොයිලියෝ.
බ්ලූරේ එනකං ඉන්නවෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
හම්මේ ලිපියේ දිග… මට පේන්නේ උපසිරසියට
වඩා මහන්සි වෙලා තියෙන්නේ ලිපියට වගේ..
රොයිලි අයියා එහෙනම් චිත්‍රපටම 100ක් කළා..
හම්මේ … කියන්න තියෙන්නේ ඉතින් ජයම වේවා කියලා තමයි..
උපසිරසියට සහ ලිපියට ස්තුතියි… හොද කොපියක් ආපු ගමන් දුන්නටත් ස්තුතියි.
Thnxx saholata sub ekai lipiyatai dekatama……. Thawa thawa Su denna labewaaa
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසියට
ඒ වගේම සිය වෙනි චිත්‍රපට උපසිරසියටත් සුභ පැතුම්,
කරන වැඩ සියල්ලම සාර්ථක වේවා..
දිගටම උපසිරැසි දෙමු, පිස්සු කරන්නේ නැතුව,
ජයෙන් ජය…!!!!
එල භාණ්ඩයක්.
පට්ට.
ජය වේවා!!!
බොහොම පින්.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එලම. තෑන්ක්ස් ලිපි වලටයි. සබ් එකටයි
Thnkyouuuu !
Sub ekata thanks saho..
ගොඩක් ස්තූති රොයිලි අයිය.
සිය වැනි චිත්‍රපටියට සුබ පැතුම්!!!
ජය!!!
මම මෙච්චර කාලෙකට දැක්ක දිගම ලිපිය.පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niyamai sahao niyamai mulinama suba pathuma sahoo degatama me wage apita sub arana enna
anika saholatah bohoma sthuthi loko wetharayak dana gathha
jaya thanks….. 😀
tnx Royli aiya sub ekata…………………..
නියමයි අම්මෝ! ස්තුතියි රොයිලි අයියේ!
මෙකේ නම් හොදම හොදම කොපියක් එනකල් ඉන්නවා මෙච්චර හිටිය එකේ… ලගදීම එයි හැබැයි!
ජය වේවා!
Thanks Boss……… 😀
මේකෙ කොලිටිය කොහොමද?
AUDIO 10 VIDEO 9 🙂
මෙන්න විකියා කමෙන්ට් එකක් දාලා,
අද රටටම වහිනවා 😛
Thanks
pissu kora roili aiyee….
athi yanthan hoda copiyak avaa…..
thanks sub ekatahhh….
ikmanatama dunnata godak thanks….
supiriyatama lipi tika dila thiyena ape anith saholatath godak
thanks vevaaa…..kathava gana supiriyatama danagaththa
lipivalata pinsiddavennaa…
එනකන් බලන් හිටිය ෆිල්ම් එකක්.මෙක බනන යන වෙලාවට වඩා යයි වගේ ලිපිය කියවන්න.
බොහොම ස්තූතියි සහෝ
ekanam aththa eth
thanks hode subata
Film eka bawa witarai subth dala. . Thankz sub walata. . .
ලිපියටයි උපසිරැසියටයි බොහොම පිං 😀
tnx sub walata MAARI film aka hd copy akak tiyanawa akatath sub denna