Baabul (2006) with Sinhala Subtitle | ආදරය සහ යහළුකම… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං කට්ටිය.. බොහොමයක් දෙනා මාව නම් අදුරන්නේ නැතුව ඇති. නමුත් මතක කිහිප දෙනෙක් වත් ඇති කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ වසර හතරකට විතර පස්සේ තමයි උපසිරැසියක් අරගෙන ඔයාලව මුණගැහෙන්නේ. උපසිරැසි අරගෙන එන්න ඒ තරම් කාලය නොමැති උනාට වෙබ් අඩවියෙ අපේ සහෝදරවරුන් එකතුවෙන මොකක් හරි වැඩක් තියේද.. එතැනට නම් සහබාගි වෙලා ඇති. මොකද ඒ 2012 වගේ ඇති උන සහෝදර බැදීම තවත් ශක්තිමත් කරන්නට, කෙසේ හෝ කාලය සොයා ගන්න නිසා. ඉතිං වෙලාවක් ලැබෙන විදියට නැවතත් උපසිරැසියක් කරන්න හිතුවා. වැඩේ ලේසි උනේ නැහැ, මොකද අනිත් වැඩත් එක්ක මේ වෙනුවෙන් කාලය වෙන් කිරීම. මගේ බිරිද තමයි වැඩියෙන්ම මාව උනන්දු කලේ ආයේ උපසිරැසි කරන්න කියලා. ඉක්මණට දෙන්න ඕනේ අළුත් ෆිල්ම්ස් වලට නම් උපසිරැසි කරන්න නම් අමාරුයි. කාලය ලැබෙන හැටියට ටිකක් පරණ ෆිල්ම්ස් ටිකක උපසිරැසි ටිකක් කරමු ඉතිං.
කතාව පැත්තට හැරෙමු. රවී චොප්රා ගේ අධ්යක්ෂණයක්. නිකුත් වෙලා තියෙන්නේ 2006 වසරේ. නමුත් සිංහල උපසිරැසි නොතිබුන නිසා කාලය අරගෙන කරන්න හිතුවා. අවිනාෂ් කියන්නේ සල්ලිකාර තාත්තා කෙනෙක් ගේ පුතෙක්. තාත්තා වගේම පුතත් සෙල්ලම් කාරයි, ජිවිතේ ගැන ලොකු වගකීමක් නැහැ. අවුරුදු ගානකට පස්සේ අවිනාෂ් ඇමෙරිකාවේ ඉදලා ඉගෙනගෙන ආවට පස්සේ තාත්තා එයාගේ ඔෆිස් එකේම රස්සාවක් දෙනවා. දෙන්න ගොල්ෆ් ගහන්න ගිය වෙලාවක තමයි මිලී ව මුණගැහන්නේ. එයා චිත්ර ශිල්පිනියක්. කොහොම හරි පස්සෙන් ගිහිල්ලා මිලී ව යාලු කරගන්නවා. මිලීගේ හොදම යාළුවා තමයි රාජත් කියන්නේ. මිලී සහ අවිනාෂ් විවාහ වෙනවා, දරුවෙක් ලැබෙනවා. එයා අන්ෂ්. එයාගේ හතර වෙනි උපන්දිනය දවසේ විශේෂ දෙයක් වෙනවා. ඔය ඇති.. ඔයාලම බලන්න ඉතුරු ටික. ඔක්කොම කිව්වාම වැඩක් නැහැනේ. ගිහින් එන්නම් ආයේ මේ වගේම උපසිරැසියක් අරගෙන. හැමෝටම ජය සතුට.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2018 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සමීර චතුරංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-09-21
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
[/box]
සබට තුති වේවා!
සමීර අයියා ආයෙත් ඇවිත්….(හාට් එකක්)
දිගටම සබ් ඕනේ ආ…
ජය!
ඩොක් සෑකාලෙකින් නොවැ…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සමීර brooo සභට…ඉදිරි නිර්මාණවලටත් සුබපැතුම්..ජයවේවා !!!
thanks sub ekata (sameera chathuranga) jayawewa……….
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
thanks..
Thanks Bro
හලෝ මල්ලියෝ ගොඩ කාලෙකින් දැක්කේ. ඉතින් කොහොමද ජිවිතේ?
තැන්කු වේවා උපරසියට
අම්මෝ කාලෙකින් ඩොක් අයියා…
බොහෝම ස්තූතියි උපසිරැසියට !!!
මමයි ඩොක් අයියා හරිය
අපිව අමාරුවේ දාලා සතුටින් ඉන්න
කෝ හොදේ
අපිව අමාරුවේ දාලා සතුටින් ඉන්නකෝ හොදේ
Welcome back to Baiscopelk!
Wish you may able to keep do subtitles for us…
Well Come Back Doc..! කාලෙකින්.! එලම.!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!