Barracuda (2016) [E03] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]
මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ තුන්වැනි කොටස. පසුගිය කොටස අවසානයේදී ඩැනියෙල් කෙලී ඕස්ට්‍රේලියානු ජාතික පිහිනුම් ශුරයා ද අභිබවමින් රන් පදක්කමක් දිනා ගන්නවා පමණක් නොව ලෝක වාර්තාවක් ද තබන අන්දම ඔබ දකින්න ඇති. මේ සිදුවීමත් සමඟ ඩැනියෙල්ගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ක්ෂණික ජනප්‍රියත්වය සමඟින් ජනමාධ්‍යයට නිරාවරණය වන ඩැනියෙල්ටත් ඔහුගේ පවුලේ අයටත්, නිදහස් මාධ්‍යයේ වගකීමෙන් තොර වාර්තාකරණය නිසා විවිධ හැලහැප්පීම් වලට ද මුහුණ දීමට සිදුවෙනවා. ඔහුට ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩා පුහුණු ආයතනයෙන් සාමජිකත්ව ආරාධනා ලැබෙනවා. එපමණක් නොව ඩැනියෙල්ට මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය සඳහා ද ඇරයුම් ලැබෙනවා. තම පුරුදු පුහුණුකරුවාගෙන් සෑහීමට පත් නොවන ඩැනියෙල්, ටොර්මා අතහැර නව පුහුණුකරු ලෙස ජාතික ආයතනයේ බෙන් විටර් තෝරාගන්නවා. මේ අතර ඩැනියෙල් කෙලී සහ මාටින් ටේලර් අතර මිත්‍රත්වය ද, එමා (මාටින්ගේ නැගණිය) සහ ඩැනියෙල් අතර සම්බන්ධය ද තව තවත් වර්ධනය වෙනවා. මාටින් සහ ඩැනියෙල් අතර ඇත්තේ මිත්‍රත්වයක් ද නැතිනම් මිත්‍රත්වය ද අබිභවා ගිය සම්බන්ධයක් ද? ඔහුගේ සහයෙන් සහ නව පුහුණුකරුගේ උපකාරයෙන් ඩැනියෙල්ට පොදු රාජ්‍ය මණ්ඩලීය පිහිනුම් තරඟයෙන් ජයගත හැකි වෙයි ද? අද කථාවෙන් මේ ගැන දැනගනිමු,
අද පළවෙන කොටස ගැන:
තුන්වන කොටස
අධ්‍යක්ෂණය – Robert Connolly
මුල්වරට විකාශය වුනු දිනය – 24 July 2016
තිර රචනය – Blake Ayshford
මේ උපසිරැසි ලබාදී ඇත්තේ barracuda.s01e03.pdtv.x264-fqm [476 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි PDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 634 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
baiscopdownloads eke torrent dila nane 🙁
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි….සබ් එකට තැන්ක්ස්….