අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Bholaa (2023) Sinhala Subtitles | නිදහස ලදිමි…. [සිංහල උපසිරසි]

Rating: 7.7/10. From 23 votes.
Please wait...

Bholaa 2023 කියන්නේ මාර්තු 30වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්බ කරපු ක්‍රියාදාම ගණයට අයිති වෙන චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ අජේ දෙව්ගන්. නිශ්පාදනය Ajay Devgn FFilms, Reliance Entertainment, T-Series Films සහ Dream Warrior Pictures.2019 වසරේ ආපු කයිති දමිල චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය එලි දැක්වෙන්නේ. රංගනයෙන් අජේ දෙගන්, තාබු, දීපක් ඩොබ්‍රියල්, සන්ජේ මිශ්‍රා, ගජ්රාජ් රාඕ, විනීත් කුමාර් එක් වෙනවා. ඒ වගේම අමාලා පෝල් සහ අබිශේක් බච්චන් ආරාධිත රංගනයෙන් එක් වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නේ Ravi Basrur. ගීත රචනය Irshad Kamil. ගීත ගායනයෙන්, Javed Ali, B Praak, Kanika Kapoor, Swaroop Khan, Amit Mishra සහ Hariharan එක් වෙනවා.

කෝටි සීයක බජට් එකකින් නිම වුනත්, අන්තිමේදී කෝටි 111ක ආදායමක් ලබා ගන්නවා. ඒ වගේම 2023 වර්ශයෙ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටි අතරින් සිව් වැනි ස්ථානයේ පසු වෙනවා.

කතාවේ වෙන්නේ මෙහෙමයි, පොලිස් නිලධාරිනි ඩයනා ජෝසෆ්, කෝටි දාහක් වටිනා කොකේන් තොගයක් සමග සික්කා නම් කල්ලියක සාමාජිකයින් පිරිසක් අත් අඩංගුවට ගන්නවා. ඒ සික්කා කල්ලිය හා එක්ව සිටින පොලිස් රහස් නිලධාරියෙක් වන රෝනක්ගේ උදව්වෙන්. මේ අතරේ IG ජයන්ත් මලික්ගේ විශ්‍රාම සාදය පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. ඒ අතරේ එක් පොලිස් නිලධාරියෙකු විසින් පාර අයිනේ සිටිය පුද්ගලයෙක් සැක සිටී ජීප් රථයේ දමාගෙන පැමිනෙනවා. එම නිලධාරීන් වෙනුවෙන් සාදන බීම වලට මත්බෙ හෙතක් කලවම් වීම නිසා ඔවුන් එකිනෙකා සිහිසුන්ව වැටෙනව. එහෙත් ඩයනා ඒ බීම පානය නොකරන නිසා ඇයට කිසිවක් සිදු වන්නේ නැහැ. ඩයනා අර ජීප් රථයේ දමාගෙන පැමිනි පුද්ගලයා හා එක් වී සිහි සුන් වූ නිලධාරීන් ලොරියකට දමාගෙන රෝහලක් කරා රැගෙන යනවා.

මේ අතරේ සික්කා කල්ලියේ නායකයා ඩයනා සහ පොලිස් නිලධාරීන් මැරීමට ඔවුන්ගේ සියලු සහචරයින් සහ කල්ලි හැම එකක්ම එවනවා. ඩයනාට ඔවුන්ගෙන් බේරිලා යන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු. ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

18 thoughts on “Bholaa (2023) Sinhala Subtitles | නිදහස ලදිමි…. [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි අමා…
    ස්තුතියි බයිස්කෝප්.
    ඔයාලා සද්භාවයෙන් කරන සේවය හැමදාම අගයනව.
    (ෆිල්ම් එක ගැනනම්….. ඔරිජිනල් එකේ හැටියට රීමේක් එක කොච්චර ජරාවක් ද කියල දුකයි.)

    Reply
  • ස්තුතියි !

    Reply
  • thanks a lot sis sub ekata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහෝම ස්තුතියි මුතු නංගියෝ සිංහලයට…ජයවේවා !!

    Reply
  • meka kaithi movie eke remake ekakda?

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

    Reply
  • උපසිරසියට තුති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *