අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචානක ලක්ෂාන්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයරුසියානුසිංහල උපසිරැසි

Break (2019) Sinhala Subtitles | කේබල් කාරයක භිහිසුණු අත්දෑකීමක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 23 votes.
Please wait...

කොහොමද හැමෝටම, අද මම අරගෙන ආවේ රුසියානු චිත්‍රපටයක්. 2019 පෙබරවාරි 14 රුසියාවෙදී නිකුත් වූ මෙහි අධ්‍යක්ෂණය Tigran Sahakyan නැමති අධ්‍යක්ෂකවරයා විසින් සිදු කර තිබෙනවා. චිත්‍රපටය අයත් වෙන්නේ Thriller යන කාණ්ඩයට. Imdb දර්ශකයේ 4.4/10 ක ප්‍රේක්ෂක මණාපයක් හිමි වෙලා තියෙනවා. Google පරිශීලකයන් මෙයට 72% ක මණාපයක් ලබා දී තිබෙනවා. Imdb ශ්‍රේණිගත කිරීම් අඩු වුණාට නොබල ඉන්න එපා, චිත්‍රපටය හොඳයි. Irina Antonenko, Denis Kosyakov, Ingrid Olerinskaya සහ Andrey Nazimov යන රුසියානු ජාතික නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. කන්දක් මුදුනේ අලුත් අවුරුදු උදාව ගත කරන්න යන යාළුවෝ පස් දෙනෙක් කේබල් කාර් එකක හිර වෙන සිද්දියක් තමයි කතාව.

කාටියා, විකා, රොම්, කිරිල් සහ ඩෙනිස් කියන්නේ යාළුවෝ පස් දෙනෙක්, මේ කට්ටිය කන්දක් මුදුනේ අලුත් අවුරුදු උදාව සැමරීමට තමයි සූදානම් වෙන්නේ. අවුරුදු උදාවට පැය ගානකට කලින් මෙයාල ගමන ආරම්භ කරනවා. කොහොම නමුත් මෙයාල කේබල් කාර් ක්‍රියාත්මක වන ස්ථානයට යන වෙලාවෙදි ඔවුන් ප්‍රමාද වැඩී කියා, එම ස්ථානය භාරව ඉන්න පුද්ගලයා මොවුන්ට යන්න දෙන්නේ නෑ. ඒත් කොහොම හරි අන්තිමේදි මොවුන් ඔහුව කැමති කරවගෙන කේබල් කාර් එකට නගින්න සමත් වෙනවා. ඒත් පොඩි ආරවුලක් නිසා කිරිල් මේකට නගින්නේ නෑ. කොහොම හරි ඉතින් අනිත් යාළුවෝ හතර දෙනා කේබල් කාර් එකේ ගමන් කරමින් ඉන්න අතර තුරේ හදිසියේ විදුලිය බිඳ වැටීමක් වෙනවා. ඉතින් මේ යාළුවන්ට කන්දට යන්න පුළුවන් වෙයිද? අලුත් අවුරුදු උදාව සමරන්න පුළුවන් වෙයිද ? ඔවුන්ට ආපහු එන්න හැකි වේවිද ? මේ ප්‍රශ්ණ වලට උත්තර හොයා ගන්න චිත්‍රපටය බලන්නම වෙනවා. 😁හරි එහෙනම් මම ගිහිල්ල එන්නම්, නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය! පරිස්සමින් ගෙදරට වෙලාම ඉන්න. මේ දින වල වගකීමෙන් වැඩ කරන්න. බුදු සරණයි හැමෝටම!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4986 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

19 thoughts on “Break (2019) Sinhala Subtitles | කේබල් කාරයක භිහිසුණු අත්දෑකීමක්! [සිංහල උපසිරැසි සමඟ]

  • Shehan G ගනයා.

    Frozen ෆිල්ම් එකෙත් මේ වගේම story එකක් තියෙන්නේ.ඒකත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.ජය වේවා ❤️ ස්තූතියි උපසිරසියට.

    Reply
  • Shehan G ගනයා.

    නියමයි මචං ❤️ දිගටම කරගෙන යමු

    Reply
  • Thanks ……………good luck ……………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • Hasitha Perera

    උපසිරස වෙනුවෙන් බොහෝම ස්තුතියි.

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ✌❤

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…. දෙවි පිහිටයි…ජය වේවා…..

    Reply
  • arawindasunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *