Captain America: The Winter Soldier (2014) | හේමන්තයේ සොල්දාදු උන්නැහේ… [සිංහල උපසිරසි සමඟ]
අනේ මන්දා මොනා කියන්නද කියලා. සන්තෝසයි. බොහෝම ස්තුතියි! ඒ දේ කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා. ගොඩක් කල් මේ අඩවියෙන් උපසිරසි බාගත කරගෙන ගිහින් අදහස් පළකරමින් ඉන්නකොට නිකමට හිතට ආපු අදහසක් අනුව 2012 පෙබරවාරි 27වෙනිදා ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය ඔබ හමුවේ දිග-හරිද්දී මේ දවස ගැන නිකමටවත් හිතුවේ නැහැ. ඒත් අද දවසේදී බයිස්කෝප් අඩවියේ උපසිරසි 50 සපුරපු 12 වෙනියා විදියට මම මෙතන ඉන්නවා. තව දෙතුන් දෙනෙක් මේ සමගම වගේ තව ටික දොහකින් පනහේ කාණ්ඩයට එක්කාසු වේවි. ඒ අතරට කාන්තා පාර්ශවය නියෝජනය කරන අයෙක්ද ඉන්නවා කියලා ආරංචියි. ඉතින් අද මෙතනට එන්න ගොඩක් උදව් කරපු අය ඉන්නවා. මුලින්ම අඩවියේ නිර්මාතෘ පොතේගුරා (ඉසිර ගුණතිලක) සහෝදරයවත් ඔහුගේ සහයක ගෝල සහොත් (උමේෂ් ලීලසේන). ඒ දෙන්නා නැත්තම් අද මේ වගේ තැනක් අන්තර්ජාලයේ නොතිබෙන්න තිබුනා. ඊටපස්සේ අන්තර්ජාලයට මුල්ම උපසිරස එකතු කරපු අන්තර්ජාල උපසිරසිකරුවන්ට පාර පෙන්වපු පෙරගමන්කරු රොයිලි අයියා. මේ අඩවියට එකතුවුන දවසේ ඉදලා වද දුන්නු ආදරණිය විකියා. ඔව් දැන් එයා අලුත් වැඩක් පටන් අරන් අලුත් විදියකට මාව අමාරුවේ දාලා තියෙනවා 😛 ඒ වගේම ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කරද්දී ගොඩක් උදව් කරපු වාසල අයියා, අයියා කිවුවට එයත් මාමෙක්. හැම වෙලේම උපසිරසි වල අඩුපාඩු පෙන්නලා දීලා නිරතුරුව දිරි දුන්නු හිතවතා හසන්ත මාමා. (සමාවෙන්න මාමේ තාමත් උපසිරසි වල යතුරුලියන දෝෂය එහෙමම තියනවා :P) සමහර වෙලාවට උපසිරස පරිවර්තනය කරගත්තත් හරියට ගලපන්න බැරි වෙන අවස්ථාවලදී පිහිටට එන දිනිඳු මාමා. මෑතකදී විවාහ ප්‍රාප්තවී දැන් වගකීම් රැසක් දරන අයෙක් නිසා දැන් වැඩිය අප සමග නොරැදුනත් උපසිරසි සම්බන්ධ ගැටළු හා ඊට පිටත ඇතිවෙච්ච ගැටළු වලදී පවා එකල උදව්වට ආපු කැලුම් ගුණසේකර අයියා. ඒ සමගම වයසට ගියත් බැන්දේ නැත්තම් කොල්ලා කියලා හිතන් ඉන්න ඕනෑම අයුරක උදව් කරන හිතාදර මිතුරා.. හේවා ලුණුවිලගේ මාමා. මගේම වයස සහෝදරයින් දෙදෙනා බොක්කේ ෆිට් දෙක, මේ දවස්වල ආදර හුටපටයක ගැඹුරටම එරිලා ඉන්න සමීර කරුණාරත්න සහ ඩාවින්සිගේ ගුණ නිතර සිහිපත් කරමින් අපිට එය වෙලාවට කලාවට රැගෙන එන පුබුදු සුපුන් සහෝ ඇතුළු පිරිසම මේ වෙලාවේ මතක් නොකරම බැහැ. බැන බැන අන්තර්ජාල වියදම් දරපු අම්ම තාත්තටත් බොහොම ස්තුතියි. ඒ වගේම නමින් මතක් කරන්න නොහැකිවුන හැම කෙනෙක්ටම බොහෝම ස්තුතියි. ඒ හැමෝවම නමින් මතක් කරන්න ගියෝතින් තවත් ලිපියක් ලියන්ට වෙනවා 😛 ඉතින් බයිස්කෝප් අඩවියට එක්ව උපසිරසිකරණයේ යෙදීම නිසාවෙන් ඉතාමත් හොද අරමුණක් තියන, අන්‍යයන්ගේ සතුට වෙනුවෙන් තම විවේකය කැප කරන, යහපත් මිතුරන් පිරිසක් හදුනාගන්න ලැබුනා.. ඒ වගේම තව කෙනෙක් හිටියා ඔයා ඕක කරලා ඉවරවුනාම කියන්නකෝ කියලා පැය ගණන් බලන් උන්නු වගේම සමහර වෙලාවට පරිවර්තන සහය පවා ලබා දුන්නු, එයාටත් බොහොම ස්තුතියි හැම දේකටම වගේ ඒ දේටත් ලබා දීලා තියන නිදහස වෙනුවෙන්. 🙂
ඉතින් අද වෙනකොට සිනමාපට 29ක් සහ රුපවාහිනී කතා මාලාවන්හි කතාංග සදහා ලබා දුන් උපසිරසි 20ද ඇතුළුව අද ඔබට ලබාදෙන මේ උපසිරස සමගින් උපසිරසි 50ක් ඔයාලට ලබා දීලා තියනවා. සමහර වෙලාවට අදාල උපසිරස ලබා දෙන්න දවස් දෙක තුන පමා උන වෙලාවල් තිබුනා. ඒත් ඔබ අප විසින් ලබාදෙන උපසිරස වෙනුවෙන් බලා සිටි බව අප දන්නවා. ඒ නිසාවෙන්මයි කොපමණ වැඩ තිබුනත් ඔබට කෙලෙසකින් හො උපසිරස ලබා දීමට උත්සුක වන්නේ. “සිනමා රසික ඔබ තමා අපගේ කොදු නාරටිය, අප ඔබ වෙනුවෙනුයි උපසිරසි නිර්මාණය කරනුයේ.” ඉතින් ඒ හැම උපසිරසකටම අදහස් දක්වපු රසික ඔබ නිසා තමයි තව තවත් උපසිරසි කරන්න උනන්දුව ඇතිවුනේ. වැඩිම අදහස් ගණනක් පළවුණේ සහ දෙවනියට වැඩිම බාගත කිරීම් ප්‍රමාණයක් ලැබී තිබුනේ Frozen (2013) සිනමාපටයට ලබාදුන්නු උපසිරසට වන-අතර වැඩිම බාගත කිරීම් ප්‍රමාණයක් ලැබිලා තිබුනේ Now You See Me (2013) සිනමා පටයට ලබා දුන්නු උපසිරසටයි. ඉතින් එලෙස දායකත්වය දැක්වූ ඔබටත් හිසනමා ආචාර කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න අවසරයි. උපසිරසක් සමගින් යම් සිනමාපටයක් හෝ ටෙලි කතාංගයක් නැරඹු ඔබ ලබන වින්දනය සහ මානසික තෘප්තියේ විශාල කොටසක හිමිකරුවා වන්නේ අදාල උපසිරස වෙනුවෙන් තම ශ්‍රමය වටිනා කාලය මහන්සිය කැපකළ උපසිරසි කරුවාය. සත-පහක ලාබයක් මින් නොලබන ඔහුට ඔබේ ස්තුතිය පුදනොකර සිටීමට තරම් ගුණමකුවෙකු වන්නට එපා. පැය හය හතක්, සමහර විට පැය පහලවක් විස්සක් පමණ මහන්සි වී, නිදි වර්ජිතව ඔබට උපසිරස ලබා දෙන ඔහු ඔබෙන් බලාපොරොත්තු වන්නේ උපරිම විනාඩියක කාලයක් වැයවන එක පුංචි අදහස් දැක්වීමකි. මෙය මා වෙනුවෙන් නොව අන්තර්ජාලයේ සිටින සියලුම උපසිරසිකරුවන් වෙනුවෙනි, මා මෙසේ කියා සිටින පළමු සහ අවසන් වතාව මෙය වේ. මන්ද උපසිරසක් පරිවර්තනය කර අවසන්වූ විට සිතට දැනෙන තෘප්තිය සහ නිරායාසයෙන් ලැබෙන දේ මාහැගි බැවිනි… සෑම උපසිරසි කරුවකුගේම සිත්-තැවුලට පත්වන පොදු සංසිද්දියක් වන එය මටත් පොදු කාරණයක් ඉතින්.. එහෙමනම් වල්-පල් කියවීම නවත්වලා අද අරගෙන ආපු සිනමාපටය දිහාවට හැරෙමු…
මුලින්ම කිව යුතුයි. මේ දීලා තියෙන්නේ “HD කැමරා කොපියක්” මේක හොද මට්ටමක තියනවා ඒ වගේම බොහෝ දෙනෙක් ඉල්ලුවා මේක දෙන්න අපි බලනවා අවුලක් නැහැ කියල.. ඉතින් මේක නොබලන අය තව ඉවසන් ඉන්න. හොඳ පිටපතක් නිකුත් වෙච්ච සැනින්. ඒ සදහා ගැලපෙන උපසිරසි සහ පිටපත් ලබදෙන බව ඔයාලා දන්නවනේ. මේක බාගත කරනවානම් අඩු මෙගාබයිට් ප්‍රමාණයේ පිටපත බාගත කරන්නේ නැතුව වැඩි ප්‍රමාණයේ පිටපත බාගත කරගෙන බලන්න. ඒ වගේම පිටපතේ සාම්පල් එකක් තියනවා මෙන්න.
කට්ටියම දැනටමත් දන්නවා ඇතිනේ ඇවෙන්ජර්ස් කණ්ඩායම පටන්ගත්තේ කොහොමද ආදී විස්තර ටික, ඒ වගේම දන්නවා ඇතිනේ ඇවෙන්ජර්ස් දෙවන සිනමාපටයත් ඉදිරියේදී පැමිණෙනවා කියලත්. ඒ වගේම හැමෝම වගේ බලන්න ඇතිනේ Captain America: The First Avenger (2011) කියන මේ සිනමාපටයේ පළමු දිගහැරුමත්. සමහරුන්ටනම් ඒක ඒ හැටි අල්ලලා ගියේ නැහැ. මට හිතෙන හැටියට එහෙම උනේ මාවල් සමාගම ඒ සිනමාපටයට වඩා වැඩි අවධානයක් යොමු කලේ Avenger (2012) සිනමාපටයට ඉන් මුල පිරීමක් ලබාදිමට අවධානය යොමු කරපු නිසා කියලයි. හැබැයි මේකනම් එහෙම නැහැ. සමීර සහෝ මේක කලින් බලපු ගමන්ම කිවුවේ ගියපාර එකට වඩා හොඳයි මරේ මරු කියල.. සමීර තමයි මේක මුලින් උපසිරසි යොදන්න බාරගෙන තිබුනේ මට 50 සම්පුර්ණ කරන්න මේක ලබා දීම පිළිබදව ඔහුටත් ස්තුතියි. ඉතින් imdb අඩවියෙත් 8.2ක අගයක් ගත්තු මේ සිනමාපටයේ දැනට ඇමෙරිකාව තුල බොක්ස් ඔෆිස් ආදායම $ 708,373,264 වෙනවා. ඒක දැනට ලොව වැඩිම අදායම් ඉපයූ සිනමාපට අතර දෙවෙනි තැන අරගෙන තියනවා මේ වෙනකොට.
කතාව ගැන කියනවනම් මෙහෙමයි.. “කැප්ටන් ඇමරිකා ගැන දැනගෙන හිටියත් එයාගේ අතීතය ගැන අපි ඒ හැටි දන්නේ නැහැනේ. ඒ වගේම එයා මුල් වතාවට හයිඩ්‍රා බලය පරාද කලාට පස්සේ මොනාද උනේ කියලා අපි දන්නේ නැහැනේ. මේ සිනමපටයේදී වෙන්නේ ඊට පස්සේ සිදුවුණ සිදුවීම් සමග වර්තමාන සිදුවීම් ගලපාගෙන කතාව ඉදිරියට අරන් යාමක්.. ඒජන්ට් ඔෆ් ශිල්ඩ් නැරඹුවානම් දැනටමත් ඔයාලා දන්නවා ශිල්ඩ් අභ්‍යන්තරයෙම තමයි හයිඩ්‍රා පිලලය වැඩිලා තිබුනේ කියල. ඒ සිදුවීම් ආරම්භ වෙන්නේ කොහොමද කියලා මේකෙදි බලාගන්න පුළුවන්. කැප්ටන් ඇමෙරිකා එහෙම නැත්තම් ස්ටීව් රොජර්ස්ව මරන්නයි ශිල්ඩ් එකේ ඉදපු ඒත් හයිඩ්‍රා පාක්ෂිකයින් ඔට්ටුවෙන්නේ. අහ් ඊට කලින් අධ්යක්ෂ නික් ෆියුරිට වෙඩි තියනවා අන්තිම මොහොතේදී නික් ෆියුරි විසින් කැප්ටන්ට යමක් අන්තර්ගත පෙන් ඩ්‍රයිව් එකක් දෙනවා. ඒ වගේම කිසිම කෙනෙක්ව විස්වාස කරන්න එපා කියනවා. සිද්දිය පටන් ගන්නේ අන්න එහෙමයි. ඔය අතරෙදි මෙතෙක් ඔබ නොදන්නා චරිතයක්ද කතාවට පැමිණෙනවා. පියාබන්න පුළුවන් උපකරණයක් පැලදගත්තු කෙනෙක් එයාගේ නම ෆැල්කෝන්…
ඒ වගේම අමතක කරන්නම බැහැ නතාෂා රමනොව්ෆ්. ඔව් එයත් ඉන්නවා. ඇය වෙනුවෙන් ඉදිරියේදී වෙනම සිනමාපටයක් නිර්මාණය කරන්න මාවල් ආයතනය තීරණය කරලා තියනවා කියල ආරංචියකුත් තියනවා. ඉතින් එයා කැප්ටන් ඇමෙරිකා එක්ක මොනාද මේ කරන්නේ…? ඔයාලට මතක ඇති පළමු සිනමපටයේදී කැප්ටන්ගේ හිත ගත්තු යුවතිය පෙගී, එදා යානය කඩන් වැටුනට පස්සේ පෙගීට මොකද උනේ.. ඒ වගේම කැප්ටන් අමෙරිකාගේ පැරණි මිතුරෙක්, මියගියා කියලා හිතන් හිටපු කෙනෙක්. ප්‍රධානම හතුරෙක් විදියට මේකෙදි එලියට එනවා.. ඇයි එයා හතුරෙක් වෙලා තියෙන්නේ…? අහ් ඒ වගේම ඉහල අහසේ සිට අපේ පුංචි ශ්‍රී ලංකාව ඉතාම කදිමට පෙන්නුම් කරන දර්ශනයකුත් තියනවා. විස්තර ටිකක් උඩින් උඩින් කිවුවට හැම දේම කියන්න හිත නැහැ.
හේමන්ත සමයේ සොල්දාදු උන්නැහේ කවුරුන්ද කියල බාගත කරගෙනම බලන්නකෝ එහෙනම්. පෑ දෙකහාමාරකට අසන්න කාලයක් ගෙවිලා යනවා දැනෙන්නේවත් නැතිවෙයි. මුල් වතාවට බලද්දී මටනම් එහෙම උනා. ඒ වගේම පළමු සිනමාපටය නරඹා නොමැතිනම් මේකට කලින් ඒක බලන්න. එතකොට අපැහැදිලි තැන් මතුවෙන එකක් නැහැ. උපසිරස කරද්දී මමත් වරහන් ඇතුලේ ඉඟි පලකරලා තියනවා ඒ කියන දේවල් තේරුම් ගන්න උදව්වක් වෙන්න. ෆිල්ම් එක ධාවනය වෙනකොට ඒක කියවන්න වෙලාව මදි වෙයි සමහර තැන් වලදී ඉතින් අමනාප නැතිව ෆිල්ම් එක ධාවනය වීම නවත්වලා ඒක කියවන්න. ඒ වගේම මාවල් සිනමාපට පෙලම අපේ අඩවියේ සිංහල උපසිරසි සමගම තියනවා. ඒ හැම එකක්ම බලන්න. එහෙම උනොත් මේ සිද්දවෙන ගොඩක් දේවල් තේරුම් ගන්න ඉතාමත් පහසු වේවි ඔයාලට. මොකද මාවල් පිටපත් රචකයෝ සමහර තැන් වලදී එක පොඩි වචනයකින් ලොකු තේරුමක් දෙනවා. උදාහරණයක් විදියට මාවල් අවෙන්ජ්ර්ස් ෆිල්ම් එකේදී කොල්සන් මිය ගියහම යම් මෑන් කැප්ටන් අමරිකාට කියනවා කොල්සන්ගේ පෙම්වතිය චෙලෝ වාදනය ශිල්පිනියක් කියල. අන්න ඒ වචනේ ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතා මාලාවේදී එක කතාංගයක් සදහා වෙන් වෙනවා. ඒක බලපු අයට මතක ඇති කොල්සන් එයාව බේරගන්න විදිය ගැන. ඉතින් ඒවගේම ඉතාම රසවත් සිනේ කතා පෙළක් අතර ඇති සම්බන්ධය දැනගන්න පුළුවන් වේවි ඒ හැම ෆිල්ම් එකක්ම නැරඹුවොතින්. එහෙමනම් හිතවතුනේ අදට නවතින්නම් කියවනවා වැඩියි වගේ හිතෙනවා. යමින් ගමන් මගේ උපසිරසි ගැන සදහන් මුහුනුපොතේ තියන මේ පිටුවට ලයික් එකක් දාගෙන යන්න හැකිනම්. නැවත හමුවෙමු එතෙක්, Hail Hydra… !! 😛
48807 downloads
Supiri සබ් ටික
Thanks sub ekata
Thanks
thanks bro
Thanks
ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩක් ස්තූතියි !!!!!
maru
සබ් එකට ගොඩක් ස්තූතියි අයියේ….
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ විමා සහෝ ♥️ ජය !
Thanks saho sub ekata
FILM eka balala comment ekak dan yannan.
Thank You Very Much
best subtitele
2020 ayemath sub eka download karanawa
Thanks sahoo!!!!!!!!!!!!!!!!
Hail hydra!!!!!!
ela broooo
Sub ekata tnx bro
Thanks bro
බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා.!!
Tnx mchn sub ekata ..!!
Thanks සහෝ
tz sub ekata…
bohoma sthuthi yaluwa obage upasirasiyata
බොහොම තුති විමා උපසිරැසියට….
මාවල් සෙට් එකම බලාගෙන යන ගමන්..
ඔන්න ඊලඟට මේක තියෙන්නේ..
50 ට සුභපැතුම්(දැන් නම් 200 ත් ගහලා හැබැයි 😛 )
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
thanks machan.
Thanks Shan! bagena balana hema film ekakatama comment ekak dana eka mage sirithak. oyalata me tharam mahansi wela subs denna puluwan nam apitath puluwan wenna onane eka agayanna, appriciate karanna. thawa bagaththa film godak thitenawa, oyageth. site ekatath oyala wage eka eliya karana hema denatamath thuthi! me tharam parana wedawalata api dana comments diha balanna welawakawath thiyenawada kiyalai mata seka!
niiyama filuma.upasirasiyata bohoma sthuthi sahoo…
tnx bro….
නියමයි සහෝ
mamath sub eka gaththa. dan balanna yanne. thanks hamotama
fatta sub
Wish to fifty …..thkns for sub….
කාලෙකට පස්සේ දෙවෙනි පාරට ආයෙත් බලන්න හිතුනා එතකොට දැක්කේ coment 299යි ඔන්න මගෙන් 300
ස්තුතියි සහෝ….. Thumbsup
thankx for subtitle …
thanks bro
thanks…………………..!
thanks
mage ammoooo meka 20000k kattiya balane
Thanks machan
Thanks !
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
Thanks a lot
thanks saho BR rip ekata
congratz bro .. keep it up
fattai macho.. Thanx wewa..
tnx mcn mama godak asa film 1k.
thankzzzz
thanks
thanks macho..
බොහොම ස්තුතියි
ela machn. thanx godak,
Hail Hydra
film eka nam niyamai aiyye
Ela machan…thanx..!
Appreciate your working guys!!! Good Luck!!!
thank u bro ,keep it up
Congrats bro. KICK 2014 sub ekat damu neda.elaz
aiya sub akata godak….. thankz hoda. oyata suba anagathayak bro..
Thankz bro…
niyamayi shoooo niyamayi
max bro.keep it up.we are with u
මගේ හොදම විනෝදාංශය තමා අලුත් ඉංග්‍රීසි චිත්‍රපට බලන එක…. ඒක මං පුරුදු වුනේ බයිස්කෝප් එකෙන්…. හැමෝටම ගොඩක් ස්තුතියි.. බයිස්කෝප් ඇප් එක පෝන් එකේ වැඩ නැහැ. අනික පෝන් එකෙන් සිංහල විස්තරය පේන්නේ නැහැ. පුලුවන් නම් ඒ ගැනත් බලන්න. ඔන්න මමත් බානවා.. තැන්කූ වේවා හැමෝටම…
බොහොම ස්තුතියි සහෝ අදහසට
මං දන්නා හැටියට ඇප් එකේ අවුල හැදුව සහෝ
ආයේ ද්ව්න්ලෝඩ් කරගෙන බලන්නකෝ ටිකක්
ඒත් අවුල්නම් ආයේ කමෙන්ට් එකක් දාන්න 🙂
supiri aahh. niyamai. hemadama mewwa genna ona. jaya wewa!
ඔන්න විමෝ අද තමයි බැලුවේ!
සබ් එකත් උඹ ලෙසටම කරලා ති්යෙනවා!
ජය වේවා!
Ela ela Bro.. Thz.. 50ta Suba Pathum…
elakiri aiya.. thanx a lot hoda copy ekak ekkama dunnata sinhala subz
sub ekata thanx sahooo
thanks
නියමයි සහෝ 50ta සුබ පැතුම්. අද තමයි මේක බාන්නේ. සහ බලන්නේ.
thanx machan !!
supiri film ekak..
thank you……………..!
supiri film ekak..
thank you……………..!
කොහොමද මචන් මට මේකට කමෙන්ට් එකක් දාන්න මග හැරුනේ…විශේෂයෙන් උඹ 50 වෙනි සබ් එක වෙනුවෙන්.මට හිතාගන්න බෑ බං.මම මේ අද ආවේ, මේකට දාන දෙවැනි කමෙන්ට් එක කියලා හිතාගෙන.ඒත් කියන්න ලැජ්ජයි දෙපාරක්ම උඩ පහල ගියත් මම දාපු කමෙන්ට් එක හොයාගන්න බැරි උනා බං…හැබැයි මතක විදියට මම මේකේ කමෙන්ට් කරා.
කොහොම උනත් ඉතින්…උඹ 50 ගැහුවත් නැතත්, මම ඒකට සුබ පැතුවත් නැතත්, මගේ මේ හිත ඇතුලේ මට හමුවුන හොඳ යාලුවෙක් විදියට උඹ හැමදාම ජීවත් වෙනවා කොල්ලෝ…සමහර විට එදා අහම්බෙන් උඹව ට්‍රේන් එකේදී දකින්න ඇත්තේ, අපේ යාළුකම තවත් වැඩි වෙන්න ඇති.ඒ දකින්නත් කලින් ඉඳලා තිබුන යාළුකම හැමදාම තියනවා මචන්.
කොහොම උනත් උඹේ ඩේටා වලින් ෆිල්ම් එක ගත්තට මගේ ඩේටා වලින් ඔන්න උඹේ සබ් එක ගන්නවා.
ජයවේවා මචන්….උඹේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා..!!!!!!!
හෑ
උබ කවුද
මට උබව මතක නැහැනේ o.O
එහෙම කියන්නත් හිතෙනවා
මොන පිස්සුද බන්
එකේ කිසි අවුලක් නැහැ
සිරා සිරා
උබත් මගේ බොක්කේ ෆිට් එකක් තමා
එකනේ මෙච්චර වද දෙන්නේ
අපරාදේ එදා මම ඒ ට්‍රේන් එකේ ගියේ 😛
ඉතිං සහොදරයා කොහොමද ? 50 කඩඉමක් පසුකරනවා නේද?
අපට බොහෝම සන්තෝෂයි. ඔබ අප වෙනුවෙන් කරන කැපවීම. ලිපියකින් මෙවන් විස්තර ලීවත්, නොලීවත් මන් දන්නවා උප සිරිසියක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියල.
ඔබ විසින් සබ් දීපු Now You See Me පටය මා නැරඹුවා ඉතා හොද උප සිරසියක්.
ඔබට ජය හා සතුට……!
ela 50 nm 500000 krana hake wewa dan download kare sho
තැන්ක්ස් මචං
සුබම සුබ පැතුම් ස්තුතියි 🙂
lokka sub ekata bohoma ස්තුතියි!!!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
good luck & tanx a lot for sub !
ස්තුතියි 🙂
niyama wedakkk
thanks..
බොහොම ස්තුතියි!!!!
මේක දෙනකම් හිටියෙ. බොහොම ස්තූතියි!
Marvels.Agents.of.S.H.I.E.L.D aka Season 02 aka tama nadda
සැප්තැම්බර් වල ඒවි සහෝ
thx machan………………… BR eka enakan tama balan hityeeeeeeeeee
Thank you…
Onna mn balan hitiye Br copy ekak enakanma tama….
bohoma stuti saho…
wedi wediyen sub danna diriya sawiya lebewa……..
thanks mate sub ekata.bt sub eka peyak wage yanakota awul yanawa.ganata set wenne ne
Niyamay….Thanx bro….Good Luck…………
Sub Update karata thanks machan.
කෝ DVDrip එකේ ටයිම් අවුල තාම හදලා නෑනෙ.
ස්තුතියි සහෝ බ්ලුරේ එකට ඉක්මනින්ම අප්ඩේට් කලාට.
congratzzz.thank u.
Brrip sub eke awlak thiyenawa. 55min wala wage idan
ඔව් සහෝ සමාවෙන්න දැන් මේ ඒක හදන ගමන්
Ela machn Thanx sub ekata
Adeee… eka thappareta bluray karala… sthuthiyi saho………
බොහොම ස්තුතියි …………………………
txz br update
thanks machan… dvd rip ekata genawata… 50 ta mage suba pathum
jaya wewaaaa tnx tnx
ela
niyamai sahoo hoda kopiyak enakan balagenna hiya dan anewa ballana polowan thnx saho..
එල කිරි මචන් තවත් මේ වගේ හොද ෆිල්ම් වලට සබ් දාන්න…… පුලුවන්නම් ආර්නොල්ඩ්, ස්ටැලෝන්ලගේ පරන ෆිල්ම් වලට සබ් දාන්න සුභ පැතුම්…………
mekath hd cam ekak ne.
wikrada ban dvd rip 😛 man gatta txz
txz dvd rip
mochooo The.Strain tv. Sinhala Subtitle deyannko?
malli DVDrip.Xvid Copy eka awa eka upload karanna..
අම්මෝ විමෝ.. සුභ පතන්න කලින් දහස් වාරයක් සමාව ඉල්ලන්න ඕනෙ. ඔන්න බලපන්කො වැඩේ කියන්නෙ මාස 2කට විතර පස්සෙ පෝස්ට් එක දැක්කෙ. මේ දවස් වල ෆේස් බුකිය පැත්තෙ වැඩිය එන්න වෙන්නෙ නෑ. අද අහම්බෙන් වගේ දැක්කෙ. මොනා උනත් උපසිරැසි 50ක් දානව කියන එක ලේසි පහසු කාරියක් නෙවෙයි කියන එක මම හොඳටම දන්නව. නොකඩවාම මේ ගමන දිගටම යන්න හදවතින්ම සුභ පතනවා. ජය වේවා.!!! (කොල්ලට මාව මතකද දන්නෑ.. 😉 ..
උබව අමතක වෙන්න අපිට
ආයේ පික්සුවක් ඇතැයි
පරක්කු උනාට කමක් නැහැ බන්. තත්ත්වේ දන්නවා නොවැ
බොහොම ස්තුතියි ඈ 😀
Thanks Bro..
BEST OF LUCK…..:)
congratulation bro…. Kawadda meke original eka enne? eka enakal ewasum ne….
marvel eke elektra film eke sub thama naaneeeee?????????????
macho ikmanata BR rip eka dipankoooooooooooooooooooo…………
තවම br නැහැ මචෝ 🙁
meke Original cophyak thawama naddo…?
නියමයි 50 සිට 100 දිගාසිරි
singlish walin type karala me box ekata paste karama symbols wagayak watenne eka nisai sinhalen type nokale..sorry ban.puluwan nma kiyanna singlish walin type krala meke comment box ekata paste karanne kohomada kiyala..
මම පාවිච්චි කරන්නේ ගුගල් ටුල් එක සහෝ
බොහොම ස්තුතියි සුබපතුවට 🙂
subha pAthum machan 50 weni upasirasi walata.ikmaninma 100 yata yanna labewaa kiyala pathanawa..
50 වෙනි උපසිරැසියට මගෙන් සුබපැතුම් …..
aneeee mochooo ikmanata hoda copy ekak dipankooooo……………………………
බොහොම ස්තූතියි මචන්.උබල හින්ද තේරුමක් ඇතිව අපි ෆිල්ම් බලනවා.
Thank youuuuuuuuuu බොහෝම ස්තූතියි………………ඉක්මනටම 100 ගහන්න හැකි වේවා………not soon you must make 100th subtitle 4 us.
කොමෙන්ටුව නම් හොඳටම ප්‍රමාදයි බං!
උඹගේ ඔය රත්තරං අත් දෙකට පිං සිද්ධ වෙනවා බං.
උඹ අපි නිසා කොච්චර නිදි මරන්න ඇත්ද… නිදි මරාගෙන උපසිරසි කරද්දී කී සැරයක් දන්නෙම නැතුව ඇස් දෙක පියවෙන්න ඇත්ද… ඇඟිලි තුඩු රිදෙනකම් යතුරු පුවරුව අතගාන්නත් ඇති. ඒ වෙනුවට මට, උඹට දෙන්න පුළුවන් ඉහලම දේ
මේ කොමෙන්ටුව විතරයි.
උඹට ජයෙන් ජයම වෙන්න ඕන!
100 වෙනි කඩ ඉමට එනකන් අපි බලන් ඉන්නවා විමෝ!
Idala indala berima tena down karan balanawa mchn…
anyway thnx for sub…
kawadda macho meke BRrip ekak denne ?
Thank you very much
Unusum Suba Pethuman akkama Bohoma pin sub akata………
Mchn film ekanam pattama supiri..ela macho gd luck..100t khmahari gahamu
ane yako pasindu..ohoma hari cam ekak hari dipu eka gana hitapan..liyuma kiyola hitan mnwa karannat..
cam copy epa bn…. api danne nathuwa banawa baala iwara wunata passe thama dakinne…. mb th aparade welawath aparadene bn…. hoonda copy witharak dapn danawanam
උඹට අකුරු ලියන්න විතරද පුලුවන්, කියවන්න බෑද..?
ලිපිය නොකිව්ව නම් ඉතින් ඒකට කරන්න දෙයක් නෑ… ඊලඟ පාර ලිපිය කියවලා හිටහන් ෆිල්ම් එකක් ගන්න කලින් බන්..
එකනේ, sula කියන්න වගේ ලිපිය කියවන්න. කැමතිනම් විතරක් බාගන්න කියලනේ තියෙන්නේ. බලෙන් පෙන්නුවේ නැහැනේ සහෝ.
ඔයා br කොපිය එනකම් ඉවසලා ඉන්න. අපි ඒකටත් උපසිරස දෙනවා. ස්තුතියි!
මං වෙනුවෙන් අදහස් පළකිරීම පිළිබදව sula සහෝ ඔබට ස්තුතියි 🙂
දැන් ඉතින් ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් වල කැම් කොපි නොදී ඉන්න එපා.
ස්තූතියි සහෝ සබ් එකට ..
මගේ සුභ පැඅතුම් …..
Suba pathum machan
thanks sub eka dammata
Supeeeeerrrrrrr aiyaaaaaaaaa…….magen suba pethum
අර්ධ ශතකය වාර්ථා කලා ඒල ඒල ශතකයත් වාර්ථා කිරීමට ෙධරිය ලැෙබ්වා
සුබ අප්තුම් විමා සහෝ…… නියමෙටම නියමයි….. ඔහොමම 100ත් දාමු……නියමයි නියමයි ඔන්න් ගත්තා… ජයවෙවාඅ…බොහොම තුති…..!!!
niyamaiiiiii aiya ankan hitiya hd copyath patta””thaya digatama sub & download link danna….
BEST OF LUCK…..
Camera Copy danna epaa danawanan hoda copy danna
THANKS SAHOO….
BEST OF LUCK…..
mekanam niyamai thanks aiya
50 වන උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම
සිංහල උපසිරසියටත් ගොඩක් පින්
නියමයි සහෝ… පට්ට
hama dama vage mama suba pathanava machan.me loku internet eke podi hari tnak api venuven
niramanaya larapu hamootama.
මේ මාසේ පලමුවෙන්ම බලන්නෙ මේකයි
ෆිල්ම් එක බැලුවා උපරිමයි. ඒත් video quality එක නම් ගොඩක් මදි. ඉදිරියට උපසිරැසි දීමේදී ඒ පිලිබද සැලකිලිමත් වෙන්න!
~ජය!~
niyamai mcn.. thanks..
meke torrent file ekath dapanko ban
තෑන්ක්ස් යාලුවා!!!
අම්මේ සහො උම්මා එකක් දෙන්නද සුබ පැතුම්! සහො ටිකක් පරක්කු උනා කොමින්ට් එකට 50 මදි අයියො 1000ක්වත් ඔන අපිට එනකන් ඇගිලි කැවා මම දැන් ගන්නවා
winter kiyane hemanthayata nemei ban , shitha kaleta
Paaaaaaaaaaaaaaaatttttta film ekak, Ela Ela macho, Unusum subapethum for the half century. 75, 100, 125,….. go on. Digatama yanna. Jaya
Ade mage 1St comment eka ada.
සුභ පැතුම්..!!!
ජය වේවා.. 🙂
tq
Machan mamath ubata suba pathanawa,
film eke me deela thiyana copy ekanam patta chater ane macho hoda ekak apu gaman dapan.
Jayawewa….
congratulations!
ela ela
තෑන්ක්ස් යාලුවා!!!ඉදිරියටත් සබ් දාන්න ශක්තිය ලැබේවා කියලා පතනවා!!!!
suba pathum sahodaraya.
thank you iiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
elz mchooo. 50ta subha pathum!!
ikmanata centuryath gahanda labewa.
Suba Pathum 100 danna labewa
thank macho sub eka dunata hayapu film ekaka
මෙන්න 50ක් දාලා !
නියමයි අයියේ !
ඔයාගෙ එකක් නම් නොබලා බෑ . ඒ වගේම චිත්‍රපටියත් සුපිරි .
ඉක්මනින්ම 100ත් කරන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
සියලු කටයුතු සර්වාප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ජය පතනවා !
😀
sub ekata thanks
need for speed film eka nadda
50ට මගෙන් උණුසුම් සුභපැතුම් මලයා. ස්තුතියි ලිපියේ මාවත් මතක් කරාට.
ගින්දර කොල්ලෝ. එල වැඩක්!!!
ඔන්න උඹට සුබ පතන්න ලේට් වුනාට සොරි ඈ….. උඹ ඉතින් බයිස්කෝප් එකෙන් එන sms එක එහෙම්මම මට ෆෝවර්ඩ් කළා නොවැ. ඒ වෙලාවෙ නෙට් එන්න වෙලාවක් තිබ්බෙ නෑ බං, ඒකයි ලේට් වුනේ. එහෙනම් ඉතින් උඹගෙ 50 වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා ඈ……. ඔහොම්මම 100ත් අරගෙන එමු නේ…… උඹගෙ සබ් එකක් අනිවා අතාරින්නේ නෑ…. Hail Hydra 😀
congrtz bro..!!!
thank you very much….
හදපිරි සුභ පැතුම්
good luck for your fifty .
upasirasa 50t jaya wewa bro……elzzz…..and very very thnx subtitales walta….
neyami saho hoda wedak oyagollo me karnne meka atha arinna apa digatama kargena yanna
oyaa maarai neee kollooooooooooooooooooo ela ela
මුලින්ම හදවතින්ම උණුසුම් සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා විමෝ. අනේ සමාවෙයන් ඊයේම කමෙන්ට් එකක් නොදැම්මට. කට්ටිය කියන්න ඕනා ටික ඔක්කොම මට මුකුත් ඉතුරු නොකරම කියලා තියෙනවා. ඒවා ආපහු කියන්න ඕනා නෑ නොවැ. හැබැයි මට මෙහෙම හිතෙනවා. මම වගේම උඹත් 50 ගැහුවේ මාවල් විශ්වයේ පට්ටම එකකින්. අනික තමා මමත් මගේ 50 න් වැඩි හරිය තෝරගත්තේ ඒ ඒ දවස් වල ජීවිතේ මුහුණ දෙන්න තිබ්බ සිදුවීම් වලට අදාල චිත්‍රපටි. ආපහු හැරිලා බැලුවොත් හොඳට තේරෙනවා ඒ මතකයන්, අත්දැකීම් ගැන. ඉතින් මෙතනින් නොනැවතී ඉස්සරහටත් අපි එක්ක මේ කාලය නාස්ති කිරීම කෙරෙන සොඳුරු කොටි වලිගය අල්ලගෙන ඉක්මනටම ඊලඟ සන්ධිස්ථානයට යාවි කියලා බලාපොරොත්තු වෙනවා. ජීවිතේත් හැම හොඳ සිතුම් පැතුමක්ම ඉටුවේවා. ජය෴෴
දිගු ගමනක් යන්න සුබ් පතනවා!!
මුලින්ම 50 කඩ ඉමට උණුසුම් සුබ පැතුම් මචං. උබලගේ ඔය කරන කැප කිරීම අපතේ ගිහින් නෑ කියල පේනවා නේද මචං තියෙන Comment ටික දැක්කාම. ඉතින් තව තවත් ඉදිරියටත් වැඩි වැඩියෙන් sub දෙන්න ලැබෙවා එල කිරි මචං
Niyamai mama balagena hitiye danakam aniwa bagena balanawa tnx macha..
සුභ පැතුම් මචෝ. දිගු ගමනක් යන්න වාසනාව ලැබෙන්න ඕන.
Niyamai saho digatama sub denna
50වැනි උපසිරැසියට උනුසුම් සුභ පැතුම් මචං….!!!!!
සබට බොහොම ස්තුතියි….!!!! ^_^
thanks brother elakiri thawath mewa karanna jayen jaya
මරු සහෝ ………………… පුලුවන්නම් ඉක්මනට වඩා හොද එකකුත් දීපන්කෝ.. (1080 නම් නියමයි)
50 ta suba pethuma magenuth…
Ikmanta Brrip denda…
issellama VIMA sahota hadawathinma suba pathanawa.api wenuwen thamange time 1ka gema sharamaya waya karala(kisima laba prayojanayak nathuwa) sub klata godak pin saho..!Me wge thawa sub karanna issarahatath shakthiya labewa kiyala pathanawa.ikamanata 100th damu.jayen jayama wewa saho………………………………..
නියමයි කොල්ලො………..
මේ පිම්මෙන් ම 100 ට ත් යමු.
සබට තුති…..
නියමයි සහෝ..දිගටම සබ් දෙමු..දීර්ඝ ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා..
නියමයි 50 ට සුබපැතුම්. තවත් 50 ක් ඉක්මනට අපිට දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අඩෝ කොළ බොක්කෙන්ම සුභ පැතුම් ඈ..
පනහ ගහන්න අවුරුදු දෙකක් විතර ගියපු එකේ සීය මේ අවුරුද්ද අන්තිමේ වගේ දෙන්ට අදහසක් නැතෙයි 😀
මොනවා උනත් පනහට ගෙනත් තියෙන්නෙත් හුඟ දෙනෙක් බලාගෙන හිටපු බයිස්කෝප් එකක්නේ.
එල එල.
ජයවේවා!
50 වැනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභපැතුම්….
ඉක්මනටම 100 ට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….
ජය වේවා…!!!
උණුසුම් සුභපැතුම්
Thanks mcn sub walata… 🙂
matanm kiyanna deyak ithuruwela ne……kiyanna oni serama uda kiyala thiyenne……….habai kauruwath nokiuwa deyak mn kiyannam……..mn me serama comments kiyeuwa………..sirawatama mage ahata kadulu awa……..eheu eke meka karapu,mahansi una uba wage punchi ekekta kohoma thiyeida…….????? ithin e mahansiyata uparima palaya thamai e sathutu kadulu…….ubanam adanna epa…….
“kuddo,ganja karayo,radikal weerayo pirichcha lankawa wage ratakata ubala wage kollo sampathak”
jaya wewa malli………………!!!!!!!
බොහොම ස්තුත්යි සහෝ අපිව මේ වගේ එල කිරි උපසිරසි 50 ක් දුන්නට…..තවත් වැඩේ එලට කරගෙන යන්න කියල සුභ පතනවා…..එල…බුදු සරණයි…..
jaya wewa.100 weni film ekatath sub danna sakthiya lebeva.
බොහොම ඉස්කෝතුය් වස්තුවේ..ආඩම්බරය් :* මචෝ
x men days of future past එකේ dvdscrකොපියකට හරි උපසිරසි දෙන්නකෝ
Marvel ලගෙ Fantastic 4 Film දෙකටයි The Hulk (2003) Film එකටයි සබ් දෙන්නකෝ
නියමයි අය්යා
tnx kollaa..
උඹලා ඔක්කෝටම ජයවේවා !
ඔන්න අපේ කතන්දර කොල්ලගේ 50 වෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම්.
පවුලේ හැමෝගෙම අනාගතය සාර්ථක වෙන්නත් අර සබ් කරනකං බලන් ඉඳ උදවු කරපු කෙනත් එක්ක සෑහෙන්න ප්‍රීතිමත් කාලයක් ගත කරන්නත් ඔන්න මගෙන් තවත් සුභ පැතුම්.
වෙලාව තියෙන විදිහට ඉස්සරහටත් සබ් දීල 100 කප් එකත් ඉක්මනට ගහන්න බලපං පුතේ.
හොඳ කොපියක් ආපුවම සබ අප්ඩේට් කරන්න ඕනි හොඳේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………….ම ස්තූතියි…!
50 ට සුභ පැතුම් ! ජය වේවා ! 😀
Thanks machan………. 50ta 100k karanna puluwan wewaaaaaaaa 🙂
Thanks Shan…. 50ta Suba Pathum……………… Jayen Jaya…………..
හද පිරි සුබ පැතුම් සහෝ……….!
CONGRATULATIONS BRO…
thanks..
Great work macho……….
ela ela saho congratulation 50
tawath idiriyata sub denna shaktiya lebewa
jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
macho thx aaa.
හදපිරි සුභ පැතුම් 50 ට ………………………..
ela ela mama meka nobala hitiye sub anakam. thakzzzzzz ikmanata 100th gahala man of the mach wenna………….. 🙂 🙂 🙂
බොහෝම ස්තුතියි විමෝ. ඒ වගේම 50 වෙනි උපසිරස වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම්. ජයෙන් ජයම වේවා! 😀 😀 😀 😀
සුපිරි මචන් ….50 ගැහුවේ එසේ මෙසේ එහෙකින් නෙවෙයි…ගොඩක් දුර යන්න ලැබේවා……….
ubala me karana wade ratatama adarshayak bn ela ela baiscopelk akata jayen jaya
සියවෙනි උපසිරැසිගැන්වීමට උණුසුම් සුබපැතුම් සහෝ….ඔහොම යං සහෝ…..තව තව සබ්දෙමු…….ජය වේවා….
එල මචං …උණුසුම් සුබ පැතුම් ,,,, 100 ට යන්න ඉක්මනට හැකි වේවා !!
අපි වෙනුවෙන් කාලය වැය කරාට අනේක වාරයක් පිං..
මේකේ හොද කොපියක් එනකම් ඉන්නවා …
සබට ගොඩක් ස්තුතියි .. :p 😀
වාව්.
නියමෙටම නියමයි.
කොල්ලා එහෙනම් කිව්වා වගේම සබ් එක දීලා.
ඒකත් දීලා තියෙන්නේ එසේ මෙසේ එකක් නෙවේ නේ .
50ට දීලා තියෙන්නේ සුපිරිම භාණ්ඩයක් නේ.
සබ් එකට ගොඩ ගොඩක් ස්තූතියි.
ඒ වගේම 50 වෙනි උපසිරැසි නිපැයුමට හෘදයාංගමය
උණුසුම් සුභ පැතුම්.
සිනමා, රූපවාහිනි කතාමාලා රසික රසිකාවියන්ට තමන් ගේ වටිනා
කාලය, ශ්ර්මය, ධනය වැය කරමින් මෙපමන කල් අප වෙනුවෙන්
කල මේ සත් කාර්යය තවත් බොහෝ කාලයක් කරගෙන යාමට
හැකියාව ලැබේවා!
ඒ වගේම 50 දුන්නා වගේම ඉතා ඉක්මනින් 100ත් දෙන්න ලැබේවා!
ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
ජයෙන් ජයම වේවා!!
Hail Hydra… !! 😛 මොකක්ද ඒ කැත කතාව.
ඒකා මැරෙන්නේ එහෙම කියාගෙන උනාට එහෙම කියන්න එපා
මොනිහෝ. මට ඇඩෙනවා………….. 😀
නියම් සහෝ සුභපැතුම්……….. දිගටම කරගෙන යමු. ඉක්මනටම 100ය ගහමු එකෙන්ම අපි ඔයාලත් එක්කයි ඔබ සැමට තුති……………………..
50ta Subha Petum.. Api Wenuwen Mahansi Wela Sub Hadanawata Thank You ..
niyamai saho… 50ta unusum suba pethum.
shaktiya dahiriya digatama tiya ganna…
jaya wewa
ජයවේවා ! 50 ක් ! තවත් 50 ක් ! 500ක් වත් දානකම් නවත්වන්න එපා !
suppppppppppppppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
tanx bro
ela ela .ohoma yan
thankxxxx
උණුසුම් සුභ පැතුම්…….
මගේ උනුසුම් සුබ පැතුම් 50 වෙනි උපසිරස ගැන්වීමට. තවත් බෝහෝ කාලයක් අප වෙනුවෙන් උපසිරස ලබාදිමට හැකීවේවා……………
පට්ට සහෝ.ඔන්න 50 වෙනි එකත් බෑවා.දිගටම හදපන්.නැත්තන් අපි පව්.:)
suba pathum machan 50th subtitles ekata.thawa thawath upasirasi kirimata sakthiya lebewa.
මගෙන් උසුසුම් සුබ පැතුම්
එල කොල්ලො එල ඉක්මනටම ශතකයත් ….. ගහමු..
niyamai niyamai ohoma yamoo kohoma hari 100 gahamu ela kiriiiii…. 😉
Patta patta
ela, hoda copyak enakam ennam. jayaweva
Suba Pathum “Vima” 50 Upasitasiyata !!!
Ara Kiwwa Suvisheshi De Meka Kiyalanam Mama Hithuwe Na……
Upasirasi 100, 150, 200, 250, 300, 350, 400, 450, 500, …………… 1 000, ………………… 2 000, ………………………..5 000, …………………………………10 000 Dakwa Yamata Sahakthiya, Drairya, Unanduwa, Labewa Kiyala Mama Prarthana Karanwa…..
50ta Niyama Movie 1k Dunna Eknam Maru…
Me Supiri Filuma Balanna Ithin BrRip Enakamma Innwa Hode….
Danata Sub Eka Gannawa…..
BrRip Walata Sub Eka Update Karaida Kiyalnm Sakai Ithin….. 😛
Subata Thuthi…….
Jaya Wewa !!! 🙂 😛
niyamai saho, 50 hoda sub 1k dila tiyenawa. thanx
50 ට සුභ පැතුම් සහෝ..
!!.. ජය වේවා ..!!
විමා…සහෝ උපසිරැසි දුන්නු ෆිල්ම් ඔක්කොම වගේ මම බලලා ඇති. ඉක්මනට 100ක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 50 වෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම් !
thanks machooooooooooooooooooooooo………………….
thanks.tawa aluth film akak ikmantama denna apita..
උණුසුම් සුභ පැතුම් මචන් දිගටම මේ කර්තව්‍ය කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ
!!! සුබම සුබ පැතුම්
subapatum……thanks ehenam kiyanna tyena dewal hamoa kiyalane…matat kiyana tyenne meke 50 gahuwa wagema anith dewal walinuth idiriyatam yanna lebewa kiyala……..
elakiri machan
අම්මෝ බොල කොළුවෝ, උඹට කියන්ට මේ දීලා තියෙන බයිස්කෝප්පුව දැක්කහම ගිනිගහන කාන්තාරේ උනත් මගේ ඇඟ සීතල වෙලා ගියා…. සුපිරියක් නොවැ මෙදා පාර දීලා තියෙන්නේ…. අර්ධ සතකෙට උණු කැවුම් වගේ සුබ පැතුම් මගෙන්…
ඒත් ඕන් හොඳ කොපියක් එනකල් මම නම් බලන් ඉන්නවා බොලව්…
උඹලට අයියනායක දෙයියන්ගේ පිහිටයි… ඕං මං ගියා….
thank you bro grate work
50 වෑනි උපසිරෑසියට සුබ පතුම්.
😛 😛 😛 50ට උණුසුම් සුභ පැතුම් විමා 😛 😛 😛
ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😀 ජය
මෙන්න අපෙන් සුබ පැතුම්. ඉක්මනට 100ක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
thanks bro….many more to come………weldone
තවත් මේ වගේ යෝධ පිම්මක් පනින්නට ශක්තිය පතනවා. ජය වේවා…!!!
එල සහෝ…සහෝ උපසිරැසි දුන්නු ෆිල්ම් ඔක්කොම වගේ මම බලලා ඇති. ඉදිරියටත් සුභ පතනවා. බොහොම ස්තුතියි
50 වෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම් !
ජයවේවා !
Congrats shan! ^_^
Thanks
godak welawata film baluwata.ewata mahansi una aya gana danan hitiye ne.” vima”ge 50 ta hada piri suba pathum ekathu karana athare.anek yatath suba pathanawa. awankawama..mokada oyalage vivekaya wena aya wenuwen wayakalata.vimage vistharen thamai danagaththe site eke dala karayo kauda kiyala.puluwaninam e ayage vistharayak athi link ekak site ekata ekathu karanna.ethakota samahara podi podi adu padu ethanata gihin penala dela eyalage sub supiri thanakata genna puluwani..kollo set ekatama jaya!!!!.
Congratulation Go Head Nice Work…………..
50 වෑනි උපසිරෑසියට සුබ පතුම්.
ඔබට ජය.
මචන් මේක කැ මරා කොපියක්නේ මේවා දාන්න එපා බං . Original විතරක් දාපන් ..
my congratulation bro ohoma digatama yamu
elazzzz bnnnnn……………….
mata hithunaaa anivaa ubama thamai mekata denava aththee kiyalaaa……
api venuven kalaya kapakarala me karana vadeta godak pin macahnn…
ubata me sub ekak karanna yana velave thava kochchara vadanam karanna thibunadaa…
e okkoma kapa karalanee uba api venuven upasirasi karanneee..
digatama me vade karan palayan machannn…
ikmanata 100 th gahamuuu…50 ta unusum subapathum macahnn….
thavath sub karanna vadi vadiyen kalaya labevaaa….
danma nam meka balanne naaa bnnnn
hodak copyak enakam innavaaaa……50 ta ayemath subapathuma macahnnn…
ehenam hama sub ekatama vagee mekatath thanks machannn….
පට්ට මචන් දිගටම සබ් දෙන්න.
patta saho…mekanam supirima eka thamaaa……hithuwata wada ikmanata meka baiskope eken dunnata oyata thax
මම දැන ගත්තා බුකියේ මේ දවස් ටිකේ සද්ද දානකොට
වැඩේ මේක තමා කියලා ,ඔන්න මගෙත් හදපිරි සුබ පැතුම් විමෝ..!
50 ,100,150,200,… තව තවත් උපසිරසි නිර්මාණයට අවැසි ශක්තිය ධෛර්ය
ලැබෙන්න කියලා පතනවා,සුබ සුබ පැතුම්.
ෆිලුම අරන් තියෙන්නේ ඔන්න සබ ගත්තා .ජය..!
Ela Elaaz….
Congrats bro… Thanks for the sub 🙂
කොයි දේසේ හිටියත් විමාට සුභ පතන්න නැතුව නිදා ගන්න හිත දුන්නේම නැහැ! මං පල්ලා!!
ඔන්න විමෝ උඹ මෙතෙක් දිපු 50 ඇතුලේ අඩුම තරමේ 40ක් වත් මම බලලා ඇති.. ඉතිං එහෙව් එකේ කෙහොම හරි උඹට සුභ කියලා නිදා ගත්තේ නැත්නම් අඩු ගානේ හීනේන් හරි බය වෙනවා !
ඉති කොලුවෝ මෙවගේ සුභ මෙහොතක.. ඇත්තමයි කියන්න වචන එන්නෙත් නැහැ..
මේ වගේ අඟනා උපසිරසි අපි වෙනුවෙන් කලා වගේම තව තවත් ඉදිරියටම අපිත් එක්ක රැදිලා අපි වෙනුවෙන් මේ කර්තව්‍ය කරන්න උඹේ අතපය හතර තව තවත් සවි ශක්තිමත් වේවා කියලා පතන ගමන්ම උඹ වැනි රුවන් කදක් මෙලෝවට බිහි කරපු නුඹේ රත්තරන් අම්මයි තාත්තාටයි මම පින් දෙනවා. නිහඬව අපි වැනි උපසිරැසි පිපාසිතයන් වෙනුවෙන් කරන සද්කාර්යයට..!
කවදත් උඹට වරදින්නේ නැහැ මෙතනින් එහාට !!
එහෙනම් 100 ගාන්න කලින් 51න් නැවත හමුවෙමු විමෝ!
ජය වේවා! ජය වේවා!! ජය වේවා!!!
Ela bro best of luck for the 50
GO A HEAD
එල කිරි.ඔහොම 100 ම ගහන්න පුලුවන් වෙන්න කියල මම පතනව… මම මෙක දෙන කන් බලන් හිටියෙ.හොද කොපියක් එනකන්ම ඉන්නව…
ශාන් සහෝට මගෙන් උසුසුම් සුබ පැතුම්, හිමින් උනත් බොහොම අර්ථවත් චිත්‍රපට අපට සමීප කරමින් මේ ආපු ගමන තවත් දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවායි මා එක සිතින් පතමි, ජයවේවා.
Congrats Bro, Ohommama 100th gahamu…
නියමයි යාලුවා….
සුපිරිම ෆිල්ම් එකකින්නේ 50 ගහන්නේ…
ඉක්මනටම 100 ට යන්න….
අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට බොහොමත්ම ස්තුතියි සහෝ.
දිගටම වැඩේ කරගෙන යන්න.
ජයෙන් ජය බට.
පහුගිය ටිකේම මේකා නම් 50 දෙනකොට අපි මරුන තැන්වල ගසුත් පැලවෙලා තියෙයි කියලා මඩ ගහ ගහා නෙව අපි හිටියේ, කොහොම හරි ඔන්න විමා එහෙනම් 50 වැනි උපසිරැසත් කළා, බොහොම සතුටුයි වගේම, මේ 50 දුන්නා වගේ 500ක් දෙන්න සුභ පතනවා එක සිතින්ම, ඒ වගේම අර පැය ගණන් මේකා උපසිරැස කරලා එනකම් බලාගෙන ඉන්න කෙනාටත් ස්තුතියිවන්ත වෙනවා. 😉 මේ කළා වාගේ තවත් දිග දුරක් යන්නත්, ජිවිතයේ සියලුම බලාපොරොත්තු සඵල වෙලා, අර අඩි දෙකේ සීමාව නැති වෙලා යන්න හදවතින්ම සුභ පතනවා, ජය මචෝ…!!!
Supiri macho
5o suba phathanawa
ikmanata 100 gahamu
spiri film ekakne dila thiyene
Wiat for Br rip
බොහොම ස්තුතියි මචෝ ! ඔබට ජය……………..
congratz
ela machan 50ta unusum suba pathum 100 venei ekath ikamanta gahapu meka dila thiyena hindama banava hoda ekak avama ekath banava moakak baluvath ekama kathavane
wish u all da best machan keep going……………..
Ela Thanx sub walata
Loweth ne macho
Ela ela
Congratulations
යකඩෝ… අපේ විමා කොලුවත් 50 ගහලා නොවැ… බොහොම සතුටුයි.. බොහෝ…..ම සතුටුයි. ඒ වගේම මම උඹට මුළු හදවතින්ම සුභ පතනවා.. උඹ වෙන්නැති මේ උපසිරැසි කණ්ඩායමේ ඉන්න පොඩිම එකා (අපි හැමෝම මාමලා බාප්පලානේ.. :p )
50 තෝරගත්ත චිත්‍රපටියනම් සුපිරි පහරක්. හැබැයි මමනම් මේකෙ හොඳ කොපියක් එනකල් ඉන්නවා බාගන්න. උඹ උපසිරැසි ගන්වපු චිත්‍රපටි වලින් වැඩිපුරම බාගත්ත සහ වැඩිපුරම අදහස් දක්වපු චිත්‍රපටිය මේක වේවි.. ඉතින් කොලුවෝ.. ඉක්මනටම උපසිරැසි 100 කණ්ඩායමටත් එකතු වෙන්න වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි හැමෝම වෙනුවෙන් වෙන් කරපු උඹේ වටිනා කාලයට බොහොම ස්තූතියි. (එක අතකට රස්තියාදු ගගහ ඉන්නවට වැඩිය මෙහෙම ප්‍රයෝජනවත් වැඩකට කාලය වෙන් කරපු එක ගොඩක් හොඳයි. උඹටත් ඒ ගැන සතුටු ඇති… 🙂 ) එහෙනම් කොලුවෝ..ජයවේවා!!!
ජය වේවා කොල්ලෝ !!! තව තවත් උපසිරසි කරන්න ලැබේවා. එකම එක දවසක් කතා කරලා තිබුනට තාම හැබැහින් නොදැක්කට බුකියේ නම් උඹලා අපි එක පවුලේ සහෝදරයෝ වගේ. ඕනෙම දේකට ඉන්න උඹලා වගේ කොල්ලෝ සෙට් එකක් එක්ක සෙට් වෙන්න ලැබුන එකට ගොඩක් සතුටුයි. ඒ වගේම හැමෝටම කියනවා වගේ හැමෝටම වෙනවා වගේ මේ විනෝදාංශය තව තවත් ඇබ්බැහි වේවා කියලා පතනවා !!! ඒ වගේම තාම ඉගෙන වයසේ ඉඳන් මේ වගේ තවත් කෙනෙක්ගේ හිත සුව පිණිස තමන්ගේ කාලය මිඩංගු කරන උඹලා වගේ කොල්ලන්ට ජය නියතයි !!! ඒ වගේම කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා!!
විමෝ, මේ ටිකම නොකිව්වට මගේ හිතෙත් තිබ්බා හොඳේ…
හැමදාම වගේ වචන ගලපගන්න බැරි උනා..
මගේ උඩ කමෙන්ට් එකට මේ ටිකත් දාගෙන කියවපන්..
බලමුකෝ ඒකෙත් හැටි. මෙන්න මේ ටිකම තමයි මාත් කියන්න ගියෙ. කොහෙද මාම ඉස්සර වුනානේ
එකම බෝට්ටුවේ ඉන්න මාමලා පුතාලා නොව ඉතින් :p
Hadawathinma subapathanawa sahoo
Thanq Subs Walata,
Eth Original enakam iwasanawa…
මටත් බෝම සතුටුයි
මචන් අනික් 50 ගහපු අයගෙ වගෙම උබෙත්
සබ් 50ටම මන් කමෙන්ට් කරලා තියෙ
මන් උබ දීපුවගෙන් වැඩියෙන්ම කැමති
Frozen එකට
අර උබ කියපු සෙට් එක ඔක්කොටම අපිත්
ස්තුති කරන්න ඔනි ම්ම්ම්ම්…
ඒවගෙම හෙමින් සීරුවෙ 100 කඩයිමටත්
ලංවේවා කියලා හදවතින්ම
ප්‍රාර්ථනා කරනවා
මේකත් ඉතින් අනිවා බලනවා
හැබැයි මමනම් බලන්නෙ
හොද කොපිය ආවාම
සබට තුති
ඔබට ජය………
cngrt machan..
ela ela
diunuwen diunuwata path wewa!!!!!
suba anagathayak !!!!!!
congrtz bro….!!!!
ඉක්මනට 100 වාර්තා කරමු….
50 වන උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම්!
niyami sahooo me movie sub dunnata..50 sub ekata unusum suba pathum..jaya wewa…
උණුසුම් සුභ පැතුම් මචන් දිගටම මේ කර්තව්‍ය කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ 🙂
” ඒ සමගම වයසට ගියත් බැන්දේ නැත්තම් කොල්ලා කියලා හිතන් ඉන්න ඕනෑම අයුරක උදව් කරන හිතාදර මිතුරා.. ආසිරි ප්‍රියන්ත මාමා.”
ඉස්තුතියි… මීට වඩා හොඳයි මාව මතක් නොකරම උන්නා නම්..
උඹල වගේ යාළුවො ඉන්නවා නම් හතුරෝ ඕනෙම නැහැ…උඹ හොදටම ඇති..
උඹට අද විශේෂ දවසක් නිසා මීට වඩා කියන්න යන්නේ නැ..
කෝක වෙතත්..
ඔබතුමාගේ 50 ට මගෙනුත් උණුසුම්ම සුභ පැතුම්…
විගහට 75 ත් ගහමු..
මමනම් හොඳ කොපියක් එනකම්ම ඉන්නවා..
ජය වේවා..
ඇත්තටම මචෝ මූ ගැලපෙන්නේ සිනමාවේ දුෂ්ඨයගෙ චරිතයට තමයි…
උපසිරැසියට තුති…….
50වැනි උපසිරසියට සුභ පැතුම්…!!!!!
1000 දක්වා යෑමට හැකියාව ලැබෙන්න ඕනා.ජය වේවා..
congrtz bro….!!!!
ඉක්මනට 100 වාර්තා කරමු….
thank you bro grate work
sub ekata thanks. jaya wewa. nice.work. all.the best. good luck
Thanx bro!! Congrats!! 🙂
ස්තුතියි
fatta baduuuuuuu mah thamy ela kiyannah wachanah naha yako uba nam fatta marvel hero kenek… mata pissu wagey udeh bawa dan sub ekath ekka baluwahaki
winter soliders enakan hitiyeh yakuuuuuuuuu <3 ummah love u machan
උණුසුම් සුභ පැතුම් මචන් දිගටම මේ කර්තව්‍ය කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ
!!! සුබම සුබ පැතුම්
Appata Hudu Vima…50 I NE..KIYALA WADAK NE..OYA DUNNU HAMA MOVIE EKAKMA MAMANAM BALUWA..A EKKAMA SUBA PATHANAWA HAMADAMA HAMOTAMA ME KARANA SEWAYATA..GOOD LUCK VIMA & BAISCOP ALL OF U MY FRIEND..!
patta bn niyamai
niyamai
අනිවා බෑමක් තමා!!! නියමයි නියමයි නියමයී……..එනකල්මයි බලන් හිටියේ! 50 වෙනි උපසිරසියත් දුන්නනේ ? ගුඩ් ලක් සහෝ..දිගු ගමනක් යන්න සුබ් පතනවා!! සබට තෑන්ක්ස් !!
ශාන් ලොක්කත් 50 ගැහුවා එහෙනම් ඈ.. එල එල. මේක දෙනකම් හිටියෙ. බොහොම ස්තූතියි!
බුකියේ සද්දෙ දදා හිටියෙ එහෙනම් මේකට තමයි.
ඒකනේ…මං හිතුවේ එක්ස් මෙන් ෆස්ට් ක්ලාස් එක කියලා.
heeeeee 😛
හදපිරි සුභ පැතුම් 50 ට
100 ක් ඊගාවට
ජයෙන් ජය!
විකියා අයියෙ මටත් උපසිරසක් හදන්න ආසාවක් තියෙනවා.. මං ඔයාලගෙ වෙබ් අඩවියේ Email ලිපිනයට Email එකකුත් දැම්මා.. ඒත් තාම reply එකක් ආවෙ නෑ.. මං කැමති ඉක්මනට විස්තර ටිකක් කියනවා නම්…
ඔන්න අලුත් සාමාජිකයෙක් අපිට. විකියා, පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන. විකියා ටිකක් කාර්යයබහුලයි මල්ලී. ඒකයි. කොහොමත් ඉක්මණින් ම ඔයා ව සම්බන්ධ කරගනීවි.
හොඳයි අයියෙ… මං ගොඩාක් අසාවෙන් ඉන්නවා. හැමදාම උපසිරස බාගෙන යනකොට මටත් උපසිරසයක් හදන්න හිතුනා.. ලංකාවේ හොඳම උපසිරස කණ්ඩායමේ සාමාජිකයෙක්වෙන එක මට ලොක සතුටක්..
උඹේ 50 ට විමෝ මගෙන් මෙන්න උණුසුම් සුභ පැතුම්……. ඉක්මනින්ම 100 ගහන්න ඕන එළ කොල්ලෙක් උඹ….. සුපිරිම ෆිලුමකින් 50 ගැහුවා… උඹයි හැබෑ මාර්වල් වීරයා… එලස්ස්ස්……. මට තේරුණා පුතයා හැරෙද්දීම….. බොහෝම ස්තූතියි එහෙනම්…… ජයම වේවා…… එලස්ස්ස්…………….
අම්මෝ ඇති යන්තන් මේකට මේ උපසිරසි දීලා තියෙන්නේ. මේකට උපසිරසි දෙනකම් ඉවසපු ඉවසිල්ලක්. Agent of SHIELD බැලුවට පස්සේ බොහොම අමාරුවෙන් උන්නේ ශීල්ඩ් එකට වෙච්ච සම්පූර්ණ සිද්ධිය දැනගන්නකම්. කොහොම හරි ඉතින් හැමෝම බලාගෙන හිටිය එකකට තමයි උපසිරසි දීලා තියෙන්නේ.
🙂 🙂 50 උපසිරසියට උණුසුම් සුබ පැතුම්! 🙂 🙂
ඔන්න හාහා පුරා කියල මම මුලින් බැව