Chhorii 2 (2025) Sinhala Subtitles | දියණියක හඹා එන ශාපය!
Chhorii 2 (2025) Sinhala Subtitles

චිත්‍රපටයේ කතාවේ මොකක්ද සිදුවෙන්නේ? රාජ්බීර්ගේ ගමේ සිදු වුණු ඒ බිහිසුණු සිදුවීමෙන් වසර හතක් ගතක් වී තිබුණත්, කවදා හෝ කෙනෙක් ඇවිත් තමන්ගේ දියණිය ඉෂානිට හානියක් කරයි කියා සාක්ෂි තවමත් ඉන්නේ බයෙන්. ඒකකෙතරම් කම්පන සහගත සිදුවීමක්දැයි කිවහොත්, සාක්ෂි හෝ ඔහු සමඟ ජීවත් වීමට පටන් ගත් රාණි දෙදෙනාටම සහනයක් දැනුනේ නැහැ. චිත්‍රපටයේ පළමු කොටසේදී සාක්ෂි සහ රාණි ගමෙන් පැන ගියාට පස්සේ, ඔවුන් කරන්නේ සිදුවුණු දේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්තා කිරීමයි. කාන්තාවන් හමුවූ පොලිස් පරීක්ෂක සමර්, ඔවුන් පවසන දේ සත්‍යද නැද්ද යන්න පරීක්ෂා කිරීමට ඔවුන් සමඟ ගමට එනවා. රාජ්බීර්ගේ සිරුර එතැනින් හමුවෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහුගේ දෙමව්පියන් පවා එම තැනින් අතුරුදන් වෙලා. කාරණයේ බරපතලකම සමර්ට වැටහුණු නිසා, ඔහු ගැබිනි රාණි සහ සාක්ෂිට ඔහුගේ නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටිනවා. කාලයත් සමඟ ඔහු සාක්ෂි සමඟ ඉතා ශක්තිමත් චිත්තවේගීය බැඳීමක් ගොඩනඟා ගන්නවා. සාක්ෂිගේ දියණිය වන ඉෂානි පාසලට ඇතුළත් කරගන්න අවශ්‍ය වුණාම, ඇගේ පියා ලෙස ඔහුගේ නම ඇතුළත් කරන ලෙස පාසල් බලධාරීන්ගෙන් සමර් ඉල්ලනවා. ඉෂානිට යම් ආකාරයක අසාත්මිකතාවක් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ සම සෘජු හිරු එළිය සමඟ ස්පර්ශ වූ වහාම එය පිළිස්සීමට පටන් ගන්නවා. මේ නිසා ඇයට පාසල් යන්න බැරි වෙනවා, අනිත් ළමයි වගේ එළියට ගිහින් සෙල්ලම් කරන්නත් බැරි වෙනවා, නමුත් ඒකෙන් ඇය අධෛර්යමත් වුණේ නැහැ. රාජ්බීර්ගේ සිරුර කිසිදා සොයා නොගත් නිසා, ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව සාක්ෂිට සැමවිටම සැකයෙන් ඉන්නේ.එක දවසක් සාක්ෂිගේ දරුණුතම භීතිය යථාර්තයක් කරමින්, පිරිමින් පිරිසක් ඇය නැති මොහොතක ඔවුන්ගේ නිවෙසට ඇවිත් රාණි සහ ඉෂානිව පැහැර ගන්නවා. වහාම ක්‍රියාත්මක වෙන සමර් පොලිසිය සමඟින් ඉශානිව සොයා යනවා. මේ වෙලාවේ සමර්ගේ උදව්වෙන් ඉශානිව සොයාගන්නට සාක්ෂිට හැකි වෙයිද? ඉශානිට සිදුවන්නේ කුමක්ද? ඉශානි පසුපස හඹා එන අද්භූත බලවේගය කුමක්ද? මේ හැම දෙයක් ගැනම අපි මේ චිත්‍රපටයෙන් බලමු.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Chhorii 2 (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 362 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි ප්‍රබුද්ද කේසර සහෝ මේ ෆිලුමට සිංහල සබ් දුන්නට
Thak you for the sub