Chicago PD [S02 : E22] | සොවින් පිරි හදවත්…. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 13 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Push the Pain Away කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.
21 වන කොටසෙන්…
ගියවර කොටසේදී අපේ පොලිස් කල්ලියට ලැබුනේ නගරයේ කෑම කඩේක වෙන බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂණ කරන්නයි. ඒවගේම එකට හේතුත් ඔහුන් හොයා ගත්තා. කඩේ අයිති කාරයාම තමයි වැඩ කාරයා උනේ. ඒවගේම ඇට්වෝටරුත් ලොකු අවුලක් දාගත්තා අත්අඩංගුවේ හිටිය සැකකරුවෙක්ට බොන්න කොකා කොලා එකක් ගෙනත් දීලා. එකෙන් බර්ජර්ස්ට බුද්ධි අංශයට පත්වීමක් ලැබුනා ඇට්වෝටර් ගේ පරීක්ෂණය ඉවර වෙනකල්. තවමත් ලින්ඩ්සේ ඉන්නේ නාඩියා මියගිය එකට දුක් වේවි. ඒවගේම දැන් ලින්ඩ්සේගේ දුකට පිහිට වෙන්න ලින්ඩ්සේගේ අම්මත් කරලියට ඇවිල්ලා ඉන්නවා.
22 වන කොටසෙන්…
අද කොටස ආරම්භ වෙන්නෙත් ලින්ඩ්සේයි එයාගේ අම්මාගේයි කොටසකින්. මොන තරම් දේවල් මේ වෙනකොට වෙලා තිබුනත් බර්ජර්ස් නම් අද වැඩට එන්නේ ගොඩක් සතුටින්. ඒ මොකද අද බර්ජර්ස් බුද්ධි අංශයට වැඩ කරන පලවෙනි දවස නිසා. අද දවසේ අපේ පොලිස් කණ්ඩායමට හැප්පෙන්න වෙන්නේ අවි ගත් මංකොල්ල කරුවන් කිහිපදෙනෙක් එක්ක. මුලින්ම ඔහුන් සමාගමක හවුල්කරුවන් කිහිප දෙනෙක්ව වෙඩිතබා මරා දමනවා. පසුව නැවතත් මොහුන් ප්‍රාණ ඇපකරුවන් ළග තබාගෙන යම් ඉල්ලීමක් කරනවා. ඉල්ලීම ඉටු කරන්න සාජන්ට් හෑන්ක් වොහිට් ඉදිරිපත් වෙනවා. බලමු මේ කල්ලියට සාජන්ට් හෑන්ක් මොනවගේ වැඩක් දෙයිද කියලා.
එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉක්මනින්ම අවසන් කොටසින් හමුවෙන තුරු… හැමෝටම…
[button link=”https://goo.gl/FgaCRw” type=”icon” “center” newwindow=”yes”] 259 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1848 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජය!
thnx sub ekata