Watch Trailer

City Lights (1931) | නගරයේ ආලෝකය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 26 වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින් ගේ තවත් කතාවක් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 8.6ක් වැනි ඉහල ප්‍රතිශතයක් ලබාගෙන හොඳම 250 හි 39 වන තැන ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා (10) වෙනි නිර්මාණය. අපි කතාව ගැන විමසා බැලුවොත් නගරයට අලුතෙන් ප්‍රතිමාවක්…

City Lights (1931)
ඔන්න යාලුවනේ මම මගේ 26 වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින් ගේ තවත් කතාවක් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 8.6ක් වැනි ඉහල ප්‍රතිශතයක් ලබාගෙන හොඳම 250 හි 39 වන තැන ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා (10) වෙනි නිර්මාණය.

අපි කතාව ගැන විමසා බැලුවොත් නගරයට අලුතෙන් ප්‍රතිමාවක් ලබා දී එය විවෘත කරනවා. එහි මෙයා නිදන් ඉන්න දර්ශනයකින් තමයි මෙය පටන්
ගනු ලබන්නේ. පසුව මෙයා එතනින් එනකොට මල් විකුණන ගැහැණු ළමෙක් මෙයාට මල් ගන්න කියනවා මෙයා මල් අරන් සල්ලි දුන්නත් ඉතුරු ගන්නෙත් නැහැ, ඒ ගැහැණු ළමයාගේ ඇස් පේන්නේ නැහැ, ඉන්පසු යම් කෙනෙක් සියදිවි නසාගන්න හදන විට මොහු එය වලක්වනු ලබනවා, ඉතින් අරපුද්ගලයා මෙයාව ගෙදර එක්කන් යනවා ඔහු ඉතාමත්ම පොහොසත් කෙනෙක්. මෙයා දැන් පොහොසත් කෙනෙක් වගේ අර ගැහැණු ළමයාගේ මල් එහෙම ගන්න යනවා, මෙයා ඒ ගැහැණු ළමයාගේ දෑස් කෙසේ හෝ සනීප කර ගන්න උත්සහ කරනවා, මේ දුප්පත් පුද්ගලයට එය කල හැකිවෙයිද? ඉතාමත්ම සංවේදීව නිපදවා ඇති මෙම කතාව ඔබත් නරබන්න, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙය මගේ දෑසේ කදුලක් වට්ටන්න සමත් වුන බවයි. ඔබගේ අදහස් පහතින් ලියා යන්න අමතක කරන්න එපා.

සැ: යු : ඔබට චාලි චැප්ලින්ගේ අප මෙතෙක් දුන් සියලු චිත්‍රපට ලෙහෙසියෙන් සොයා ගැනීමට (චාලි චැප්ලින්) යන්න සෙවුම් කොටුවේ ලියා හෝ ඒ නම විලේපය (paste) කර සොයන්න.

චාර්ලි චැප්ලින් ගේ සියලුම චිත්‍රපට මම සිංහල උපසිරසි සමග ගෙන එන්න අදහස් කරන් සිටිමි. ඒ ගැන ඔබගේ අදහස් දක්වන්න.

මීට පෙර පළකල ලිපිය…

විශ්ව සිනමාවේ මහා විකටයා… කවුද කියලා කියන්න ඔනේ නෑ නේ… චාලි චැප්ලියන් යනු සිනමාව ගැන කතාකරන විට කතා නොකරම බැරි චරිතයක්නේ… එමෙන්ම බොහෝ දෙනා ඔහු ගැන නොදන්නා පැතිකඩක්ද ඇත… මොහු රංගන ශිල්පියෙක් පමණක්ම නෙමෙයි… මොහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් , නිෂ්පාදකයෙක් , තිරරචකයෙක් , සංගීත අධයක්ෂවරයෙක්… ඉතින් සිනමාව ගැන කතා කරද්දී මේ දැවැන්ත චරිතය ගැන කතා නොකර කොහොමද…? එහෙම බැලුවාම සිංහලෙන් සිනමාව ආමන්ත්‍රණය කරන “බයිස්කොප් සිංහලෙන්” අඩවියෙන් මෙයා ගැන කතා නොකරොත් සිද්ධවෙන අඩුව වහන්න තමා මගේ මේ ලිපිය ඔයගොල්ලො වෙනුවෙන් ලියන්නේ…

ඔන්න එහෙනම් මගේ තුන්වන කලු සුදු එලිදැක්ම… ආහ් ඒ වගේම…. “බයිස්කෝප් සිංහලෙන්” ඉතිහාසයේ පලමුවෙනි “නිහඩ චිත්‍රපටිය” හා චාලි චැප්ලියන්ගේ එලිදැක්ම…

නිහඩ චිත්‍රපටියක් උනාට මේක Imdb ratings 8.6/10 අරගෙන ලොව බිහිවු හොදම චිත්‍රපටි අතරේ 67 වන තැන දිනාගෙන තියනවා..

බොහෝම සරල කතාවක් තමා යොදාගෙන තියෙන්නේ… කතාව කියනවද නැද්ද..අනේ මන්ද එච්චරටම සරලයි.. ට්‍රැම්ප් (චාර්ලි චැප්ලියන්) කියන්නේ සාමාන්‍ය චරිතයක්.. දවසක් මෙයා පාරේ ඇවිදගෙන යනකොට ට්‍රැම්ප්ට ලස්සන කෙල්ලෙක් මල් විකුණන්න හදනවා.. මේ කෙල්ලට ට්‍රැම්ප්ගෙ හිතේ ආදරයක් ඇතිවෙනවා.. ඒත් මේ කෙල්ල අන්ධයි… පස්සේ ට්‍රැම්ප් මේ අන්ධ කෙල්ලව සනිප කරන්න මුදල් හොයන්න යනවා… ඔන්න ඉතින් ට්‍රැම්ප් පිස්සු නටන්න පටන්ගන්නවා… සල්ලි හොයන්න එක එක වැඩ කරනවා…විකට වැඩවලින් පිරිලා…

ඉතින් ට්‍රැම්ප්ට කෙල්ලව සනීප කරගන්න පුලුවන් වෙනවද ? ට්‍රැම්ප්ට මොනාවෙයිද ? මේවට පිලිතුරු ඕනේ නම් ඉතින් ඔයගොල්ලන්ට මේක බාගෙනම බලන්න වෙනවා…

මං හිතන්නේ අපිත් එක්ක එකතුවෙලා ඉන්න අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුවත් නිහඩ චිත්‍රපටියක් බලලා නැතුව ඇති.. ඒ නිසා බාගෙන බලන්න.. වෙනස්ම අත්දැකීමක් වෙයි…
අනික මේක හොද ඇන්ටික් බඩුවක් හොදේ…අනික ඔබ චිත්‍රපටි එකතු කරන්නේක් නම් චාලි චැප්ලියන්ගේ ෆිල්ම් එකක් නොතිබීම ඔබේ චිත්‍රපට එකතුවට අඩුවක් වෙවි…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  මනියා ( මනීෂ කසුන් ගමගේ ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

City Lights (1931) on IMDb

 

 

500 MB කොපිය මෙතනින් බාගන්න c23cfc637c42377a6fb58c1d59104c1e035a11b5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,068 downloadsDownload City.Lights1931.zip10 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

1,068 downloadsDownload Subtitles10 KB

77 comments

  1. Chameera

    MArune ada mama mulinma..... me mokada Me site ekata wela thibbe??? maru maru menna bawa!!

    1. විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

      පැරණි චිත්‍රපට බලන්න මම ගොඩක් ආශා කරනවා. චාලි චැප්ලින් මහා සිනමාකරුවාට කළ මේ ගෞරවයට ඔබට ගොඩක් ස්තුතියි.
      මමත් මෙතුමාගේ සියලුම නිර්මාණ බලල තියෙනවා. ඔහුගේ කතානාද චිත්‍රපටවලටද උපසිරසි යොදන්න. එය ලොකු දෙයක් අප වැනි පැරණි දේ ප්‍රියකරන අයට.

    2. විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

      පැරණි දේ අගය කරන එහි වටිනාකම දන්නා අයෙකු වන ඔබගෙන් මට වටිනා උදව්වක් අවශ්‍යයි.
      මා විසින්ම සිංහල උපසිරසි දැමූ " දොස්ති " (1964) සහ " ඇන් ඊවිනින් ඉන් පැරිස් "(1967) පැරණි ජනප්‍රිය හින්දි චිත්‍රපට දෙක දැනට මා සතුව තිබෙනවා. එය බයිස්කෝප් වෙබ් අඩවියට එකතු කිරීමට සහයක් ලබා දෙන ලෙස කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිනවා.

    3. විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

      " ක්‍රිස්ටෝපර් ලී " රඟපාන 1960 දශකයේ " ඩුැකියුලා " චිත්‍රපට සඳහා සිංහල උපසිරසි දීමට සලකා බලන්න. මේ සියල්ල එකල ඉතා ජනප්‍රිය චිත්‍රපට වුවා. ස්තුතියි!

  2. Chameera

    Torrent eka denne na... poddak balannakoo!!!!

  3. මනියා (මනිෂ කසුන් ගමගේ)

    @ Chameera : එහෙම අවුලක් නෑ....

  4. Chameera

    dan ok sthuthi!!!

  5. අකියා (aKILLER)

    elzzzzzzzzz maru film ekak wage .........thnxxx

  6. අකියා (aKILLER)

    elzzzzzzz maru .charlie chaplin nam itin ahanna deyak ne..

  7. සැම්

    මොකද සයිට් එකට උනේ සහො..හ්ම්ම් දැන් වැඩනේ..එල එල... අද ෆිල්ම් නම් මරු...චාලි සහො ගේ ෆිල්ම් එකක්...නෙ...එල එල ඔන්න බාන්න දැන්මා..ස්තුති

  8. Suvin

    Wow! mama meka balala thiyenawa! hinaa wenna puluwan hodatama! charli chaplinge movies okkoma download karala balanna frenz...! Maxaaaaaaaa!

  9. Rotiya

    අඩෝ පට්ට....මේ චාලි චෑප්ලින්ගේ බයිස්කොප් නිහඩ උනාට හිනා ගිහින් මෑරෙන සිද්දි තියෙන්නෙ...

  10. ‍ෆා ද බ්ලොගී

    බ්ලොග් ලියන්න කියවන්න බැරිව හිටියත් මම හැමදාම අනිවාර්යයෙන් බයිස්කෝප් අඩවියට නම් ඇවිත් යනවා.ඔයාලා කට්ටිය එකතුවෙලා කරන මේ සාමුහික වැඩේට ඉස්සෙල්ලාම මගේ ප්‍රණාමය පුද කරන ගමන්ම තවත් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. බැරිද ඇනිමේෂන්, කාටූන් ජාතියේ ඒවාත් සතියකට තුනක් වත් දාන්න. ඔයාලා ඒ වගේ එකක් කලාතුරකින් නේ දාන්නේ. අනේ ඒ හින්දා අනුකම්පා කරලා ඒ වගේ MOVIES ටිකක් දෙනවනම් ලොකු උදව්වක්!!

    Hats Off to Biscopelk!!

  11. DCD Weerawardhana

    I love charlie's films. Thanx.........

  12. විදුර ඉමේෂ්

    මමනන් මෙහෙම ෆිල්ම් බලලාම නෑ.ඔන්න හොදයි කියන නිසා බානවා. :D

  13. ashan kandy

    patta.. nihada unata kamak na me wage ekakatath sub dantako.. elata thiyei ne... :D

  14. h

    චාලි චැප්ලින් ඒ කාලෙ තිබුණ තාක්ෂණයෙන් උපරිම වැඩ ගත්ත කෙනෙක්. තාක්ෂණය ඔහුට ටූල් එකක් විතරයි. ඔහු එය මත යැපුනෙ නෑ. ඒකය ඔහුගෙ නිර්මාණවලට තාමත් අපට හොඳට හිනා යන්නේ. නියමයි මනියො මේක නම්. තව කීපයක් හොයල තියාගෙන සැරින් සැරේ දාන්න.

  15. ධනුශ්ක

    මාරයි ආ..... මම ආසම කරන විකට නලුවා තමයි චැප්ලින්. මම මෙයාගෙ ‍ෆිල්ම් ගොඩක් බලල තියෙනව. විකට ‍ෆිල්ම් උනාට ඒවයෙ මනුස්සකම ගැන හිතන්න දේවල් හුගක් තියෙනවා. චාලිගෙ ‍ෆිල්ම්ස් නම් පට්ට පතුරු තමයි. හැමෝම බලන්න.

  16. ගිශාන්

    ඊයේ සයිට් එක වැඩ කලේ නෑනේ මොකද දන්නෙ නෑ ඒත් දැන්නම් වැඩ,කොහොම උනත් ෆිල්ම් එකට තැන්කූ, ***කාටහරි කියන්න පුළුවන්ද Ironman2 & Robin hood දෙනවනම් ඒවා දෙන්නේ කවදද කියලා?

  17. Uraj Deemantha

    නිහඩ ෆිල්ම් එකක් බලලම නැහැනේ.... බාලම බලමු....!! :)

  18. මනියා (මනිෂ කසුන් ගමගේ)

    අපෝ ආයේ නම් නෑ.. චාලිගේ ෆිල්ම්.. පේනවනේ ප්‍රතිචාර ප්‍රමාණය.. :D

  19. අමල් පසාද්

    ෙමිකට සිංහල සබි දැම්මනමි නියෙමට තිෙයයි ෙන්?? හික්.. හික්.. මචංස්ලා දැන්නමි අවුලක් නැහැ සයිටි 1. සිංහල සබ් පිටෙකාටුෙව විකනන ඒක නමි මහ පල් වැඩක්..

  20. kathu

    මම ඊයෙ අැවිත් download කර ගත්තා. Comment එකක් දාන්න බැරිවුනා. නිහඩ film එකක් බලලම නෑ.. ස්තුතියි මෙකට..

  21. තර්ඩ් මෑන්

    ෂා.... නියමයි !
    බොහොම ස්තූතියි. මේවගේ ඒව තව ඕන.

  22. prami

    film එක බාල හුගක් දවස්.අදයි බලන්න පුලුවන් වුනේ.හිනාවෙන්ම මිනිස්කම කියන්නේ මෙකයි කියලා දෙන හොද film එකක්. මනීෂ ‍සහෝට ගොඩක් තැන්කු මෙි වගේ බයිස්කෝප් එකක් බලන්න අපට අවස්ථාවක් දුන්නට.තව චාලි මහත්ත‍‍යගේ film දාන්න සහෝ...

  23. amith

    niyama film ekak mchn

  24. dineth silva.

    meeka wada naane puluvannam hadala denna.

  25. හශාන්

    එල.........සුපිරි.........

  26. manjula

    බා ගන්න බෑනේ Stop - there might be a problem with the requested link කියල එනවනෙ

    කියල දෙන්නකො

  27. Harsha Lahiru

    Ela Macho charliege Films Gana nam ithn Ahanna Deyak Na.

  28. naleen

    patta machna

  29. quick

    thanks

  30. amilatk

    jayen jaya!!!!

  31. tharanga

    පට්ට පට්ට

  32. ositha

    niyamama film akak wage balannama one.thanks

  33. ganidu

    තැන්ක්ස් වේවා!

  34. ccnp

    Thanks

  35. එරංග

    එලස් හොදේ, තැන්කු

  36. සමීර කරුණාරත්න

    මෙන්න අදහස් විමසනව... ඒ මොන විකාරයක් ද?
    දෙයියනේ මේ තරම් විශිෂ්ට වැඩක් කරන්න අවසර ගන්න ඕන නැහැ දිමුතු සහෝදරයා.... මේ පට්ට පතුරු සිනමා වේදියාව සිංහලෙන් පතුරු ගසන්න්තට ඔබට දිරිය විරිය හා කාලය ලැබේවායි මම එක හිතින් පතනවා. හිතන්න දෙයක් නැහැ අපි නම් කැමතී ඔයාග් ඒ විශිෂ්ට අදහසට...
    මේකටත් බොහොම පිං...

  37. mihan

    maru maru digatama karamu. jaya wewaaa.

  38. Bandula

    jaya

  39. mudiya / මුදියා

    නියමයි දිමුතු.චාලි චැප්ලින්ගෙ ෆිල්ම් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්.පුදුම ලස්සනක් තියෙන්නෙ ඒවගෙ.ඔක්කොම ටික දෙන්න සහෝ.මාර වටින වැඩක් ඒක නම්.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  40. පියුම් මධුශංඛ

    නියමයි සහෝ......... තෑන්කූ...... :D

  41. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි! ඉදිරියේදී චාලිගේ චිත්‍රපටි ඔක්කොටම සිංහල උපසිරැසි ලැබෙන එකනම් නියමයි මචෝ. මේ වගේ වටිනා පැරණි ෆිල්ම් සිංහල සබ් එක්ක බලන්නට ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් විතරයි. ඔයාට පුළුවන් වෙලාවක Mary Poppins (1964) චිත්‍රපටියටත් සබ් සිංහල දෙනවානම් මා ඉතාමත් කැමතියි! ඔබටත්, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත් ජයෙන් ජයම උදා වේවා!

  42. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එලම තමා දිමුතු මචෝ...චාලිගේ සේරම ඒවා ගේන්න හිතපු එකනම් සිරා..
    මමත් තාම ෆිල්ම් තුනද කොහෙද බලල තියෙන්නේ...
    එලම වැඩක් මචෝ උබ කරන්නේ...
    ඔක්කොම ටික ගේන්න..
    අපි බලනවා...
    ජය වේවා!!!

  43. වරුණ

    දිමුතු සහෝ, චාලි චැප්ලින්ගේ චිත්‍රපටි මමත් බලන්න පටන්ගත්තේ බයිස්කෝප් කණ්ඩායමට පින් සිද්ධ වෙන්නයි. ඇත්තමට ඒවා නියම බයිස්කෝප්... හොදට හිනාවෙන්න පුලුවන් කතා.... ඉතින් සබ් සමඟ මේ රසවත් කතා අපිට ගෙනත් දෙනවට ස්තුතියි මචං.........

  44. නලින්

    නියමයි දිමුතු සහෝ

    මොනවා අහානවද මේ

    ජය වේවා!

  45. “චූටී මල්ලි”

    හා හා ඉතින් ඕක අහන්න දෙයක් යෑ...
    ගේන්න ගේන්න
    සබට තුති
    ඔබට ජය..........

  46. w a thilak

    නියමයි.

  47. බුද්ධිල යසස්

    උඹ තමයි කොල්ලා බන් ....
    එල බන් ගොඩක් එවුන්ට මේවා බලන්න රස වින්දනයක් නෑ...එ කියන්නේ උන්ට ඒවා රසයක් දැනෙන්නේ නෑ...මේ වගේ අමරණිය කථාවක් ගෙනාවට ඔබට බොහෝම ස්තූතියි සහෝ...ජය වේවා!

  48. Indika

    athathata hoda uthsahayak

  49. දිනුක මධුශාන්

    එල එල.. චැප්ලින්ගේ ෆිල්ම් කලෙක්ෂන් එකක්ම හදමු. බොහොම ස්තුතියි දිමුතු සහෝ මේ වගේ පැරණි ලස්සන චිත්‍රපට අපවෙත ගෙනාවට. ජයවේවා!

  50. මල්සරා

    ෂා මේක පට්ට ෆිල්ම් එකක් සුපිරි. සබ් වලට බොහොමත්ම ස්තූතියි!

Load more comments