Watch Trailer

Shadow People (2013) | සෙවනැලි සමඟ සටනට… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝහෝ වේවා, ආදරණිය බයිස්කෝප් හිතවතුන් හා හිතවතියන් සැමටම. වෙනදා ව‍ගේම මේ සුදානම තවත් සිංහල උපසිරැසියක් ගෙන එන්නටයි. මේක මගේ නව වන නිර්මාණයයි. අවසාන වරට මම ලබා දුන් Dark Skies (2013) බයිස්කොප් එක හොද ප්‍රතිචාර ලැබි තිබුනා, අදහාස් වලින් උද්යෝගිමත් කරපු හැම දෙනාටම නැවත වරක් ස්තුතියි. ඉතින් මේ බයිස්ක…

Shadow People (2013)ආයුබෝහෝ වේවා, ආදරණිය බයිස්කෝප් හිතවතුන් හා හිතවතියන් සැමටම. වෙනදා ව‍ගේම මේ සුදානම තවත් සිංහල උපසිරැසියක් ගෙන එන්නටයි. මේක මගේ නව වන නිර්මාණයයි. අවසාන වරට මම ලබා දුන් Dark Skies (2013) බයිස්කොප් එක හොද ප්‍රතිචාර ලැබි තිබුනා, අදහාස් වලින් උද්යෝගිමත් කරපු හැම දෙනාටම නැවත වරක් ස්තුතියි. ඉතින් මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ ආදරණිය සංස්කාරක තුමා වන “විකියා” තමයි. එහෙම කියලා සබ් එක බාර ගත්තට අතර මැදදි නොයෙක් වැඩ රාජකාරි නිසා මේක ඉවර කරගන්න සැහෙන්න පරක්කු උනා.
​
IMDB පිටුවේ 4.9 ක ලකුණු ලබා ගනිමින්, ත්‍රාසජනක ගණයට අයත් වන මෙම බයිස්කෝප් එක මේ අවුරුද්දේ මාර්තු 19 වන දා තිරගත වු චිත්‍රපටියක්. මෙහි අධ්‍යක්ෂණය හා තිර රචනය Matthew Arnold ගෙනි. මෙහි කථාව නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය සිදුවිමක් ඇසුරෙන් කියලත් කියන්න ඕනේ. මෙ සදහා ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වන්නෙ The Grey (2012), 3:10 to Yuma (2007) එවගේම ජනප්‍රිය ටෙලි කථා මාලාවක් වන The Walking Dead හි රංගනයේ යෙදෙන නළු Dallas Roberts විසිනි. ඊට අමතරව තවත් නළු නිළී කැළක්ම මේ චිත්‍රපටය සදහා දායක වි තිබෙනවා.

එහෙනම් තව අටුවා ටිකා ටිප්පනි නැතුව කථාව පැත්තට හැරෙමු. මෙහි කථාව ගලා යන්නේ රේඩියෝ සේවාවක් මෙහෙයවන Charlie Crowe නැමති නිවේදක ශිල්පියෙක් වටායි. ඔහු රසිකයන් අතර ජනප්‍රිය වන්නෙ රාත්‍රි මුරය නම් විකාශය කරන වැඩසටහනක් නිසයි. මේම වැඩසටහනේ මුළදි විශාල රසික පරිසක් නැති සමාන්‍ය වැඩසටහනක් විදිහට තමයි මේය විකාශය වෙන්නේ.වැඩසටහන සදහා ශ්‍රාවකයන්ගේ අත්දැකිම්ද මේ හා ඔහුන්‍ගේ යම් යම් ප්‍රශ්ණ ඉදිරිපත් කිරිම් සිදුවෙනවා. ඔය අතර තුරදි දවසක් යම් පුද්ගලයෙන් දුරකථනය ඔස්සේ වැඩසටහන හා සම්බන්ද වෙනවා. ඔහු චාර්ලිට තමන්ගේ ගැටළුව ඉදිරිපත් කලත් චාර්ලි මේ ගැටළුව ඔහුගේ උමතු බාවයක් නිසා හට ගත්තක් යැයි පවසා දුරකථනය විසන්ධි කරනවා. පසුව ඔහු මේ බව ඔප්පු කල හැකි සාධක කිහිපයක් ලියුමු කවරයක බහා පසුදා චාර්ලිට ලැබෙන්න සලස්වනවා.මේ අතර චාර්ලි පවුල් සංස්ඨාවත් දෙදරා ගිහින් තියෙන මොහොතක ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ අස්සේ තව උහතෝකෝටික ප්‍රශ්ණේකට චාර්ලි මැදි වෙනවා. අද වෙනකොට නම් මේ චිත්‍රපටිය පාදක වුන ඇත්තම චාර්ලි මෙලොව හැර ගිහින් කියලත් කියන්න ඕනේ.

ඊට පසුව වෙන දේවල් කියනවට වඩා හොදයි ඔයලාම නරඹන එක.. :D. චාර්ලිට මෙනවද මේ ලියම් කවරයේ තිබිලා හමුවෙන්නේ? මේ පුද්ගලයා නිසා චාර්ලිට මොකද වෙන්නේ? මෙහි ගැබ් වෙලා තියෙන සත්‍යා සිදුවිම මොකද්ද? මෙවගේ දෙවල් ඇත්තටම වෙන්න පුළුවන්ද? කියන එක තිරණය කරන්න ඔන්න එහෙනම් සබ් එක්කම ඔබට බාර කරනවා, ටොරන්ට් ලින්ක් එක තියෙනවා බාගෙන බලන එක ඔබ සැමට භාර කරනවා. යම් යම් අඩුපාඩු වෙතොත් සමාවෙත්වා!

නැවතත් සිංහල උප සිරැසියකින් හමුවෙන තුරු සමුගෙන යනවා. ජය වේවා..!!!

Shadow People (2013) on IMDb

 

 

310 MB (480p) කොපිය මෙතනින් බාගන්න 2c3d41ecde816ca82ce09af1b3fc9c0dbcbf4eec 700 MB (720p) කොපිය මෙතනින් බාගන්න 9fb78fb93481af4ebf4f25809cc85af29a504448 1.3 GB (1080p) කොපිය මෙතනින් බාගන්න 3620628fefa17cce6a951f4ef851964f0d84783e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,684 downloadsDownload Shadow.People.2013.zip175 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,684 downloadsDownload Subtitles175 KB

47 comments

  1. hh

    patta machan

  2. quik

    thanks

  3. tharanga

    පට්ට පට්ට මේ ටිකේ හොල්මන් කතා ගොඩයි,පට්ට

  4. upali

    ela ela ela ela

  5. was

    අනිවා බලන්න ඕනේ

    බොහොම පින්

  6. ositha

    math download wenna damma,thxxxx

  7. amilatk

    jayen jaya!!!

  8. ganidu

    තැන්ක්ස් වේවා!

  9. fd

    niyamai thawath sub denna macho

  10. isuru

    math balanna one meyka thx

  11. kalinga

    බොහොමත්ම පින් යාළුවා

  12. ranga

    supiri wadak

  13. උදාර

    මේ වගේ තවත් නිර්මාණ දෙන්න ශක්තිය ලැබේවා!!!!!!

  14. එරංග

    එලස් හොදේ, තැන්කු

  15. mihin ලංකා

    ජය වේවා බයිස්කෝප්

  16. ccnp

    Thanks

  17. waruna

    subs nam baiscope thama

  18. uda

    හොදයි වගේ මට දැනුණ හැටියටනම්! ඇත්ත කතාවකට සම්බන්ධයක් තියෙන නිසා වගේම; මම කැමති ජාතියෙ එකකුත් නිසා බලන්ඩෝනෙ...

    රේට් අසුවුණාට කතාව හොදයි වගේ හිතනවට වඩා ;) ස්තුති සහෝ

  19. ශාන් විමුක්ති [වීමා] 〠

    නලියා
    සෑහෙන කාලෙකින් එහෙනම් අලුත් බඩ්ඩකුත් අරන් ඇවිත් තියෙන්නෙ
    සත්තිය කතාවක්ලු නේද ඈහ්!
    නොබල කෝමෙයි මේ ඩිංගන් කෑල්ලකුත් දීල තියෙනකොට
    අපිනම් ඉතින් දිලිදු පැකේජ් කාරයන් වශයෙන් 480p බලල සෑහීමකට පත්වෙනව,
    අපට කොයින්ද අප්පේ 1080p බූල් බල්ලො ;)
    එහෙනම් නලියෝ උපසිරසට බොහොම ස්තූතියි
    නමය නපුරුයි නොවැ ඉක්මනටම දහය කොරමු නේද? ;)
    ජය හොදේ!

    1. නලින්

      හරි හරි..

      බලමු බලමු !!

      ස්තුතියි සහෝ :D :D

  20. zumo man

    elzzzz thnxzzz

  21. pathum

    meyka maxxama kathawa subs nathuwa baluwe aye balanna one

  22. chami

    thnxxxxxxxxxxxxx

  23. h[A]s

    ඔන්න මාත් බා ගත්ත ෆිල්ම් එක අද බලනව, ජය

  24. Ashan ravihansa

    ela ela machan

  25. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මෙකාත් ගේන්නෙම හොලම්න් එව්වමනේ...
    මොනාද බං අර වචන, මටනම් ඔව්වා තේරෙන්නේ නැහැ..
    "උහතෝකෝටික"
    දැන් නම් සිංහල භාෂා පන්තියකට යන්නත් කාලේ හරි වගේ..
    නැත්නම් බොලාට ලිපියටත් ආයේ අමුතුවෙන් උපසිරසක් දාන්න වෙයි අපිට ලිපිය තේරුම් ගන්නම..
    මේ දවස් වල බලන්නත් හොද එකක් නැතිවයි හිටියේ...
    310 කොපිය නම් හෙනම වටිනවා..
    එහෙනම් අද බාලා හෙට බලනවා හොදේ..
    මොකද අද දෙකම කොරන්න වෙලාවක් නැහැ දැන්...
    ජය වේවා!!!

    1. නලින්

      සමාවෙන්ඩ ඔනේ ඉතිං,
      ඔය ප්‍රන්ටින් මිස් ටෙක් එකක් වෙන්න ඇති මයේ හිතේ...
      ගණන් ගන්නඩ එපා අයිබෝං!

  26. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,මෙන්න මමත් ගත්තා ජයවේවා.

  27. shashika

    Naliya, nice work dude. do u know me ne brother? guess who i am?

  28. “චූටී මල්ලි”

    පහරක් වගෙයි අනිවා බලනවා
    සහෝ ඔබට ජය................

  29. දිනුක මධුශාන්

    පහරක් වගේ.. බොහොම ස්තුතියි නලින් සහෝ උපසිරසියට! තවත් මේ වගේ ඒවා ඕනේ හොඳේ.. ජයවේවා!

  30. mindika

    Thanks !!!!!!!!!!!!!

  31. නලින්

    අදහාස් දක්වපු සියළු දෙනාටම

    ජය වේවා

  32. mudiya / මුදියා

    පෝස්ටරේ බැලුවම නම් හිතෙන්නෙ හොරර් එකක්ද කියල.ඒත් ඉතිං එහෙම නෙවෙයිලුනෙ.කොහොම වුනත් අළුත්ම එකක් ගෙනාවට අපේ නලීන් සහෝට පිං.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!

  33. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  34. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!

  35. wappula

    thank you malli..

  36. me

    Thanks

  37. pasidu

    aww film ekanam ela subs walata thanks

  38. නලින්

    ස්තුතියි වේවා හැමෝටම..

    ඊළග එකෙන් මුනගැහෙමු

    ජය වේවා!

  39. දිනිඳු සම්පත්

    හොල්මන් චිත්‍රපටි බලලා රෑට බයවේවිද මන්දා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  40. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. isuraj

    thanks machan denakan thamayi hitiye pissu ah !!! :D

  42. Nandana

    thank you

  43. රාම් රාජ්

    ෂා එළ ෆිලම් එකක් වගේ ස්තූතියි.

  44. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.