Costao (2025) Sinhala Subtitles | එඩිතර රාජ්ය නිලධාරියෙකුගේ චරිතාපදානයක්.. [සිංහල උපසිරැසි]
Costao (2025) Sinhala Subtitless
ආයුබෝවන්. දින හතරක දිගු නිවාඩුවක් වෙසක් තෙමගුලත් සමග අත් විඳින්න ලක ලෑස්ති වෙන මේ අවස්ථාවේ මෙන්න තවත් ලස්සන හිංදි උප සිරැසියක් ඔබට තිළිණ කරන්න සූදානම. මේක biographical crime drama එකක්.ඉන්දියාවේ සුන්දර, කඩවසම් ඔය වගේ විවිධ විදිහට හඳුන් වන ඉතා ජනප්රිය ලොකු ෆෑන් බේස් ඉන්න මෙගා නළුවන්කො තෙකුත් හිටියත් අති දක්ෂ රංගධරයන් ගැන කතා කරද්දී කැපී පෙනෙන්නේ වෙනම නළුවන් පිරිසක් කිව්වොත් නිවැරදියි. නවාසුද්දීන් සිදිකී ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්.මේ චිත්රපටයෙ ප්රධාන භූමිකාව ඔහුගේ. ඒ නිසාමයි මේ චිත්රපටයට උප සිරසියක් කරන්න හිතුවේ.
නිරිත දිග ඉන්දියාවේ පිහිටි කුඩා ප්රාන්තයක් වෙන ගෝව ප්රාන්තයේ 1980/90 දශක වල විසූ එක්තරා එඩිතර රේගු නිලධාරියෙකුගේ චරිතප්රදානය මේ චිත්රපටයට පාදක වෙලා තියෙනවා. ගෝවා වෙරළේ නිරන්තරයෙන් සිදු කරන විවිධ ජාවාරම් අතරින් රන් ජාවාරම ඉදිරියෙන්ම සිටිනවා. 1990 දී කොස්ටාවෝ ෆර්ඩිනන්ඩස් නම් මේ නිලධාරියා එවකට ගෝව මහ ඇමති වරයාගේ සහෝදරයෙකු මෙහෙයවූ දෑවැන්ත රන් ජාවාරමක් හසු කිරීමට ගෙන ගිය ක්රියාන්විතය සහ ඉන් පසු සිදු වූ සිදූවීම් පාදක කර ගනිමින් මේ චිත්රපටය නිපදවා තිබෙනවා. 1942 උපන් මේ කොස්ටාවෝ තවමත් ජීවත් වෙනවා. පසුකාලීනව ඔහු සිදු කල මෙහෙය හේතු කොට ගෙන ඉන්දියානු ජනාධිපති සම්මානයට පවා පාත්ර වෙනවා.
REAL AND REAL COSTAO FERDINANDES
අල්ලස දූෂනය ප්රතික්ෂේප කරමින් තමා සහ සිය ආදරණීය පවුලේ ආරක්ෂාවද පරදුවට තබා ඒවාට විරුද්ධව සටන් කල මේ එඩිතර නිලධාරියා තනිවම සිදු කල මේ හදිසි වැටලීමේදී සිදු වන අනපේක්ෂිත සිදු වීමක් හේතුවෙන් ඔහුගේ ජීවිතය උඩු යටි කුරු වී ඔහු එක් රැයකින් අපරාධ කරුවෙකු බවට පත් වෙනවා. තමාගේ ජීවිතය බිලි ගැනීමට මාන බලන බලවතුන් සහ ඔහුට සහය දෙන දූෂිත පොලිසිය ඇතුළු රාජ්ය නිලධාරීන් හේතුවෙන් ඔහු වසර ගණනාවක් තිස්සේ ඔහු දැඩි ලෙස පීඩා විඳිනවා. කෙසේ වෙතත් ඔහුගේ රැකියා ස්ථානය රේගු දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේ සිටම ඔහු පිටුපසින් සිටිනවා. ඉතා දිගු කාලයක් තිස්සේ සිය ජීවිතය පමනක් නොව තමන්ගේ පවුල් ජීවිතයද අවදානමේ දමා ගනිමින් නිදොස් බව තහවුරු කිරීමේ සටන ඉදිරියට ගෙන යද්දී එක් තීරණාත්මක අවස්ථාවක ඔහු අසරණ වෙනවා. ඒ තමා හට ඔත්තුව දුන් ඔත්තු කරුවා හෙලි කිරීමට සිදු වීම. යම් හෙයකින් එය හෙළි කලහොත් ඔහුගේ ජීවිතය අහිමි වීමත් ඒ තුලින් සමස්ථ ඔත්තු ජාලයම කඩා වැටීමත් සිදු වන බව දත් මේ නිලධාරියා ඔහුව පාවා දීම ප්රතික්ෂේප කරමින් අදාළ නඩුවේ ඔහුට ගැලවීමට තිබූ එකම අවස්ථාවත් අහිමි කර ගන්නවා. තමා දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට කප වූ රාජ්ය යාන්ත්රණයම ඔහුට එරෙහිව නැගී සිටිද්දී ඔහුට ගැලවීමක් තිබෙයිද?
නවාසුද්දින් සමග ප්රියා බපාට්, කිෂෝර් කුමාර්, හුසේන් දලාල් සහ ගගන් දේව් රායර් අනිත් චරිත වලට පෙනී සිටිනවා.සේජාල් ශාගේ අධ්යක්ෂනයක්. එසේනම් මේ නිවාඩු සමයේ ඔබේ චිත්රපට වොච් ලිස්ට් එකට මේකත් එකතු කර ගන්න
නැවත හමු වෙමු
Costao (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Hindi HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 253 --
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
ජය වේවා ❤️
බයිස්කෝප් ටිම් එකේ වාසනාවකට ලැබුන උපසිරැසිකරුවෙක්…. මලයාලම් ෆිල්ම් එකක් නම් කොහෙන් ආවත් ඔයා දාල තියෙනව නම් එකමයි ගන්නෙ අයියෙ… සබ් වල කොලිටිය එ තරම් සුපිරි.
ඔයාගෙ වැඩකටයුතුතුත් සතුටින් හැමදාමත් කරන්න ලැබෙවා කියල පාර්ථනා කරනව .මෙ කරන වැඩේටත් බොහොම ස්තුතියි .
වීඩියෝ ලින්ක් කෝ…?
https://baiscopedownloads.link/category/films/ ඕකට දාවි
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
Sthuthi Upasiresiyata Jayawewa