Criminal Justice (2019-) [S01 : E01] Sinhala Subtitle | මහ රෑ හමු වූ යුවතිය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)
මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 TV Series එක පදනම් කරගත් ඉන්දියානු කතා මාලාවකි. මෙය අනුවර්තනය කරන ලද්දේ ශ්‍රීධර් රාගවන් විසින්. 2019 අප්‍රේල් 5 වන දින Hotstar සමාගම යටතේ විකාශනය ආරම්භ කරන ලදි. මෙය හින්දි, මරාටි, බෙන්ගාලි, තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ කියලා භාෂා ගාණකින්ම නිකුත්වෙලා තියෙනවා.
criminal justice TV Series එකේ මේ කොටස Once Upon a Night නමින් නම් කොට තිබෙනවා. 46min ක ධාවන කාලයක් සහිත IMDB අගය 8.6 ක් ගත් මේ TV Episode එක Crime, Drama, History ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ TV Series එක අධ්‍යක්ෂණය Tigmanshu Dhulia ගෙන් සිදුවී ඇත. රංගනයෙන් Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff, Madhurima Roy, Anupriya Goenka, Rucha Inamdar යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය සඳහා දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් ආදිත්‍ය ෂර්මා කියන්නෙ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ගැනීමට සිටින අමතර දෙයක් විදියට පාපන්දු සෙල්ලම් කරන සෙල්ලක්කාර තරුණයෙක්. මොහුගේ අක්කාට කැබ් රථයක් තිබෙන අතර මොහු අමතර රැකියාවක් ලෙස මේ කැබ් රථයද හයර් කරනවා. දිනක් පාපන්දු තරඟයක් දිනා එහි සතුට භුක්ති විඳීමට පාටියක් සැලසුම් කර තිබෙන අතර මොහුගේ නිවසේද අක්කාගේ විවාහ සංවත්සර උත්සවයක් පවතිනවා. ආදිත්‍ය යාළුවන් සමඟ පාටියට යෑමට සිටියත් ගෙදර උත්සවය නිසා අක්කාගේ පෙරැත්ත කිරීම මත ඔහුට මේ දිනයේත් කැබ් රථය හයර් කිරීමට සිදු වෙනවා. උදේ කාලයේ කැබ් එක හයර් කොට අවසානයේ හයර් කිරීමට තිබූ හයර් එකත් අවලංගු කරලා පාටියට යෑම සඳහා සැරසෙනවා. ඒත් අතරමගදී කලින් හයර් කිරීමට තිබූ කාන්තාව කැබ් එකට ගොඩ වෙනවා. මින් පසු ආදිත්‍ය සහ මේ යුවතිය අතර සිදු වන්නේ කුමක්ද කියා මේක අරගෙන බලලම තේරුම් ගන්න. ඊළඟ කොටසින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.
මම පුබුදු ප්‍රසන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 4718 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot sub ekata
thanks …………….
mchn me tv series uba gawa tiyed
Sub match wenne nahane saho
Thanks
thANKS BRO
Patta ❤️
thank you
ස්තූතීයි
කියන්න දෙයක් නෑ කථාව නම් සුපිරියි. නළු නිළියෝ වැඩිය දැකලා පුරුදු අය නෙවෙයි. ඒත් සුපිරියටම චරිත වලට සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා. මේක ඉන්දියාවේ හදපු කථාවක් ද කියලා හිතෙයි බලපුවාම. මම නිකමට පලවෙනි episode එක බැලුවා. දවස් දෙනෙක් මුළු series එකම බලලා තමයි නතර වුණේ. ඒ තරම් සුපිරි කථාවක්. දෙපාරක් හිතන්න එපා series එකම download කරගන්න. සබ් වලට ස්තුතියි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි…ජය වේවා..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
The family man 2019 tv series ekatath sub dennako
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ට්කක් පරක්කුයි…මේ සීරීස් එකට සිංහල සබ් නිකුත් වෙලා දැන් ටිකක් කල්..ඒත් ගොඩක් ඩවුන්ලෝඩ්ස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
The Verdict:State VS Nanavati සීරීස් එකට සබ් දෙන්නකෝ…ALT Balaji එකේ එකක්…
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .පුබුදු bro