අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dear Child [E04] AKA Liebes Kind Sinhala Subtitles | මළසිරුර කාගෙද? [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

එහෙනම් මං අද Dear Child කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා නේද? තව එපි දෙකකින් මේ කතාමාලාව ඉවර වෙනවා. අද එපියට දීලා තියෙන නම තමා Regeln. මේ එපියට 7.5 ක රේටින් එකක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි කලින් එපියේ වුන දේවල් මොනවද කියලා මතක් කරගමු.

කලින් එපියේ අපි දැක්කා සෑහෙන උත්සහයක් දරලා පොලීසිය බංකරය ඇතුලට යනවා. ගිහින් අර පොඩි ලමයවත් බේරගන්නව. ඒවගේම බලාපොරොත්තු වුන විදිහටම බංකරේ ඇතුලේ මලසිරුරකුත් තිබ්බා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. කවුරුහරි මැරුනු කෙනාගේ මූන විරූපි කරලා. කොටින්ම කිව්වොත් වීදුරු කට්ටක් පාවිච්චි කරලා මූන ඉරලා දාලා. පොලීසියට මේ ඉන්න කෙනා කවුද කියලා අදුරගන්න එකේ ගැටලුවක් මතු වෙලා තියෙනවා දැන්. ඒ මේ ප්‍රශ්න අස්සේ මැතියස් ලැහැස්ති වෙනවා හැනාව එයාලගේ ගෙදර එක්කං ඇවිත් නවත්තගන්න. කොහොම උනත් මැතියස්ගේ බිරිද මේ ගැන දෙගෙඩියාවෙන් ඉන්න බවක් පේනවා. හැමෝටම තරු වීසි වෙන්නේ ලමයින්ගේ DNA පරීක්ෂණ වල ප්‍රතිඵල ආවට පස්සේ. මොකද ඒ වාර්ථා වලින් කියවෙනවා ලමයි දෙන්නගෙම අම්මා එක්කෙනෙක් බවත්, ලමයි දෙන්නට තාත්තලා දෙන්නෙක් ඉන්න බව. ඒ  කියන්නේ මේ සම්පූර්ණ සිද්ධියටම සම්බන්ද තුන්වෙනි පාර්ශවයක පුද්ගලයෙක් මේ වෙද්දි නිදැල්ලේ සැරිසරනවා. වෙලා තියෙන දේවල් දිහා බැලුවම මේ තුන්වෙනි පුද්ගලයා ටිකක් දරුණු ගණයේ කෙනෙක් විය හැකි බව ඕනිම කෙනෙක්ට නිගමනය කරන්න පුලුවන්.

ඔහොම තමා තුන්වෙනි කොටස ඉවර උනේ. අද කොටස ගැන මං කිසි දෙයක් සදහන් කරන්නේ නෑ. මොකද මේ කතාවේ කුතුහලය උපරිමේටම ඇවිත් තියෙන්නේ. එහෙනම් නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය !

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

One thought on “Dear Child [E04] AKA Liebes Kind Sinhala Subtitles | මළසිරුර කාගෙද? [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *