අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Doctor (2021) Sinhala Subtitles | දොස්තර හොද හිත! [සිංහල උපසිරසි] *100

Rating: 7.2/10. From 79 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලු දෙනාට, ඔන්න ඉතින් බයිස්කෝප් ජීවිතයේ දෙවන කඩයිමට මමත් ළගා වුණා. අවුරුදු 4 ක් බයිස්කෝප් පවුලත් එක්ක සහයෝගයෙන් ගෙවාගෙන යන අතරතුර 100 වෙනි උපසිරැසියට පා තැබුවා. 50 වෙනි උපසිරැසිය කරද්දි, ඒ කියන්නේ මීට අවුරුදු 2 කට කලින් තිබුණ නිදහස අඩු වෙලා තනිකඩයා දෙන්නෙක් වෙලා ජීවිතය තරමක් කාර්යය බහුල වෙලා නිදසහ අඩුවෙලා නිසා උපසිරැසියක් බාර ගත්තත් ඒක කරන්න කාලේ අඩු නිසා දෙන්න පරක්කු වෙනවා. කොහොම වුණත් 50 වෙනි තැන වෙනකොට හිටිය අපේ සහෝදර පිරිස ටිකක් ඈත් වෙලාදෝ කියලත් හිතෙනව. සිසිල සහෝදරයා, හසන්ත වික්‍රමරත්න, රොයිලි ප්‍රනාන්දු, චානක ඉදුනිල්, කවිෂල් රසින්ත, කවිනු වීරක්කොඩි, සසිත් සදරුවන්, යන අය උපසිරැසි වලින් ඈත් වෙලාද ඉස්සර ඒ තිබුණු බැඳීම ටිකක් අඩු වෙලා තියෙනව. මන් හිතන්නෙ ඒ හැම කෙනාගෙම ජීවිත දැන් කාර්යය බහුල වෙලා ඇති. ඒ වගේම හොද චිත්‍රපටයක් ආව ගමන් උපසිරැසිය දෙන අපේ M.T.R.තරිදු රුක්ෂාන් සොහොයුරාත් හිතන විදියට කාර්යය බහුල වෙලා. ඉතින් කොහොම වුණත් ඒ හැමෝම මතක් කරන ගමන් අපේ වර්ථමාන ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතිය පුද කරමින්, මගේ උපසිරැසියන්ට හොද හෝ නරක අදහස් දක්වන අපිව දිරිමත් කරන ඒ සොහොයුරන්ටත් ස්තූතිය පුද කරමින්, මගේ 100 වෙනි උපසිරැසිය විදියට මේ චිත්‍රපටය සතුටින් බාර දෙන්න කටයුතු කරපු නවීන් සොහොයුරාටත් ස්තූතිය පුද කරනවා, එයා තමයි මට මේ චිත්‍රපටයේ ගීත ටිකත් සිංහලට හරවල දුන්නෙ. ඒ වගේම උපසිරැසි කරන්න මට වෙලාව, නිදහස ලබාදෙන බිරිඳටත් ස්තූති වන්ත වෙනවා.

Kolamavu Kokila (2018) චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අත් පොත් තැබූ Nelson Dilipkumar ගේ දෙවන චිත්‍රපටය තමයි Doctor (2021). ඒවගේම ඔහුගේ 3 වන චිත්‍රපටය වන්නේ ඉදිරියෙදි තිරගත වීමට නියමිත Vijay ගේ Beast චිත්‍රපටයයි. 2021 වසරේ Sivakarthikeyan ප්‍රථම චිත්‍රපටය ලෙස Doctor (2021) තිරගත වීමට නියමිතව තිබුණත් මුළු ලෝකයේම පවතින වසංගත තත්වය නිසා එය ඔක්තෝබර් මස 09 වෙනි දින Sivakarthikeyan Productions යටතේ KJR Studios මගින් තිරගත වීම ආරම්භ වුණා. පළමු දින ඇමරිකානු ප්‍රදර්ශන ඉහළම ලාභ දර්ශකයේ පළමු දෙවන තුන්වන ස්ථානයේ සිටි විජයගේ Master, දනුෂ්ගේ Karnan හා කාර්තිගේ Sulthan චිත්‍රපට අභිබවා ප්‍රථම ස්ථානය ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනව. Anirudh Ravichander ගේ සංගීතයෙන් හැඩවුණ ගීත 3කුත් මෙහි අන්තර්ගත වෙනවා. Rajinimurugan (2016), Remo (2016), Velaikkaran (2017), Seemaraja (2018), Mr. Local (2019), Hero (2019) යන චිත්‍රපට වලින් ජනප්‍රිය නළුවෙක් බවට පත් Sivakarthikeyan ගේ Action, Comedy, Crime යන වර්ගීකරණයන් යටතේ පැයකුත් විනාඩි 23ක් පුරා දිවෙන 5.6k පිරිසක් අතරින් IMDb අගය 8.5/10 ක් බවට ගන්න සමත් වෙලා තියෙනව. ප්‍රධාන නිළිය වශයෙන් Priyanka Arul Mohan ද, ඊට අමතරව Vinay Rai, Yogi Babu, Milind Soman ඇතුළු තවත් විශාල පිරිසක් දායක වෙනවා. ඒ වගේම Sivakarthikeyan ගේ කෝටි 100 ක ආදායමක් ඉක්මවු ප්‍රථම චිත්‍රපටය ලෙසද මෙය වාර්තා වෙනවා.

වරුන් පද්මිණී සමඟ විවාහ ගිවිසගෙන සිටින හමුදා වෛද්‍යවරයෙක් . පද්මිණී හැඟීම්බර කෙනෙක් වන අතර වරුන් ප්‍රායෝගිකව හිතන වැඩ කරන පුද්ගලයෙක්. මෙහෙයුමකට ගොස් ආපසු එන අතරවාරයේදී වරුන්ට ඇයගෙන් හඬ පටයක් ලැබෙනවා විවාහ මංගල්‍යය නතර කරන එක හොදයි අපි දෙන්න ගැලපෙන්න නෑ කියල. පසුව වරුන් පද්මිණීගේ නිවසට යන්නේ තම දෙමාපියන් හමු වී මේ ගැන කතා කර ගැනීමට ගිය නමුත් පද්මිණී ප්‍රතිචාර දක්වන්නේ ඇය ස්වාමිපුරුෂයෙකු තුළ සොයන ගුණාංග වරුන්ට නොමැති බවයි. දෙමාපියන් පිටවගිය පසුව වරුන් පිටව යන විට පද්මිණීගේ ලේලිය වන චින්නු අතුරුදහන් වී ඇති බව පවුලේ අයට දැනගන්නට ලැබෙනව. වරුන් ඔවුන්ට පොරොන්දු වෙනවා චින්නුව කෙසේ හෝ බේරගන්නවා කියලා. ඔවුන් මුලින්ම පොලිසියට පැමිණිල්ලක් කරනවා. නමුත් ඔවුන් භාරව සිටියේ භගත් නම් එක් පොලිස් නිලධාරියෙකු පමණි. පසුගිය දින 45 තුළ තම දියණිය සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බව තම දියණිය පැහැරගෙන ගිය එක් ලොකෝ පයිලට් කෙනෙකුගෙන් වරුන්ට පොලිස් ස්ථානයේදී දැනගන්නට ලැබෙනව. භගත් පවසන ආකාරයට සහකාර පොලිස් කොමසාරිස්වරයාගේ දියණිය පැහැර ගත්තොත් තමා පොලීසිය ඉක්මනට සෙවීම් පටන් ගන්නේ කියපු නිසා වරුන් ඇතුළු පවුලේ අය සහකාර පොලිස් කොමසාරිස්වරයාගේ දියණියව පැහැර ගැනීමට සැලසුම් කර ඇයව පැහැර ගන්නව. පොලිසිය වගකිවයුත්තන් අත් අඩංගුවට ගන්නවා වෙනුවට ප්‍රතාප් ඇතුළු ප්‍රදේශයේ සියලුම කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන දැරිය සිටින ස්ථානය දැන ගැනීමට ඔවුන්ට නියෝග කරයි. පොලීසිය පසුව ඔවුන්ව නිදහස් කරන්නේ වරුන් දැරිය පැහැරගෙන ගිය ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කළ බැවිනි.

පැහැරගැනීම පිටුපස සිටින ප්‍රධාන වැරදිකරුවන් වන මෙල්වින් සහ ඇල්වින් යන නිවුන් සහෝදරයන්, චින්නු සහ අනෙකුත් ගැහැණු ළමයින් ගෝවට ප්‍රවාහනය කිරීමේ සැලැස්ම වරුන් සොයා ගන්නව. වරුන් ඇතුළු පවුලේ අය කොල්ලකරුවන්ට මුහුණ දී ඇල්වින්ව පැහැර ගන්නවා. මෙල්වින් චින්නුව නිදහස් කිරීමට එකඟ වන නමුත් පැහැරගත් සෑම ගැහැණු ළමයෙකුම නිදහස් කිරීමට අවශ්‍ය බැවින් වරුන් ඇල්වින්ව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරනව. මෙල්වින් පවසන්නේ කන්ටේනරය තම පාලනය යටතේ නොවන බවයි. එහිදී ඔවුන්ට පාතාල මිනිස් ජාවාරමක් පවත්වාගෙන යන සංචාරක නිකේතන හිමිකරුවෙකු සහ කන්ටේනරය ලැබුණු පුද්ගලයා ටෙරී හමුවෙයි. වරුන්ට ටෙරී හමුවන්නේ අයිස්ක්‍රීම් සාප්පු හිමියෙකු ලෙස පෙනී සිටීමෙනි. වරුන් ඔහුගේ බුද්ධිය යොදාගෙන පැහැරගැනීමේ නාට්‍යයක් රඟදක්වන අතර ටෙරීව මුණගැසී ඔහුට ගනුදෙනුවක් ඉදිරිපත් කරයි. ප්‍රතාප්ගේ උදව්වෙන් ඔහු ටෙරීගේ හෙංචයියෙකුගේ ඇඟිල්ලක් කපලා බයෝ මෙට්‍රික් ප්‍රවේශය ලබා ගන්නවා. මෙල්වින් සිටින වෙනත් පැහැරගත් අය සමඟ ගනුදෙනුව සාකච්ඡා කරන රැස්වීමකදී, වරුන් මෙල්වින්ව රවටා ටෙරීව මරා දමන නමුත් ටෙරීව බේරා ගැනීමට මවාපායි. ටෙරී මෙල්වින්ව මරා දමන අතර වරුන් මේ බව ඇල්වින්ට දන්වයි. ටෙරී චින්නුගේ පවුල නිවාස අඩස්සියේ තබා ඇති අතර පසුව වරුන්ගේ සැලැස්ම සොයාගෙන ඔවුන්ව මරා දැමීමට සැලසුම් කරනව.එහෙනම් ඉතින් ඊළගට මොකද වෙන්නෙ කියන එක Mega Blockbuster චිත්‍රපටයක් වුණ Doctor (2021) ව බලලම හොයාගන්න වෙනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

95 thoughts on “Doctor (2021) Sinhala Subtitles | දොස්තර හොද හිත! [සිංහල උපසිරසි] *100

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Mage mithura… Congratulation…

    Reply
  • 100 කඩ ඉමට සුබ පැතුම් සහෝ. ඉක්මනින්ම 150 ටත් යන්න ලැබෙවායි පතනවා.
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • 100 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා සහෝ. ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ~ ජය ~

    Reply
  • thank for tha sub….

    Reply
  • දෙවන කඩයිමට සුබ පැතුම්. උපසිරසිකරණය ඇතුළු සියළු කටයුතු තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිංහල උපසිරසයට ගොඩක් ස්තූතියි.

    Reply
  • දෙවනි කඩයිමට සුබ පැතුම් සහෝ..සබ් එකටත් තෑන්ක්ස්..

    Reply
  • සමාවෙන්න ඕනි පළමු නෙමේ දෙවෙනි කඩඉම.. අද තමා සෑහෙන කාලෙකින් සයිටට ඇවිත් කඩඉම් ගහපු හැමෝටම කමෙන්ට් කලේ.. ඒකයි පොඩ්ඩක් ටැපලුනේ.. ජය වේවා අයියේ

    Reply
  • පළමු කඩඉමට හදවතින්ම සුබ පතනව අයියේ

    Reply
  • සියවෙනි උප සිරසියට සුබ පැතුම්, පුලුවන් නම් two states කියන ෆිල්ම් එකට සබ් දෙන්න.

    Reply
  • සුබ පැතුම් ඔෂධ අයියේ! ඉන්දියන් පැත්තේ සබ්වලට වැඩිපුර බර කෙනෙක් වගේම, පුදුම වේගෙකින් එකදිගට ෆිල්ම් තුන-හතරක්ම සබ් කරන කෙනෙක් විදිහටනෙ ප්‍රසිද්ධ ඕං…
    මාත් වැඩිපුර වගේ බලන්නේ ඉන්දියන් නිසාම මන් බලපු චිත්‍රපට සෑහෙන ගාණක සබ්වල තියෙන්නෙත් ඔයාගෙ නමම තමයි.

    150වෙනි කඩයිමටත් ඉක්මනටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාවත් මතක් කළාට ස්තූතියි. සියලුම වැඩ කටයුතු හොඳටම සාර්ථක වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ උපසිරැසියෙන් මුණ ගැහෙමු.
    ජය වේවා!!!

    Reply
  • සුබපැතුම් අයියේ

    Reply
  • මම හිතුවේ ඔයාට උපසිරැසි කරනවා ඇරෙන්ට වෙන වැඩක් නෑ කියලා…
    මේක 100 කියලා දකින කොට පුදුමත් වුණා… මොකද ඊට වඩා කරලා ඇති කියලා හිතුණේ…
    මරු මරු…
    ආආආ, තව දෙයක්… කරන්ට පුලුවන් නම් පට්ට චිත්‍රපටියක් තියෙනවා කවුරුවත් සිංහල දීලා නැති…

    Reply
    • ස්තූතියි සහෝදරයා …මොකද්ද අර කිව්ව චිත්‍රපටය ?

      Reply
  • 100 වැනි සිංහල උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම්!
    ජය වේවා!

    Reply
  • Congratulations for 100th sub and thanks for all of them

    Reply
  • උණුසුම් සුබ පැතුම් අයියේ …
    ඉදිරි කඩයිම් වලටත් ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
    ඒ වගේම වැඩ කටයුතු හැම එකක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    Reply
  • Jai bhim
    Aranmanai 3 sub plz

    Reply
  • 100 වන උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝ
    ඉදිරියටත් අලුත්ම උපසිරසිවලින් හමුවෙමු

    Reply
  • සුපිරි ඇහ්හ්..වැඩේ දිගටම කරන් යමු..ජය වේවා..

    Reply
  • Congratulations brother

    Reply
  • දෙවන කඩයිමට සුබපැතුම් බ්‍රෝ,තව ටැමිල් 100ක් ඕන.

    Reply
  • සියවන උපසිරසියට සුබපැතුම්

    Reply
  • සුභ පතපු හැමෝටම ස්තූතියි… උපසිරැසියක් අරගන්න කෙනෙක් මොනා හෝ අදහසක් පළ කරනව කියන්නනෙ ඒක තමයි උපසිරැසියේ අපි බලාපොරොත්තු වෙන වටිනාකම… ඒ සතුට සල්ලි වලින් ලැබෙන්නෙ නෑ… ගොඩක්ම ස්තූතියි…

    Reply
  • තනිකරම ෆිල්ම් සීයකට සබ් කරනවයි කියන්නේ ලේසි වැඩක් නෙවෙයි(iru dhuruvam එකත් එකපාර දුන්න නිසා ඒකත් එකක් විදියට සලකන්න ඇත්තෙ නේද)ඒ නිසා අපි වෙනුවෙන් මේ කරන උදව්වට ගොඩක් ස්තුතියි

    Reply
  • 100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! 🙂
    දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

    Reply
  • දෙවැනි කඩයිම සම්පූර්ණ කිරීම වෙනුවෙන් උණුසම් සුභ පැතුම්, අපිවත් මතක් කලාට බොහොම සතූතියි සහෝ, ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා, තවත් උපසිරැසි කරන්න කාලය ලැබේවා!

    Reply
  • 100 ට සුබපැතුම් සහෝ

    Reply
  • ගැම්මක් තමයි ඉතින් ️

    Reply
  • 100 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා කියා පාර්ථනා කරනවා. ජය වේවා!

    Reply
  • සුබපැතුම් !

    Reply
  • සියවන උපසිරසියට සුබපතන අතර තවතවත් උපසිරසි ලබාදීමට කාලය,ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි!

    Reply
  • ඔයාගේ 100 වැනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! ස්තූතියි මාව මතක් කලාට. තව තවත් උපසිරැසි හදන්න හැකි වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරැසි කරන අයත් වැඩ රාජකාරි එක්ක තමයි ගොඩක් වෙලාවට වෙලාවක් වෙන් කරගෙන උපසිරැසිය මහන්සිවෙලා කරන්නෙ. ඔයාගේ වැඩ එහෙමත් අතපසු කරගෙන මේ දේවල් වලට මහන්සි වෙනවා ඇති. අන්න ඒ කැප කිරීමට ගොඩාක් ස්තූතියි! ඒ වගේම පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුත් සාර්ථකව කරගෙන යන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • සුබපැතුම් බොක්ක❤️ ✌

    Reply
  • Great work bro..keep going..

    Reply
  • දෙවැනි කඩයිමට සුබපතනවා සහෝ
    ඊලග කඩයිම්වලටත් ඉක්මනින් යමු

    Reply
  • Congratulations brother ..wish your future success ..

    Reply
  • දෙවනි කඩඉමට මගේ උණුසුම් සුබ පැතුම්..
    ~ ජය වේවා ~

    Reply
  • දෙවන කඩඉම වෙනුවෙන් සුබපැතුම් සහෝ…
    ඇත්තටම කලින් තිබ්බ බැඳීම නම් එහෙමමයි. ඒත් ඉතින් වැඩත් එක්ක සබ් කරන්න වෙලාව නැති තරම්.
    මේ දවස්වල සයිට් එකේ දමිල කැටගරිය ඇදගෙන යන්නේ ඉතින් ඔයා තමයි. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ.
    පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථකර කරගන්න ගමන් තව තවත් උපසිරැසි අරන් එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම සබ් දෙමු ආ… ජය!

    Reply
  • බොහොමත්ම ස්තුතියි අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට ඔබ ඇතුලු සියලුම උපසිරසිකරුවන්

    Reply
  • ඊලග කඩයිම්වලටත් ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • උනුසුම් සුබ පැතුම් අයියේ

    Reply
  • සුබපැතුම් කොම්ලෝ

    Reply
  • කඩයිමට සුබපැතුම්
    සිංහල උපසිරසියටත් ස්තුතියි

    Reply
  • 2වන කඩයිමට සුබපැතුම් සහෝ

    Reply
  • elaga 100 di indian series tikakauth demu
    south indian thriller nm niyamai

    Reply
  • සුපිරියක්ම තෝරගෙන 100 ට
    නියමයි සහෝ

    Reply
  • ටැමිල් නම් ඉතින් ඔයා තමයි
    ඉදිරියටත් ටැමිල් දෙන ගමන් තෙලුගු,මලයාලම්,කන්නඩ ඒවත් පුලුවන්නම් දෙමු(හොද ඒවා විතරයි)
    ඒවයිත් නියම ෆිල්ම් වැටෙනෝ

    Reply
  • Saho sub deepu tamil film godak balala thye,hbai hama ekatama comment danna nm bariwuna hodai,ekata samawa bajanaya karanow
    200th ikmanin ghmu hodai
    Sahoge jewethe wadakatayuthuth saarthaka wenna prarthana karanawa

    Reply
  • දෙවන කඩයිමට සුබපැතුම් සහෝ
    ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙන්න

    Reply
  • පරක්කු නිසා ෆිල්ම් එකනම් කලින් බැලුවා
    කොහොමවුනත් සුබපැතුම් 100ට

    Reply
  • 100ට සුබපැතුම්
    උපසිරසියට තුති

    Reply
  • Congrats brother
    Keep it up

    Reply
  • 100ට සුබපතනවා වගේම අපි වෙනුවෙන් මෙ කරන මෙහෙයට බොහොම ස්තුතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

    Reply
  • 100වෙනි කඩඉමට සුබපැතුම් මචං… ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න කාර්යබහුල ජීවිතයෙන් වෙලාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා…. කොච්චර වුනත් බයිස්කෝප්එකේ සබ්තරං අනිත් සබ් සෙට් නෑ.. හරිම මීනින්ං එක දෙන්න බයිස්කෝප් විතරයි.. ජයවේවා….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • සියවෙනි එනම් දෙවනි උපසිරසි කඩයිමට උණුසුම් සුභ පැතුම් අයියේ, සයිට් එකේ හුඟක්ම ඉන්දීය සිනමාව පැත්තෙන් හුඟක් ලොකු දායකත්වයක් සපයන කෙනෙක් වගේම දැකපු වේගවත්ම උපසිරසිකරුවෙක්. ඉතින් මාවත් මතක් කල එකට ස්තූතියි. දැන් තියෙන කාර්‍යබහුලත්වය එක්ක ඉස්සට වගේ උපසිරසි කරන්න හැකියාවක් නෑ. කොහොම හරි ආයෙ වතාවක් සුභ පැතුම් අයියේ කඩයිමට, ඊළඟ කඩයිම්වලටත් වේගයෙන් යන්න හැකියාව ලැබෙන්න ඕන. ජය…!!!

    Reply
  • මුලින්ම සිංහල උපසිරැසි දිවියේ දෙවෙනි කඩඉමට උණුසුම් සුභපැතුම්! මාවත් මතක් කරලා තිබුණා! අවසාන වශයෙන් තමන්ගේ වටිනා කාලය කැපකර තවත් කෙනෙකුගේ සිනමා රසවින්ඳනයට තවත් අර්ථවත් යමක් එකතු කරන්නාවූ ඔබගේ අනාගත බලාපොරොත්තු සාර්ථකම වේවා!

    Reply
  • දෙවන කඩයිමටකඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ!!!
    ඉක්මනටම Jai Bhim එකටත් සබ් ගේමූ…….

    Reply
  • 100වෙනි උපසිරසියට හදවතින්ම සුබපැතුම් සහෝ
    ඊලග කඩයිම් වලටත් ඉක්මනින් යමු

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති
    100ට සුභපැතුම්

    Reply
  • 100 වෙනි සබ් එකට සුබ පැතුම් සහෝ..

    Reply
  • Congratulation brother

    Reply
  • සුපිරිරිරි ඇහ්හ්හ්
    දිගටම වැඩේ කරන් යමු

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ 100වෙනි සබ් එකට සුබ පැතුම්

    Reply
  • සුබපැතුම් සහෝ

    Reply
  • දෙවැනි කඩයිමට සුබ පතනවා, මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.

    Reply
  • දෙවන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ..!!
    සහෝගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

    Reply
  • සුබපැතුම් ඔසා
    දිගටම දෙමල ඒවා ඕන

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • 100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

      Reply
  • Thank you for the subtitle

    Reply
  • Congratulations! Sub ekata thanks!

    Reply
  • 100ට උණුසුම් සුබ පැතුම් අයියේ.
    දමිල සෙක්ෂන් එකට කරන මෙහෙය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
    ඒකට ගොඩක්ම ස්තූතියි.
    තව තවත් කඩඉම් ගණනාවක් ගහන්න ලැබේවා.
    පුළුවන් නම් Jai Bhimඑකටත් සබ් දෙන්න බලන්න

    Reply
  • සුබපැතුම් වේවා

    Reply
  • 100* වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පතනවා අයියේ..!
    මේ දවස්වල සයිටේ වෙඩි වගේ, දෙමළ චිත්‍රපට වලට සබ් කරන පොරක් තමයි. 100කට සබ් කරා කියන්නේ ලේසි නෑ. එහෙනම් ඉදිරි කඩයිම්වලදී සෙට් වෙමු. SKගේ ෆිලුමක් අතාරින්නේ කොහොමද? සබට තුති ❤️✌️

    Reply
  • 100* වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
    දිගටම උපසිරසි දෙමු

    Reply
  • Congratulations brother.jai bhim(2021) film ekatath sub eka gemu.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *