Watch Trailer

Elementary [S01 : E17] Sinhala Subtitles | විය නොහැකි දේ සහ විය හැකි දේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අතරමග නැවතිලා තිබුන සුපිරි කතා මාලාවක් බොහෝ දෙනාගේ ඉල්ලීම මත උපසිරැසි ගැන්වීමට බාර ගත්තා.. මමත් හරිම ආසාවෙන් බලපු කතා මාලාවක් නිසා මේකට සබ් දාන එක හරිම සිත්ගන්නා සුළු කාර්යයක් උනා. රූපවාහිණි කතා මාලාවක් උනාට චිත්‍රපටියකට නොදෙවනි උපසිරැසි පේලි ගානක් මේ එක් කතාවක තියෙනවා.. දන්නවනේ ෂර්ලොක…

ඔන්න යාළුවනේ අතරමග නැවතිලා තිබුන සුපිරි කතා මාලාවක් බොහෝ දෙනාගේ ඉල්ලීම මත උපසිරැසි ගැන්වීමට බාර ගත්තා.. මමත් හරිම ආසාවෙන් බලපු කතා මාලාවක් නිසා මේකට සබ් දාන එක හරිම සිත්ගන්නා සුළු කාර්යයක් උනා. රූපවාහිණි කතා මාලාවක් උනාට චිත්‍රපටියකට නොදෙවනි උපසිරැසි පේලි ගානක් මේ එක් කතාවක තියෙනවා.. දන්නවනේ ෂර්ලොක් හෝම්ස්ගෙ කතාව ගැන. කියවීමේ පහසුව පිණිස ගොඩක් පේලි එකට එකතු කරලා පුළුවන් තරම් කියවන්නාට පහසු විදිහට මේ උපසිරැසිය නිර්මාණය කරන්න උත්සාහ කරා. IMDb දර්ශකයේ 7.8/10ක් තරම් ඉහල අගයක ඇගයුමක් ලබාගෙන තියෙන මේ කොටස රූපවාහිණියේ තිරගත උනේ 2013 පෙබරවාරි 21 වෙනිදායි.

පෙර කතාංග ගැන කියන්න යන්නෙ නැහැ. ඒ මොකද කියනවනම් මෙම රූපවාහිණී කතා මාලාවේ කතා තියෙන්නේ එකිනෙකට සම්බන්ධයක් නොවන විදිහටයි. හැබැයි මේ වෙනකොට දොස්තර ජෝන් වොට්සන් ෂර්ලොක් සමග එකට වැඩ කරන හවුල් කාරයා වෙලා ඉවරයි.

මෙවර කතාවේ තියෙන්නේ CAA කියලා හඳුන්වන ජාන විකෘතිතා රෝගයක් සම්බන්ධයෙනුයි. බොහෝ දෙනා දන්න විදිහට මේ රෝගය එන්නේ පරම්පරාවෙන්. හැබැයි තම පරම්පරාවේ කිසිම කෙනෙකුට නැති මේ රෝගය ජෙරල්ඩ් ලයිඩන් නැමති ධනවත් පුද්ගලයෙක් හට වැලඳෙනවා. මේ රෝගයේ පූර්ව රෝග ලක්ෂණය තමයි චිත්ත වික්ෂේපය. ඒ වගේම අවසාන රෝග ලක්ෂණය වන්නේ මරණයයි. ජෙරල්ඩ් ලයිඩන්ගේ විශ්වාසය වෙන්නේ මේ රෝගය යම් කිසිවෙක් විසින් කුමන්ත්‍රණකාරීව තමන්ට එන්නත් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සෙවීමට ඔහු ෂර්ලොක් හෝම්ස්ගේ සහය පතනවා. නමුත් ෂර්ලොක් හෝම්ස් එය ප්‍රතික්ෂේප කරනවා.

ඊට පසු දිනක මේ රෝගය නිසා ඇති වන උමතු භාවය හේතුවෙන් ලයිඩන් විසින් ඔහුගෙ රියදුරාව ඝාතනය කරනවා. ඒ සම්බන්ධයෙන් ඔහුව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඒ වගේම ඔහු තම කටඋත්තරය ලබා දෙන්නේ ෂර්ලොක් හෝම්ස්ට පමණක් බව පවසනවා. ඉතින් මේ සිද්ධිය විසඳනවා හැරෙන්න ෂර්ලොක්ට වෙන විකල්පයක් නැහැ. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ෂර්ලොක් විසින් ජානවිද්‍යා පර්යේෂණ ආයතනයක වැඩ කරන නටාෂා කේඩ්මන් නැමති විද්‍යාඥවරියව මුණ ගැහෙන්න යනවා. එදා රෑ නටාෂා විසින් ෂර්ලොක්ට අමුතු විදිහේ කෙටි පණිවිඩ දෙකක් එවනවා.. දෙවෙනි පණිවිඩයෙන් පැවසෙන්නේ තමන්ව මුණගැසීම සඳහා පරීක්ෂණාකාරයට පැමිණෙන ලෙසයි. ඒ වෙලාවේ පරීක්ෂණාගාරයට වොට්සන් සමගින් යන ෂර්ලොක් හෝම්ස්ට හම්බවෙන්නේ කේඩ්මන්ගෙ මලමිණියයි. යම් කිසිවෙක් විසින් හය වතාවක් පිහියෙන් ඇන එම ඝාතනය සිදු කොට තිබෙනවා..

ඉතින් යාළුවනේ.. ජෙරල්ඩ් ලයිඩන්ට කවුරුහරි CAA රෝගය එන්නත් කරලද? එහෙමනම් කවුද එහෙම කරන්නේ? නැත්නම් ලයිඩන් කරන්නේ බොරුවක්ද? නටාෂා කේඩ්මන්ව ඝාතනය කරන්නෙ කවුද? ඇයි එහෙම ඝාතනය කරන්නේ? ජෙරල්ඩ් ලයිඩන්ගෙ සිද්ධියට නටාෂාගේ සම්බන්ධයක් තියෙනවද? නටාෂා ෂර්ලොක්ට එවන පණිවිඩ මොනවද? මේ අභිරහස් සේරම විසඳන්න ෂර්ලොක්ට පුළුවන් වේවිද? මේ සඳහා ඔහුට දොස්තර ජෝන් වොට්සන්ගේ සහය ලැබෙන්නේ කොහොමද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,341 downloadsDownload Elementary.S01E17.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

4,341 downloadsDownload Subtitles100 KB

63 comments

  1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..මම එක..

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ආයේ දිනිදුව වැඩකට බැස්සා කියන්නේ මක්කා කතා කරනවයි..
      මම මේ කතාව නම් බලල නැහැ..
      ඒත් අනිවා ඔක්කොම දුන්නට පස්සේ කොහෙන් හරි උස්සන් ඇවිත් බලනවා...
      මේකත් බලන්න ගත්තොත් දරා ගන්න බැරි වෙනවා පැකේජ් එකට..
      එහනම් ඔන්න ජය වේවා කිව්වා..

    2. lapCool.info

      good.I like it. Thanks to you..........!!!!!

  2. amilatk

    jayen jaya!!!!

  3. isuru

    meyaka illa illa unne math thanks ahenam digatama iwara wenaka denna jaya!!

  4. vee

    maxxa maxxa

  5. tharanga

    බොහොම පින් ආයේ මේක දෙන එකට දිගටම දෙමු !

  6. fd

    niyamai dindiu digatama dnna onnnnn

  7. ccnp

    Thanks

  8. wow

    wow,,,maru :D

  9. shann

    ජය වේවා සහෝට මේක දෙන එක නම් මැක්සා

  10. eranga

    pattai digatama denna :D

  11. quik

    thanks

  12. Erängä

    එල එල දිනිදු සහෝ....... බොහොම ස්තුතී...!!! ^_^

  13. ganidu

    තැන්ක්ස් වේවා!

  14. sds

    jaya wewa didnidu digatama denna hode

  15. was

    ආයේ සබ් දාන එක නම් පට්ට පතුරු

  16. rusuru | රුසිරු

    සුපිරි දිනිදු

  17. venura

    tQ

  18. ositha

    maru maru digatama denna saho

  19. asiri

    gr8 work

  20. roxy

    Ela..Ela Niyamai saho...http://pizag.blogspot.com/ me thiyen ne mage Pc weda keli Oyalata ona deyak thiyenawa gihillama balandako...

  21. ishu

    නියමයිනේ..... :D මේක දෙනකන් බලන් උන්නේ... :D

  22. prasad

    ජිවිතේ පලවෙනි වතාවට http://www.baiscopelk.com එකේ පලවෙනියටම Comment එකක් දැන්මේ

  23. නිපුන්

    සුපිරි සුපිරි ජයෙන් ජය සහෝ... එළකිරි අහ්...
    ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න...

  24. sachin

    THANK YOU MATCHAN SUPERB

  25. “චූටී මල්ලි”

    ඔයාට මේක අහුවුනා කියන්නෙ ඉතින්
    අපි ගොඩ තමා
    අනිවා මේක පට්ටම කතාව දැන් සීසන් 2ත් යනවා
    ඒකටත් දෙමු නෙ මේක ඉවර කරලා
    සබට තුති
    ඔබට ජය....................

  26. Buddhi

    Thanks.

  27. deshan

    meka dunnata godak sthuthi...digatama sub denna......obata jaya

  28. Sahan

    ammo vatinavah bro.. mal thiyala vadinna one oyta me karapu deta.. fattama thankz weva...

  29. ishan gihantha

    ඇති යන්තම් මේක දීලා .... බොහෝම ස්තූතී සහෝ

  30. shani

    thanks

  31. Chathu

    thax machan.... Me katawa amataka karanne netuwa sub karapu ekata.. niyamata sub karala tiyenawa. :)

  32. DSA

    ammo athi yantham dunna.. ela ela.. digatama denda.. jaya wewa..
    meke season 02 ekath yanwa dan

  33. Jack

    meka denne natuwa mala panala hitiye
    ela ela Thanks

  34. Yashoda Hemal

    Amme dakka kal. mata me Series eka amathaka wela thibune :P Thanks machn sub ekata (y) ithuru tikath ikmanata demu :)

  35. වරුණ නිරෝෂණ

    බොහෝම ස්තුතියි සහෝ මෙක් ආයි දෙන්න පටන් ගත්ත එකට.....

  36. Gayashan

    I've been waiting for this, thank you very much buddy, go a head, give us more :D

  37. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මේ කතාමාලාව ආපහු පටන් ගත්තු එකනම් ලොකු දෙයක්. ජය෴෴ :P :P

  38. thush

    thanks.

  39. dananjaya prabath

    බොහොම ස්තුතියි වැ‍ඩේ බාර ගත්තට.දිගටම දෙන්න.

  40. madushan

    tnx! mama me kthwa denne na kiyla godak report kla. finly tnx..! giya para wage nawththanna nm epa

  41. Imesh

    Thanxxx sahoooo...balana ekath atharamga newathila thibune..

  42. mindika

    Thanks !!!!!!!!!!!

  43. mudiya / මුදියා

    අඩෙ අප්පා මෙන්න මේක ආයෙත් දෙන්න පටන් අරගෙන.
    නියමයිනෙ දිනිඳුවො.
    කොච්චර ආසාවෙන්ද මේක බැලුවෙ.
    ඔන්න බානවෝ.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  44. සංජය

    බොහොම ස්තුතියි දිනිඳු සහෝ මේ කතාමාලාව නැතිවෙලා යන්න නොදී නැවතත් පටන්ගත්ත එකට.

  45. NCJD

    bohoma sthuthiyi. හොඳම කෙනෙක් වැඩේට අත ගහපු එක නියමයි.

  46. prabath

    thank you my friend

  47. kasun

    elakiri saho.... ithuru tikath enakan api
    balan innawaa. jaya weawaa.

  48. Sandun

    සුපිරියි මචන්.. මේකේ 20ම download කරගෙන සබ් දෙනකන් බලාගෙන හිටියා..

  49. rajika nanayakkara

    mare maru mama baluwa supiri..

  50. nuvan

    attatama godak satutue sahodaraya may vage ketavakata sub dunnata. apata english taramak terum ganda puluvan unata speed english katakaranakota eka amarue. ethen mehema sub dena ekata hesanama achara karanava... jaya jaya veeeee...

Load more comments