MENU

AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිජෙරෝම් වැලස්කාපවුලේ සැමටවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitles | අනන්‍යතාවය සොයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 269 votes.
Please wait...

අද ආවෙ අපි හැමෝම බලාගෙන හිටපු හැරී පෝටර් විශ්වයේ නවතම සිනමාපටයත් අරගෙනයි. ඒ Fantastic Beasts සිනමාපට පහේ දෙවැනි සිනමාපටය වන Crimes of Grindelwald සිනමාපටයයි. සබ් එක දෙද්දි කළින් සවිස්තරාත්මක ලිපියක් ලියන්න බැරි වුණා, මොකද සබ් එකත් පරක්කු වෙලා තිබ්බ නිසා ලිපිය ලියනකම් සබ් එක පබ්ලිෂ් නොකර තියාගෙන ඉන්න බැරි නිසා. නමුත් අතර මගදි සබ් එක සයිට් එකෙන් අයින් කළා ලිපිය ලියනකම් පබ්ලිෂ් නොකර ඉන්න තීරණය කරලා.

කළින් සිනමාපටය වගේම මේ සිනමාපටයත් අධ්‍යක්ෂණය කරන්නෙ අධ්‍යක්‍ෂක ඩේවිඩ් යේට්ස්. අපිට කළින් සිනමාපටයේ හම්බවුණ නළුනිළියන්ට අමතරව තවත් අළුත් මුහුණු කීපයක්ම මේ සිනමාපටයෙදි අපට හම්බෙනවා. ඒ තමා සොයී ක්‍රාවිට්ස් (ලීටා ලෙස්ට්‍රේන්ජ්), කැලම් ටර්නර් (තීසියස් ස්කමැන්ඩර්), ජූඩ් ලෝ (ඇල්බස් ඩම්බල්ඩෝර්), ක්ලෝඩියා කිම් (නගීනි) සහ බ්‍රොන්ටිස් ජොඩොරොව්ස්කි (නිකොලස් ෆ්ලැමෙල්). හැබැයි මේ සිනමාපටය නම් කළින් සිනමාපටය තරම් සාර්ථක වුණේ නෑ කියලයි පේන්නෙ. මොකද IMDb එකේ රේටින්ග් එක 6.9ට අඩු වෙලා තියෙනවා සහ ඒ අඩුවීම වෙලා තියෙන්නෙ වෝට්ස් ලක්‍ෂ දෙකහමාරකට ආසන්න අගයකුත් එක්ක. අපි පස්සෙ කතා කරමු ඇයි මේකට හේතුව එහෙම කියලා. දැනට කියන විදිහට මේ චිත්‍රපට මාලාවේ 3 වෙනි සිනමාපටය නිකුත් වෙන්නෙ 2020 අවුරුද්දෙ නොවැම්බර් 20. නමුත් මේ දින වකවානු වෙනස් වෙන්න පුළුවන්. නමුත් පැහැදිළිවම කියන්න පුළුවන් දේ තමා අපිට ෆිල්ම් එකේ අවසානයේදි තියෙන ට්විස්ට් එක විසඳගන්න තව අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙනවා කියන එක.

කළින් ලිපියෙදි කට්ටියට මතක ඇති අපිට අළුත් චරිත වෙච්ච නිවුට් ගැනයි ග්‍රින්ඩ්ල්වෝල්ඩ් ගැනයි මං ඔයාලට විස්තර පැහැදිළි කළා. ඉතිං හැබැයි මේ සිනමාපටයේදි නම් එහෙම ලොකුවට හඳුන්වලා දෙන්න අළුත් චරිත වැඩිය හම්බෙන්නෙ නෑ. හම්බෙන්නෙ ලීටා සහ තීසියස් විතරයි. නමුත් අපි හිතුවෙවත් නැති විශේෂ කාරණා නම් වැහි වැහැලා තියෙනවා. හැරී පෝටර් සිනමාපට පිස්සුවෙන් වගේ බලපු කෙනෙක්ට මේ නිකුත් වෙච්ච සිනමාපටයෙ තියෙන සමහර දේවල් දකිද්දි ඇස් උඩ යන්න පුළුවන්. ඒ විදිහට අපිට දකින්න පුළුවන් මුල්ම කාරණය තමා ඩම්බල්ඩෝර්. මුල් සිනමාපටය ඉවර වෙද්දීම නිල වශයෙන් කියලා තිබ්බා දෙවැනි සිනමාපටයේ ඩම්බල්ඩෝර් ඉන්නවා කියලා. ඉතිං ඒකත් හිතේ තියාගෙන ට්‍රේලර් එක බලද්දි ඇඟේ හිරිගඩු පිපුනා ඩම්බල්ඩෝර්ව දකිද්දි. ජූඩ් ලෝ ගැන නම් කතා කරන්න දෙයක් නෑ, චරිතයට උපරිම සාධාරණයක් කරනවා. ඩම්බල්ඩෝර්ගෙ නියමම තරුණ කාලෙ. නියමම නළුවව චරිතෙට තෝරගෙන තියෙන්නෙ. ෆිල්ම් එකේදි මුලින්ම ඩම්බල්ඩෝර්ව දකිද්දි ඒ ආපු හැගීම කියන්න වචන නෑ. ඒත් එක්කම එන්නෙ ආයෙමත් පාරක් අපි හැමෝම යන්න ආසාවෙන් හිටපු (සහ තාමත් ඉන්න) හොග්වර්ට්ස් පාසල හැරී පෝටර් තේමා වාදනයත් එක්කම පෙන්නන එක. ඇඟ දිගේ කරන්ට් එකක ගියා වගේ දැනුනෙ ඒ වෙලාවෙ. හොග්වර්ට්ස් වලට ගියාම අපිට අර අපි හැරී පෝටර් සීරියස් එකේදි දැක්ක කරුණාවන්ත ඩම්බල්ඩෝර්ව ආයෙම පාරක් බලාගන්න පුළුවන්. මේ සිදුවීම් වෙන්නෙ 1927 වර්ෂයේ කියන එක අපි දන්නවනෙ. නමුත් මේ කාලෙදි ඇල්බස් නෙවෙයි හොග්වර්ට්ස් වල ප්‍රධානාචාර්යතුමා. ආමන්ඩෝ ඩිපෙට් කියන මහාචාර්යතුමා තමා මේ කාලෙ වෙද්දි ප්‍රධානියා විදිහට වැඩ කරන්නෙ. ඇල්බස් ප්‍රධානාචාර්ය තනතුරට පත්වෙන්නෙ 1970 ගණන් වල මං දන්නා විදිහට. අනිත් වැදගත් කාරණය තමා මේ කාලෙ ඩම්බල්ඩෝර් හොග්වර්ට්ස් වල වැඩකරන්නෙ අඳුරු මායාවන්ට එරෙහි ආරක්‍ෂාව සම්බන්ධ මහාචාර්යවරයා විදිහටයි. කොහොම වුණත් මේ විෂයට නම් නිශ්චිත ගුරුවරයෙක් නෑ කියන එක නම් අපි හැරී පෝටර් සිනමාපට මාලාව පුරාවටම දැක්කනෙ. ඉතිං දැන් අපි දන්නවා ඩම්බල්ඩෝත් මේ විෂය ඉගැන්නුවා කියලා. අඳුරු මායාවන් එක්කම එන අපි හැමෝම දන්න බොගර්ට් එකත් ඔන්න මේකෙදි බලාගන්න පුළුවන්. හොග්වර්ට්ස් වලට ගියහම අපිට ඩම්බල්ඩෝර් හැරෙන්න තව ගොඩාක් හුරුපුරුදු දේවල් දකින්න හම්බුණා. ඒ වගේ තව දෙයක් තමා මැගෝනිගල් මහාචාර්යතුමිය. අවංකවම මං ප්‍රොෆෙසර් මැගෝනිගල් මේකෙ ඉන්නවා කියලා දැනගත්තෙ ෆිල්ම් එක බලද්දිමයි. ඒක දැක්කම ආපු හැගීම නිකන් අම්මා කෙනෙක්ව දැක්කා වගේ. මොකද ඕනම හැරී පෝටර් පිස්සෙක් දන්නවා මැගෝනිගල් කියන්නෙ හොග්වර්ට්ස් වල හිටපු අම්මා වගේ කෙනෙක් කියලා. චරිතෙට තෝරගෙන තියෙන නිළිය (ෆියෝනා ග්ලාස්කොට්) නම් ඒ චරිතෙට කරන්න ඕනා උපරිම සාධාරණය කරනවා. පෙනුම, ගමන, වචන උච්චාරණය, හැසිරීම ඒ හැම දෙයක්ම ඒ විදිහමයි. නමුත් ඒ සතුටත් එක්කම දුකකුත් ආවා. මොකද හැබැයි කතාව ලියද්දි රොලීන්ම වරද්දපු ලොකුම ලොකු තැනක් තමා මේ. මේ වැරැද්ද කොහොමටවත් මකන්න බැරි වැරැද්දක්. මොකද මේ සිදුවීම වෙන්නෙ 1927 අවුරුද්දෙ. ඊට පස්සෙ ඊට අවුරුදු 10කට විතර කළිනුත් අතීත දර්ශන වගයක මින(ර්)ව ඉන්නවා. නමුත් ඇත්තටම මැගෝනිගල් ඉපදෙන්නෙ 1935 ඔක්තෝම්බර් 4. Pottermore වෙබ් අඩවියේ මේක කියලම තිබ්බා. ඉතිං ඒ අනුව නම් මේ කරලා තියෙන වැරැද්ද අපි වගේ හැරී පෝටර් පිස්සොන්ට නම් එසේ මෙසේ වැරැද්දක් නෙවේ. හැබැයි කෙනෙක්ට කියන්න පුළුවන් මේ ඉන්නෙ මිනර්වගේ අම්මා වෙන්න පුළුවන් කියලා මොකද ඇල්බස් එයාට කතා කරන්නෙ නමේ අග කෑල්ල වෙන මැගෝනිගල් කියන නම කියලා විතරයි. ළමයිනුත් එහෙමයි. ඒත් එයාගෙ අම්මා වෙන ඉසබෙල් මැගෝනිගල් ඉපදෙන්නෙත් 1917 අවුරුද්දෙ. ඒ නිසා අවුරුදු 12ක් වගේ වෙන කෙනෙක්ට හොග්වර්ට්ස් වල ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න බෑ. හැබැයි කෙනෙක්ට කියන්න පුළුවන් එහෙනම් මේ ඉන්නෙ මින(ර්)වගෙ ආච්චි වෙන්න ඇති කියලා. නමුත් එතන එන ප්‍රශ්නෙ තමා මින(ර්)වගෙ ෆැමිලි ට්‍රී එක දිහා බැලුවොත් පේනවා මින(ර්)වගෙ නමට මැගෝනිගල් කියන කෑල්ල එකතු වෙන්නෙ එයාගෙ තාත්තගෙන් කියලා. නමුත් තාත්තා මග්ල් කෙනෙක්. ඒ වගේම එයාගෙ ආච්චිත් මග්ල් කෙනෙක්. ඉතින් මේ ඉන්නෙ කීයටවත් මින(ර්)වගෙ ආච්චි වෙන්න බෑ. අනික මං දැන් pottermore වෙබ් අඩවියට ගිහිල්ලා මිනර්වගෙ ප්‍රොෆයිල් එක බලද්දි එයාගෙ උපන් අවුරුද්ද අයින් කරලා තියෙනවා දැක්කා. ඒ කියන්නෙ මොකක් හෝ වැරැද්දක් වෙලා තියෙන නිසා වෙන්න ඕනනෙ. රෝලින් මේ දේ මොන අදහසකින් කළාද කියලා නම් හිතාගන්න බෑ. හැරී පෝටර් පිස්සෙක් විදිහට ප්‍රොෆෙසර් මැගෝනිගල්ව ඒ විදිහට මේ ෆිල්ම් එකට ගෙනාපු එක ගැන හරිම සතුටුයි, නමුත් කාල රේඛාව වරද්දපු එක ගැන නම් ගොඩක් හිතට දුකයි. අපි දැනට හිතමු රෝලින් මේ වැරැද්ද කරලා තියෙන්නෙ මොකක් හරි ලොකු අරමුණකින් කියලා. බලමු ඉස්සරහට.

මෙතෙන්දීම මතුවෙන අනිත් කාරණය තමයි මැක්ලැගන් කියන නම්. මතකද Half-Blood Prince එකේදි කෙළ හල හල හමයිනිව ලයින් කරපු කොල්ලා, කෝමක් මැක්ලැගන්ව? ආ… අන්න එයාගෙ අතීත නෑදෑ කෙනෙක් තමා අර ඩම්බල්ඩෝර් ඉස්සරහා ට්‍රැවර්ස්ට තගක් දාන්නෙ. ඩම්බල්ඩෝර් “Thanks McClaggan” කියනකොටම මට හිතුනා යකෝ මේ අරූගෙ සීයා කෙනෙක්වත් නේද කියලා. තව අපිට නිකමට කියන්න පුළුවන් එතන මැල්ෆෝයිලා කවුරු හරිත් හිටියා කියලා. මොකද සුදු පාට කොන්ඩේ තියෙන ස්ලිදරින් කෙනෙක් සාමාන්‍යයෙන් මැල්ෆෝයි කෙනෙක් කියලා අනුමාන කරන්න පුළුවන්.

ඩම්බල්ඩෝර් ගැන කතා කරපු නිසා නොකියම බැරි කාරණයක් තමා ඇල්බස් කියන්නෙ ලෝක කපටියෙක් කියන එක. තමන්ට කරගන්න ඕන වැඩේ කොහොම හරි, මොකක් හරි හේතුවක් පිට දාලා (හේතුව සාධාරණයි බොහෝ දුරට) වෙන කාව හරි බිල්ලට දීලා කරගන්න එක.බළලුන් ලවා කොස් ඇට බෑවීමක් තමා ඇල්බස් කරන්නෙ. හැරී පෝටර් සීරියස් එකේ හැරීව ඇපේට තිබ්බා, දැන් නිව්ටන්ව ඇපේට තියනවා. හෙ හේ…

තව කතා කරන්න වෙන චරිතයක් තමා ලීටා ලෙස්ට්‍රේන්ජ්. ලීටා ලෙස්ට්‍රේන්ජ්(කළින් ෆිල්ම් එකෙත් මේ නම සඳහන් කළා මතක ඇතිනෙ) කියන්නෙ ලෙස්ට්‍රේන්ජ් පවුලේ ලේ සාමාජිකාවක් කියලා ඔයාලට සිනමා පටය බලද්දි දැනගන්න පුළුවන්. ලොකු විස්තරයක් මෙයා ගැන කියන්න නෑ. නමුත් මේ නම අහපු ගමන්ම අපිට මතක් වෙන්නෙ වෙන කාටවත් වඩා බෙලට්‍රික්ස් ලෙස්ට්‍ර්න්ජ්ව. නමුත් බෙලට්‍රික්ස් කියන්නෙ ලෙස්ට්‍රේන්ජ් පවුලේ ලේ සාමාජිකයෙක් නෙවෙයි. රෝඩොල්ෆස් ලෙස්ට්‍රේන්ජ්ව විවාහ කරගත්තට පස්සෙ තමා බෙලට්‍රික්ස්ට ලෙස්ට්‍රේන්ජ් කොටස එකතු වෙන්නෙ. (මේ රොඩොල්ෆස්ගෙ තාත්තාව අපිට දැකගන්න පුළුවන් Half-Blood Prince සිනමාපටයේ අතීත දර්ශන වලදි.) නමුත් බෙලට්‍රික්ස් කියන්නෙ බ්ලැක් පවුලේ ලේ සාමාජිකාවක්. (සමහර අය තවත් නොදන්න කරුණක් තමයි මේ බෙලට්‍රික්ස් සහ ලුසියස් මැල්ෆෝයි විවාහ වෙලා ඉන්න නාසිසා මැල්ෆෝයි කියන්නෙ එක කුස උපන් සහෝදරියො කියන එක.) ලීටයි නිව්ටුයි සම්බන්ධ දර්ශන වලින් මට හිත ගිය එක දර්ශනයක් තමයි අර පොඩි කාලෙ නිව්ට් ලීටට පික්ව පෙන්නන තැන. එතන සිදුවීම ටිකක් හැරී පෝටර් අන්තිම ෆිල්ම් එකේදි පෙන්නන සෙවරසුයි ලිලියි පොඩි කාලෙ එකට ඉන්න සිදුවීමට සමානයි වගේ මට නම් තේරුණේ. අහෝ සෙවරස්!

ඔන්න අපිට ආයෙමත් ඩත්ලි හැලෝව්ස් ලෝගෝ එකත් දකින්න පුළුවන් හොග්වර්ට්ස් වලදි. ආයෙ අපි අර පොඩි කාලෙ ඩෙස් වල කෙල්ලගෙයි කොල්ලගෙයි මුල් අකුරු ලියන්නෙ ධන ලකුණ දාලා, අන්න ඒ වගේ L (ලීටා) + N (නිව්ට්) කියලත් ඩෙස් එකක ලියලා තියෙනවා පේනවා.

අනිත් කාරණය තමයි මිර(ර්) ඔෆ් එරිසෙඩ්. මතකද අර හැරී පළවෙනි ෆිල්ම් එකේදි තමන්ගෙ හිතේ තියෙන ආසම දේ පෙන්නන කණ්නාඩියක් දිහා බලාගෙන හිටියා? අන්න ඒ කණ්නාඩියට තමා මිර(ර්) ඔෆ් එරිසෙඩ් කියන්නෙ. මෙතෙන්දි අපිට බලාගන්න පුළුවන් ග්‍රින්ඩ්ල්වෝල්ඩ් සහ ඩම්බල්ඩෝර් බ්ලඩ් පැක්ට් එකක් හදනවා. ඒ වගේම තමා ෆිල්ම් එකේදි ආයෙම අන්බ්‍රේකබ්ල් වාව් එක ගැනත් කියවෙනවා. මේ බ්ලඩ් පැක්ට් එක සහ අන්බ්‍රේකබ්ල් වාව් එක අතර වෙනස තමා අන්බ්‍රේකබ්ල් වාව් එකක් කරන්න තුන්දෙනෙක් ඕනා. එක්කෙනෙක් පොරොන්දුව ගන්න කෙනා, එක්කෙනෙක් පොරොන්දුව වෙන කෙනා සහ අනිත් කෙනා පොරොන්දුව සීල් කරන කෙනා. අන්බ්‍රේකබ්ල් වාව් එකේ බලපෑම පොරොන්දු වෙන කෙනාට විතරයි තියෙන්නෙ. පොරොන්දුව කැඩුවොත් පොරොන්දු වුණ කෙනා විතරයි මැරෙන්නෙ. නමුත් බ්ලඩ් පැක් එකේදි ඕන වෙන්නෙ දෙන්නෙක් විතරයි. ඒ වගේම ඒකෙ බලපෑම දෙන්නටම තියෙනවා. තවම බ්ලඩ් පැක්ට් එකක් කැඩුවොත් මොකද වෙන්නෙ කියලා හරියටම දන්නෙ නෑ. ඒක දැනගන්න තව අවුරුද්දක් වගේ ඉන්න වෙනවා. කොහොමත් අනිවාර්යෙන්ම ඒක කඩන්න වෙනවා. මොකද නැත්නම් ඩම්බල්ඩෝර්ටයි ග්‍රින්ඩ්ල්වෝල්ඩ්ටයි සටන් කරන්න බැරි වෙනවා. සටනත් අනිවාර්යෙන්ම යන නිසා කොහොම හරි ඒක කඩන්න ක්‍රමයක් හොයාගයි.

මතකද Order of the Phoenix ෆිල්ම් එක. ඒකෙ හිටිය, කෙනෙක් මැරෙන හැටි ඇස් දෙකෙන් දැකපු අයට විතරක් පේන සත්තු ජාතිය මතකද? අර ලුනා ආදරෙන් බලාගන්නෙ? තෙස්ට්‍රල්ලා. මේ සිනමාපටයෙත් ඔන්න අපිට ආයෙම ඒ සත්තු ජාතිය බලාගන්න පුළුවන්. පටන් ගන්නකොටම ග්‍රින්ඩ්ල්වෝල්ඩ්ව අරගෙන යන කරත්තෙ ඇදන් යන්නෙ උන් තමා.

නිකොලස් ෆ්ලැමෙල්ව මතකද? එහෙනම් ෆිල්ම් එකේදි ඔයාලට එයාවත් බලාගන්න පුළුවන්. ඒත් එක්කම එයා හදපු ෆිලෝසොෆර්ස් ස්ටෝන් එකත් බලාගන්න පුළුවන්. දැන් අහන්න නම් එපා ෆිලෝසොෆර්ස් ස්ටෝන් කියන්නෙ මොකද්ද කියලා නම්. මුල්ම හැරී පෝටර් ෆිල්ම් එක බැලුවා නම් ඒ ප්‍රශ්නෙ විසඳෙයි. පොඩ්ඩක් අවධානෙන් මේ ෆිල්ම් එක බලන්න. එතකොට ඔයාලා ස්ටෝන් එක දකියි.

අවසාන වශයෙන් නගීනි. කවුද දැනන් හිටියෙ නගීනි කියන්නෙ ඉස්සර මෙච්චර ලස්සන කෙල්ලෙක් කියලා. නගීනි කියන්නෙ මෙලඩික්ටස් කෙනෙක්. මෙලඩික්ටස් කෙනෙක් කියන්නෙ ලේ ශාපයක් තියෙන ගැහැණු කෙනෙක්ට. මේ ශාපෙ තියෙන කෙනෙක් අන්තිමේදි සදාකාලිකවම සතෙක් බවට පත් වෙනවා. මුල් කාලෙදි මෙටමෝර්ෆ්මේගස් කෙනෙක්ට වගේ කැමති වෙලාවක ස්වරූපය වෙනස් කරගන්න පුළුවන්. නමුත් කාලයත් එක්ක ක්‍රමයෙන් ඒ හැකියාව නැති වෙලා යනවා.

මෙතනින් පස්සෙ ෆිල්ම් එකේ වැදගත්ම කොටස ගැන ලියලා තියෙන නිසා ෆිල්ම් එක නොබලපු කට්ටිය දැන්ම මේක නොකියවනවා නම් හොඳයි කියලා මං කියනවා.

කතාවෙ වැදගත්ම දේ තමා අන්තිමට කවුද මේ ක්‍රීඩන්ස් කියන්නෙ කියන එක. ග්‍රින්ඩ්ල්වෝල්ඩ්ට අනුව ක්‍රීඩන්ස්ගෙ ඇත්ත නම තමයි ඔරේලියස් ඩම්බල්ඩෝර්. මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ඩම්බල්ඩෝර්ගෙ පවුලෙ දැනට අපි දන්න ප්‍රධාන සාමාජිකයො වෙන්නෙ ඇල්බස්ගෙ තාත්තා වෙන පර්සිවල් ඩම්බල්ඩෝර්, ඇල්බස්ගෙ අම්මා වෙන කෙන්ඩ්‍රා ඩම්බල්ඩෝර්, ඇල්බස්ගෙ මල්ලි වුණ ඒබර්ෆෝත් ඩම්බල්ඩෝර් සහ නංගි වෙච්ච ඇරියානා ඩම්බල්ඩෝර්. නමුත් රෝලින් තැනක කියලා තිබ්බා ඩම්බල්ඩෝර් පවුල ගැන මීට වඩා දේවල් තියෙන්න පුළුවන් කියලා. මේ අළුත් කාරණය එක්ක අපිට උපකල්පන කීපයක් කරන්න පුළුවන්. මුල්ම එක තමා ග්‍රින්ඩ්ල්වෝල්ඩ් මේ කියන්නෙ බොරුවක් කියන එක. මොකද ග්‍රින්ඩ්ල්වෝල්ඩ්ට ඕනා කොහොමින් හෝ තමන්ගෙ වැඩේ කරවගන්න විතරයි. ඒ නිසා මේක ක්‍රීඩන්ස්ව නම්මවන්න කියන බොරු කතාවක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ උපකල්පනය යම්තාක් දුරකට බොරු කියලා හිතෙනවා අර ෆීනික්ස් කුරුල්ලා නිසා. මොකද ඕනම උදව් ඕන අවස්ථාවකදි ඩම්බල්ඩෝර් පවුලේ ඕනම කෙනෙක් ළඟට ෆීනික්ස් කෙනෙක් එනවා කියන ඩම්බල්ඩෝර්ගෙ කතාව නිසා. මේ කාරණය හරිම වැදගත් කාරණයක්. මොකද ෆීනික්ස්ලා එහෙම ලේසියෙන් හීලෑ කරන්න පුළුවන් සත්තු ජාතියක් නෙවෙයි. එහෙම දැනට හීලා විදිහට ඉඳලා තියෙන්නෙ ෆීනික්ස්ලා දෙන්නයි. ඒ නවසීලන්ත ක්විඩිච් කණ්ඩායමක හිටපු ස්පාකි කියන ෆීනික්ස් කුරුල්ලයි අපි හැමෝම දන්න ඇල්බස් ඩම්බල්ඩෝර්ගෙ ෆෝක්ස් කියන ෆීනික්ස් කුරුල්ලයි. නමුත් දැන් ෆිල්ම් එකේ කියන දෙන්නත් එක්ක හතරයි. කෙනෙක්ට කියන්න පුළුවන් දැන් මේ ෆෝක්ස් කියන්නෙ අර කියපු ඩම්බල්ඩෝර්ගෙ සීයා කෙනෙක් ළඟ හිටපු ෆීනික්ස් කුරුල්ලා වෙන්න පුළුවන්නෙ කියලා. නෑ. මොකද ෆීනික්ස්ලා හරිම පක්‍ෂපාතී සත්තු ජාතියක්. කොච්චරද කියනවා නම් බැරිවෙලාවත් අයිතිකාරයා මැරුනොත් එයාලා එතනින් යනවා මිසක් තවත් අයිතිකාරයෙක් ළඟට යන්නෙ නෑ. ඩම්බල්ඩෝර් මැරුනාමත් වෙන්නෙ ඒකයි. මතක ඇතිනෙ The Half-Blood Prince එකේ අන්තිමට ෆෝක්ස් හොග්වර්ට්ස් වලින් ඈතට පියාඹලා යනවා පෙන්නනවා. මං ෆීනික්ස්ලා ගැන කියෙව්වා වැඩිද මංදා. කොහොම හරි ක්‍රීඩන්ස්ටත් දැන් ෆීනික්ස් කෙනෙක් ඉන්න නිසා මෙයා ඩම්බල්ඩෝර් කෙනෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. හැබැයි මේ ෆීනික්ස්ට කියන නමක් නම් අපි තවම දන්නෙ නෑ.

අනිත් කාරණය තමයි සමහරු කියන විදිහට මේ ක්‍රීඩන්ස් කියන්නෙ ඇරියානගෙ පුතා වෙන්න පුළුවන් කියලා. මොකද අපි දන්නවානෙ ඇරියානට මග්ල් පිරිමි ළමයි වගයක් කරදර කළා කියලා. එතෙන්දි වුණ සිදුවීමක් නිසා මෙයාට ළමයෙක් හම්බුණා වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි මම නම් ඒ තියරිය ප්‍රතික්ෂේප කරනවා, මොකද ඇරියානට ඒ සිදුවීම වෙද්දි වයස අවුරුදු 6යි. ඒ කියන්නෙ ළමයෙක් හම්බෙන්න තරම් වයසක් නෑ ඇරියානට. ඒ නිසා මං නම් ඒ කතාව එතනින්ම බැහැර කරනවා.

අනිත් කතාව තමයි ඇල්බස්ගෙ තාත්තා අස්කබාන්වල ඉන්න අතරතුරේ හිරෙන් පැනලා වෙන කොහේ හරි ජීවත් වෙද්දි ඇති වුණ සම්බන්ධයකින් ක්‍රීඩන්ස් ඉපදුනා වෙන්න පුළුවන් කියන එක. කොහොම වුණත් ක්‍රීඩන්ස් කියන්නෙ ඇල්බස්ගේම සහෝදරයෙක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම වෙනවා නම් ඥාති සහෝදරයෙක් වෙන්නම ඕනා. ඉතිං ඒ කතාව ටිකක් විශ්වාස කරන්න පුළුවන්. (කොහොම නමුත් පර්සිවල් හිරෙන් පැන්නා නම් එයා අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන් ආපහු හිරේට ගියා වෙන්නම ඕනා පැන්නට පස්සෙ අහු වෙලා, මොකද එයා අන්තිමට මැරෙන්නෙ හිරේදිම නිසා. ) තව කාරණයක් තමයි ගොඩක් අය හිතන්නෙ අර නැවේ හිටියෙ ක්‍රීඩන්ස්ගෙ අම්මා කියලා කියන එක. නෑ ඒ ඉන්නෙ ක්‍රීඩන්ස්ගෙ නැන්දාවෙන කෙනෙක්. ඔයාලා කාස්ට් ලිස්ට් එක බැලුවා නම් ඒ ඉන්නෙ ක්‍රීඩන්ස්ගෙ නැන්දා කෙනෙක් කියන එක කියලා තියෙනවා. එතෙන්දි මතුවෙන එක කාරණයක් තමයි ඒ නැන්දා සමහර විට ඩම්බල්ඩෝර් පවුලේ සාමාජිකාවක් වෙන, හරියටම පර්සිවල්ගෙ සහෝදරියක්ද නැත්නම් කෙන්ඩ්‍රාගෙ සහෝදරියක්ද කියලා දන්නෙ නැති ඔනෝරියා කියන කෙනා වෙන්න පුළුවන් කියන එක. එහෙම වුණොත් සමහර විට පර්සිවල් එයාව ආයෙත් හිරේට ගෙනියනවා කියන එක දැනගෙන ඔනෝරියාට ළමයව බලාගන්න කියලා දුන්නා වෙන්නත් පුළුවන්. මට නම් හිතෙන විදිහට මේ තියරිය තමා හොඳටම හරියන්නෙ. අනේ මංදා, කොහොම නමුත් හරිම දේ දැනගන්න අපිට ඊළඟ ෆිල්ම් එක එනකම්ම ඉන්න වෙනවා. යන ගමන් තවත් කාරණයක් කියන්නම්. ඇරියානා කියන්නෙ ඔබ්ස්කියුරියල් කෙනෙක් කියලත් කතාවක් යනවා දැන්. එයා ගැන අපි දන්න විදිහට එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. එයා එබර්ෆෝත්, ඇල්බස් සහ ගැලට් අතර වෙච්ච සටනින් අනපේක්‍ෂිත විදිහට මැරෙද්දි එයාට වයස අවුරුදු 14යි. සාමාන්‍යයෙන් ඔබ්ස්කියුරියල් කෙනෙක් අවුරුදු 10ට වඩා වැඩියෙන් ජීවත් වෙන්නෙ නෑ කියන එක කළින් ෆිල්ම් එක බලපු ඔයාලා දන්නවා ඇතිනෙ. ඉතින් මේ ඇරියානා ඔබ්ස්කියුරියල් කෙනෙක් කියන කතාව ඇත්ත නම්, එයා අර විදිහට නොමැරුනා නම්, සමහර විට එයා ක්‍රීඩන්ස්ටත් වඩා ප්‍රබල ඔබ්ස්කියුරියල් කෙනෙක් වෙන්න ඉඩ තිබුණා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි HD/ Web/ Blu-Ray සහ EXTENDED පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 76341 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

226 thoughts on “Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitles | අනන්‍යතාවය සොයා [සිංහල උපසිරසි සමඟ]

  • Anonymous

    please audio track eka danna english hari sinhala hari me website ekema download karaganna puluwan widihata

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • Harry poter return hoggords ekt sub eka dennko

    Reply
  • වසබ් එකට ස්තුතියි

    Reply
  • පූස් මාමගෙ සබ් එක්ක ෆිල්ම් එකක් බලන්න පට්ට පෙරේතකමක් තියෙන්නෙ.සබ් එක නම් ගින්දර සහෝ ආයෙ ඉතින් වරදක්ම නෑ.රටක් වටින ලිපියටත් බොහොම පිං!!!

    Reply
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි! ✌❤
    ජය වේවා! ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • Emily කියල ටිවි සිරියස් එකක් තියෙනව පුලුවන්නම් සබ් අරන් එන්න

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • Kala karu12

    Thanks sub ekat.jaya sri.

    Reply
  • Binara Waduge

    බොහොම ස්තූතියි සබ් එකට ❤

    Reply
  • sayuru_tharanga

    Godak sthuthi sahoo…..

    Reply
  • Radin Reanula

    Thank you very much bro

    Reply
  • මොළ කකුලුස්

    උඩ තියන විස්තර ටික නම් හොදටම හොඳයි යාලුවා…ඒ ටික ගොඩක් වටිනව….Sub එකත් ඒ වගේම හොදයි……….ජය වේවා…නොනැවතී ඉදිරියට ම යමු…….

    Reply
  • Nishanpradeep95

    Tnx suba pathum issrahata krnna plwn wewa..

    Reply
  • prasanga sanjeewa

    thanks sub ekata

    Reply
  • Vishwa Basnayake

    Thanks for the sub bro

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Thank bro.

    Reply
    • Ashen Deven

      Thanks saho…. Respect all of you saho

      Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Dimuthu Chathuranga

    thanks Bro…!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • Greatest Lord

    Extended cut ද? 😉

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා…….!

    Reply
  • Shan Kenway

    extended ekata sub eka dennako

    Reply
  • Thanuj deshan1

    Thanks for sub brother

    Reply
  • film eke extended version ekata sub eka dennako…

    Reply
  • isuru.madushan62

    ((the kid who would be king)) me movie eke sub eka danawada

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thank you brother…..

    Reply
  • gavin hesara

    ලීටා ලෙස්ට්‍රේන්ජ් i love you කියන්නෙ තීසියස් ට ද , නීවුට් ට ද ????

    Reply
  • Sajithlakshan

    thanks …………………

    Reply
  • chanuka_rox

    Thank sbtitles ekata

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • hashenperera

    elaaaaaaaaaaaaaaaaaa………

    Reply
  • lalithrathnayaka

    Thanks!!!!!!!!!!!@!;,,,,,,,,,,,!!!!@sub ekata”””””””

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo jaya …

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    Bluray එක එනකම් බලන් හිටියේ…

    Reply
  • thanks bro sub ekata

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thank You for the sub…..!

    Reply
  • Shehan putha

    thanks bro….super

    Reply
  • Kavindu Gayan SKG

    Thank You bro , ෆිල්ම් එකේ br එනකම් ඇගිලි ගැන ගැන හිටියේ.. thanks ban

    Reply
  • Eranda Malith 2.0

    සබ් එකට ගොඩක් ස්තූතියි ⁣මචන් ජයවේවා

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි……….. ජයවේවා……..!!!!!!!!!!

    Reply
  • Pavankavinda

    Webrip ekt sub dendoooooooooooooooooooooooooo

    Reply
  • neelsniranjan

    Still not Webrip 🙁

    Reply
  • Anjana ariyasingha

    webrip update karanna

    Reply
  • Pavankavinda

    Webrip ek dhllko bn

    Reply
  • Pavankavinda

    Webrip ekata sub ek denne ndda bn

    Reply
  • Jayawikrama

    Thanks bro suba jaya wewa…!

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Ela machoo thanks me karana sewawata

    Reply
  • HummerDanu

    web rip ekata sub eka one

    Reply
  • thanks man for the sub

    Reply
  • ShariAllen

    Web ek awilla…. update krndoooo

    Reply
  • DasunPancha

    Machan 720p walata sub eka update karannako

    Reply
  • Thilankadissanayake

    Bohoma sthuthui….

    Reply
  • Pavankavinda

    Webrip ekata sub eka dhan kollane.jayawewa

    Reply
  • Madhawa_Rajapaksha

    thanks for sub. please update webrip.

    Reply
  • sayuru_tharanga

    Godak sthuti sahoo

    Reply
  • Sasindu Dananjana

    web copy ekata
    sub update karannako

    Reply
  • kaweesha kalyana

    thanks for sub bro keep it up…

    Reply
  • sorry to bother you dyanko machan…..

    Reply
  • web copy ekta sub dennko

    Reply
  • pattama ptatta thanks$$$ *for* #sub#

    Reply
  • Thilina@baiscope

    Supiri.thnkz hode.

    Reply
  • උපසිරැසියට තුති!

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි .

    Reply
  • චානක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සින්හල උපසිරැසියට, සුපිරි ෆිලුමක්නෙ දීල තියෙන්නෙ, එනකම් බලාගෙන හිටියෙ සබ් එක.

    Reply
  • ksjayalath

    උපසිරැසියට ස්තූතියි.. ජය වේවා…

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

    Reply
  • Siraj Priyantha

    ස්තූතියි පැන්තරයෝ….!!

    Reply
  • Lakindu2003

    Mata kawruhari me game eke download link eka dannako

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • damith_janaranjana

    Thanks bron

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Grindelwald බේරගන්න කෙනා ඇබෙනති ගැන විස්තරයක් කරන්න පුළුවන් නම්…

    Reply
  • thank you saho…..

    Reply
  • vishwanathmadhushanka

    Elama machn thanks sub ekata

    Reply
  • ආර් .වී෴

    නගිනී කියන්නෙ වෝල්ඩමොර්ට් එක්ක හිටපු අර ඇනකොන්ඩා බන්.. .. හැරිපොට ෆිල්ම් එක 6 හෝ 7 පොඩ්ඩක් බලන්න

    Reply
    • Jerome Valeska

      මං දන්නවා සහෝ. 6, 7 නෙවේ, මුලින්ම නගිනිව පෙන්නන්නෙ HP 4 වෙනි ෆිල්ම් එක පටන් ගන්නකොටම. මෙතන මං නගිනි කියන්නෙ වොල්ඩර්මෝට්ගෙ පිඹුරා කියන එක නොකිවුවෙ හැරී පෝටර් බලන ඕන කෙනෙක් නගීනි කියන්නෙ කවුද කියන එක හොඳාකාරවම දන්න නිසා. මේ ෆිල්ම් එකේ පෙන්නන්නෙ නගීනිගෙ ඔරිජින් ස්ටෝරි එක. මේ ෆිල්ම් එකේදි වොල්ඩර්මෝට් ළඟට එන්න කළින් නගීනි කියන්නෙ කවුද කියන එකයි පැහැදිළි කරන්නෙ.

      Reply
  • Thanks ……………….good luck ……………….The exorcist season 02 valata sub denna …………………………

    Reply
  • හැරී පෝටර් විශ්වයේ තවත් ෆිලුමක්! උපසිරසට තුති!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………………..

    Reply
  • Chathuranga Pramod

    කොහොම වුණත් ග්‍රින්ඩවෝල්ඩ් ව unarmed කරන්නේ ඩම්බල්ඩෝ අතින්. මම දැක්කා ෆිලුමේ එක තැනක ග්‍රින්ඩවෝල්ඩ් master wand එක අතේ තියාගෙන ඉන්නවා

    Reply
  • උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Kasunsandeepa95

    මේකනන් එනකම්ම බලන් හිටපු එකක්. ❤️❤️ සබට තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • pubudu5566

    sub ekata thanx bro

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ….
    ලිපියනම් සුපිරියටම තියෙනවා,,,
    BR එක ආවම තමයි ඉතින් බලන්න වෙන්නේ..
    ජය ….:D

    Reply
  • Nimesh sasanka

    fatta lepiya saho..sub ekatath thnks

    Reply
  • ඔරේලියස් ඩම්බල්ඩෝර් සබට තෑන්ක්ස් වේවා බ්‍රෝ… ට්විස්ට් එක නම් මරු. 2020 වෙනකල් ඉන්න එක තමයි කස්ට.

    Reply
  • Chanmatara

    Thanx සහෝදරයා

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • Kavishka_JR

    සින්හල සබ් එනකන් බලාගෙන ඉදපු ෆිල්ම් එකක්.සබ් එකට තෑන්ක්ස් සහෝ..

    Reply
  • Sub ekata thanx. Balagena hitapu film ekak. Lipiyath elatama thiyenawa. Ela wedak.

    Reply
  • prageeth chamalka

    TnQ saho…………

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ලිපියත් බොහොම ලස්සනට ලියලා තියේ..ගොඩක් විස්තර දැගත්තා…BR ආව ගමන් බලමු..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • දැන්ම බලන්නේ නෑ….ලිපියට ස්තුති සහෝ……

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.
    බලන් හිටපු ෆිලුමක්.

    Reply
  • Dhanushka Prabath

    Thanks bn.

    Reply
  • Amilperera

    Thnks broo sub ekata

    Reply
  • sathyajith

    Thanks for the sub

    Reply
  • #Night_School 2018 sub එක ඕනි යාළු..

    Reply
  • ස්තුතියි සහෝ.. sub එකට

    Reply
  • Samanthatest

    Thanks sub ekata. (The manchurian candidate 2004 – sub eka dennako)

    Reply
  • chathuvimu

    linke ekak nadda kawruwath langa?

    Reply
  • CMpvtltd12345

    Thibuna hadissiyata english sub ekath ekath ekka baluwa kalinma..balaagena hitiye sub eka denakal..Thankz Bro..! jaya..

    Reply
  • prabhathmadushanka

    godak dawas balan hitiyaaa thnx sub ekata

    Reply
  • ලොවෙත් නෑ බ්‍රෝ මල් කෝටියයි..
    මේ අවුරුද්දෙ කරපු ලොකුම මෝඩ වැඩක්
    මේ මුවි එක කැම් කොපියකින් බලපු
    එක
    සෑහෙන අපරාදෙ
    වෙබ් හරි බීආර් හරි ආවාම බලනව බ්‍රෝ
    තෑන්ක්ස් ජය වේවා
    ලිපියකුත් එක්කම අප්ඩේට් එකක් ඕන
    නැත්තන් මොකද්ද වගේ……

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Elakiri thanx sub ekata!!

    Reply
  • wathsalawickramasinghe

    Thank you very much

    Reply
  • gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි….ජය වෙිවා…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

    Reply
  • sanjulamadushan

    Amboo Ambooo Amboooo Enakam Hitiye Bro..
    ThanQ Godaak..

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *