Gun Woman (2014) | ගිනි අවිය රැගත් ගැහැනිය. (18+) [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මගේ 5වන උපසිරැසියත් අරන් මං ආවා. Dus (2005), Krishna Cottage (2004), Shaapit (2010), Rudraksh (2004) හිංදි ෆිල්ම් 4 මං එක දිගට ගෙනාවනේ. මං මගේ 5වෙනි සබ් එක විදියට තෝරගත්තෙ 2014 ආපු සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ හොඳ කොපියක් ඇවිත් දවස් 3,4ක් වෙනවා හැබැයි. පුළුවන් ඉක්මනට කරලා ගෙනාවා ඉතින්. මං ගොඩක්ම ඉංග්ලිශ් ෆිල්ම්ස් වලින් බලන්නේ, හොල්මන්, ඇක්ශන් තියෙන ඒවා තමා. ඇනිමේෂන් ඒවත් හෙනට බලනවා. මේක මං බැලුවට පස්සේ හිතුණා මේකට සබ් දුන්නා නම් හොඳයි කියලා.
දැන් ෆිල්ම් එක ගැන විස්තරයක් දෙන්නම්කො..ෆිල්ම් එකේ නම Woman Gun. ඒ කියන්නේ ගිනි අවියක් රැගත් කාන්තාව කියලනේ. ෆිල්ම් එක රිලීස් උණේ පෙබරවාරි 24 වෙනිදා. හොඳ කොපියක් ඉතින් ළඟදිනේ ආවේ. මේ ෆිල්ම් එක English – Japanese මික්ස් වෙච්ච ෆිල්ම් එකක්. මිනිත්තු 86ක් පුරා දිවෙන මේ ෆිලුම Action, Fantasy ගණයට අයත් වෙනවා.
දැන් කතාව ගැන කියන්නම්කො..මේක මහා අමුතු විදියකට පටන් ගන්නෙ,සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් පටන් ගන්න විදියට නෙමෙයි පටන් ගන්නෙ. මං එහෙම කිව්වේ ඇයි කියලා ඔයාලා මේක බාගෙන play කරාම දැනගනි. උන්මන්තකයො කට්ටියක්(කාමාතුරයෝ) ඩොක්ටර් කෙනෙක්ගේ බිරිඳක්ව දූෂණය කරලා මරනවා ඒ ඩොක්ටර් ඉස්සරහම..ගොඩක් ගෑනු අයට ඒ විදියටකරනවා ඒ කට්ටිය.අර ඩොක්ටර් ගෑනු කෙනෙක්ව පුහුණු කරනවා ලෝකෙ ඉන්න හොඳම මිනීමරුවා විදියට. ඒ ගෑනු කෙනා මාර්ගයෙන් අර උන්මන්තකයෝ ටික මරලා දාන්න. ඒ ගෑනු කෙනාව මේ දේ කරන්න පුළුවන් තත්වෙට පත් කරන්නේ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. අර මිනිස්සුන්ව මරන්න කියලා අර ගෑනු කෙනාට දෙන තුවක්කුවත් කොහෙද හංගන් ඉන්නෙ කියලා ඔයාලා මේක බලද්දි දැනගනි. පුදුම වෙන්න එපා හොදද එහෙමත් කරන්න පුළුවන්ද කියල. මේ ගෑනු කෙනාට අර කට්ටියව මරන්න පුළුවන් වෙයිද? අර මං කීව තුවක්කුව කොහෙ තියන්ද ගෑනු කෙනා යන්නේ? මේවට උත්තර දැන ගන්න නම් මේ සුපිරි ෆිල්ම් එක බලන්නකො.. මං තව ෆිල්ම් එකක් අරන් ආයිත් එන්නම්. තෙරුවන් සරණයි!!
අවුරුදු 18ට වැඩි අය මේ ෆිල්ම් එක බලනවනම් ගොඩක් හොඳයි. මොකද වැඩිහිටියන්ට තමා වඩාත් සුදුසු. (මෙහෙම කිව්වට අනිත් අය නොබලම ඉදීනේ..!!)
6376 downloads
අනේ කරුණාකරලා මේ වාගේ කිසිම වැඩක් නැති ෆිල්ම් පරිවර්තනය කරන්න එපා. සිංහලෙන් බලන්න කැමති නිසා ඩවුන් ලෝඩ් කරගත්තත් අන්තිමට අපරාදේ කියලා හිතුනා.
මම මේ film එක බලන ගමන් තමයි මේ comment කරන්නේ බාගෙට බාගයක් sub නෑ දැනට විනාඩ් 17 ක් බැලුවා මෙදැන් බගත්තු සින්හල sub Delete කරා Subscene එකෙන් English sub බාගත්තා (උච්චාරනයෙන් විතරක් තේරුගන්න මදි නිසා) . මගේ ඉංග්‍රීසි දැනුම perfect නෑ ඒත් මේකේ ගොඩක් තැන්වල අදහස ගෑවිලවත් නැ.
මචන් මේ වගේ ගෝත film නම් දෙන්න එපා ආය හොදේ… මෙලෝ රහක් නෑ. phone කැමරාවකින් ද කොහේදෝ අරන් තියෙන්නේ. අපරාදේ data ටික…
සිරාවටම…
බොහොම ස්තුතියි,ජයවේවා.
උපසිරසට බොහොම ස්තුතියි
mage mac eke sub wada na machanla me dawaswala hack wela inne
Onna ehenam math gatto..ela saho..
mata baa wage ; mama asa naa strii dushana walata……. but subata tnx DILUMA……digatama sub demu
බොහොම ස්තුතියි,ජයවේවා.
බොහොම ස්තූතියි දිලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
STHUTHI
Thank you
thank u wewaaaa comments walata…thawa ekakin ikmanatama ennamkoo…
එල එල
මරාගන්න එකක් නේ
මගෙ සංවේදිතාව වැඩි වෙලාද කොහෙද
ඉස්සර වගෙ කපනකොටන සීන් බලන්න මොකද්ද වගෙ
අර තුවක්කුව හන්ගන් ඉන්න තැනනම් හිතාගන්න පුලුවන්
ෆිල්ම් එක නොබැලුවට 😀 😀
හිතුනොත් බලනවා මචෝ
සබට තුති
ඔබට ජය……………
thax
sthuthiyi saho
thanks bro………….
පට්ට ඈ දැනුයි බලලා iවර උනේ
ela saho. patta. tnx..
thanks machan,,,,
ela ela ratings nam adui et balamuko thkz
+18 ne… kattiya nobala idi.. subata thanks DILUM saho.digatama sub denn.jaya wewa….
බොහෝම ස්තූතියි සබට….. ජය…….
tnx hode
Thanks bro….hope this is good
මට මේකේ පූර්ව ප්රචාරක පටය බැලුවම නම් බලන්න හිතුනේ නෑ.
ඒත් කතාව කියෙව්වම නම් බලන්නත් හිතෙනවා.
බලමුකෝ එහෙනම් අරගෙන.
තැන්ක්ස්.
🙂
ela ela kollo.
Thank You..
ස්තුතියි දිලුම් සහෝ!
දෙපාරක් හිතන්න වෙනවා මෙක බලන්න කලින්! හික්ස්!!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
වෙලාවට දැනුයි 18 පිරැනේ—- /) ඔන්න ගත්තා
ane yako
onna magen palaweni camnt eka
බාගෙට බාගයක් සබ් එක නෑනෙ මචං… ෆිල්ම් එකත් පට්ටම චොර, අපරාදෙ බැලුවෙ කියලා හිතුනා. ටොරෙන්ට් සයිට් වල ටොප් සීඩ් ගොඩේ තියෙනවනම් දැක්කා. ඒත් අනේ මන්දා මොකට සීඩ් කොරනවද මන්දා මේ වගේ ජරා ෆිල්ම්. හරිම අතාත්විකයි. ගෑනියෙක්ව බාගෙට මරනවා, ගාර්ඩ්ලා තුන්දෙනෙක්ට බයේ, එක මිනිහෙක්ව මරණ්න ට්‍රේන් කරන්න. මේක හදපු එකා මොලේ උඩ ඉඳගෙනද මන්දා ඉඳලා තියෙන්නෙ. (සබ හදපු කෙනා නෙවෙයි ෆිලුම හදපු එකා හොඳේ.) 😀