Gunpowder Milkshake (2021) Sinhala Subtitles | දීර්ඝ රාත්‍රියකින් ජීවිත කීයක් වෙනස් වෙයිද? [සිංහල උපසිරසි] [18+]
මෙන්න එහෙනම් ජූලි මාසේ රිලීස් වුනු අලුත්ම R රේටඩ් ඇක්ශන් ෆිල්ම් එක Gunpowder Milkshake චිත්‍රපටයේ උපසිරැසි අරගෙන ආවා. සාමාන්‍ය පිරි වැයක් දරලා නිර්මානය කරල තිබුණත් හොද හයිප් එකක් දිනාගන්න මේ චිත්‍රපටය සමත් වුණා. මොකද හුඟක් ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් මේ චිත්‍රපටයට දායක් වෙන නිසා. එහෙනම් තව වෙන කතා නැතුව මේකෙ තොරතුරු පොඩ්ඩක් අවුස්සලා බලමු.
මේ චිත්‍රපටය ලිපිය ලියන මොහොතට දවසකට කලින්, ඒ කියන්නේ ජූලි 14 තමා රිලීස් වුනේ. සිනමාශාලා කිහිපයක වගේම Netflix ස්ට්‍රීමින් සර්විස් එකෙනුයි චිත්‍රපටය රිලීස් වුණේ. ඒ නිසා ඉක්මණින්ම වගේ හොඳ කොපියක් අන්තර්ජාලයට පිට වුණා. Action | Thriller | Dark Comedy ගණයට වැටෙන මේ චිත්‍රපටයට අපි දන්න කියන රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම දායක වෙනවා.ඒ අතරින් ප්‍රධාන චරිතය වෙන සැමැන්තා විදිහට රඟපාන්නේ MCU එකේ නෙබියුලාට වගේම Jumanji අලුත් චිත්‍රපට මාලාවටත් දායක වුනු Karen Gillian. ඒ වගේම සැමැන්තාගේ අම්මා විදිහට ඉන්නේ Game Of Thrones සිරීස් එකේ සර්සි ලැනිස්ටර් විදිහට රංගනය ලබා දුන් Lena Headey. ඊට අමතරව තරුණ සැමැන්තා විදිහට Freya Allen, එමිලි විදිහට Chloe Coleman, මැඩලීන් විදිහට Carla Gugino, ෆ්ලෝරන්ස් විදිහට Michell Yeoh සහ ඇනා මේ ලෙසින් Angela Basset දායක වෙනවා. ඉතිං පේන විදිහට ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට බාගෙට බාගයක් ඉන්නේ කාන්තා චරිත. රේටින් අතින් ගත්තොත් Rotten Tomatoes මීටරේ 67% ක හොඳ අගයක් කැරකිලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ R rated චිත්‍රපටයක් නිසා ප්‍රචන්ඩකාරි දර්ශන වගේම වචන භාවිතයත් නිසා පොඩි අයට මේක එච්චර හොඳ නැහැ.
කතාව සිද්ද වෙන්නෙ මෙන්න මෙහෙමයි. අවුරුදු පහලොවකට කලින් වෙන සිදුවීමක් නිසා සැමැන්තා කියන අපේ ප්‍රධාන චරිතයේ අම්මා ඇයව ෆර්ම් නම් සංවිදානයක ලොක්කෙකුට බාර දීලා ඇතුරුදහන්වෙනවා. කතාව වෙන කාලය වෙද්දි සැමැන්තා කියන්නේ ෆර්ම් සංවිදානයේ කුලී ඝාතක රැකියාවෙ යෙදෙනෙ කෙල්ලෙක්. ඇත්තටම මේ ෆර්ම් එකෙන් කරන්නේ මොනවද කියලා හරියටම ෆිල්ම් එකේ පෙන්වන්නෙ නැහැ. කොහොම හරි මේ ෆර්ම් එකෙන් තමන්ගෙන් හොරකන් කරපු හරි, නමන්ට හිසරදයක් වෙන හරි මිනිස්සුන්ව හොයලා තර්ජනය කරනවා. ඒත් හරි ගියෙ නැත්තම් මරලා දානවා. ඉතිං කතාව පටන් ගද්දිම සැමැන්තා අතින් වැරැදිලා වෙනත් අපරාධ සංවිදානයක ලොක්කෙක් වුනු මැක්ඇලෙස්ටර්ගේ එකම පුතාට මැරෙනවා.
කොහොම හරි මේ සිදුවීම වෙන දවසෙ රෑම සැමැන්තාට තව වැඩක් ලැබෙනවා ෆර්ම් එකෙන් සල්ලි හොරකම් කරපු මනුස්සයෙක්ගෙන් සල්ලි අරන් එන්න. එතනට ගියාම තමා සැමැන්තාට දැනගන්න ලැබෙන්නේ ඒ මනුස්සයා සල්ලි හොරකම් කරලා තියෙන්නේ තමන්ගේ දුවව පැහැරගත්තු මිනිස්සු වගයෙකින් ඇයව බේරගන්න කියලා. නමුත් ඒක දැනගද්දි පරක්කු වැඩී. ඒ වෙනකොටත් සැමැන්තා ඔහුට වෙඩි තියලා ඉවරයි. ඉතිං මේ ගෑනු ළමයා ගැන දුක හිතුනු සැමැන්තා යනවා ඇයව බේරගන්න. ඔය දේවල් වෙද්දි ෆර්ම් එකෙන් මිනිස්සු වගයක් එවනවා සෑම් එක්ක සාකච්ඡා කරලා සල්ලි ටික ආයෙත් අරන් එන්න. ඒත් සැමැන්තා ඒ මිනිස්සුන්ටත් හොඳට පහර දීලා අර ගෑනු ළමයව බේරගන්නවා. ඒත් ඒ අතර මැද වෙන අනතුරකින් සල්ලි සේරම විනාශ වෙනවා. ඉතිං මේකට තරහා ගිය ෆර්ම් එකේ ලොක්කො ටික එකතු වෙලා මැක් ඇලෙස්ටර්ට ඔහුගේ පුතාව මැරුවේ සැමැන්තා බව එලිකරලා ඇයව පාවල දෙනවා. ඉතිං මැක්ඇලෙස්ටර්ට සැමැන්තව අහුවෙයිද, සැමැන්තගේ අම්මට ඇත්තටම මොකද වුනේ, පුංචි ගෑණු ළමයට මොනවා වෙයිද කියලා දැනගන්න එක ඔබට බාරයි.
එහෙනම් මේ වැඩේ මෙතනින් අවසන් කරලා මම සමුගන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් ෆිල්ම් එක මට බාරදුන්නු ශාන් විමුක්ති අයියටත්, හොද කොපියක් ආපු ගමන් මාව දැනුවත් කරපු චාමර සම්පත් අයියටත් විශේෂ ස්තූතියක් පිරිනමන්න ඕනේ. පහළින් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලමින් මං දැනට බයිස්කෝප් අඩවියෙන් සමුගන්නවා.
෴෴ සුබ දවසක්…! ෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7828 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
පට්ටම ෆිල්ම් එකක් සබට thanks
Thank you
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
Bluray වලට අප්ඩේට් ඕනි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks …………………..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanx bro……..
ellllll
Thanks
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thanks wewa saho
Sub eka supiri
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Nice work bro ..
thanks a lot saho sub ekata
Thanks jayawewa…..!
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Thanks poddo
Thanks bro…
Tnx bro…Good Luck….
thank you malli
Thanks brother
තෑන්ක්ස් සබ් එකට සහෝ
ස්තුතියි……✌️✌️
Thanks bn
Sub akta thanks
Thanks brother
Keep it up
උපසිරසියට තුති
Thanks saho..jaya wewa..
Great! Thank you for the sub!
මේක නම් දෙනකන් බලන් හිටියේ බන්
Fear Street සෙට් එකත් ඉක්මනට දෙමු
Thanks
thanks..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් මේ ෆිල්ම් ලිස්ට් එකටත් සබ් දෙන්න බලන්න ඉස්සරහට.
Who Framed Roger Rabbit – 1988
The Neverending Story II- 1990
The Neverending Story III – 1994
Honey, I Blew Up the Kid – 1992
Honey, We Shrunk Ourselves – 1997
Problem Child – 1990
Problem Child 2 – 1991
Problem Child 3 – 1995
Teenage Mutant Ninja Turtles III – 1993
The Adventures of Pinocchio – 1996
The Nightmare Before Christmas – 1993
Mars Attacks! – 1996
සිංහල උපසිරැසියට ස්තූතියි
bang bang #1
Thawa subakin hamuwemu